වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු ව&#3545

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු ව&#3545

:lol:

බයවෙන්න එපා.........විරිදු ටිකක්

ජීවිත ගනනක් අරගෙන බස් එක දෑතින් එලවන
සියලුම දෙවි ඇකවරනයි රිය පදවන රන් දෑතට

රිය පදවන රන් දෑතට කඩන ටිකට රන් දෑතට
සුමන සමන් දෙවි පිහිටයි රථේ ගමන් කරන සැමට

කරදර කෙරුවාට එපා සුපින්වතුනි තරහා ගන්න
හෑමදාම එනව නෙවෙයි ඔහෙලට කරදර කරන්න

ගල නම් ගල...ගල නම් ගල....උතුරට අර පෙනෙන නගර
ගල නම් ගල... ගල නම් ගල....මගේ ගමත් කුරුනෑගල

සොරකම් මංකොල්ලකෑම් අප ඉපදුන රටට කැතයි...
සිංදු විරිඳු කියන එක පිංවත අපෙ ‍රැකියාවයි...

ඌරා බිව්වෙ ලේ කිරි කර දරුවෙක් මෙලොවට බිහිවුන
රවා බලනුවත් හොඳ නැහැ කිසි කලකදි මව් කෙනෙක්ට

අම්මා අමිල කරුනා බර බැතියනි ලොව නිධානයකි
ගුන සිහි කර වඳිනවානං අම්මත් බුදු පිලිමයකි

කොච්චර කරදර තිබුනත් මවකට නම් එය ඇබද්දි
දෙතනේ කිරි හංගනවද කිරි දරුවෙක් එය හඬද්දි

අම්මා බුදු වෙන්න කියා සමහරු පපුවේ කොටනවා
එහෙම ලිව්ව පුතා ලෙසින් අම්මට පිහියෙන් අනිනවා

ලෙඩක් දුකක් හැදුන විටදි අම්ම අපෙ ලගින් හිඳී
දවසට දෙවරක් වැන්දත් අම්මේ මගෙ හිතට මදී

අම්මා පෙව් කිරි බිදෛන් මුනි සිරිපා යුග තෙමන්න
අපි පින් කරලා මදි පිංවත බිව් කිරි වල නය ගෙවන්න

දාම් කො‍ටුවකට ඉත්තා කූඩුවෙ දැමු විට පෙත්තා
අම්මාගේ ‍රැකවරනෙන් අපි හැමදෙන ‍රැකගත්තා

වැදු මවටත් පයින් ගහන බේබදු දරුවන් ඉන්නවා
කැත්තෙන් කොටලා පිංවත අම්මා තාත්තව මරනවා

ලලයි ලිලයි ලයි කිය කිය අද සමහරු ජොලි කරනවා
වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු වෙනවා

උපන්නා වාගෙම මැරෙනවා නෑ පෙලකට කල්පනාව
හපන්කමින් ඉන්න හදයි මරුවට දීගෙන පගාව

නැති බැරිකම දුප්පත්කම ඔබට අපට සිදු වෙනවා
දෛවය කැරකෙන විදියට ජීවිතෙ අපෙ පෙරලෙනවා

අව්වෙන් මුතු කැට වැටෙනවා වැස්ස්සට දියවෙලා යනවා
පිංවත අප මැරුනු දාට මහ පොලොවට පොහොර වෙනවා

වාත්තු කර මිටි බන්දල් ගෙන දුන්නත් මාරයාට
මාට්‍ ටු කර ‍රැගෙන යනවා මරුගෙ දිනය ආපු දාට

වැද වැද තාලයට අපේ රස මුසු කර විරිඳු නගී
කඳ සුරිදුනි මෙහෙට ඇතී..පිබිදෙන මල් පියලි වඳී

පෙලින් පෙලට කියලා බලමු අතු අග මල් නෙලා ගන්න
මුලින් ඉන්න ඔහෙල ගානෙ තිබුනොත් පිලිසරන වෙන්න

කල වෙලාව නැහැ පිංවත එක තැන කිය කියා ඉන්න
බහින නගරෙ ලඟා වෙනවා ඒ ගැන චුට්ටක් හිතන්න

දුක හඳුනන එතන මැතිඳු අරගෙන අර විස්ස දුන්නෙ
අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ද වෙන්නෙ

රුවන්පුරේ නිවන් දොර‍ටු ඇරේවා පිං වන්ත සැමට
ඉතින් විරිදු පෙල ඉවරයි සම්බුදු සරනයි හැමටම
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    five_cent_rear.gif
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Satha 5 k madi wage neda, onna 2k ma

    twenty_rupees_note1_back.gif


    දුක හඳුනන ජයසිංහ මැතිඳු අරගෙන අර විස්ස දුන්නෙ
    අපි කන බත් මිටක් ගානෙ එතුමට පින් සිද්ද වෙන්නෙ