මේක වලියක් ම නෙමෙ....වෙසක් එකට අපි ගියා දන්සල් පාරක් දාගන්න කියල සෙට් එකම.. අපේ සෙට් එකේ ගොඩක් හිටියේ මට වඩා අවුරුදු 2 වැඩිමල් උන්... මමයි තව කොල්ලෝ 2 විතර වගේ තමයි බාල උන්ට හිටියේ...
ඔන්න ඉතින් නුඩ්ල්ස් දන්සැල කින් එහෙම කලා කට්ටිය ගියා අතුරු පාරක .. බැලින්නන් මුන් ගිහින් තියෙන්නේ කෙල්ලෙක් බලන්න... ඔන්න දැන් ඔය ගේ තියෙන හරියට අවා.. එක පාරටම කෙල්ල එක්ක යාලු එකා කිව්වා මට බෑ බන් උබලා පලයන් උන්ගේ ගෙවල් ගාව කට්ටිය ඉන්නවා කියලා... ඌ මගින් නැවතුනා.. දැන් අපිට හැරන්නත් බැනේ අරුන්ට පේනවා අපිව.. අපි නෝමල් පිට ඉස්සරහට ම ගියා..
කෙල්ලගේ ගෙදර ගාවට යද්දී ඇන්ටි කෙනෙක් ඇවිල්ලා "අනේ පුතේ ඉක්මනින් මෙතනින් යන්න රණ්ඩුවක් ඇති වෙන්න කලියෙන්" කියලා.. ඒ කියලා අඩි 10 යන්න උනේ නෑ අවුරු 25 විතර කොල්ලෝ දෙන්නෙක් ((මම 9 වසරේ, අනික් උන් 11 එතකොට..) ඉස්සරහට එනවා පොල්ලක් අරන් තඩි ඇල්ටෙසන් බල්ලෙක් අල්ලන්..
අරුන් ට අපිව නොට් නෑ ලොකුවට හැබැයි උන් දෙන්න හොදට බැලුවා අපේ දිහා බලලා අපිව පාස් කරන් ගියා.. උපරිම මීටර් 100 යන්න ඇති.. පොඩි කොල්ලෙක් දුවන් ඇවිල්ලා මොනාද කිව්වා කියල අපේ එකෙක් කිව්වා... එතකොටම අපේ එකා කිව්වා මචන් දුවමු අරුන් මේ පැත්ත හරුනා කියලා.. අපේ සෙට් එකටම දුවන්න පුළුවන් ඉතින් හොදට.. මොකද වෙලේ කඩන් යන සරුංගල් පස්සේ දුවල හොදට ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අපි.. සමහර උන් කෙඩෙට් කරපු එවුන් ...
අරු දුවමු කිව්වා විතරයි ක්ෂණිකව දිව්වා ඉතින් ... අර කොල්ලෝ දෙන්නත් පස්සේ පොල්ලක් උස්සන් අවා..කැතම සිද්දිය කියන්නේ උන් ගේ බල්ලා අවා එළවන් සැහෙන දුරක්.. කොහොම හරි දුවලම බේරුනා... අර අපිත් එක්ක එන්න බෑ කියලා නැවතුන එකා සිද්දිය බලාගෙන ඉදලා හැංගිලා කරුවලේ... ඌ ඒ ලග තිබ්බ ගෙදර වාහනයකට මුවා වෙලා.. පස්සේ ඒ ගෙදර උන් එක්කම පාරට එවිල්ලා.... බොරුවක් කියලා