වල පැලෑටියක් විදිහට ගලවන දිව ඔසුව

diga83

Active member
  • Mar 23, 2007
    366
    246
    43
    සිද්ධි ගොඩක ගොඩක අත්දැකීම් තියෙනවා.. උදාහරණයක් විදිහට තණකොළ කාපට් වල වැවෙන මේ පැළෑටි ගලවනවා.
     
    • Like
    Reactions: TCB Rox and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිද්ධි ගොඩක ගොඩක අත්දැකීම් තියෙනවා.. උදාහරණයක් විදිහට තණකොළ කාපට් වල වැවෙන මේ පැළෑටි ගලවනවා.
    ඕක ඒ තැන් වල වැවෙන්නෙ නෑනේ - ඕවා තියෙන්නෙ නියර ඕවිටි වල
     
    • Like
    Reactions: diga83

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    වැවෙනවා.. video එක record කලේ අපේ malaysian තණකොළ කාපට් එකේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වැවෙනවා.. video එක record කලේ අපේ malaysian තණකොළ කාපට් එකේ
    ඔය එක පැළයක් නේ - ඔහොම යෑ - ඕවිටි වල ගාල් පිටින් වැවෙන්නේ - ඇවිල්ලා ගලවගෙන ගෝනි පිටින් ගෙනියන්නේ. :D
     
    • Like
    Reactions: diga83
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕවිට කියන්නෙ මොකක්ද බන්? කමතද?
    කුඹුරක වටේට හෝ මැද ලියදි වලට උඩින් තියෙන වියළි පස සහිත භූමිය. ඒ මට්ටමේම තෙත් පස සහිත වගුරු නොවන භූමියට දෙණිය කියනවා.
     
    • Like
    Reactions: diga83

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කුඹුරක වටේට හෝ මැද ලියදි වලට උඩින් තියෙන වියළි පස සහිත භූමිය. ඒ මට්ටමේම තෙත් පස සහිත වගුරු නොවන භූමියට දෙණිය කියනවා.
    thankuu
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    පොඩි පොඩි වැරදි කිහිපයක් තිබුනට හොද වීඩියෝ එකක්. මට තියන ප්‍රශ්නේ මේවගේ වීඩියෝ තියෙද්දී වල් පල් හෑලි වීඩියෝ වලට ලක්ෂ ගණන් විව්ස් වැටෙන එකයි. අඩුම තරමේ මේවගේ එකකට විව්ස් 10000 ක් වත්....
     
    • Like
    Reactions: TCB Rox and diga83

    diga83

    Active member
  • Mar 23, 2007
    366
    246
    43
    පොඩි පොඩි වැරදි කිහිපයක් තිබුනට හොද වීඩියෝ එකක්. මට තියන ප්‍රශ්නේ මේවගේ වීඩියෝ තියෙද්දී වල් පල් හෑලි වීඩියෝ වලට ලක්ෂ ගණන් විව්ස් වැටෙන එකයි. අඩුම තරමේ මේවගේ එකකට විව්ස් 10000 ක් වත්....
    බොහොම ස්තුතියි අගය කිරීමට.
    අපි මේ වීඩියෝ කරන්නේ අනාගත පරපුරට. මේ වන පරිසර විනාශය එක්ක අඩුම ගානේ මේ වගේ ගහක් තිබුනා කියලා හොයාගන්න මේ වීඩියෝ එක සාක්ෂියක් වෙන්න පුළුවන් අනාගතයේදී.

    මට කැමතියි දැනගන්න වීඩියෝ එකේ තියෙන වැරදි ටික.. මොකද එහෙම දෙයක් තියෙනවා නම් ඒ දේ මාත් ඉගෙන ගන්න කැමතියි.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිසිලස ගෙනෙයි කීකිරිදිය යුෂ බෝමා
    හිස රෝ නසන දිව ඔසුවකි යුෂ පේමා
    නිදි සැප ලැබෙයි ගුණ ඇතිමුත් යුෂ බෝමා
    ඔසු ගුණ අපේයි රැකගමු ඔසු අපි පේමා
    කීකිරිඳිය ( Ecilpa prostrata) මුකුණුවැන්න කොළයට හුරු පත්‍රයක් ඇති ඖෂධිය ගුණයෙන් සපිරි තෙතමනයෙහි වැඩෙන පැළෑටියක්. මල් කොළ පොතු ඇට මුල් යන සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා. වඩාත් සුදුසුවන්නේ සුදු පැහැති මල ඇති වර්ගයයි. වාත සෙම් පීනස් ඇස් රෝග ඇදුම සෙංගමාලය දියවැඩියාව මල බද්ධය අම්ලපිත්ත, ක්ෂය රෝගය . වණ, මුත්‍රා හර්ද, අක්මා , ගර්භාෂරෝග ඇතුළු රෝග ගණනාවක් සුව කිරීමට කීකිරිඳිය දායකත්වය ලබා දෙනවා.රක්තානු වර්ධනය කරනවා. ලේ පිරිසිදු කරනවා. වෑංජනයට සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධවලින් වැළකිය හැකි බවත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගත හැකි බවත් සඳහන් වෙනවා.
    අක්මාව විස සෛලවලින් මුදා එහි ඇති වන රෝග නසාලීමට කීකිරිඳිය ඉටු කරන්නේ සුවිශේෂ මෙහෙයක්. අක්මා ලෙඩුන්ට ඉමහත් හිසරදයක් වන අක්මාවේ තෙල් පලවාහරින ගුණයක් එහි ඇතිබව වෛද්‍යවරුන් සඳහන් කරනවා. පිටවක්කා කොළ ග්‍රෑම් 10 ක් හා ඒ සමානව කීකිරිඳිය ගෙන ගම්මිරිස් ග්‍රෑම් 2 ක් සමග අඹරා තලපයක් සේ සදා ගෙන මුදවපු කිරි වීදුරුවක් සමග බීම- අක්මාවේ තෙල් බැහැර කිරීමට මෙන් ම වෙනත් අක්මා රෝගවලට ද සුදුසු අත් බෙහෙතක් සේ සැලකෙනවා. මෙම බෙහෙත දින කීපයක් උදේ හවස ගතයුතු වෙනවා.මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ද කීකිරිඳිය ගුණදායකයි.
    ⭕ කීකිරිදිය කොළ කොටාගත් යුෂ වීදුරු බාගයකට වතුර මිශ්‍ර කර දින කීපයක් උදෑසන පානය කිරීම- මුත්‍රා දැවිල්ල ට මෙන්ම මුත්‍රා අඩස්සියට ද ප්‍රතිකාරයක්.ස්වාභාවික ශාකසාර අතරින් හිසකෙස් වැටීම පැසීම ඉදීම වලක්වා අක් බඹරු කෙස් කළඹක් ලබා දීමට වඩාත් පලදායක වන්නේ කීකිරිදිය බව සඳහන්. හිසකේ වර්ධනයට හේතුවන බෘංගමාලක තෛලය සකසා ඇත්තේ කීකිරිඳිය හා නෙල්ලිවලින්.
    ⭕ නිල් පැහැ ගැන්වෙන දීප්තිමත් කෙස් කළඹක් සඳහා කීකිරිදිය වලින් පහත සඳහන් තෙල සිඳුවා පාවිච්චිකළ හැකියි – කීකිරිඳිය ශාකය ගෙන පිරිසිදු කර මඳ පවනේ වියළා කුඩු කරගන්න . මේ කුඩු මේස හැඳි දහයක් ගෙන පොල්තෙල් බාගයක් සමග මිශ්‍රකර ලිපතබා වතුර ගතිය සිඳෙන්නට හරින්න. ලිපෙන් බා නිවෙන්නට හැර පෙරා බෝතලයක අසුරාගෙන හිස ගල්වන්න.
    ⭕ හිසකේ හැලී තට්ටය පෑදෙන විට කීකිරිඳිය ගස පිටින් ගෙන කොටා යුෂ හිස ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්නමේ සත්කාරය මාස තුනක් තිස්සේ දිගටම එම වේලාවෙහිම කළ යුතුයි. එය ඉතා පලදායක බව සඳනන් වෙනවා*කීකිරිදිය යුෂ
    ⭕ හිස ගැල්වීමෙන් හිසකේ වැටීම අඩුවන අතර හිසරදය ද සුවපත්වනවා.
    ⭕ පත්තෑ ගෝනුසු දෂ්ට කළ විෂට ත් විලුඹ පැලුණු විටත් කීකිරිඳිය යුෂ ගෑමෙන් සුවය ලැබෙනවා.
    ⭕ සමේ කැසීම් ඇතිවිට කීකිරිඳිය කොළ යුෂ කොහොඹ තෙල්වලින් අනා ගෑමෙන් සහන ලැබෙනවා.
    ⭕ කුෂ්ට සෑදුණු විටත් දියමිටියන් කෑවිටත් කීකිරිඳිය යුෂ තල තෙල් හා මුසුකොටගෑමෙන් සුව වෙනවා.
    ⭕ පණු ගාය ඇතිවිට කීකිරිඳිය කොළ එළඟිතෙලෙන් මලවා කෑම ගුණ දායකයි.නැවුම් කොළ කීපයක් උදේ ආහාරයට ගැන්මෙන් මල බද්ධය දුරුවන බව සඳහන්.කීකිරිඳිය ශක්තිය වඩන බෙහෙතක් සේත්, දරු පල ලබාදෙන්නක් සේත්, විශ්වාස කෙරෙනවා. ඒ සඳහාත් , රෝග ගණනාවකින් වැළකීම සඳහාත් නිතර කීකිරිඳිය දලු හා ලපටි කොටස් උයා කෑම මෙන් ම කොළ මලවා කෑම ද කැඳ සකසා බීම ද පලදායක වෙනවා.
    ✅කීකිරිඳිය වලින් අත් බෙහෙත්
    ⭕ ආහාර අරුචියට – කීකිරිඳිය යුෂ තේ හැඳි දෙකක් ,දිනපතා පානය කිරීම / පවනේ වියළා කුඩුකර ඉන් ග්‍රෑම් 3ක් බටර් සමග උදය ආහාරයට ගැන්ම
    ⭕ අම්ලපිත්ත රෝගයට – කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම
    ⭕ පාන්ඩුවට – කොළ සුදුලූනු කොත්තමල්ලි සමග තම්බා බීම
    ⭕ පණු ගායට – එළඟිතෙලෙන් කොළ මලවා කෑම
    ⭕ සෙම, හා කැස්සට – කීකිරිඳිය හා බටු දලු යුෂ මීපැණි සමග දීම
    ⭕ මුත්‍රා පිරිසිදුවීමට හා දැවීල්ල දුරුවීමට – අමු ඇට වතුර හෝ කිරි වීදුරුවක් සමග කෂායකර නිවා පානය කිරීම
    ⭕ බඩ දැවිල්ලට වාජීකරණ ගුණ ලැබීමට – ඇට චූර්ණය කෑම
    ⭕ ගබ්සාවලින් වැළකීමට – අමුයුෂ එළුකිරි සමග පානය කිරීම
    ⭕ හිසේ අමාරුවට – අමු යුෂ හිස ගැල්වීම
    ⭕ කෘමි දෂ්ටනවලදී – බාහිරව යුෂ ගැල්වීම
    ⭕ හිසකෙස් නිරෝගිවීමට මනාව වැඩීමට – නෑමට පෙර ,යුෂ හිස ගැල්වීම
     
    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.
     
    • Like
    Reactions: ElaBaba