වල් දෙල්/ කැලෑ දෙල්/ බැදි දෙල්/ ගං දෙල්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    file.png
    Artocarpus_nobilis.jpg

    දෙල් කාල නැති කෙනෙක් නෑනෙ නේද . හරිම රසයිනෙ. රටින් ආපු එක දෙල් වෙනකොට අපේ එක වල් උනා 🥺. හැබැයි වල් එක සුපිරි කියල දන්නෝ දනිති 😊. ගැඹුරට හිතන්නෙපා ඉතින් මම කිව්වෙ වල් දෙල් ගැන . එහෙමත් නැතිනම් කැලෑ දෙල්/ බැදි දෙල්/ ගං දෙල්/ කියලත් කියනවා. ජාතිවාදී නමකුත් කියනවා සිංහල දෙල් නැතිනම් හිංගල දෙල් කියල . කිසිම බයක් සැකක් නැතුව කට පුරාම අපේ එකක් කියන්න පුලුවන් ගහක් තමයි මේ. ඒ කියන්නෙ ලංකාවට ආවේණිකයි . උප්පැන්නෙ තියෙන්නේ Artocarpus nobilis . පහතරට තෙත් කලාපයේ සදාහරිත වනාන්තර ඇතුලෙත් ගම්වලත් අතුපතර විහිදුවාගෙන විරාජමානව වැඩෙන ගහක් 😍. ආදි මානවයා පවා ආහාරයට ගත්ත ඖෂධීය ගුණයෙන් වගේම පෝෂණයෙන් සපිරි ආහාරයක්. එක වරක් කාපු කෙනෙක් ආයෙ හොය හොයා කනවා. ඒ තරම් රස. ගං දෙල් ඇටවලට කජුත් පරාදයි.

    හැබැයි ඉතින් මේක හදාගෙන කන එක නම් එච්චර ලේසි නෑ. අවුරුද්දට එක වරයි හැදෙන්නේ .මේ කාලෙ තමයි ඒ 😍. අපේ ගමේ නම් එකල ගංදෙල් කඩනවා කියන්නෙ පවුල් හට අටක් එකතුවෙන දවසක් . කඩන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. විශාල ගස්වල අතු අගිස්වල තමයි ගෙඩි හැදෙන්නෙ. ඒ නිසා ගහට නැගලත් පිහියක් බැඳපු කෙක්කකින් තමයි කඩන්නෙ. ඊට පස්සෙ කඩපු ගංදෙල් ඔක්කොම අපේ ගෙදරට අරගෙන එනවා. කට්ටියක් ගංදෙල් ගෙඩියෙ පිට පොත්ත සුද්ධ කරනව. තව කොටසක් ඒ ගංදෙල් ගෙඩි රෙදි මිරිකන්නැහේ අඹරවනවා. එතකොට මදුලු වෙන් කරන්න ලේසියි. පොඩි රවුම් මදුලු තියෙන්නේ . අපි වගේ ඇච්චො බැච්චො ටික තරඟෙට මදුලු ගලවනවා. තව කොටසක් මදුලු වලින්.ඇට වෙන්කරලා ඇට වල පොත්ත සුද්ධ කරනවා.
    මේ ගංදෙල් ක්‍රම කීපයකට කෑමට ගන්න පුලුවන් . මේ වැඩේට ඉතින් මුළු දවල් දවසම ගතවෙනවා.

    💜️ තරමක් පැහුණු ගංදෙල් පොලොස් මාළුව වගේ හදල
    💜️ ගංදෙල් මැල්ලුම
    ඇට සහ මදුලු තම්බලා පොල් එක්ක කූරුගාල
    💜️ඇට සහ මදුලු උයල
    💜️ඉදුණු ගංදෙල් පලතුරක් විදියට
    💜️ගංදෙල් ඇට බැදල (පැණි එක්ක, කොටල පොල්,සීනි එක්ක ගුලි හදල හෝ රටකජු වගේ නිකන්ම)
    💜️ගංදෙල් ඇට වේලලා අටු ඇට විදියට

    මම නම් ආසම මයෙ අත්තම්මා ඇටයි(ඇට කලින් තම්බාගන්න ඕනෙ) මදුලුයි එකට දාල කිරිකොස් උයනව වගෙ උයල තෙම්පරාදුවක් දාපු ගංදෙල් මාළුවට. මේක රෑට උයල තියල ඊට පහුවදා කන්න ඕනෙ. අපෙ අප්පෝ ඒ රහ කියන්න මට නම් වචනත් නැහැ . ගංදෙල් මාළුව එක සැරයක් කාල ඉවර කරන්නෑ. පලවෙනි වතාව කෑවම වා,පිත්,සෙම් යන තුනෙන් වාතය කිපීමට ලක්වෙන බවත් දෙවන,තුන්වන වර කෑමේදී වාත දෝෂ සමනය වන බවත් වැඩිහිටියො කියනව. අපිනම් ඉතින් ඔය මොන අටමගලක්වත් දැනන් හිටියෙ නෑ.පට්ට රස නිසා ඇදල ඇරිය 😋

    වල් දෙල් කියන්නෙ සුපිරි කෑමක් කිව්වනෙ
    අංක එකටම තියෙන්නෙ රස. මාරම රසයි.
    💜️ ඇදුම,හතිය වැනි රෝගවලට ගොඩක් හොඳයි කියල පැරැණ්නන් භාවිතාවෙන් පෙන්නලා දීල තියෙනවා .
    💜️ දියවැඩියාවට හොඳ ඔසුවක්.
    💜️ප්‍රතිඔක්සිකාරක බහුලයි. අපි හරි උජාරුවෙන් කන පිස්ටාචියෝ,ආමන්ඩ් ,කජු වලටත් වඩා මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි. විශේෂයෙන්ම බීජ වල.
    💜️ප්‍රබල වාජීකරණයක් . ඒ කියන්නේ පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරීමේ හැකියාවෙන් යුක්තයි.( ඔන්න ඒකෙන්නම් ඉතින් අර නම සම්බන්ධව අපිට තියෙන කුපාඩි අදහසට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා 😁🙈)
    💜️ ප්‍රෝටීන් ,කාබෝහයිඩ්‍රේට් ,මේද සහ පොටෑසියම් බහුලව අඩංගුයි
    💜️හෘදයට හිතකරයි
    💜️ග්ලූටතයොන් තියෙන නිසා කෙල්ලන්ට සුදු වෙන්නත් හොඳයි .
    ඔය කිව්වෙ ටිකක් විතරයි . අපේ පැරැන්නො මේ වගේ දේවල් කාල බීල තමයි සෞඛ්‍යය සම්පන්නව නිරෝගීව හිටියෙ.

    ගංදෙල් ඇට බැදල කනව කියන්නෙ සුපිරිම කෑමක් තමයි . කජු පරාදයි මේකට. කබලෙ බදින්නත් පුලුවන් ලිපේ දාල පුච්චන්නත් පුලුවන් . කොහොම කෑවත්
    මේව කාල තනියම එලියට යන්න දෙන්නෑ. ගෑණු ලමයින්ට කන්න දෙන්නෙම නෑ. මම නම් ඉතින් හිතුවක්කාරි හින්ද ඇතිවෙන්න කාල තියෙනවා 😍. අඩුම ගානෙ ඉර බැහැගෙන යද්දි මේ ගහක් යටින් යන්නවත් දෙන්නෑ. කොයි වෙලාවෙත් කියන්නෙ යක්කු ගහනව කියල . තනිකම් දෝස ඇතිවෙනව කියල. අපෙ අත්තම්මා ඉදිච්ච කන්න දෙන්නෙත් නෑ අප්පා ඒ කාලෙ.තනිකන් නෙමෙයි කන් දෙකටම දෝස ඇතිවෙනව කියල .ඒ කියන්නෙ කන් බීරි වෙනව කියනව. අපි අහයිද ඔව්ව. ඇතිවෙන්න කාල වැනි වැනි ගෙදර එන්නෙ 🙈😁. දැන් මම කියන්නම් එව්වට හේතු.

    ගංදෙල් කියන්නෙ රූස්ස ගහක්.ගහයට හරිම කළුවරයි. මම පුංචි කාලෙ ගිය පොඩි ඉස්කෝලෙට යන පාරෙ රූස්ස ගංදෙල් ගහක් තිබ්බ. මහ දවාලෙත් එතනින් යන්න බයයි.කොල වැටිල වැටිල කොල තට්ටුවයි. ඉතින් ඒ අස්සෙ සීතලේට ගුලිවෙලා සර්පයො ඉන්න පුලුවන් . අන්න ඒ නිසා තනිව හෝ කළුවරේ යාම භයානකයි. සර්පයෙක් ගැහුවොත් යකා ගැහුවට අන්තයි. ගංදෙල් කාලෙට මුළු ගමේම ඈයො ගංදෙල් කනවා. පුරුෂ පරාණ ටිකත් ඉතින් අනිවාර්යයෙන්ම කනවනෙ 😁. මම කිව්වනෙ මේක ප්‍රභල වාජීකරණයක් කියල .ඉතින් ගොම්මනේ නාල කොණ්ඩෙ කඩාගෙන ගංදෙල් ගහ යටින් පද්ද පද්ද යන ලමිස්සියෙකුට ගමේම යකෙක් ගහන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි. ඒ නිසා ඒ කාලෙට කෙල්ලො ගෙට දා ගන්න ඕනෙ.ගංදෙල් ඇට බැද්දාම පුදුම රසයි. හැබැයි කොච්චර රස උනත් වැඩිපුර කෑවොත් මත් වෙනවා.හිතන්නකො වැඩිපුර ගංදෙල් ඇට කාල හවස් ජාමෙ ඇවිදින්න යනව කියල. එතකොට කොහොමත් කැරකිල්ල වගේ. සඳ බොඳ වෙලා පේන්නෙ 😁. අත්දැකීමෙන් කියන්නෙ. මෙහෙම ගියපු කෙනෙක් ගංදෙල් ගහ කිට්ටුව වැටිල ඉන්න ඇති. දැන් කොහොමද කතාව යන්නෙ " කෙල්ලට යකා ගහල" 🤣🤣. ඇට විතරක් නෙමෙයි උයපුවා උනත් වැඩිය කෑවොත් මත්වෙනවා. ඉදිච්ච ගංදෙල් කතාවත් එහෙමයි .ඉදිච්ච වැඩිපුර කන්න අමාරුයි.අධික පැණි රසයි. මත්වෙනව. ඒ වගේම වාතය කිපීම නිසා වෙන්නැති කන් අගුල් වැටෙනව. ඔන්න ඕකට තමයි බීරි වෙනව කිව්වෙ..

    මයෙ අත්තම්මා ගංදෙල් ඇටවලින් තෙල් හින්දා. ඒව හන්දිපත් අමාරුවලට වගේම වාත අමාරුවලට තමයි ගුණ. දෙල් ඇට පිරිසිඳු කරල වතුර දාල තම්බනව.තෙල් උඩ පාවෙනව.ඒ තෙල් එකතු කරන් ආයෙ හින්දවල ගන්නව. අපි නම් ඒ තෙල් වලින් තෙම්පරාදු කරලත් කාල තියේ.😋 😋 . තම්බපු ඇට ටික දුමට දානව වේලෙන්න.

    ඔන්න ඉතින් මහා පතරංග ජාතකේ වගේ ලිව්ව ඔයාලට දැනගන්න .ඒ වගේමයි ලංකාවෙ ඉපදිලා ගංදෙල් මාළුවක් කාල නැතිනම් දුකයි ඉතින් . ජීවිතේ එක් වරක් හරි කන්න ඕනෙ කෑම මෙව්ව. දැන් මේ ගංදෙල් ගහ වඳවීමේ තර්ජනයට මුහුණ දීල තියෙන්නේ . හේතුව කුඩා වතුවල වවන්න බැරිවීම වගේම වටිනා දැවයක් වීම. වතුර වැටෙන්න වැටෙන්න ශක්තිමත් කියලයි සීය කිව්වෙ.හරි ලස්සන වයිරමක් තියෙන්නේ මේ ලීයෙ.

    තමන්ගෙ වත්තේ ඉඩකඩ තියෙන අය ගංදෙල් ගහක් හිටවන්න . එතකොට ඔබ පරිසරයට ණය නැති මනුස්සයෙක් 💜💜💜💜
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉතින් දෙල් වාරේ නේ.. මේ දවස් ටිකේම දෙල් මාලුව කෑවා.. තම්බලා පොල් මිරිස් අබරලා දාලා ගත්තම මරු. දෙල් මාලුව මරු ඉදිආප්ප එකක් කන්න.

    අපේ ගෙදර දෙල්-කොස් කියන ජාතිය තියෙනවා.. හුගක් අය කියන්නේ කොස්-දෙල් කියලා. ගහ හරියට දෙල් ගහක් වගේමයි ,ගහේ කොළ දැක්කම හිතෙන්නේ දෙල් ගහක් කියලා..මම කොළ දෙක නම් සංසන්දනය කරලා නෑ.ඒත් බැලූ බැල්මට දෙකම එක වගේ. හැදෙන ගෙඩියත් දෙල් ගෙඩියට සමානයි.හැබැයි කොස් ගෙඩිය වගේ කටු තියෙනවා.ටිකක් දූරියන් වගේ පෙනුම. ඇතුලේ පෙනුම කොස් වගේමයි.මදුළු තියෙනවා ,හැබැයි කොස් වගේ ලොකු මදේ තියෙන මදුළු නෑ.මාලුව ඉව්වට මම නම් කන්නේ නැති තරම්.එකේ රසේ එච්චර සෙට් නෑ මට.

    6by4CxQ.jpeg

    ඉදිලා වැටෙන දෙල්-කොස් වල නම් ඇට අරන් තම්බනවා අපේ අම්මා..මේකේ මදේට වඩා ඇටේ ලොකුයි

    RVZjBIP.jpeg
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    වල් දෙල් ගස් කපන්න බලපත්‍ර ඕන නිසා අපේ ගහ තාම තියෙනව... වසරකට වරක් විතර විදුලිබල මණ්ඩලය අතු කපනව. ඒත් අපි කවමදාවත් ගෙඩි කාල නෑ ..ඒව කෑවම බඩේ අමාරු, බඩ කැක්කුම හැදෙනව කියල.. වඳුරු රෑන තමා කන්නෙ.

    කොස්දෙල් ගහකුත් තිබුණ.. තාත්තට
    තෑගි ලැබිල අම්ම හිටවපු එකක්. ඒ දෙන්න නැතිවුනාට පස්සෙ ඒ ගහ කපල පොල් පැලයක් හිටෙව්ව -මල්ලි....
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ කොස් දෙල් නේh ?

    පොඩි කඩල ඇට වගේ තියෙන්නේ බැදලා කන්නේ වල් දෙල් කියන්නේ ඒවාට නේද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    දැන් ඉතින් දෙල් වාරේ නේ.. මේ දවස් ටිකේම දෙල් මාලුව කෑවා.. තම්බලා පොල් මිරිස් අබරලා දාලා ගත්තම මරු. දෙල් මාලුව මරු ඉදිආප්ප එකක් කන්න.

    අපේ ගෙදර දෙල්-කොස් කියන ජාතිය තියෙනවා.. හුගක් අය කියන්නේ කොස්-දෙල් කියලා. ගහ හරියට දෙල් ගහක් වගේමයි ,ගහේ කොළ දැක්කම හිතෙන්නේ දෙල් ගහක් කියලා..මම කොළ දෙක නම් සංසන්දනය කරලා නෑ.ඒත් බැලූ බැල්මට දෙකම එක වගේ. හැදෙන ගෙඩියත් දෙල් ගෙඩියට සමානයි.හැබැයි කොස් ගෙඩිය වගේ කටු තියෙනවා.ටිකක් දූරියන් වගේ පෙනුම. ඇතුලේ පෙනුම කොස් වගේමයි.මදුළු තියෙනවා ,හැබැයි කොස් වගේ ලොකු මදේ තියෙන මදුළු නෑ.මාලුව ඉව්වට මම නම් කන්නේ නැති තරම්.එකේ රසේ එච්චර සෙට් නෑ මට.

    6by4CxQ.jpeg

    ඉදිලා වැටෙන දෙල්-කොස් වල නම් ඇට අරන් තම්බනවා අපේ අම්මා..මේකේ මදේට වඩා ඇටේ ලොකුයි

    RVZjBIP.jpeg
    mcn oya del කොස් ඇට tikak pala kara ganna denna puluwanda

    වල් දෙල් ගස් කපන්න බලපත්‍ර ඕන නිසා අපේ ගහ තාම තියෙනව... වසරකට වරක් විතර විදුලිබල මණ්ඩලය අතු කපනව. ඒත් අපි කවමදාවත් ගෙඩි කාල නෑ ..ඒව කෑවම බඩේ අමාරු, බඩ කැක්කුම හැදෙනව කියල.. වඳුරු රෑන තමා කන්නෙ.

    කොස්දෙල් ගහකුත් තිබුණ.. තාත්තට
    තෑගි ලැබිල අම්ම හිටවපු එකක්. ඒ දෙන්න නැතිවුනාට පස්සෙ ඒ ගහ කපල පොල් පැලයක් හිටෙව්ව -මල්ලි....
    Wal del ඇට tikak denna puluwanda pala kara ganna
    ------ Post added on Jul 3, 2024 at 10:16 PM

    දැන් ඉතින් දෙල් වාරේ නේ.. මේ දවස් ටිකේම දෙල් මාලුව කෑවා.. තම්බලා පොල් මිරිස් අබරලා දාලා ගත්තම මරු. දෙල් මාලුව මරු ඉදිආප්ප එකක් කන්න.

    අපේ ගෙදර දෙල්-කොස් කියන ජාතිය තියෙනවා.. හුගක් අය කියන්නේ කොස්-දෙල් කියලා. ගහ හරියට දෙල් ගහක් වගේමයි ,ගහේ කොළ දැක්කම හිතෙන්නේ දෙල් ගහක් කියලා..මම කොළ දෙක නම් සංසන්දනය කරලා නෑ.ඒත් බැලූ බැල්මට දෙකම එක වගේ. හැදෙන ගෙඩියත් දෙල් ගෙඩියට සමානයි.හැබැයි කොස් ගෙඩිය වගේ කටු තියෙනවා.ටිකක් දූරියන් වගේ පෙනුම. ඇතුලේ පෙනුම කොස් වගේමයි.මදුළු තියෙනවා ,හැබැයි කොස් වගේ ලොකු මදේ තියෙන මදුළු නෑ.මාලුව ඉව්වට මම නම් කන්නේ නැති තරම්.එකේ රසේ එච්චර සෙට් නෑ මට.

    6by4CxQ.jpeg

    ඉදිලා වැටෙන දෙල්-කොස් වල නම් ඇට අරන් තම්බනවා අපේ අම්මා..මේකේ මදේට වඩා ඇටේ ලොකුයි

    RVZjBIP.jpeg
    Ayi hina wenne post eke denna barida
    ------ Post added on Jul 3, 2024 at 10:43 PM
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,894
    13,758
    113
    🤍
    දැන් ඉතින් දෙල් වාරේ නේ.. මේ දවස් ටිකේම දෙල් මාලුව කෑවා.. තම්බලා පොල් මිරිස් අබරලා දාලා ගත්තම මරු. දෙල් මාලුව මරු ඉදිආප්ප එකක් කන්න.

    අපේ ගෙදර දෙල්-කොස් කියන ජාතිය තියෙනවා.. හුගක් අය කියන්නේ කොස්-දෙල් කියලා. ගහ හරියට දෙල් ගහක් වගේමයි ,ගහේ කොළ දැක්කම හිතෙන්නේ දෙල් ගහක් කියලා..මම කොළ දෙක නම් සංසන්දනය කරලා නෑ.ඒත් බැලූ බැල්මට දෙකම එක වගේ. හැදෙන ගෙඩියත් දෙල් ගෙඩියට සමානයි.හැබැයි කොස් ගෙඩිය වගේ කටු තියෙනවා.ටිකක් දූරියන් වගේ පෙනුම. ඇතුලේ පෙනුම කොස් වගේමයි.මදුළු තියෙනවා ,හැබැයි කොස් වගේ ලොකු මදේ තියෙන මදුළු නෑ.මාලුව ඉව්වට මම නම් කන්නේ නැති තරම්.එකේ රසේ එච්චර සෙට් නෑ මට.

    6by4CxQ.jpeg

    ඉදිලා වැටෙන දෙල්-කොස් වල නම් ඇට අරන් තම්බනවා අපේ අම්මා..මේකේ මදේට වඩා ඇටේ ලොකුයි

    RVZjBIP.jpeg
    Apooo ape waththt tynw

    Mallum kiyala thel dalath hadanawa

    Meke ata thambala kanna puluwan
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    💜️ ඇදුම,හතිය වැනි රෝගවලට ගොඩක් හොඳයි කියල පැරැණ්නන් භාවිතාවෙන් පෙන්නලා දීල තියෙනවා .
    💜️ දියවැඩියාවට හොඳ ඔසුවක්.
    💜️ප්‍රතිඔක්සිකාරක බහුලයි. අපි හරි උජාරුවෙන් කන පිස්ටාචියෝ,ආමන්ඩ් ,කජු වලටත් වඩා මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි. විශේෂයෙන්ම බීජ වල.
    💜️ප්‍රබල වාජීකරණයක් . ඒ කියන්නේ පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරීමේ හැකියාවෙන් යුක්තයි.( ඔන්න ඒකෙන්නම් ඉතින් අර නම සම්බන්ධව අපිට තියෙන කුපාඩි අදහසට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා 😁🙈)
    💜️ ප්‍රෝටීන් ,කාබෝහයිඩ්‍රේට් ,මේද සහ පොටෑසියම් බහුලව අඩංගුයි
    💜️හෘදයට හිතකරයි
    💜️ග්ලූටතයොන් තියෙන නිසා කෙල්ලන්ට සුදු වෙන්නත් හොඳයි .
    mewwa kohomada ban hariyatama kiyanne?
    Research karalada?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    Wal del ඇට tikak denna puluwanda pala kara ganna
    ------ Post added on Jul 3, 2024 at 10:16 PM

    [/QUOTE]

    ගහ යට ඇට තියෙනව ද කියල බලල කියන්නම් ..... වඳුරෝ කන නිසා පැලවෙන තරමට පැහුණ ඇට තියෙනවද දන්නෙ නෑ... පැල නම් නෑ ....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    දැන් ඉතින් දෙල් වාරේ නේ.. මේ දවස් ටිකේම දෙල් මාලුව කෑවා.. තම්බලා පොල් මිරිස් අබරලා දාලා ගත්තම මරු. දෙල් මාලුව මරු ඉදිආප්ප එකක් කන්න.

    අපේ ගෙදර දෙල්-කොස් කියන ජාතිය තියෙනවා.. හුගක් අය කියන්නේ කොස්-දෙල් කියලා. ගහ හරියට දෙල් ගහක් වගේමයි ,ගහේ කොළ දැක්කම හිතෙන්නේ දෙල් ගහක් කියලා..මම කොළ දෙක නම් සංසන්දනය කරලා නෑ.ඒත් බැලූ බැල්මට දෙකම එක වගේ. හැදෙන ගෙඩියත් දෙල් ගෙඩියට සමානයි.හැබැයි කොස් ගෙඩිය වගේ කටු තියෙනවා.ටිකක් දූරියන් වගේ පෙනුම. ඇතුලේ පෙනුම කොස් වගේමයි.මදුළු තියෙනවා ,හැබැයි කොස් වගේ ලොකු මදේ තියෙන මදුළු නෑ.මාලුව ඉව්වට මම නම් කන්නේ නැති තරම්.එකේ රසේ එච්චර සෙට් නෑ මට.

    6by4CxQ.jpeg

    ඉදිලා වැටෙන දෙල්-කොස් වල නම් ඇට අරන් තම්බනවා අපේ අම්මා..මේකේ මදේට වඩා ඇටේ ලොකුයි

    RVZjBIP.jpeg
    ඇට පැළ කරන්න පුළුවන්ද බන්...
    ඇටයක් හරි පැලයක් හරි ගෙඩියක් හරි දීපන්කො පුළුවන්නම්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    Another article found 👇🏽

    🌳🌳🌳🌳🌳🌳🌳🌳
    මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාමීබීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්.ගොඩක් මිනිස්සු දන්නේ බැදිදෙල් කියලා..තව දුරටත් ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්,සිංහල දෙල් කියලා මෙීක හැදුණු හැදුණු තැන අපටම ආවෙීනිකව නමි ලැබිලා තියෙනවා.මෙීවා එකක්වත් මෑත කාලයේදි ලැබුණු නමි නෙවෙයි.ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මෙී බැදිදෙල විහිදිලා යනවා.ඒක අතිශය අධ්‍යාපනික කතාවක්.⁣සරලවම කිවුවොත් මෙී ශාකයට තියෙනවා මචං වසර 2000ට වඩා වැඩි ඉතිහාසයක්.
    ඒක දේශීය බැදිදෙල් ශාකය අපට විතරයි උරුම ලෝකෙන්ම කියලා දැනගනිද්දි ඒකෙත් ⁣සැබෑම පහස විඳින්නන් අපි බවට පත්වෙලා තියෙනවා ප්‍රසිද්ධියේම.හේතුව මෙීක පහතරට තෙත් කලාපීයව මනහරම විදිහට ව්‍යාප්ත වෙලා තියෙන නිසා...ගාල්ලට මාතරට රත්නපුරයට යාවෙලා ගියපු සිංහරාජයේ සොඳුරුතම දියදාරා අස්සෙ වගේම කන්නෙලිය වන ලැහැබ අස්සෙ අපූරුවටමත්

    විදයාත්මකව Artocarpus nobilis යනුවෙන් හදුන්වන බැදි දෙල් .සුද්දෝ කිවුවා උංගේ ශීතකලාපීය බිමිවල හැදෙන ආමන්ඩි ගසේ ශාකබීජ වලටත් වඩා ගුණදායි වගේම රසවත් සංඝටක මෙී බීජවල අඩංගුවෙන කතාවක්.සුද්දා හැමදාමත් අපේ ජාන හොරකමිකොළා.අරංගියා බැදිදෙල් ශාක කොටස්.මේක ලංකාවටම විතරයි උරුම කියන ශ්‍රී ලාංකීය අභිමානය ඔීටෝමැටිකිලිම ලැබුණා ඒ හරහා අපට....හැබැයි පුතේ උං එතනිං නැවතුනේ නෑ..මෙී දෙල් ආහාරයට ගන්නා සංස්කෘතිය වඳකරන්න උං විවිධ උපායන් මෙී බිමෙී ඉපැද්දුවා.මහ කැළෑ ඝාතනය කළා.කන්නෙලියට අතීතයේ වෙචිච දේවල් මෙී කතාවල පැටලිලා තියෙනවා මචං.මෙී බීජවල සාන්ද්‍රනයන් මිනිස් ශරීරයේ විවිධ රෝගවර්ග වලට රසායනිකව සටන් වදිනවා.ඇදුම රෝගය නිටිටාවටම සුව කරපු මෙී පාරමිපරික ආහාර ඇත්තටම අපේ දෙවැනි පරමිපරාවන් අතර ඒ තරං ජීවමාන නෑ.ඒක පටිට අවුලක් මචං.සුද්දා තමයි ඒකේ මහමොලකරු...බැදිදෙල් සංස්කෘතිය අතුගෑවිලා යන්න ගෙනවා උං අපේ රටට අර "රටදෙල්" කියන ශාකය.රට දෙල් වසන්තය එනවා සත්තයි.......😷😷😷😃😃හිනාවෙන්න නෙවෙයි මචං....අඬන්න ඔීන..අඬන්න...😏😏සුද්දා රටදෙල ගෙනල්ලා ඉන්දුවෙී ඉස්සෙල්ලම ගාල්ලේ.හොයලා බලාං.ඒක මම කියනවට වඩා දැනෙයි එතකොට.තාමත් තියෙනවා ඒක..හැබැයි ඒ ඉන්දිල්ල ආදරේට නෙවෙයි පුතේ...මෙී රටදෙල් අපේ ආහාර සංස්කෘතියේ ආතල් හැදුවට පිශ්ඨාදික නිසා,ඌෂ්නාදික නිසා කරකැවිල්,කලාන්තය,බඩපුරවාලෑම කාපුගමං එන ප්‍රතිඵල වෙලා තියෙනවා...වැඩෙී බලන්න ගෙනත් කාලම බලන්න කියලා මම මගේ සගයන්ට ආරාධනා කරනවා...😷😏
    වනාන්තරයක වගේම ගමිමානයක සශ්‍රීකත්වය වෙනුවෙන් මෙී බැදිදෙල් ශාකය හදන ඉඩ මහ දැවැන්ත වින්දනාත්මක එකක්..🌳🌳😎වඳුරංට,රිලවුන්ට,දඬුලේනන්ට දෙන ආතල් එක මෙී ඉඳුණු බැදිදෙල් මදුලු හරහා.....🐾🐨🐻🐒🐒🐒😯😯කරකැවිලා යන්නේ ..ඒ තරං රසවත්.මත්වෙනවා නැතිවෙන්න.

    සතුන් විසින් දිවා කාලයේ මෙන්ම මා වවුලන්,බටු වවුලන් විසින් රාත්‍රි 🌙කාලයට කාදමන බැදිදෙල් මදුලුවල පුන්චි ඇටවල රහනං ඉතිං කාපු එකෙක්ට කවදාවත්ම අමතකවෙන එකක් නෑ...ඒවා ගෙදර ඇහිඳංවිල්ලා කබලෙදාලා බැදලා ගත්තම.....ඒ රහට ගහන්නත් රහක් මම අත්විඳලත් නෑ සාන්ත......ගස් කජුත් පරාදයි..ඒ ඇට ගිනි අඟුරේ පුචිචලාත් පටිට...පදමට ගන්න ශිල්පය අත්‍යාවශයි.වෙීලපු බැදිදෙල් අටුකොස් වංගෙඩියෙ දමලා පොල් දමලා කෙටලා කිතුල් පැණියෙන් ලුණු ඇබින්දකුත් දමලා මික්ස් කොරලා ගුලි අයිටමිඑකෙන් ගත්තම.....හම්මෝ ඉතින්.....මෙීවා තමයි රහ- වල් කියන්නේ...
    ජීවිතේ විඳිනවා කියනනේ එක්තරා විදිහකට මෙී පාරම්පරික හෙළ උරුමයන් එක්ක ජීවත්වෙන,ගහටකොලට,ඉරට මලට,ඇලට,දොලට ආදරේ මිනිස්සු විතරයි කියලා මට හිතෙනවා..ප්‍රේමය,රාගය අහුලාගත්තේ අපි පස්සෙ මචං..අපරාදේ අපට අහිමිවෙලාගියපු අපේ මෙී ස්වාභාවික සංස්කෘතීන්...පරිසර හිතකාමී ආචාරධර්මයන්......
    ඔන්න හැදෙනවා මෙදාපාර බැදිදෙල්...මෙී ආදරණීය ඇරයුම කන්නම විතරක් නෙවෙයි මචං.අපට පුලුවන්නං මෙී වඳවෙලායන බැදිදෙල් ශාකය වෙනුවෙන්,අධ්‍යාපනිකව වැඩක් හදන්න, වෙනම රෝපනයක් උදාකරන්න ඒක තමයි නියම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇට පැළ කරන්න පුළුවන්ද බන්...
    ඇටයක් හරි පැලයක් හරි ගෙඩියක් හරි දීපන්කො පුළුවන්නම්
    වත්තේ නම් එක ගහයි තියෙන්නේ.වදුල හින්දා සැරවට හැදිලා නෑ.අවුරුද්දක් දෙකක ඉදලා ගෙඩි හැදුනේ නෑ.හැදුනා නම් ගෙදර කොහොමත් උයනවා.

    dK0d7UB.md.jpg

    තෙත් කලාපේට ආවාම ඕන තරම් හොයා ගන්න පුලුවන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    වත්තේ නම් එක ගහයි තියෙන්නේ.වදුල හින්දා සැරවට හැදිලා නෑ.අවුරුද්දක් දෙකක ඉදලා ගෙඩි හැදුනේ නෑ.හැදුනා නම් ගෙදර කොහොමත් උයනවා.

    dK0d7UB.md.jpg

    තෙත් කලාපේට ආවාම ඕන තරම් හොයා ගන්න පුලුවන්
    ගහට අව්ව වැටෙනවා මදි ඇති. අඩේ දෙල් ගහක් වගේමයි.