වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සහ චාලි කර්ක් 🇱🇰

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113


    වලිසිංහ හරිස්චන්ද්‍රතුමා පසුගිය සියවසේ සිංහල බෞද්ධ ප්‍රබෝධයෙහි ලා අනභිභවනීය සේවයක් ඉටුකළ උතුමෙකි. එතුමාගේ 112 වැනි ගුණානුස්මරණය අදට යෙදී ඇත.

    සියවස් හතරක පමණ සෘජු බටහිර බලපෑමට ලක් ව සිටි ජාතියක් පීලි ගැන්වීමෙහි ලා, බෞද්ධ හර පද්ධති ස්ථාපනයෙහි ලා එතුමාගෙන් සිදු වූ මෙහෙය අපරිමිත ය. එතුමාණෝ මෑත ඉතිහාසයේ මෙරටින් බිහි වූ දක්ෂම කථිකයකු, විවාදයෙහි ශූරයෙකු ලෙස සැලකෙති. දුසිරිත, එතුමාගේ නිර්ධය විවේචනයට ලක් විය.

    අපට අද දකින්නට ලැබෙන ආකාරයට අනුරාධපුර පූජා නගරය දැක බලාගෙන, වැඳ පුදා ගැනීමට සැලැස්වීමෙහිලා හරිස්චන්ද්‍රතුමා දැක්වූයේ අනූපමේය දායකත්වයකි. 1902 දී ස්වර්ණමාලි චෛත්‍ය සංවර්ධන සමිතිය ඇරඹුවේ එතුමා ය; සිරි අනුරාධපුර සඟරාව ඇරඹුවේ එතුමා ය; ජය ශ්‍රී මහා බෝ මැඩ විස්තර, අනුරාධපුර චෛත්‍යය විස්තරය, අනුරාධපුර ශුද්ධ නුවර විස්තරය, රුවන්වැලි චෛත්‍යය වර්ණනාව, ථූපාරාම චෛත්‍ය වර්ණනාව, ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව, අනුරාධපුර පළාතේ විස්තර, Sacred City of Anuradhapura ආදී පොත් රචනා කළේ එතුමා ය; 1903 අනුරාධපුර බෞද්ධ අරගලයක් සංවිධානය කළැයි චෝදනාවට ලක් ව සිරගතත වූයේ ද එතුමා ය. 36 වැනි වියේ දී එතුමා අකාලයෙහි මරු වැළඳ ගත්තේ ය. පිළිකා රෝගයක් නිසා මරණය සිදුවූ බව පැවසේ. කෙසේ නමුත් මරණය පිළිබඳ ඊට වෙනස් කතා ද කියැවේ.

    පෙනී සිටි කරුණු සහ දර්ශනය සම කළ නොහැකි වුව ද පසුගිය සතියේ ඝාතනයට ලක් වූ ඇමරිකානු ජාතිකවාදියෙකු වන චාලි කර්ක් ගේ සමාජීය බලපෑම ද හරිස්චන්ද්‍රතුමාගේ සමාජීය බලපෑමට සමානත්වයක් දක්වයි.

    කර්ක්ට වයස19 දී ඔහු ඇරැඹූ Turning Point USA සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල සිසුන් අතර ඇමරිකානු ජාතිකවාදී අදහස් ප්‍රවලිත කිරීමට ප්‍රබල ලෙස දායක විය. ඇතැම් අය කර්ක්ගේ මෙම ව්‍යාපාරය හඳුන්වා ඇත්තේ ඇමෙරිකානු ඉතිහාසයේ එරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වැඩිම මතවාදීය බලපෑමක් කළ ව්‍යාපාරය ලෙසයි. කර්ක් ඇ.එ. ජනපදය බිහිකළ දක්ෂම කථිකයෙකු සහ විවාදයෙහි ශුරයකු ලෙස සැලකේ. ට්‍රම්ප් යළි බලයට ගෙන ඒම සඳහා මතවාදීය සහ සංවිධානාත්මක දායකත්වය සැපයූ MAGA (Make America Great Again) ව්‍යාපාරයේ ද කර්ක් ඉදිරි පෙළ නායකයකු විය.

    ඇමරිකා එක්සත් ජනපදයේ යූටා විශ්ව විද්‍යාල භූමියේ දී පසුගිය දා වෙඩි පහරකට ලක්ව මිය යන විට කර්ක් ගේ වයස අවුරුදු 31කි. ඇ.එ.ජනපදයේ ප්‍රමුඛ සංස්කෘතිය සුදු ඇමෙරිකානුවන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතිය බව ඔහු නොවලහා පැවසීය. සමලිංගිකත්ව ප්‍රචාරණයට, ලිංග හුවමාරුවට, ගබ්සාවට හෙතෙම විරෝධය පළ කළේ ය. කළු ඇමෙරිකානුවන් අතර දාමරිකත්වය වැඩි වීමට හේතුව නිසි පවුල් සංවිධානයකින් තොරව, පියකුගේ අධීක්ෂණයකින් තොරව කළු තරුණ තරුණියන් හැදී වැඩීම යැයි කර්ක් සංගතව, දක්ෂ ලෙස සමාජගත කළේය. කර්ක් තරම් නූතන ඇමරිකානු ඉතිහාසයේ පවුල් සංස්ථාව සුරැකීමෙහි වැදගත්කම පෙන්වූ, ඒ වෙනුවෙන් පෙනී සිටි තනි පුද්ගලයෙකු තවත් නැත.

    චාලි කර්ක්ට වෙඩි තැබූ ටයිලර් රොබින්සන් නම් 22 හැවිදිරි තරැණයා මතවාදීයව කර්ක්ට විරුද්ධ වූ, ලිංග විපර්යාසයට ලක් වූවකු සමඟ සබදතා පැවැත්වූ පුද්ගලයකු ලෙස හදුනාගෙන ඇත.

    දැරූ අදහස් නිසා කර්ක් (ලිබරල්) වම්මුන්ගේ උග්‍ර වෛරයට පාත්‍රව සිටියේ ය.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,353
    113
    Ohio, USA
    Channa Jaya Sumana Wsige Purthage Article Ekak...

    Ju1kZOd.jpg