වලව්වේ_රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙම&#3514

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වලව්වේ_රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙම&#3514

    වලව්වේ රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙමයි


    densil_lalani.jpg


    ලලනි නදීෂා සුන්දරය. බෙහෙවින් පියකරුය. ඒ සුන්දර තරුණිය කවුදැයි මේ වන විට මුළු රටම හඳුනන්නේය. එහෙත් කරුමයකි. මුළු රටම දැන හඳුනාගෙන සිටින මේ රුවැත්තිය අද ජීවතුන් අතර නැත.ලලනී නදීෂා නමැති 24 හැවිරිදි තරුණිය පිළිබඳව මුළු රටම දැන ගන්නේ ඇය කෲර ලෙස ඝාතනයට ලක්‌වීමෙන් පසුවය.උකුවෙල වරාපිටිය බන්නැහැක වලව්වේ ජීවත් වූ නදීෂා කෲර අන්දමින් ඝාතනය කිරීමේ පුවත ඇසීමෙන් මාතලේ ප්‍රදේශය පමණක්‌ නොව මුළු රටම කම්පාවට පත් වුණේය.නදීෂාගේ කෲර ඝාතන සිදුවීම කහවත්තේ සිදුවූ අබිරහස්‌ කාන්තා ඝාතන සිදුවීම්වලට දෙවැනි නොවූයේ මාස ගණනක්‌ තිස්‌සේ කොතෙකුත් පරීක්‍ෂණ සිදුකළද ඝාතකයා පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ සොයා ගැනීමට අපොහොසත් වීම නිසාය.

    උපාධි අපේක්‍ෂිකාවක වූ ලලනි නදීෂා මාතලේ දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩිකාවක ලෙසද කටයුතු කළාය. උකුවෙල වරාපිටිය ගම්පියසේ ඉපිද හැදීවැඩුණු ඇය කොයි කාගේත් හොඳහිත දිනාගත් නිරහංකාර තරුණියක්‌ වූවාය.උකුවෙල බන්නැහැක වලව්වේ හැදී වැඩුණද ඇය වලව් මානයෙන් ඔළුව උදුම්මාගත් එකියක්‌ වුණේ නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිමකළ නදීෂා නිවසට එන්නේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන්ය. නදීෂාගේ වැඩිමහල් සොහොයුරාගේ මංගල උත්සවය සඳහා දින නියම වන්නේ මේ අතරතුරදීය. තම සොහොයුරාගේ මංගල උත්සවය වෙනුවෙන් ඇය දැඩි ලෙස වෙහෙස වූවාය. සොහොයුරාට තමන් අතින් ඉටුවිය යුතු සෑම යුතුකමක්‌ම නොපිරිහෙලා ඉටුකර දීමට ඇය පසුබට වුණේ නැත.සොහොයුරාගේ මංගල උත්සවය පැවැත්වෙන්නේ මැයි මස 24 වැනිදාය. සොහොයුරාගේ මංගල උත්සවය තම ජීවිතයේ කාලකණ්‌ණිම දිනය වනු ඇතැයි නදීෂා මොහොතකටවත් නොසිතුවාය.
    සොහොයුරා සිය මනාලිය නිවසට කැන්දාගෙන ඒම නිමිත්තෙන් වූ සාදය පැවැත් වුණේ බන්නැහැක වලව්වේය.

    එදින නදීෂාට බෙහෙවින් කාර්යබහුල දිනයක්‌ විය. උත්සවයේ බොහෝ කටයුතු සොයා බලා ඥති හිතමිත්‍රාදීන්ට සංග්‍රහ කෙරුණේ නදීෂා අතින්ය.මංගල සිරියෙන් පිරීගොස්‌ තිබූ බන්නැහැක වලව්ව වේදනාබර අවමඟුලක්‌ බවට පත්වීමට මහ කාලයක්‌ ගතවී තිබුණේ නැත.උත්සවය අවසානයේ සියලු දෙනා නින්දට යන්නේ මධ්‍යම රාත්‍රියත් පසු වෙද්දීය. දවස පුරාම දැඩි ලෙස වෙහෙස මහන්සි වී සිටි නදීෂා මෙන්ම පවුලේ සාමාජිකයන් වෙත නිදි දෙව්දුව පැමිණෙන්නට වැඩි වේලාවක්‌ ගත නොවීය.
    මත්පැනින් කුල්මත් වූවන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්හ. වලව්වේ දොර ජනෙල් වසා දැමීමටවත් ඔවුනට සිහියක්‌ තිබුණේ නැත.මහා අපරාධයක්‌ සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබුණේය. නිදිසුව විඳිමින් සිටි නදීෂාවත් පවුලේ කිසිවකුත් මේ බව දැන සිටියේ නැත. රැය පහන් වෙද්දී සිදුවූ දේ බොහෝය. ඒ කාලකණ්‌ණි සිදුවීම් මාලාව හද කම්පා කරවන සුළුය.මුළු රටම කම්පනයට පත් කළ ඒ සිදුවීම බන්නැහැක වලව්වේ සාමාජිකයන් දැන ගන්නේ 28 වැනිදා හිමිදිරියේය.

    චූටි දුවේ... චූටි දුවේ.....

    නදීෂාගේ දයාබර මෑණියන්ගේ හඬ බන්නැහැක වලව්ව පුරා දොaංකාර දුන්නාය. පුරුද්දක්‌ ලෙස උදැසන තේ කෝප්පය සාදාගෙන එන තම ආදරණීය දියණිය එදින නොපැමිණීම ගැන මව කලබල වූවාය.බන්නැහැක වලව්ව ඒ වන විට ගිනිගෙන තිබුණේය. නදීෂාගේ අතුරුදන්වීමෙන් දැඩි ලෙස කලබලයට පත්ව සිටි ඔවුනු ගම දෙවනත් කරමින් ඇය සොයන්නට වූහ. අවසානයේදී ඒ මහ පොළොව නූහුලන අපරාධය ඔවුනට දැක ගන්නට ලැබෙන්නේය. ඒ වැඩි ඈතක නොව බන්නැහැක වලව්ව පිටුපසින් ගලාබසින ඇළ ඉස්‌මත්තේදීය. අහිංසක මුවැත්තිය කෲර අන්දමින් ඝාතනය කර ඇගේ නිරුවත් සිරුර වලව්ව පිටුපස තිබී සොයා ගන්නේ ගම්වැසියන්ය.මොට ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක්‌ නිසා ඇගේ හිසට බරපතළ හානි සිදුවී තිබිණි. ඇය දූෂණයට ලක්‌වූ බවක්‌ද බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේය.අනේ මගේ පුංචි දෝණි... අපිව දාලා ගියා. උඹ නැතිව මං කොහොමද ජීවත් වෙන්නේ...

    නදීෂාගේ ආදරණීය මෑණියන්ගේ අෙ¹aනා හඬින් මුළු උකුවෙලම දොaංකාර දෙන්නට වුණේය. නදීෂාගේ අබිරහස්‌ ඝාතනය පිළිබඳව මාධ්‍ය ඔස්‌සේද ඉහළ ප්‍රචාරයක්‌ ලැබී තිබිණි. නදීෂා ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු ඇරඹෙන්නේ ඉන්පසුවය.නිවසේ දොරගුළු වසා දමා තිබියදී ඝාතනය සිදුවී ඇති බැවින් මෙය නිවස තුළම සිටි අයකු සිදු කරන්නට ඇති බවට සැකයක්‌ මතුවී තිබිණි. නිවස තුළ සිටි පුද්ගලයකු ඇය ඝාතනය කර පිටස්‌තරයකු එය කළ බවට ඒත්තු ගැන්වීමට සිරුර නිවසින් පිටතට ගෙන ගොස්‌ එය නිරුවත් කර තබන්නට ඇති බවට කටකතා පැතිර ගොස්‌ තිබුණේය.

    මරණ පරීක්‍ෂණයෙන් කියෑවුණේ මිටියක්‌ වැනි ආයුධයකින් හිසට එල්ල වූ දැඩි ප්‍රහාරයකින් ඇය ඝාතනය වී ඇති බවයි. මේ අතර නදීෂා ඝාතනය වීමට පෙර දූෂණය වී ඇති බවද හෙළිවන්නේය. ඒ ඇගේ යෝනි මාර්ගයේ තැවරී තිබූ ශුක්‍රාණු සොයා ගැනීමත් සමගය.නදීෂා මරා දැමුවේ කවුරුන්ද? මේ පුද්ගලයා නිවසට ඇතුළු වුණේ කෙසේද? බන්නැහැක වලව්වේ සියලු සාමාජිකයන් නිවසේ සිටියදී නදීෂා ඝාතනය කර නිවසින් පිටතට රැගෙන ගියේ කෙසේද යන උභතෝකෝටික ප්‍රශ්න රැසක්‌ ඒ වන විට මතුවී තිබුණේය.නිවැසියන් දැඩිව කියා සිටියේ වලව්වේ දොර ජනෙල් හොඳින් වසා දමා නින්දට ගිය බවය. එසේ නම් සාහසිකයා නිවසට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳ ප්‍රහේළිකාව විස¹ ගන්නට පොලිසිය පරීක්‍ෂණ කරන්නට වූහ.

    නදීෂා නිදාසිටි යහන ලේ විලක්‌ බවට පත්ව තිබුණේය. යහන අසල තිබී කුඩා වර්ගයේ කුලුගෙඩියක්‌ද පොලිසිය සොයා ගත්තේය. ඉන් පැහැදිලිs වුණේ නදීෂා නිදි යහනේදීම කුලු ගෙඩියෙන් පහරදී පසුව ඇය වත්ත පහළට රැගෙන ගොස්‌ දූෂණය කරන්නට ඇති බවය.නදීෂාගේ සිරුර ඇළට දමා සෝදා ඇති බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි. නදීෂා ඝාතනය කර නිවසින් පිටතට රැගෙන ගොස්‌ දූෂණය කිරීම තනිව කළ නොහැක්‌කක්‌ බවටද සැකයක්‌ මතුවී තිබුණේය. කිසියම් පිරිසක්‌ පළිගැනීමේ ෙච්තනාවෙන් මෙම කෲරතර ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කළේය.පිටතින් පුද්ගලයකු වලව්වට ඇතුළු නොවූයේ නම් ඝාතනය සිදුවිය යුත්තේ වලව්ව තුළ සිටි පුද්ගලයකු අතින්ය. මේ සාධාරණ සැකය ඔස්‌සේ පොලිසිය වලව්වේ සිටි නදීෂාගේ සොහොයුරන් ඇතුළු සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කරන්නට වූහ.ප්‍රශ්න කිරීම්වලින් නොනැවතුණු පොලිසිය නදීෂාගේ සොහොයුරන් ගෙන් මෙන්ම නිවසේ සිටි සියලුම පිරිමි අය ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කළේය. එහෙත් ඒ වාර්තා කිසිවක්‌ නදීෂාගේ රහස්‌ ප්‍රදේශයේ තැවරී තිබූ ශුක්‍රාණු සමග සැසඳුණේ නැත.

    මුළු උකුවෙල ප්‍රදේශයම පීරමින් පොලිසිය නදීෂා ඝාතනයේ සැකකරුවන් සොයන්නට වූහ. සැකයට බඳුන්වන ඕනෑම අයකු රැගෙන ගොස්‌ ප්‍රශ්න කරන තත්ත්වයට පොලිසිය පත්ව සිටියේය. එහෙත් මේ අබිරහස්‌ මරණය පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ සොයා ගන්නට පොලිසිය සමත් වුණේ නැත.ඝාතකයා සෙවීම දිනෙන් දිනම කල්යද්දී උකුවෙල ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිර යන්නට විය.දේපළවලට තියෙන තණ්‌හාව නිසා ගෙදරම උන් ඔය කෙල්ලව මරා ගත්තා. ගමේ ඇතැම් අය කියන්නට වූහ. මේ මිනීමැරුම පිටිපස්‌සෙ ඉන්න එකාට දේශපාලන රැකවරණයක්‌ තියෙනවා. පොලිසිය බයයි ඌව අල්ලන්න. තවත් සමහරෙක්‌ එවැනි කතා කියූහ.

    මේ කට කතා කොයිතරම් බරපතළ අන්දමින් පැතිර ගියේද යත් බන්නැහැක වලව්වේ සාමාජිකයන්ට... පාරේ බැස යන්නට බැරි තත්ත්වයක්‌ උදාවී තිබිණි. ඔවුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තරමට ඔවුන් වැරදිකරුවන් ලෙස ගම්මු හංවඩු ගසා සිටියහ.නදීෂාගේ ඝාතනය පිළිබඳව සුලමුල සෙවීමේ කටයුතු දිනෙන් දිනම කල්යමින් තිබුණේය. මේ අබිරහස්‌ ඝාතනය පිළිබඳව සුලමුල සෙවීමේ කටයුතු පොලිස්‌පතිවරයා විසින් රහස්‌ පොලිසිය වෙත භාර කෙරෙන්නේ එතෙක්‌ කළ පරීක්‍ෂණවල යහපත් ප්‍රතිඵලයක්‌ නොලැබුණු නිසාය.ජුලි මස 24 වැනිදා රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ උකුවෙල ප්‍රදේශයට ළඟා වන්නේ නදීෂාගේ ඝාතනයේ සුලමුල හැකි ඉක්‌මනින් සොයා ගන්නා බලාපොරොත්තු ඇතිවය.

    රහස්‌ පොලිසියේ නිලධාරීන් නදීෂාගේ මරණය සම්බන්ධයෙන් ඒ වනතුරු කෙරී තිබූ පරීක්‍ෂණ පිළිබඳව පිරික්‌සන්නට වූහ. මේ පරීක්‍ෂණවල යම් යම් දොaෂ සහිත තත්ත්වයන් උද්ගතවී තිබූ නිසා පරීක්‍ෂණ කටයුතු ඉදිරියට කරගෙන යැම පහසු එකක්‌ නොවීය.දේපළ ප්‍රශ්නයක්‌ මත නදීෂා ඝාතනය කරන්නට ඇතැයි යන්න මතුවී තිබූ සැකය රහස්‌ පොලිසියේ නිලධාරීන් මුලින්ම බැහැර කළහ.

    වලව්වේ දොර ජනෙල් සියල්ල වසා දමා නින්දට ගිය බව බන්නැහැක පවුලේ සාමාජිකයන් කියා සිsටියද රහස්‌ පොලිසිය ඒ පිළිබඳව සිටියේ වෙනත් ස්‌ථාවරයකය.ඝාතකයා වලව්වේ වහළයෙන් හෝ වෙනත් ස්‌ථානයකින් පැමිණි බවට කිසිදු සාක්‍ෂියක්‌ ඒ වන විටත් ලැබී තිබුණේ නැත.
    විවිධ වේශයන් ගත් රහස්‌ පොලිසියේ නිලධාරීන් උකුවෙල ප්‍රදේශය පුරා සැරසරමින් සිය පරීක්‍ෂණ කරගෙන යන්නට පටන් ගත්හ.මේ පළාතේ ඉන්න ගෙවල් කඩන උන්, පොඩි පොඩි හොරකම් කරන මිනිස්‌සු, ගෑනු නාන තැන් වල හැංගිලා බලාගෙන ඉන්න උන්, කාන්තාවන්ගෙ යට ඇඳුම් හොරකම් කරන උන් ගැන හොයලා වාර්තාවක්‌ හදන්න. මේ අපරාධය කරපු මිනිහා ඒ අතරේ ඉන්න පුළුවන්.

    රහස්‌ පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර මහතාගෙන් ලැබුණු උපදෙස්‌ මත පරීක්‍ෂණ කණ්‌ඩායම ක්‍රියාත්මක වූහ.

    උකුවෙල පළාතේ සිටින විවිධ දූෂිත පුද්ගලයන් සොයා වාර්තාවක්‌ සකස්‌ කළ නිලධාරීහු ඔවුන් පිළිබඳ වෙන වෙනම විමර්ශන කරන්නට පටන් ගත්හ.මාස කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලින් පසු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිsරිසක්‌ හඳුනා ගන්නට රහස්‌ පොලිසියේ නිලධාරීන්ට හැකි විය.

    මේ සැකකටයුතු පුද්ගලයන් අතර සිටි ඩෙන්සිල් නමැත්තා රහස්‌ පොලිසියේ නිලධාරීන්ගේ වැඩි අවධානයක්‌ යොමුවි තිබූ පුද්ගලයෙකි. ඩෙන්සිල් පදිංචිව සිටියේ බන්නැහැක වලව්වට මීටර් 300 ක්‌ පමණ දුරින්ය. උකුවෙල ප්‍රදේශයේත් ගෙවල් බිඳුම් කරන්නෙකු ලෙස මොහු ප්‍රසිද්ධව සිටියේය.

    රහස්‌ පොලිසියේ නිලධාරීන් වරක්‌ ඩෙන්සිල් ගෙන්වා ප්‍රශ්න කරද්දී ඔහුට නොදැනුවත්වම මුත්‍රා පිට වුණේය."සර් මම ගමේ ඉන්න කොට පොඩි පොඩි හොරකම් කරලා තියෙනවා. උසාවි කීපයකම වරෙන්තු තියෙනවා. ඒ නිසා පොලිසිය දැක්‌කම මට හරියට බය හිතෙනවා."

    ඩෙන්සිල් බොහොම බැගෑපත්ව කියන්නට වුණේය. රහස්‌ පොලිසියේ නිලධාරීන් ඔහුට යන්නට හැරියේය. එහෙත් ඔහුගේ චර්යාවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටීමට රහස්‌ පොලිසියේ නිලධාරීන් අමතක කළේ නැත."මේ අපරාදෙ වෙන දවසෙ මම ඇලහැර ගිහිල්ලා සිටියේ." ඩෙන්සිල් කියා සිටියේ නදීෂා ඝාතනයට ලක්‌වූ දින තමන් ගමේ නොසිටි බවයි. රහස්‌ පොලිසියේ නිලධාරීන් මේ පිළිබඳවද සොයන්නට වූහ. ඩෙන්සිල්ගේ ජංගම දුරකථන අංකය සොයාගත් පොලිස්‌ නිලධාරීන් මොහු කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන්නට පටන් ගත්හ.

    දුරකථන සමාගම ලබා දුන් තොරතුරුවලට අනුව නදීෂා ඝාතනය කළ දින ඩෙන්සිල්ගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇත්තේ උකුවෙල ප්‍රදේශයේමය.ඩෙන්සිල් අපට කිව්වෙ ලොකු බොරුවක්‌. වරදක්‌ නොකළා නම් මිනිහට බොරු කියන්න අවශ්‍යතාවක්‌ නැහැ.ඒ වන විට රහස්‌ පොලිසියේ නිලධාරීහු ඩෙන්සිල් කෙරෙහි දැඩි සැකයකින් පසු වූහ.

    ඩෙන්සිල් මෙම ඝාතනය කරන්නට ඇති බවට සැකයක්‌ මතුවී තිබුණද පොලිස්‌ නිලධාරීන් කලබල වුණේ නැත. ඔවුqහු ඉතාම සූක්‍ෂම ආකාරයට ඊට සම්බන්ධ සාක්‍ෂි සොයන්නට පටන් ගත්හ.

    ඒ වන විට පොලිසිය උකුවෙල ප්‍රදේශයේ පුද්ගලයන් 16 දෙනකුගේ රුධිර සාම්පල් පරීක්‍ෂා කර තිබුණේය. නදීෂාගේ සොහොයුරන්ද ඒ අතර වූහ. එහෙත් ඒ වන විට ඩෙන්සිල්ගේ රුධිර සාම්පලය පරීක්‍ෂා කර තිබුණේ නැත.

    රහස්‌ පොලිසියේ නිලධාරීන් ඩෙන්සිල් දෙවැනි වර අත්අඩංගුවට ගන්නේ නදීෂා ඝාතනයට අදාළ වැදගත් සාක්‍ෂි කිහිපයක්‌ම තමන් සන්තකයේ තබාගෙනය.නදීෂාගේ මරණය වෙන දවසේ උඹ ඇලහැර ගියා කියන කතාව බොරුවක්‌. අපි උඹගෙ ටෙලිෆෝන් ඩීටේල් චෙක්‌ කළා. රහස්‌ පොලිසියේ නිලධාරීන් තමන් සොයාගෙන තිබූ සාක්‍ෂි සියල්ල ඩෙන්සිල් ඉදිරියේ දිගහැරියේය. තමන් කළ මහා අපරාධය තවදුරටත් වසන් කරගෙන සිටිය නොහැකි බව ඩෙන්සිල් තේරුම් ගෙන සිටියේය.

    "අනේ බුදු සර් මම හැම දෙයක්‌ම කියන්නම් මට කරදරයක්‌ කරන්න එපා... මම තමයි ඒ ගෑනු ළමයව මැරුවේ....

    ඩෙන්සිල් තමන් සිදුකළ ඒ මහා අපරාධය පිළිගත්තේය. මාස හයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අබිරහසක්‌ව පැවති ඒ මහා අපරාධය පිළිබඳ තොරතුරු ඩෙන්සිල් එකින් එක හෙළි කරන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය.

    "මම මේ ගෑනු ළමයව මරන්න හිතාගෙන බන්නැහැක වලව්වට ආවෙ නැහැ සර්... මේ සිද්ධිය වෙච්ච දවසට ඉස්‌සෙල්ලා දවසේ වලව්වෙ මඟුල් ගෙයක්‌ තිබුණා."

    "මඟුල් ගෙදරදී ලැබිච්ච සල්ලි තෑගි භෝග ටික හොරෙන් ගන්න හිතාගෙන මම වලව්වට රිංගුවෙ..."

    තිස්‌ දෙහැවිරිදි වියේ පසු වූ ඩෙන්සිල් හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගෙවල් බිඳුම් ඇතුළු හොරකම් කීපයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට මොහු සොයද්දී හොර රහසේම මාතලේ උකුවෙල ප්‍රදේශයට මොහු පලා ගියේය.සිය බිරිඳගේ ගම වූ උකුවෙල ප්‍රදේශය තම ආරක්‍ෂිත ස්‌ථානය ලෙස තෝරාගත් ඩෙන්සිල් එහි වාසය කරන්නට පටන් ගත්තේය. "උකුවෙලට ඇවිත් මම පුංචි පුංචි හොරකම් කරන්න පටන් ගත්තා. මොකුත් හොරකම් කරන්න නැති වුණොත් අහල පහල වත්තකට පැනල ගම්මිරිස්‌ ටිකක්‌ හරි කඩාගෙන ගිහින් විකුණනවා.

    ගෑනියි දරුවො දෙන්නයි ජීවත් කරන්න තමයි මම මේ හැම දෙයක්‌ම කළේ."ඩෙන්සිල් ගිරවකු මෙන් සියලු තොරතුරු වමාරන්නට වුණේය.

    මේ අපරාධය කරපු දවසෙ හොඳට හඳ පායලා තිබුණා. මම බන්නැහැක වලව්වට ආවෙ වහළෙන් හරි ඇතුළු වෙනවා කියලා හිතාගෙන. ඒත් වලව්වෙ ඉස්‌සරහ දොර අල්ලලා බලද්දී ඒක වහලා තිබුණේ නැහැ.මම හෙමිහිට වලව්වට ඇතුළු වුණා. මෙලෝ දෙයක්‌ පේන්නෙ නැහැ. කෑලි කපන්න පුළුවන් අන්ධකාරෙ.එක කාමරේක පුංචි බල්බ් එකක්‌ පත්තු වෙනවා. පොඩි ළමයෙක්‌ ඒ කාමරේ හිටියා. කාමරේ මේසයක්‌ උඩ ජංගම දුරකථනයක්‌ තිබුණා.මම ඒක අතට ගත්තා. ඒකෙ එළියෙන් තමයි කාමරයක්‌ කාමරයක්‌ ගානෙ ගිහින් සල්ලියි රත්‍රන් බඩුයි හෙව්වෙ.අලුත බැඳපු ජෝඩුව ඉන්න කාමරේටත් ගියා. ඒ අය හොඳටම නිදි. නෝනගේ හෑන්ඩ් බෑග් එක ඇරලා බැලුවම රුපියල් තුන් දාහක්‌ තිබුණා.මම ඒක ගත්තා. අනෙක්‌ කාමරවලටත් ගියා. ඒත් මොකුත් හොයා ගන්න බැරි වුණා. අන්තිමට තමයි ඔය ගෑනු ළමයා නිදාගෙන හිටිය කාමරේට ගියේ.ඒ කාමරේ වහළේ වීදුරු කෑල්ලක්‌ දාලා තිබුණා. ඒ වීදුරුවෙන් හඳ එළිය කාමරේට වැටුණා. අර ගෑනු ළමයා නිදාගෙන හිටිය ඇඳට තමයි හඳ එළිය වැටිලා තිබුණෙ.

    ගෑනු ළමයා නයිටියක්‌ ඇඳලා හිටියෙ. ඇඳුම් එහා මෙහා වෙලා තියනවා හඳ එළියට ලස්‌සනට පෙනුණා. මම ආව කාරණෙත් අමතක වුණා. මම හෙමිහිට ඒ ළමයා ළඟට කිට්‌ටු කළා. අල්ලපු ඇඳේ වයසක ගෑනු කෙනෙක්‌. මේ හැමෝම හොඳටම නිදාගෙන හිටියෙ. සුරංගනාවියක්‌ වගේ හිටිය මේ ළමයට අතවරයක්‌ කරන ආශාව මගේ හිතේ නලියන්න ගත්තා. ඇඳ ළඟ තිබුණ පොඩි කුලු ගෙඩියක්‌. මම ඒකෙන් ගැහැනු ළමයගෙ ඔලුවට පාරක්‌ ගැහුවා. ඒ ළමයා හීන් කෙඳිරියක්‌ එක්‌ක අනිත් පැත්ත හැරුණා."ඩෙන්සිල් නමැති පාපතරයා තමන් සිදුකළ මහා අපරාධය පිළිබඳව හෙළි කරන්නට වුණේ කිසිදු බරපතළක්‌ නොමැති ආකාරයටය. කුළු ගෙඩි ප්‍රහාරයෙන් අහිංසක තරුණියගේ හිස පොඩි කළ මේ නරුමයා ඇයද ඔසවාගෙන වලව්වේ ඉදිරිපස දොර විවෘත කරගෙන පිටවුණේය.හඳ එළියෙන් මුළු ප්‍රදේශයම ආලෝකවත් වී තිබුණේය. ඩෙන්සිල් නදීෂාගේ සිහිසුන් සිරුර ඔසවාගෙන වලව්ව පහළට ගමන් කළේය. කෙසඟ පුද්ගලයකු වූ ඩෙන්සිල්ට නදීෂාගේ සිරුර ඔසවාගෙන යැම පහසු කටයුත්තක්‌ වුණේ නැත. අඳුරේම දිව ආ ඩෙන්සිල් නදීෂාගේ සිරුරත් සමග පය පැකිළී ඇළට වැටුණේය.

    දැඩි වෙහෙසක්‌ දරා ඇලෙන් ගොඩට ආ ඩෙන්සිල් පාලු වනරොදට නදීශාගේ නිසල සිරුර රැගෙන ගියේය. එහිදී නදීශා නිරුවත් කළ මේ නරුමයා සිහිසුන්ව සිsටි ඇයට අතවර කළේය.

    "ඒ වෙලාවෙත් ගෑනු ළමයා කෙඳිරි ගෑවා. මම හෙමිහිට එතනින් මාරුවෙලා ගෙදර ගියා. මගේ ගෑනි අහනවා කෝ හොරෙන් කඩාගෙන ආව ගම්මිරිස්‌ කියලා. ඇළට වැටිලා මම තෙමිලා ඉන්නවා දැක්‌කම ගෑනි ඒ ගැනත් ඇහුවා.මම කිව්වා ගම්මිරිස්‌ කඩන්න ගිහින් අයිතිකාරයට අහුවෙන්න ගියා කියලා.
    මේ හැම දෙයක්‌ම කරලා මම එදා නිදාගත්තා. පහුවදා උදේ මොකුත්ම නොදන්න විදිහට වලව්වට ගිහින් ගැහැනු ළමයගෙ මිනියත් බැලුවා."

    ලලනී නදීෂා ඝාතනය කළ ආකාරය පිළිබඳ සියලු තොරතුරු ඩෙන්සිල් පාපොච්චාරණය කළේ හැඟීමක්‌ නොමැති අයකු ලෙසය. ඩෙන්සිල්ගේ රුධිර පරීක්‍ෂණයක්‌ ලබාගත් රහස්‌ පොලිසියේ නිලධාරීන් නදීෂාගේ රහස්‌ ප්‍රදේශයේ තැවරී තිබූ ශුක්‍රාණු වාර්තා සමග සංසන්දනය කළේය. එය කදිමට ගැළපුණේය.
    ඩෙන්සිල් විසින් මේ කෲර ඝාතනය සිදුකළ බව ඔප්පු කිරීමට අවශ්‍ය සියලු සාක්‍ෂි ඒ වන විට රහස්‌ පොලිසියේ නිලධාරීන් සතුවිය.මාස ගණනක්‌ තිස්‌සේ සැඟවී ගොස්‌ තිබූ ඒ මහා අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට රහස්‌ පොලිසියේ නිලධාරීන් කළ කැපකිරීම විශිෂ්ටය. මාස කිහිපයක්‌ තිස්‌සේ දැඩි වෙහෙසක්‌ ගනිමින් කැපවී රාජකාරිය නොකරන්නට ලලනී නදීෂාගේ මරණය අදටත් අබිරහසක්‌ වන්නේය.

    උකුවෙල පළාතටම සිරියාවක්‌ ගෙන ආ ඒ සුන්දර තරුණිය අද ජීවතුන් අතර නැත. ඉතිරිව ඇත්තේ ඇය උන් ඒ සුන්දර මතකය පමණි.

    හේමන්ත රන්දුණු

    ඉරිදා දිවයින
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොනා උනත් අපේ රටේ පොලිසිය මොන තරම් දක්ෂද..බලපල්ලකො දීලා තියෙන ගේම..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනා උනත් අපේ රටේ පොලිසිය මොන තරම් දක්ෂද..බලපල්ලකො දීලා තියෙන ගේම..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ane madden awage kiywwe bn mara duka seen ekak kalakanniyk bn hora kam kala nm kmk na........ et salli wage newene jiwithayak kynne patta dukakathawak mat lawata ahala tbunata dn thma hariyata seen eka dana gatte share kalta thanx :yes: rep + machp
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ..................

    මොනා උනත් අපේ රටේ පොලිසිය මොන තරම් දක්ෂද..බලපල්ලකො දීලා තියෙන ගේම..


    ane madden awage kiywwe bn mara duka seen ekak kalakanniyk bn hora kam kala nm kmk na........ et salli wage newene jiwithayak kynne patta dukakathawak mat lawata ahala tbunata dn thma hariyata seen eka dana gatte share kalta thanx :yes: rep + machp

    wow film ekak wage..meka hoyanna mahansi una polisiye ayata

    Heh+you+figured+it+out+my+hats+off+to+you+_e7638c8aac758f45e5f60eb77b264195.jpg

    :yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    thuk witharak me wage asamajjathi ballo me samajetama kochchara karadarayakda ..... oya paathale ewunuy ,kudu karayoy , jangi horuy , nam aniwaryenma maralama danna one ban .... eka thama tiyena ekama wisaduma.... owunta kochchara samawa deela eliyata dammat wadak na :angry::angry::angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය වාර්තා වෙන අතලොස්සක් විතරයි,
    ඔය වගේ සිද්ධි කොයි තරම් පත්තර වලට ඇවිත්,වාරණය වෙලා පළ නොකර තියෙනවද.
    මාධ්‍යටත් අද නිදහසක් නෑ ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන්න.
    දේශපාලකයෝ සම්බන්ධ අපරාධ විමර්ශන කී දාහක් නම්,නඩු නැතිවම යටපත් වෙලා තියෙනවද.
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සංකල්පය නිසා අහිංසක දුප්පත් මිනිස්සු කී දෙනෙක් නම් පීඩාවට පත් වෙලා ඇත්ද....
    වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද මේ අවනඩුව????
    එදා බුදුන් වැඩි දේශය,අද සාපලත් දේශයක් වෙලා තියෙන්නේ කාගේ වරදින්ද????
    අපේම වරදින් තමයි...​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වාර්තා වෙන අතලොස්සක් විතරයි,
    ඔය වගේ සිද්ධි කොයි තරම් පත්තර වලට ඇවිත්,වාරණය වෙලා පළ නොකර තියෙනවද.
    මාධ්‍යටත් අද නිදහසක් නෑ ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන්න.
    දේශපාලකයෝ සම්බන්ධ අපරාධ විමර්ශන කී දාහක් නම්,නඩු නැතිවම යටපත් වෙලා තියෙනවද.
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සංකල්පය නිසා අහිංසක දුප්පත් මිනිස්සු කී දෙනෙක් නම් පීඩාවට පත් වෙලා ඇත්ද....
    වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද මේ අවනඩුව????
    එදා බුදුන් වැඩි දේශය,අද සාපලත් දේශයක් වෙලා තියෙන්නේ කාගේ වරදින්ද????
    අපේම වරදින් තමයි...​

    උබ කියනදේ හරි බන්. එත් මචං මිනිසුන් ආගම් දහමෙන් ඈත්වීම බලපානවා ඕකට. නීතියෙන් විතරක්ම කරන්න අමරුයිබන්. අද සමහර විද්‍යුත් හා මුද්‍රිත මැදය වලට ඔයවගේ සිදුවීම් රස කර කර කියන තත්වෙට පත්වෙලත් තියනවා. ස්වර්ණවාහිනී එහම් බලපන්. මන් නම් හිතන්නේ නිතිය විතරක් මදි. මිනිසුන්ගේ අද්යත්මයත් පෝෂණය වෙන්න ඕනි. හැබැයි එකට විසදුම මොකද්ද කියලා ත්රෙන්නේ නැහැ හරියට. මොනවයින් මොනා වෙයිද කියලා කියන අවිනිශ්චිතයි
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    හරිම කණගාටුදායක පුවතක්... :angry:
    මනස පාලනය කර ගැනීමට පුඑවන් වූවා නම් මෙවැනි අපරාධයක් සිදු නොවනු ඇත
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගණිකා මඩම් තිබ්බා නම් මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා, අරුන් ටික බිව්වා, ඊට පස්සේ එහාට මෙහාට ඇවිදින කොට ජනේලයෙන් කෙල්ලව දැක්කා, ඊට පස්සේ කාමරයට පැනලා දුෂණය කරන්න යනකොට කෙල්ල කෑගහන්න හදපු නිසා මොකකින් හරි ගහන්න ඇති ඊට පස්සේ මැරුණ බව දැක්කම ගිහින් දැම්මා. ගණිකා මඩම් තිබුනා නම් අරුන් ටික බිව්ව ගමන් ඒකට රිංගනවා ඊට පස්සේ මොකක් වත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලිංගික පීඩනය වැඩි වෙලා, TV මගින්, movies මගින්, වෙළද දැන්වීම් මගින් නිරුවත මහා ඉහළින් ප්‍රදර්ශණය වෙනවා එතකොට ඒක දකින මිනිස්සු චූන් වෙනවා, ඒක ඉතින් පිටකරන්න විදියක් නැති වුනාම වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එකයි. අපි රෝගයකට ප්‍රතිකාර කරන කොට රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරලා වැඩක් නෑ, රෝග මූලයටයි ප්‍රතිකාර කරන්න ඕනේ, මූලය තියෙන තාක් කාල් මේ වගේ රෝග ලක්ෂණ හටගනියි.
     
    • Like
    Reactions: dgboy