වල්ල පට්ටා කියල සිංහලෙන් නම හැදුනේ මෙහෙම&#3514

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    වල්ල පට්ටා කියල සිංහලෙන් නම හැදුනේ මෙහෙම&#3514

    වල්ල පට්ටා කියල සිංහලෙන් නම හැදුනේ මෙහෙමයි විද්‍යාත්මක නම Gyrinops walla


    රාවණලාගේ යුගයේදී මේ රට හරිම සශ්‍රීකයිලු. ඒ කාලේ මේ රටේ ඉඳලා තියනවා ඉසිවරු. ඔන්න එක්තරා ඉසිවරයෙක් හිටියලු වෙදකමට දක්ෂ. ඒ ඉසිවරයා ඉතින් කැළේට ගිහින් නොයෙකුත් කොළ වැල් ගෙඩ් අරවා මේවා අරගෙන පර්යේෂණ කරනවාලු. දවසක්දා මේ ඉසිවරයා කැළේට ගිහින් ඔහොම නොයෙක් ශාඛ වර්ග අධ්‍යයනය කරන අතරේ දැක්කලු කවදාවත් දැක්කේ නැති ශාඛයක්. ඉතින් මේ ඉසිවරයා මේ මොකක්ද යකෝ මේ ශාඛය කියලා අර ඉසිවර ලෝගුවත් කැහැපට ගහගෙන නැමිලා මේක අධ්‍යයනය කර කර ඉන්නවලු. ඔන්න ඔහොම ගැඹුරු අධ්‍යයනයක ඉන්නකොට මේ හරියෙන් ගියාලු එක්තරා දඩයක්කාරයෙක්. මිනිහා මේ පැත්තේ කරක් ගහන ඩයල් එකක්ලු. ඉතින් දඩයක්කාරයා දැක්කලු ඉසිවරයා නැමීගෙන ඉන්නහැටි. වැඩේ කියන්නේ ඉසිවරයා ලෝගුව කැහැපොට ගහගෙන හිටපු නිසා ඉසිවරයාගේ වෘෂණ කෝෂ පේනවාලු දඩයක්කාරයාට. දඩයක්කාරයාට හීන් හිනාවක් ගියාලු. ඇයි බොල මේ එසේ මෙසේ ඩයල් එකක්ද මේ දෙකට නැමී ගෙන ඉන්නේ. ඉතින් දඩයක්කාරයා ඉසිවරයාට ඇහෙන්න කිවුවලු “වල්ල පට්ට ආ...” එහෙම කියලා ඇහැකුත් ගහලා කින්ඩි හිනාවක් දාගෙනම දඩයක්කාරයා යන්න ගියාලු. ඉසිවරයා ගැඹුරු අධ්‍යයනයක හිටිය නිසා මේ කියපු දේ තේරුම් ගත්තේ වැරදියටලු. ඉසිවරයා හිතුවලු ආ බොලේ මේ දඩයක්කාරයා කියන්නේ මේ ශාඛය ගැන තමයි. මූ මේ පැත්තේ කරක් ගහන ඩයල් එකනේ. මම මැරීගෙන දෙකට නැමිලා මේක අධ්‍යයනය කරනවා දැකලා මට උදව්වක් විදිහට මේ ශාඛයේ නම තමයි කිවුවේ කියලා ඉසිවරයා හිතුවලු. එදා ඉඳල‍ා ඒ ශාඛය ‘වල්ලපට්ටා’ ශාඛය වුණාලු.



    02 ඉතින් සමහර අය මෙහෙමත් කියනවා, අපේ ආදි කාලේ මිනිස්සු කැලේට ගියහම දර, කොළ ජාති බැදගෙන එන්නේ මෙම වල් පට්ට නම් ශාකයෙන් ලබා ගන්නා පට්ට වලින්, මේ පට්ට ඒ තරම් හයියලු, පසු කාලීනව මෙම වල් පට්ට නාමය වල්ල පට්ට නමින් ප්‍රචලිත වූ බව සදහන්වේ.


    වල්ල පට්ට ගහ හදුනා ගන්නේ මෙහෙමයි


    මෙය ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය වල්ල පට්ට ගහේ කොළ සාමානයෙන් අපි කන අනෝද ගසේ කොළවලට සමානයි, බලන්න පහත රූපය ඒ රූපයේ තියෙන කොළ අනොද ගසේ කොළවලට සමානයි නේද කියල, මෙම ගස් බොහෝ විට වැවෙන්නේ ඉඩම් මායිම්වල හා ගල් පිහිට ඉස්ථානවල, ඒ වගේම මෙම ශාකය අපේ රටට ආවේනික ශාකයක්, බොහෝ විට මේව වැවෙන්නේ ගාල්ල, කලුතර, මාතර, ගම්පහ, මහනුවර, රත්නපුර, තරමක් දුරට නුවරඑළියේ දිස්ත්‍රික්කයෙත් වැවෙනවා.
    99ad349a-51b3-11e3-8163-22000a270a3d.jpg



    සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා. වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව.

    වගා කිරීම සදහා වල්ල පට්ටා ලබා ගන්නේ මෙහෙමයි


    පරණ වල්ල පට්ට තියෙන ශාකයක් හොයාගන්න, එම ශාගයේ අවට බිම කුඩා වල්ල පට්ට පැළ ඇත, එවා ගලවා ඉන්දන්න පුළුවන්, තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ශාකයේ අතු කුඩාවට කපා හොදට සකස් කරන ලද අඩි 1 ගැඹුරු අඩියක් පළල වළකට සාරවත් කලු පස් සමග රතු පස්ද එකතු කර ඉන්දන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ගහේ තියෙනව ඇට ජාතියක් ඒවයිනුත් පැළ බෝකර ගන්න පුළුවන්.

    email
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වල්ල පට්ටා ආ:lol:
    විහිලුවක් වගෙ උනාට වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එකක්:P
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ape gewal laga iskole wete oin gahak thiyenawa
    hemadama weta sudda karaddi athu kapanawa kaga thuwala wenawa. mama horenma gihin poddak kapala beluwa eka kalu wela. eth ithin kata dennada. owa karala mage walla lachchuwe da ganna one ne. hehe

    Aw! isokele koheda tiyenne? :P