ඕක ඇවිල්ලා යාල කැලේ මැද්දේන් තියන පාර. කලාප අංක එකයි පහයි අතර මතක විදිහට. ඕක උන්ගේ ඒරියා එක. උන්ව අහක් කරලා හරියන්නේ නැහැ. අපේ හැත්තට කොච්චර කිව්වත් අහන්නේ නැහෑ. කුණු දානවා පාර දෙපැත්තේ අනේ සතෙක් කාලා යයි කියලා. පස්සේ ඒවා කන්න එන්න පුරුදු උනාම. අනේ මුංට කන්න නැහෑ ඇටකෝට්ට වගේ කියලා කන්න දෙනවා.දැන් උන් බලෙන් කෑම කන්න හදනවා. කට කැඩෙනකම් කියනවා. පාර දිගේ මීටර පන්සීයේන් පන්සීයට විතර බෝඩ් ගහලා තියනවා. මේ කැලේ, සත්තුන්ට කන්න දෙන්න වාහනයෙන් බහින්න එපා කියලා. අපේ හැත්තට අකුරුත් බැහෑ. හැබයි හෙන අතිපන්ඩිත හැත්ත. මම ඔය පාරේ දෙදහස් ගනන්වල සෑහෙන්න ගිහින් තියනවා. හවස පහ හය අතර පවා. ට්‍රිප් ගියාම. අලියෙක් දකින්න පට්ටම අමාරුයි ඒකාලේ. හිටියත් පාර අයිනට එන්නේ නැහැ. කොල්ලයි බල්ලයි හැම එකාම ට්‍රිප් යන්න ගත්තාහම තමා මේ කරදරේ.