වරුණිට දඩුවම් දීපු සීන් එක

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වරුණිට දඩුවම් දීපු සීන් එක

    මොකද්ද බං අර වරුණි බෝගහවත්තට අධිකරණය දඩුවමක් දුන්නා කියන්නෙ?
    ඒ ගෑනී ළමයෙකුගෙන් බලෙන් කට උත්තරයක් ගත්තලු
    ඇත්තකුත් ඇති හැබැයි ඒ ගෑනිගෙ schoolmate කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කා මහ අමනුස්සය ගෑනියෙක් කියලා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Aththatama seen eka mokakda manda aeth bahutharayak policekarayoi policekariyoi maha amanussayo inne. Hithan inne un janadipathi kiyala. Munta uparima daduwam denna oane. Rajya sewaya kiyanne samanya janathawage sewakayo kiyana eka.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොඩි දරුවෙකු කුසගින්නේ තබා, ඒ ගෑනී බලෙන් කට උත්තරයක් ගත්තලු
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බාල වයස්කාර දැරියක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් පීඩාවට පත් කළ බවට චෝදනා ලැබූ මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත එම දැරියට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළේය.

    වරුණි කේෂලා බෝගහවත්ත පොලිස් පරීක්ෂිකාව පළමුවැනි වගඋත්තරකාරිය ලෙසත් මාතර පොලිස් ස්ථානාධිපතිවරයා දෙවැනි වගඋත්තරකරු ලෙසත් පොලිස්පති පූජිත ජයසුන්දර තුන්වැනි වගඋත්තරකරු ලෙසත් දැරියගේ මව චූලාංගනී විජේසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලයක් ඉදිරියේ විභාග කෙරිණි. 2017 පොලිස් දිනයේදී ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර අතින් සම්මාන ලැබූ චූදිත පොලිස් ස්ථානාධිපතිනිය, පළමුවැනි වගඋත්තරකාරිය ලෙස ගෙවිය යුතු රු. ලක්ෂයක වන්දි මුදලට අමතරව තවත් රු. 50,000 ක මුදලක් පැමිණිලිකාරියට වන්දි වශයෙන් ගෙවන ලෙස රජයට නියම කර තිබේ.

    2012 ජුලි 17 දා අත් අඩංගුවට ගෙන මාතර පොලිසියේත්, මාතර රෝහලේත් රඳවා තබා ගන්නා ලද බාලවයස්කාරිය ඒ වනවිට තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි. මාතර පොලිස් ස්ථානයේ රදවනු ලැබ සිටි සිටි පළමුවැනි දිනයේදී දැරියට ආහාර ලබා දී නැති බවත්, පොලිස් පරික්ෂකවරිය විසින් ඇය නොකළ ප්‍රකාශයක් සදහා බලහත්කාරයෙන් අත්සන් ලබා ගත් බවත් සනාථ විය.

    පීඩාවට පත් දැරිය නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, ඇගේ නිදහස අහිමි කිරීම, මහේස්ත්‍රාත්වරයකු හමුවට නොපමුණුවා අයුක්ති සහගත ලෙස රඳවා තබාගැනීම සහ දැරියට අවමන් සහගත ලෙස සැලකීම යන චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකාරිය වගකිව යුතු බව ජූනි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළහ. එසේම චූදිත නිලධාරිනිය විසින් බාලවයසකාර දැරියගේ මූලික අයිතිවාසිකම් කඩකොට ඇතිවා පමණක් නොව, බරපතල ලෙස නීතිය නොතකා හරින ස්වභාවයක්ද පෙන්නුම් කර ඇති බව එම නඩු තීන්දුවේ සදහන් වේ. බාලවයස්කාරිය අත්අඩංගුවට ගැනීමෙන් දින 8කට පසු නිදහස් කරගැනීමට හැකිවී ඇත්තේ ඇගේ මව චුලාංගනී විජේසිංහ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකින් පොලිසිය මත ඇතිකළ බලපෑමෙනි.

    නඩු තීන්දුව දෙමින් පෙත්සමේ සදහන් දෙවැනි වගඋත්තරකාර මාතර පොලිස් ස්ථානාධිපති ද, පැමිණිලිකාර සිසුවිය මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට නොපැමිනවීමෙන් නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත.