වරාය සේවකයෝ සූදානම් වෙති.

වරාය සේවකයෝ සූදානම් වෙති.

644167_594634493881507_21592880_n.jpg


ශ‍්‍රී ලංකාවෙන් තමිල්නාඩුවේ චෙන්නායිවලට යවන භාණ්ඩ නැව්වලට පැටවීම වර්ජනය කිරිමට වරාය සේවකයෝ සූදානම් වෙති.

මෙහි ආරම්භක පියවර වශයෙන් 02දා දහවල් 12.00 සිට 1.00 දක්වා පැයක කාලයක් චෙන්නායි භාණ්ඩ ගොඩබෑම හා පැටවීම වර්ජනය කළ වරාය සේවකයෝ, වරාය අපනයන දොරටුව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වූහ.

වරාය සහජීවනය රැක ගැනීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති මෙම උද්ඝෝෂණයට එක්වූ වරාය සේවකයෝ විවිධ සටන් පාඨ කියමින් තමිල්නාඩුවේ පාලකයන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාකලාපයට විරෝධය පළ කළහ.

විරෝධතාවට සහභාගි වූ පිරිස මෙහි දී ජයලලිතා, කරුණානිධි හා වයිකෝගේ ඡුායාරූප සහිත පෝස්ටර්වලට ද ගිනි තැබූහ.