වරෙවු ගුලි. කන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,905
    3,246
    113
    අත්තන ඇට දාපු ගුලි වලින් බේරෙන්නෙ කොහොමද?

    ගුලි කෑවම ඔයාට මේ රෝග ලක්ෂණ එනවද?

    1. සුළු රෝග ලක්ෂණ:
    - මුඛය සහ උගුර වියළීම
    - පීඩනය ඉහළ යාම නිසා පෙනීම බොඳවීම
    - මුත්රා කිරීමේ අපහසුතා
    - හෘද ස්පන්දන වේගය ඉහළ යාම
    -පෙනීම බොඳ වීම

    2. දරුණු රෝග ලක්ෂණ:
    - මායාවන් පෙනිඅ සහ සිහි විකල්වීම (නොමැති දේ පෙනීම හෝ ඇසීම)
    - වික්ෂිප්තභාවය සහ කැලඹීම
    - අධික උණ
    - කම්පන
    - සිහිය නැතිවීම හෝ මූර්ඡා වීම

    3. ජීවිතයට තර්ජනාත්මක බලපෑම්:
    - ශ්වසන අක්රියතාව
    - අක්රමවත් හෘද ස්පන්දනය (මරණයට හේතු විය හැක)
    - දරුණු විජලනය

    මේ රෝග ලක්ෂණ එකක් හරි එනවනම් ඒ අත්තන ඇට දාපු ඒවා.
    මෑත කාලයෙ ගොඩක් කලින්ට වඩා ප්‍රසිද්ධ උනු මාර වැදිල්ලක් වදින්නෙ කියන ඒවා එහෙමයි. ට්‍රික් එකක් කියන්නම්. පොඩි අමුතු තිත්ත රහක් එනවනම් ඒ අත්තන ඇට දාපුවා. ඒකියන්නෙ අපි සෙවණගල ගමු එයාලා අත්තන ඇට දාන්නෑ කියලා confirmed කවුරුත් දන්නවා. (හැබැයි කන්ස ප්‍රමාණය අඩු කරල නිසා ඒකට වදින්නෑ මටනම් ඒනිසා ගන්න හිතෙන්නෙත් නෑ) හැබැයි ඒවගේ ඒවයින් අර තිත්ත රහ එන්නෑ සීනි අඩු කරත් හේතුව අත්තන ඇට දාන ඒවයින් විතරයි ඒ තිත්ත රහ එන්නෙ කොච්චර සීනි දැම්මත් ඒක යවන්න බෑ😂

    ඇයි මේ පොඩ්ඩක් හරි අත්තන ඇට දාපු ගුලි ගන්න එපා කියන්නෙ.?

    ප්‍රධාණම දේ මරණයක් වුනත් වෙන්න පුළුවන්
    කාලයක් යද්දි ඇස් පෙනීම අඩුවීම වර්ණ අන්දතාවය එනවා.
    මතක ශක්තිය අඩුවීම වෙනවා.
    බඩවැල් සවුත්තු වෙන්න පුළුවන්.
    තව ගොඩක් ඒවා තියෙනවා.
    සිහි විකල් වෙනවා. (මම දන්න පිස්සු හැදිච්ච උන් ඉන්නවා. ඒකාලේ වයසක අය වගේම දැන් ඉන්න තරුණ අය)
    විශේෂයෙන්ම ඇස් වලට කෙලවෙනවා.

    ඉතිං මේ කිසි ප්‍රමිතියක් නැතුව ලාභ උපයන්න මිනිස්සුන්ව අමාරුවේ දාන අත්තන ඇට ගුලි නිෂ්පාදකයොන්ට හරිනම් නීතිය ක්‍රියාත්ම වෙන්න ඕනේ. මම දන්න ඒවයිනම් නම් ගම් කියන්න පුළුවන් ඇඩ්මින් ඇපෲ කරන්නෑ එතකොට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    ඉස්සර නම් අත්තන ඇට කතා තිබ්බෙ නෑ. බීලා වදිනවා වගේ නෙවෙයි ගුලියෙන් වදින්නෙ අමුතුම වැදිල්ලක්. හොඳටම දන්නවා නොකලයුතු වැඩක් කියලා. ඒත් දැන දැනම ඒ වැඩ කරනවා. මට නම් ගුලිය දැනිලා තියෙන්නෙ, මාව යටපත් කරලා වෙන එකෙක් මගේ කන්ට්‍රෝල් එක ගන්නවා වගේ හැඟීමක්.
     
    • Like
    Reactions: IMUNA

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ජීවිතයට තර්ජනාත්මක බලපෑම්
    මේ ලගදි එකෙක් එක්ක ගුලි කෑවා. කාලා මූට පන්සල් යන්න ඕන කීවා. හොඳ වීව් එකක් තියන නිදහස් පන්සලක්.

    පන්සලට ඇතුල් වෙන හරියෙම රජෙක්ගෙ පිලිමයක් තිබ්බා අබපු. මූ ඕක දැක්ක වෙලේ ඉඳලා රජා උනා. මාව පුරෝහිත කලා 😂.

    මූ එවලෙ ඉදන් මහ හයියෙන් පුරෝහිත අර අපට ඉදිරියෙන් යන්නේ කව්ද? ඇයි මේ මැහැල්ල ඉඳගෙන ඉන්නෙ? ඇයි මේ සියල්ලන් සුදු ඇඳගෙන ඉන්නේ? ගගා කියවන්න ගත්තා

    මූ හෙන හයියෙන් අහන නිසා ඔව්වා පන්සලේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන්න ගත්තා. එ මිනිස්සු අපි දිහා කන්න වගේ බලනවා.

    බෝම අමාරුවෙන් ශේප් එකේ මූව පන්සලෙන් එලියට අරන් එන්න මට මීටරේ තිබ්බා.

    තව පොඩ්ඩෙන් ගුටි කාල එන්න වෙන්නේ. එක්කො පොලිසීයෙ.

    ආතල් ගත්තා වගේ නෙමේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ලෝක නඩු පාත් වෙනවා. ඕවගේ දේවලුත් තර්ජන තමයි බං ඉතිං