දෙල් 
දෙල් කාල නැති කෙනෙක් නෑනෙ නේද . හරිම රසයිනෙ. රටින් ආපු එක දෙල් වෙනකොට අපේ එක වල් උනා
. හැබැයි වල් එක සුපිරි කියල දන්නෝ දනිති
. ගැඹුරට හිතන්නෙපා ඉතින් මම කිව්වෙ වල් දෙල් ගැන . එහෙමත් නැතිනම් කැලෑ දෙල්/ බැදි දෙල්/ ගං දෙල්/ කියලත් කියනවා. ජාතිවාදී නමකුත් කියනවා සිංහල දෙල් නැතිනම් හිංගල දෙල් කියල . කිසිම බයක් සැකක් නැතුව කට පුරාම අපේ එකක් කියන්න පුලුවන් ගහක් තමයි මේ. ඒ කියන්නෙ ලංකාවට ආවේණිකයි . උප්පැන්නෙ තියෙන්නේ Artocarpus nobilis . පහතරට තෙත් කලාපයේ සදාහරිත වනාන්තර ඇතුලෙත් ගම්වලත් අතුපතර විහිදුවාගෙන විරාජමානව වැඩෙන ගහක්
. ආදි මානවයා පවා ආහාරයට ගත්ත ඖෂධීය ගුණයෙන් වගේම පෝෂණයෙන් සපිරි ආහාරයක්. එක වරක් කාපු කෙනෙක් ආයෙ හොය හොයා කනවා. ඒ තරම් රස. ගං දෙල් ඇටවලට කජුත් පරාදයි. හැබැයි ඉතින් මේක හදාගෙන කන එක නම් එච්චර ලේසි නෑ. අවුරුද්දට එක වරයි හැදෙන්නේ .මේ කාලෙ තමයි ඒ
. අපේ ගමේ නම් එකල ගංදෙල් කඩනවා කියන්නෙ පවුල් හට අටක් එකතුවෙන දවසක් . කඩන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. විශාල ගස්වල අතු අගිස්වල තමයි ගෙඩි හැදෙන්නෙ. ඒ නිසා ගහට නැගලත් පිහියක් බැඳපු කෙක්කකින් තමයි කඩන්නෙ. ඊට පස්සෙ කඩපු ගංදෙල් ඔක්කොම අපේ ගෙදරට අරගෙන එනවා. කට්ටියක් ගංදෙල් ගෙඩියෙ පිට පොත්ත සුද්ධ කරනව. තව කොටසක් ඒ ගංදෙල් ගෙඩි රෙදි මිරිකන්නැහේ අඹරවනවා. එතකොට මදුලු වෙන් කරන්න ලේසියි. පොඩි රවුම් මදුලු තියෙන්නේ . අපි වගේ ඇච්චො බැච්චො ටික තරඟෙට මදුලු ගලවනවා. තව කොටසක් මදුලු වලින්.ඇට වෙන්කරලා ඇට වල පොත්ත සුද්ධ කරනවා. මේ ගංදෙල් ක්‍රම කීපයකට කෑමට ගන්න පුලුවන් . මේ වැඩේට ඉතින් මුළු දවල් දවසම ගතවෙනවා.
️ තරමක් පැහුණු ගංදෙල් පොලොස් මාළුව වගේ හදල
️ ගංදෙල් මැල්ලුම ඇට සහ මදුලු තම්බලා පොල් එක්ක කූරුගාල
️ඇට සහ මදුලු උයල
️ඉදුණු ගංදෙල් පලතුරක් විදියට
️ගංදෙල් ඇට බැදල (පැණි එක්ක, කොටල පොල්,සීනි එක්ක ගුලි හදල හෝ රටකජු වගේ නිකන්ම)
️ගංදෙල් ඇට වේලලා අටු ඇට විදියට මම නම් ආසම මයෙ අත්තම්මා ඇටයි(ඇට කලින් තම්බාගන්න ඕනෙ) මදුලුයි එකට දාල කිරිකොස් උයනව වගෙ උයල තෙම්පරාදුවක් දාපු ගංදෙල් මාළුවට. මේක රෑට උයල තියල ඊට පහුවදා කන්න ඕනෙ. අපෙ අප්පෝ ඒ රහ කියන්න මට නම් වචනත් නැහැ . ගංදෙල් මාළුව එක සැරයක් කාල ඉවර කරන්නෑ. පලවෙනි වතාව කෑවම වා,පිත්,සෙම් යන තුනෙන් වාතය කිපීමට ලක්වෙන බවත් දෙවන,තුන්වන වර කෑමේදී වාත දෝෂ සමනය වන බවත් වැඩිහිටියො කියනව. අපිනම් ඉතින් ඔය මොන අටමගලක්වත් දැනන් හිටියෙ නෑ.පට්ට රස නිසා ඇදල ඇරිය
වල් දෙල් කියන්නෙ සුපිරි කෑමක් කිව්වනෙ අංක එකටම තියෙන්නෙ රස. මාරම රසයි.
️ ඇදුම,හතිය වැනි රෝගවලට ගොඩක් හොඳයි කියල පැරැණ්නන් භාවිතාවෙන් පෙන්නලා දීල තියෙනවා .
️ දියවැඩියාවට හොඳ ඔසුවක්.
️ප්‍රතිඔක්සිකාරක බහුලයි. අපි හරි උජාරුවෙන් කන පිස්ටාචියෝ,ආමන්ඩ් ,කජු වලටත් වඩා මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි. විශේෂයෙන්ම බීජ වල.
️ප්‍රබල වාජීකරණයක් . ඒ කියන්නේ පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරීමේ හැකියාවෙන් යුක්තයි.( ඔන්න ඒකෙන්නම් ඉතින් අර නම සම්බන්ධව අපිට තියෙන කුපාඩි අදහසට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා 
)
️ ප්‍රෝටීන් ,කාබෝහයිඩ්‍රේට් ,මේද සහ පොටෑසියම් බහුලව අඩංගුයි
️හෘදයට හිතකරයි
️ග්ලූටතයොන් තියෙන නිසා කෙල්ලන්ට සුදු වෙන්නත් හොඳයි . ඔය කිව්වෙ ටිකක් විතරයි . අපේ පැරැන්නො මේ වගේ දේවල් කාල බීල තමයි සෞඛ්‍යය සම්පන්නව නිරෝගීව හිටියෙ. ගංදෙල් ඇට බැදල කනව කියන්නෙ සුපිරිම කෑමක් තමයි . කජු පරාදයි මේකට. කබලෙ බදින්නත් පුලුවන් ලිපේ දාල පුච්චන්නත් පුලුවන් . කොහොම කෑවත් මේව කාල තනියම එලියට යන්න දෙන්නෑ. ගෑණු ලමයින්ට කන්න දෙන්නෙම නෑ. මම නම් ඉතින් හිතුවක්කාරි හින්ද ඇතිවෙන්න කාල තියෙනවා
. අඩුම ගානෙ ඉර බැහැගෙන යද්දි මේ ගහක් යටින් යන්නවත් දෙන්නෑ. කොයි වෙලාවෙත් කියන්නෙ යක්කු ගහනව කියල . තනිකම් දෝස ඇතිවෙනව කියල. අපෙ අත්තම්මා ඉදිච්ච කන්න දෙන්නෙත් නෑ අප්පා ඒ කාලෙ.තනිකන් නෙමෙයි කන් දෙකටම දෝස ඇතිවෙනව කියල .ඒ කියන්නෙ කන් බීරි වෙනව කියනව. අපි අහයිද ඔව්ව. ඇතිවෙන්න කාල වැනි වැනි ගෙදර එන්නෙ 
. දැන් මම කියන්නම් එව්වට හේතු. ගංදෙල් කියන්නෙ රූස්ස ගහක්.ගහයට හරිම කළුවරයි. මම පුංචි කාලෙ ගිය පොඩි ඉස්කෝලෙට යන පාරෙ රූස්ස ගංදෙල් ගහක් තිබ්බ. මහ දවාලෙත් එතනින් යන්න බයයි.කොල වැටිල වැටිල කොල තට්ටුවයි. ඉතින් ඒ අස්සෙ සීතලේට ගුලිවෙලා සර්පයො ඉන්න පුලුවන් . අන්න ඒ නිසා තනිව හෝ කළුවරේ යාම භයානකයි. සර්පයෙක් ගැහුවොත් යකා ගැහුවට අන්තයි. ගංදෙල් කාලෙට මුළු ගමේම ඈයො ගංදෙල් කනවා. පුරුෂ පරාණ ටිකත් ඉතින් අනිවාර්යයෙන්ම කනවනෙ
. මම කිව්වනෙ මේක ප්‍රභල වාජීකරණයක් කියල .ඉතින් ගොම්මනේ නාල කොණ්ඩෙ කඩාගෙන ගංදෙල් ගහ යටින් පද්ද පද්ද යන ලමිස්සියෙකුට ගමේම යකෙක් ගහන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි. ඒ නිසා ඒ කාලෙට කෙල්ලො ගෙට දා ගන්න ඕනෙ.ගංදෙල් ඇට බැද්දාම පුදුම රසයි. හැබැයි කොච්චර රස උනත් වැඩිපුර කෑවොත් මත් වෙනවා.හිතන්නකො වැඩිපුර ගංදෙල් ඇට කාල හවස් ජාමෙ ඇවිදින්න යනව කියල. එතකොට කොහොමත් කැරකිල්ල වගේ. සඳ බොඳ වෙලා පේන්නෙ
. අත්දැකීමෙන් කියන්නෙ. මෙහෙම ගියපු කෙනෙක් ගංදෙල් ගහ කිට්ටුව වැටිල ඉන්න ඇති. දැන් කොහොමද කතාව යන්නෙ " කෙල්ලට යකා ගහල" 
. ඇට විතරක් නෙමෙයි උයපුවා උනත් වැඩිය කෑවොත් මත්වෙනවා. ඉදිච්ච ගංදෙල් කතාවත් එහෙමයි .ඉදිච්ච වැඩිපුර කන්න අමාරුයි.අධික පැණි රසයි. මත්වෙනව. ඒ වගේම වාතය කිපීම නිසා වෙන්නැති කන් අගුල් වැටෙනව. ඔන්න ඕකට තමයි බීරි වෙනව කිව්වෙ.. මයෙ අත්තම්මා ගංදෙල් ඇටවලින් තෙල් හින්දා. ඒව හන්දිපත් අමාරුවලට වගේම වාත අමාරුවලට තමයි ගුණ. දෙල් ඇට පිරිසිඳු කරල වතුර දාල තම්බනව.තෙල් උඩ පාවෙනව.ඒ තෙල් එකතු කරන් ආයෙ හින්දවල ගන්නව. අපි නම් ඒ තෙල් වලින් තෙම්පරාදු කරලත් කාල තියේ.
. තම්බපු ඇට ටික දුමට දානව වේලෙන්න. ඔන්න ඉතින් මහා පතරංග ජාතකේ වගේ ලිව්ව ඔයාලට දැනගන්න .ඒ වගේමයි ලංකාවෙ ඉපදිලා ගංදෙල් මාළුවක් කාල නැතිනම් දුකයි ඉතින් . ජීවිතේ එක් වරක් හරි කන්න ඕනෙ කෑම මෙව්ව. දැන් මේ ගංදෙල් ගහ වඳවීමේ තර්ජනයට මුහුණ දීල තියෙන්නේ . හේතුව කුඩා වතුවල වවන්න බැරිවීම වගේම වටිනා දැවයක් වීම. වතුර වැටෙන්න වැටෙන්න ශක්තිමත් කියලයි සීය කිව්වෙ.හරි ලස්සන වයිරමක් තියෙන්නේ මේ ලීයෙ. තමන්ගෙ වත්තේ ඉඩකඩ තියෙන අය ගංදෙල් ගහක් හිටවන්න . එතකොට ඔබ පරිසරයට ණය නැති මනුස්සයෙක්
️
️
️
️
https://www.facebook.com/share/p/VzXZqCcxE9tfThau/?mibextid=xfxF2i
දෙල් කාල නැති කෙනෙක් නෑනෙ නේද . හරිම රසයිනෙ. රටින් ආපු එක දෙල් වෙනකොට අපේ එක වල් උනා
https://www.facebook.com/share/p/VzXZqCcxE9tfThau/?mibextid=xfxF2i
