වලිප්පුව

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පහුගිය දවස් වල ෆිට් එකක් හැදිලා දරුවෙක් නැති උනා ඔයාල දකින්න ඇතිනේ.ඒ වගේ කණගාටු දායක සිදුවීම් නැවත ඇති නොවන්නට පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුව.

    මොකක්ද මේ ෆිට් කියන්නේ ඉංගිරිසියෙන් epilepsy කියන්නෙත් seizure කියන්නෙත් මේ ෆිට් එක කියල හදුන්නන තතවයම තමයි

    කොහොමද ෆිට් එකක් එන්නේ

    පොඩි ළමයෙක්ට නං උණ උත්සන්න උනාම තම බහුලවම ෆිට් එන්නේ
    එක නිසා පොඩි දරුවෙක්ට පළමු වර ෆිට් එකක් අවොත් ෆිට් එකට එය උන තත්වයක් නිසා ඇති උ ෆිට් එකක් කියල සක කරනවා නං අවශ්‍ය මුලික ප්‍රතිකාර කරලා වලිප්පු තත්ත්ව හා අධික උන පායන කරනවා මිසක් etiology හෙවත් උන ඇති වීමට හේතුව ගැන විමර්ශය කරන්නේනේ නෑ.
    නමුත් නැවත නැවත වලිප්පු තත්ත්වය ඇති වෙනවා නම් හෝ උන තත්වය නිසා ඇති ඌ වලිප්පු තත්වයක් බවට සැක නොකරනවා නම් හෝ වැඩිහිටි අයෙකුට ඇති උ වලිප්පුවක් නම් etiology/හේතුව සොයා බැලිය යුතුයි.

    උනත් සමග ඇති වන්නේ febrile fit හෙවත් උන වලිප්පු තත්වය විතරක්මද

    නෑ නෑ.menningitis /encephalitis හෙවත් මොලේ උන තත්ත්වය නිසාත් වලිප්පුව සැදීමේ හැකියාවක් තිබෙනවා.එම නිසා මුලික රුධිර පරික්ෂා සහ අවශ්‍ය වුවහොත් සුෂුම්නා තරල පරීක්ෂාවක් brain ct පරීක්ෂාවක් කල යුතු වෙනවා.

    වලිප්පුව සදෙන වෙනත් රෝග තත්ත්ව මොනවාද
    අක්මාව,වකුගඩු අකර්මන්‍ය වීමකදී,රධිරයේ අගනු විය යුතු සංගටක වෙනස් වීමකදී (na.ca.mg,glucose),විෂ ශරීර ගතවිමකදී,ඇතැම් ඖශධ වර්ගවලටත් මත්පැන් අධිකව පානය කරන්නෙකු එය හදිසියේ නැවත දැමුවොත් මෙවැනි තත්ත්ව ඇති විඉමට පුළුවන්.

    මෙයට අමතරව seizure disorders යනුවෙන් හදුනනවා රෝගී තත්වයක් නිසාත් වලිප්පුව වැළදීමට පුළුවන්.මෙය සිදුවන්නේ මොලයී ඇති ස්නායු වල ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසාය.
    මෙම අවස්ථාවේදී වලිප්පුව සදහා ඖශධ ලබා ගතයුතු වෙනවා.නමුත් පෙර සදහන් කල තත්වයන් වලට රෝගී නිධානය හදුනාගෙන එයට ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත්.

    වලිප්පු තත්වයකදී ඔබ ක්‍රියාකලයුතු ආකාරය කුමක්ද.
    වලිප්පු තත්වකදී රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර වීමේ හැකියාව වැඩි.මන්ද සෙම,වමනය නිසා ආමාශයේ ඇති ආහාර ශ්වසන මාර්ගයට ඇතුළු වීම නිසාත් ය.

    ශවසන මාර්ගය ආරක්ෂා කරගත හැක්කේ වෙද්යවරයෙකුට පමණක්ද.

    නැත.රෝගියා රෝගලකට රැගෙන එන තුරු මේ සදහා ඔබට කළහැකි දේ ඇත.

    1.රෝගියා වම ඇලයට හරවන්න
    2.කට තුල සෙම තිබේ නම් ඇගිල්ලකින් එය ඉවත් කරන්න.
    3.මුව තුලට කිසිවක් නොදමන්න.මන්ද එය රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර කල හැකි නිසා.
    4.ලගම ඇති රෝහලකට රෝගියා රැගෙන යන්න.


    වලිප්පු තත්ත්වය විනාඩි 15 කට වඩා වැඩි කාලයක් පවතිනවා නම් එය status epileptics තත්වයක් ලෙස හදුන්වයි.මෙය තරමක් බරපතල තත්වයක් වන අතර වලිප්පුව පාලනය කිරීමට ගුද මාර්ගයට අමතරව canula මගින් ඖශධ ලබාදීමට සිදුවේ.ශවසන මාර්ගය ආරක්ෂා කිරීමට බටයක්(intubate) කර
    icu/hdu වල ප්‍රතිකාර කිරීමට සිදුවිය හැක.

    :D:D:D
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    උණ වලිප්පුව සෑදෙන්නේ වයස මාස 6 ත් අවුරුදු 6 ත් අතර දරුවන්ටයි.

    සාමන්‍යයෙන් 100 c ට වඩා වැඩි උශ්ණත්වයක්දී ය.
    එබැවින් අධික උණ පාලනය වැදගත් වේ.

    මේ සදහා

    1.පැරසිටමෝල් නිවැරදි මාත්‍රාවෙන් සෑම පැය 6 කට වරක් (15mg/kg) ලබා දීම
    2.තෙත මාත්තු කිරීම
    3.විදුලි පන්කාව දැමීම වැදගත් වේ.

    කලිනුත් උණ වලිප්පුව සෑදී තිබේ නම්,අනිත් දරුවන්ට උණ වලිප්පුව තිබේ නම් උණ වලිප්පුව සෑදීමට ඉහල හැකියාවක් ඇත.

    මෙය ලමා රෝගයක් පමනක් වන අතර වැඩිහිටියන් හෝ උණ වලිප්පු රෝගියෙක් වැඩිහිටියෙක් වූ පසු මෙය වැලදීමේ හැකියාවක් නැත
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Type කරන විදිය පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙන් වලිප්පු හොද කරන්න කලින්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උණ වලිප්පුව සෑදෙන්නේ වයස මාස 6 ත් අවුරුදු 6 ත් අතර දරුවන්ටයි.

    සාමන්‍යයෙන් 100 c ට වඩා වැඩි උශ්ණත්වයක්දී ය.
    එබැවින් අධික උණ පාලනය වැදගත් වේ.

    මේ සදහා

    1.පැරසිටමෝල් නිවැරදි මාත්‍රාවෙන් සෑම පැය 6 කට වරක් (15mg/kg) ලබා දීම
    2.තෙත මාත්තු කිරීම
    3.විදුලි පන්කාව දැමීම වැදගත් වේ.

    කලිනුත් උණ වලිප්පුව සෑදී තිබේ නම්,අනිත් දරුවන්ට උණ වලිප්පුව තිබේ නම් උණ වලිප්පුව සෑදීමට ඉහල හැකියාවක් ඇත.

    මෙය ලමා රෝගයක් පමනක් වන අතර වැඩිහිටියන් හෝ උණ වලිප්පු රෝගියෙක් වැඩිහිටියෙක් වූ පසු මෙය වැලදීමේ හැකියාවක් නැත

    100c ට උණ ගත්තොත් උගෙ හම දියවෙලා වැක්කෙරෙයිනෙ බං :sorry:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයාගේ උත්සාහය අගය කරනවා.
    ඒ උනාට ඩොකාට ගැලවීමක් නෑ