වවන්න පටන් ගන්න කලින් කියවන්න
වවන්න පටන් ගන්න කලින් කියවන්න
Goviya ගොවියා ෆේස්බුක් පිටුවෙන් කොපි කරන ලදි
"මට ආසයි වවන්න, පොඩි ඇග්‍රී බිස්නස් එකක් පටන් ගන්න, මට තියෙනවා ඉඩමක්, මොනවද වවන්න හොඳ?"
අඩුම ගානේ සතියට තුන් දෙනෙක් වත් මගෙන් ඔය ප්‍රශ්නය ටෙලිෆෝන් එකෙන් හෝ ඉන්බොක්ස් ඇවිත් අහනවා. කොහොම වුනත් ඒ හැම කෙනාටම ලබාදෙන උත්තරය එක වගේ නෙමෙයි. හේතුව, ඔවුන්ගේ හැකියාවන්, දුර්වලතා, ඔවුන්ට ඇති අවස්ථා, ප්‍රාග්ධනය හා ප්‍රදේශය විවිධයි. නමුත් මම හිතුවා මේ මොහොතේ වගේම ඉදිරි වසර 10ට කෘෂිකර්මයේ මම දකින ව්‍යාපාරික අවස්ථා පිලිබඳ කරුණු ඔබත් එක්ක බෙදාගන්න.
අපි හැමෝම වවන්න කැමතියි. ඉන් ආදායමක් ලබන්න කැමතියි. හැබැයි ඔබ දන්නවාද?, ලංකාවේ කෘෂි නිෂ්පාදන විශේෂයෙන් එළවලු හා පළතුරු වලින් 30%-40% ක් පමණ පසු අස්වනු හානි නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වෙනවා. ඒ අපතේ යාම 5% කට අඩු අගයකට ගන්න පුළුවන්නම් ඒක අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකයට විශාල සවියක්. ඔබට පුළුවන් මේ අපතේ යන අවස්ථා හඳුනාගන්න. ගැටලුව වැරදි ඇසුරුම් කිරීම නම්, නිවැරදි ඇසුරුම් ක්‍රමයක් ගොවියන්ට, වෙළෙන්දන්ට හඳුන්වා දෙන වැඩසටහනක් නිශ්චිත ප්‍රදේශයක අරඹන්න. නිෂ්පාදනයේ ස්වභාවය, සාමාන්‍ය ජීව කාලය වගේ කරුණු සැලකිල්ලට අරගෙන සුදුසු ඇසුරුම් ක්‍රම ගැන ගොවියන්ට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ තුලින් යම් ආදායමක් ලබාගන්න පුළුවන්. මේ වැඩේට ගොවි සංවිධාන නියෝජිතයන්ගේ සහය ලබාගන්න පුළුවන්. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක සමග සම්බන්ධ වෙනවා නම් ඒ වගේ ව්‍යාපාරයකට රජයෙන් සහනාධාරයක් ලබාගන්නත් පුළුවන්. මොකද කාලෙන් කාලෙට පසු අස්වනු හානි අවම කරගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විවිධ ව්‍යාපෘති මධ්‍යම රජය වගේම පළාත් සභා හරහාත් ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම අතිරික්ත නිෂ්පාදන "අගය එකතු කළ" නිෂ්පාදන බවට පත්කරලා වෙළෙඳපොළට යවන්න ඔබට පුළුවන්. අගය එකතු කල නිෂ්පාදන (Value added product) කියපු ගමන් ගොඩක් යට කල්පනා වෙන්නේ ජෑම්, යෝගට්, චට්නි වගේ දේවල්. තව බොහෝ දේ තියෙනවා කරන්න. සුපිරි වෙළෙඳසලක රවුමක් ගිහින් බලන්න. අපේ රටේ අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් අගය එකතු කල නිෂ්පාදන සෑහෙන ප්‍රමාණයක් අපි පිටරටවලින් ආනයනය කරනවා නේද කියලා ඔබට වැටහේවි. විජලනය කියන්නේ අගය එකතු කිරීමට හොඳ ක්‍රමවේදයක්. විජලනය තුලින් නිෂ්පාදනයේ ආයුකාලය වැඩිකරනවා වගේම, නිෂ්පාදනයේ පෝෂණීය අගය වගේම ගුණාත්මය වැඩිකරගන්නත් පුළුවන්. ආකර්ශනීය, පරිසර හිතකාමී ඇසුරුම් ක්‍රමයකින් පවා නිෂ්පාදනයකට විශාල අගයක් එකතු කරන්න පුළුවන්. නමුත් අගය එකතු කිරීම වගාවෙදීම කරන්නත් පුළුවන්. ඒ ගැනත් අපි ඉදිරියට කතා කරමු. පසු අස්වනු තාක්ෂණය පිළිබඳ හදාරන්න, උපදෙස් ලබාගන්න පුළුවන් හොඳම තැනක් තමයි අනුරාධපුරයේ පශ්චාත් අස්වැන්න පිලිබඳ තාක්ෂණ ආයතනය (IPHT).
අපේ රටේ සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට එකතු කරන්නේ විශාල දායකත්වයක්. නමුත් රටේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගැන නිශ්චිත අවබෝධයක් කාටවත් නෑ කියලයි මගේ අදහස. ඔබ සමහරවිට නොදන්නවා වෙන්න පුළුවන්. සමහර දැවැන්ත සංචාරක හෝටල් ඔවුන්ට අවශ්‍ය ඇතැම් ආහාර ආනයනය කරනවා. බොහෝ විට ඒවා අපේ රටේ වගාකරන්න පුළුවන් දේවල්. එයිනුත් බොහොමයක් අමුතුවෙන් වගා කරන්න ඕනත් නෑ. අවශ්‍ය වෙන්නේ වගා බිම් වලින් ඒවා සොයාගෙන ප්‍රමිතියකින් යුතුව සෞඛ්‍යාරක්ෂිතව හෝටල් වලට සැපයීම පමණයි. හෝටල් ක්ෂේත්‍රයේ වැඩකරන සූපවේදීන් හරහා තොරතුරු ගන්නත් පුළුවන් වගේම ඔවුන් හරහා මේ ව්‍යාපාරයට අතගහන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් ශීතකරණ පහසුකම් සහිත වාහනයක් නම් තියෙන්නම ඕන. ඒ වගේම හොඳ ඇසුරුම්, කූඩ ආදිය භාවිතා කරන්නත් ඕන. ඔබට හැකිනම් ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න, නිරායාසයෙන්ම ඔවුන්ට අවශ්‍ය දේ ඔබට වැටහේවි. අන්න එතකොට සමහර දේ ඔබ විසින්ම වගා කරන්නත් පෙළඹේවි. ඔබේ පහසුවට මම ලංකාවේ සංචාරක ව්‍යාපාර ප්‍රදේශ කලාප කිහිපයකට බෙදා දක්වන්නම්.
කල්පිටිය සිට මීගමුව දක්වා කලාපය, මීගමුව සිට පානදුර දක්වා කලාපය, පානදුර සිට ගාල්ල දක්වා කලාපය, ගාල්ල සිට තංගල්ල දක්වා කලාපය, තංගල්ල සිට යාල දක්වා කලාපය, යාල සිට බණ්ඩාරවෙල දක්වා කලාපය, බණ්ඩාරවෙල සිට නුවරඑළිය, මහනුවර දක්වා කලාපය, මහනුවර සිට හබරණ දක්වා කලාපය, හබරණ සිට ත්‍රිකුණාමලය දක්වා කලාපය, ත්‍රිකුණාමලය සිට අම්පාර දක්වා නැගෙනහිර වෙරළ කලාපය. ඔය කලාප වල සංචාරක ආකාර්ෂණය ලැබෙන අවුරුද්දේ කාල විවිධයි. ඒ නිසා ඒ ඒ ප්‍රදේශවල සේවය කරන සුපවේදීන්ගේ සහය ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.
ඊළඟට ඔබට ඇත්තටම වගා කටයුත්තක් ආරම්භ කරන්න අවශ්‍ය නම්, ඒ සඳහා ඉඩමක් තියෙනවා නම් යොමු වෙන්න පුළුවන් වගාවන් රැසක් තියෙනවා. නමුත් තීරණයක් ගන්න කලින් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.
1. ජලය - ඔබේ වගාවට ජලය අවශ්‍ය වෙනවා. ඔබ වගා කරන්න අපේක්ෂා කරන ඉඩමේ ඇති ජාල ප්‍රභවය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
2. පස - ලංකාවේ පස් කාණ්ඩ රැසක් තියෙනවා. ඒවාට ගැලපෙන බෝගත් තියෙනවා. ඒ වගේම පසේ සරු නිසරු බව ගැන යම් අදහසක් ඔබට තිබිය යුතුයි. බතලගොඩ, බෝඹුවල, අම්බලන්තොට, ලබුදුව වී පර්යේෂණායතන මඟින් රු.300 ක් වැනි මුදලකට ඔබට පාංශු පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ නිලධාරීන්ගෙන් ගැලපෙන බෝග පිලිබඳ නිර්දේශයක් ලබාගන්නත් පුළුවන්. නමුත් ඔබට එසේ පස් පරීක්ෂාවක් කරගැනීමට අපහසු නම් හොඳම දේ ඉඩමේ අතීත වගා ඉතිහාසය පරීක්ෂා කිරීම හා අවට ඉඩම්වල වගා පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ඒ අනුව ප්‍රදේශයට ගැලපෙන බෝග ගැන යම් අදහසක් ඔබට ලබාගන්න පුළුවන්.
3. යටිතල පහසුකම් - ඔබේ වගාව පවත්වා ගෙන යන්න ඔබට විවිධ සැපයුම් අවශ්‍ය වෙනවා. ඒවා ප්‍රවාහනයට මාර්ග අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙනයාමටත් මාර්ග අවශ්‍ය වෙනවා. ඔබේ වෙළෙඳපොළට ඔබේ වගා බිම කොතරම් ආසන්න දැයි ගැන සැලකිලිමත් වීම මේ නිසා ඉතා වැදගත් වෙනවා. ඒ වගේම විදුලිය, ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.
4. මානව සම්පත - මේක නම් ලොකුම ගැටළුවක්. අපි කොච්චර ආයෝජනය කරන්න ලෑස්ති වුනත්, අපේ වගාව පවත්වා ගෙන යන්න පුහුණු ශ්‍රමිකයෝ ඕන වෙනවා. ඔබ සහ ඔබේ පවුලේ ශ්‍රම දායකත්වය මත ගොඩනැගෙන වගාවක් නම් එය ගැටළුවක් නෙමෙයි. නමුත් ඔබ පිටින් ශ්‍රමය අවශ්‍ය වෙනවා නම් මේ ගැන ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන. පුහුණු ශ්‍රමය ලාභත් නෑ. ඒ වගේම එන මිනිස්සු රඳවා ගන්න ලේසිත් නෑ. නිවාඩුවකට ගෙදර ගියොත් ආයේ ගෙදර එන දවස දන්නේ දෙයියෝ තමයි. ඒ වගේම හොඳ විශ්වාසවන්ත අය වෙන්නත් ඕන. එහෙම පිරිසක් හොයාගන්නත්, රඳවා ගන්නත් ආකර්ශනීය දීමනාවක් ඔබට ගෙවන්න වෙනවා. හොඳ මානව සම්බන්ධතාවක් ගොඩනගා ගන්නත් වෙනවා.
5. ප්‍රාග්ධනය - මොන දේ කරන්නත් යම් මූලික ප්‍රාග්ධනයක් ඕන. ඔබ ඉතුරු කරගත්ත මුදලක් වෙන්න පුළුවන්, ණයට ගත්ත මුදලක් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔබ කරන ආයෝජනයෙන් ලැබෙන ලාභය බැංකුවක ස්ථාවර තැන්පතුවක පොළියට වඩා වැඩිවෙන එකක් වෙන්න ඕන. වගා කටයුතු වලට හැම රජයක් යටතේම ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය වගේම විවිධ රාජ්‍ය නොවන ආයතන, සංවිධාන හරහා වගා කටයුතු වෙනුවෙන් ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේවා ගැන අවධානයෙන් සිටියොත් ඔබට හොඳ අවස්ථා මුණ ගැසේවි.
හරි අපි දැන් වගාව පටන් ගමු.
මොන දේ වවන්නත් ඒ වවන දේ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන. ඒ බෝගයට අවශ්‍ය දේ ගැන ඔබට හොඳ අවබෝධයක් නැත්තන් ඔබ වැඩේ අමාරු වෙයි. මේ තියෙන්නේ තොරතුරු යුගය. ඒ නිසා ඕනෑම වගාවක් ගැන තොරතුරු හොයාගන්න එක එතරම් අමාරු නෑ.
මෙන්න මේ බෝග වගා කරොත් ඔබට විශාල ලාභයක් ගන්න පුළුවන් කියලා මට කියන්න බෑ. වැදගත්වෙන්නේ ඔබ මොනවා වගා කරත්, වගා කරන ක්‍රමවේදය හා නිෂ්පාදනයේ ගුණාත්මය පමණයි. නමුත් අපි අපනයනය වෙනුවෙන් වගා කරනවානම් ඕන දෙයක් ලාභයි. අපිට කෙලින්ම අපේ නිෂ්පාදන අපනයනය කරන්න හැකිනම් අනිවාර්යයෙන්ම ලාභයි. මොකද ආදායම ලැබෙන්නේ ඩොලර් වලින් බොහෝ විට. දන්නවනේ මේ දවස්වල ඩොලර් එකක වටිනාකම. අපනයනය කරනවානම් ඔබ පනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕන. විවිධ සහතික ලබාගන්නත් ඕන. ඒ ගැන දැනගන්න යන්න හොඳම තැන කටුනායක ජාතික පැලෑටි නිරෝධායන සේවයටයි. ඔබට විශ්වාස විදෙස්ගත මිතුරන්, නෑදෑයන් ඉන්නවනම් ඔබට ඔවුන්ගේ සහය ගන්න පුළුවන්. ඔවුන්ව හවුල් කරුවන් විදිහට ව්‍යාපාරය වෙනුවෙන් රඳවා ගන්නත් පුළුවන්. මෙතනදී විශ්වාසය කියන එකනම් හරිම වැදගත්.
ඔබට සෘජුව අපනයනය කරන්න අපහසු නම් අපනයනකරුවෙකුගේ සහය ලබාගැනීම තමයි සුදුසු. අපනයනකරුවන්ගේ විස්තර අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඔබට ලබාගන්න පුළුවන්. අපනයනකරුවෙකුගෙන් ඔවුන්ගේ විදේශීය වෙළෙඳපොළට අවශ්‍ය දේ ඔබට දැනගන්න ලැබේවි. රම්පෙ, කරපිංචා ඉඳලා විශාල පරාසයක නිෂ්පාදන ප්‍රමාණයක් විදේශ වෙළෙඳපොළට අපේ රටින් යනවා. ලෝකේ රසම අන්නාසි තියෙන්නේ අපේ රටේ. කවදත් අපේ අන්නාසි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. පොල් වගාව ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන වලටත් එහෙමෙයි. මේ වෙද්දී පොල් ගහේ කිසිම දෙයක් අපතේ යවන්නේ නෑ.
පළතුරු වගාව ගත්තොත් අන්නාසි වගාව තවදුරටත් ව්‍යාප්ත කරන්න අපිට අවස්ථාව තියෙනවා. විශේෂයෙන් පොල්වගාවේ අතුරු බෝගයක් විදිහට අන්නාසි වගාව සිදුකිරීම ලාභදායී වෙනවා. පහුගිය වසර කිහිපය පුරාම TJC අඹ වගාවට විශාල නැඹුරුවක් තිබුනා. අපනයන ගුණාත්මය අතින්, විදේශ වෙළෙඳපොල ජයගන්න ඉතා ඉහල විභවයක් TJC වලට තියෙනවා. තව වසර 5කින් විතර විශාල ඵලදාවක් රටපුරා වගාවන්ගෙන් ලැබෙන්න නියමිතයි. එතනදිත් අගය එකතු කල නිෂ්පාදන වලට ලොකු විභවයක් තියෙනවා. කටු අනෝදා කියන්නෙත් එහෙම විභවයක් ඇති පළතුරක්. පිළිකා නාශක ගුණයක් ඇති වටිනා පළතුරක්. වාණිජ වගාවන් විදිහට මේ වෙද්දී ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් එතනදිත් මල් පරාගනය ගැන ඔබ සැලකිලිමත් නම්, ඔබට විශාල අස්වැන්නක් වගේම ඒකාකාරී හැඩයකින් යුත් ගෙඩි ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ බත් ගස, එහෙම නැතිනම් කොස් ගසේ අගය නම් කිසිදා බාල වෙන්නේ නෑ. වැඩි වැඩියෙන් වගා කරන්නත්, වගාවෙන් උපරිම ඵල නෙලාගන්නත් ඔබ පුළුවන්. වරකා වලට වගේම, විජලනය කරන ලද නිෂ්පාදන වලටත් මේ වෙද්දී විශාල ඉල්ලුමක් තියෙනවා. තවමත් අපි එතරම් අවධානය යොමු නොකරපු ක්ෂේත්‍රයක් තමයි ඌණ භාවිත පලතුරු කියන්නේ. වෙරළු, නෙල්ලි, මසං, නමිනං, බිලිං, ලාවුළු, බෙලි, දිවුල්, කාමරංකා වගේ ලොකු ලැයිස්තුවක් මේ කාණ්ඩයට අයත් වෙනවා. මේවායේ ඉහල ප්‍රති ඔක්සිකාරක ගුණයක් වගේම, ඉහල විටමින් ප්‍රමාණයක් අඩංගු වෙනවා. කෙනෙකුට වාණිජ වගාවක් සඳහා යොමුවෙනවා වගේම, ඒවායෙන් අගය එකතු කල නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් නම් ඒ පලතුරු වර්ග වලින් පළතුරු පිඟානක් පිළියෙළ කරලා පාසල් වල ආපනශාලා වලට ඉදිරිපත් කරන්න, එතන ඔබට විශාල ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් කොළඹ පාසල් වල මේ සඳහා විශාල අවස්ථාවක් තියෙනවා. පලතුරු වගාව සහ එහි සබැඳි කාරනා විමසන්න හොඳම තැන තමයි, හොරණ කනන්විල පලතුරු බෝග සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය.
ඒ වගේම තමයි අපේ කුළුබඩු. ගම්මිරිස්, කුරුඳු, එනසාල් කියන්නේ හොඳ අපනයන විභවයක් ඇති බෝග. ගම්මිරිස් වෙළෙඳපොල මේ වෙද්දී යම් අර්බුධයක තිබුනත්, අනාගතයේ නැවත නිසි මිලක් ලබාගන්න ගොවියන්ට පුළුවන් වේවි. කුරුඳු වගාව ගත්තොත් සාපේක්ෂව නඩත්තු වියදම අඩුයි. ඒ වගේම ලෝක වෙළෙඳපොලේ අපේ කුරුඳුවලට තියෙන්නේ විශාල ඉල්ලුමක්.
වැනිලා කියන්නේ අනාගතයේ ඩොලර් මිලියන ගානක වෙළෙඳපොළක් තියෙන බෝගයක්. හැබැයි වගාව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. විශේෂයෙන්ම මල් පරාගනය ගැන නම් ඉගෙන ගන්න වෙනවා. කරල් පාඩම් කරන්නත් පුළුවන්නම් නම් ආදායම දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්.
කහ, ඉඟුරු කියන්නේ දේශීය වෙළෙඳපොළට නැතුව බැරි නිෂ්පාදන. එක කාලෙකට ඉඟුරු අතිරික්තයක් තියෙනවා. තවත් කාලෙකට දැඩි ඉඟුරු හිඟයකුත් එනවා. වවන්න බැරි වුනත් කෙනෙක්ට පුළුවන් නම් අර අතිරික්තය හොඳ ගබඩා තත්ත්ව යටතේ කළමනාකරණය කරගන්න, හිඟ කාලෙට ලොකු ආදායමක් ගන්න පුළුවන්. මේවා ගැන තොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන් හරහා ලබාගන්න පුළුවන්.
අමු මිරිස් වලට හැමදාම ඉල්ලුම තියෙනවා. සෙවන ගෘහ තුල හදනවා නම් අස්වැන්න වැඩි කරගන්නවා වගේම, වසර පුරාම නිෂ්පාදනය පවත්වා ගන්නත් පුළුවන් වෙනවා. යුෂ උරාබොන කෘමීන්ගෙන් වන හානිය අවම කරගන්න පුළුවන් නිසා කොළ කෝඩවීමේ සංකීර්ණයටත් විසඳුමක් ඉන් ලැබෙනවා. කොච්චි මිරිස් වර්ග, නයි මිරිස් වර්ග වලටත් වෙළෙඳ පොලේ ඉල්ලුමක් තියෙනවා. සමහර දේශීය කැවුම් මිරිස් වර්ග වල හැමදාමත් මිල තියෙන්නේ රු. 500 ට උඩින්.
එළවලු වර්ග ගත්තොත් නම් ඔබට සෑහෙන පරාසයක් තියෙනවා. නමුත් ඔබගේ නිෂ්පාදනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ GAP (යහපත් කෘෂි පිළිවෙත් සහතිකකරණය) යටතේ වෙළෙඳපොළට ඉරිදිපත් කරනවානම් ඔබ නොසිතන ආදායමක් ලබාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් කරවිල, පතෝල, කොළ එළවලු GAP ක්‍රමයට වගා කරනවානම් විදේශ වෙළෙඳපොලත් ඔබට ජයගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මඟින් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. GAP කියන්නේ වස විස නැති කෘෂිකර්මයට ඉතා හොඳ ප්‍රවේශයක්.
කාබනික නිෂ්පාදන වලටත් දේශීය වගේම විදේශීය වෙළෙඳපොලේ ඉල්ලුමක් තියෙනවා. දේශීයව නම් කොළඹ ඇතුළු නාගරික, ඉහල ආදායම් ලබන ප්‍රදේශවල තමයි ඉල්ලුම වැඩි. නමුත් ඔබ කාබනික වගාවක් කරනවා නම් වැදගත්ම දේ සද්භාවයෙන් යුතුව, සමාජ මෙහෙවරක් සේ සලකා එය සිදුකිරීමයි. මුදල් පස්සේම යන කාබනික වෙළෙන්දෙක් වුනොත් ඔබගේ ව්‍යාපාරයේ ආයුකාලය කෙටි වේවි. ඒ වගේම වගාව ගැන ඔබ මේ කරුණ දැනගත යුතුයි. අපි ඉන්නේ සමකය ආසන්නයේ. අපේ පසේ ස්වභාවයෙන්ම කාබනික ද්‍රව්‍ය අඩුයි. නමුත් ඉහල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි දීර්ඝ කාලීනව වගාව කරන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම පසේ කාබනික ද්‍රව්‍ය වැඩිකරගන්න ඕන. ඒ සඳහා වැඩි වැඩියෙන් පසට කොම්පෝස්ට් යොදන්න ඕන. අනිවාර්යයෙන්ම කොම්පෝස්ට් වගා බිමේදීම නිෂ්පාදනය් කරගැනීමට ක්‍රම වේදයක් හදාගන්නත් ඕන. කඩෙන් කොම්පෝස්ට් අරන් වගාව කරන්න ගියොත් නම් ලාභ නෑ. ඒ වගේම කොම්පෝස්ට් හදන්න ඕන නම්, වගා බිමේම ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගත හැකි බෝග වර්ගත් වගා කරන්න ඕන. කාබනික වගාවක තවත් වැදගත් දෙයක් තමයි සහතිකකරණය. දැනට තියෙන සාර්ථකම, ලාභදායි හා හොඳ පිළිගැනීමක් තියෙන සහතිකය තමයි කොළඹ Good Market එකෙන් ලබාදෙන PGS සහතිකය. දේශීය වෙළෙඳපොලේ ලොකු වැඩක් කරන්න එය හොඳටම ප්‍රමාණවත්.
විසිතුරු ශාක හා මල් වගාව කියන්නෙත් හරියට දැනගෙන කරොත් හොඳ ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාර. විශේෂයෙන් ඕකිඩ් වගාව නම් කවදත් හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්. නමුත් සාම්ප්‍රදායික කැපු මල් ව්‍යාපාරයෙන් ඔබ්බට ගිහින් අගය එකතු කළ නිෂ්පාදන වලට යොමු වෙනවා නම් වැඩියෙන් ලාභ ලබන්න පුළුවන්. වගාව නම් ඉහළ සනීපාරක්ෂාව යටතේ, හොඳ පාලනයකින් යුත් පොහොර භාවිතයක් සමග කරන්න වෙනවා. විසිතුරු ශාක වගේම කැපූ මල් ව්‍යාපාරයට මේ වෙද්දී Buy back ක්‍රමයට වැඩසටහනුත් ක්‍රියාත්මක වෙනවා. හොඳ ප්‍රභේද, හොඳ වගා මාධ්‍ය වගේම ඉහළ ප්‍රමිතියකින් ඔබේ දැල් ගෘහය සාදාගන්න කල්පනාකාරි වන්න.
කොහොම වුනත් අවසානයේ දීර්ඝකාලීන ජයග්‍රාහකයා වෙන්නේ නම් ආර්ක්ෂිත ගෘහ තුළ බෝග වගාවට යොමුවන ව්‍යාපාර බව කියන්න ඕන. හැම අවුරුද්දෙම වැස්ස කාලෙට පස්සේ එළවලු ඇතුළු සියලු කෘෂි නිෂ්පාදන වල මිළ ඉහල යනවා. හේතුව ප්‍රමාණවත් තරම් නිෂ්පාදන තොග වෙළෙඳපොළට නොලැබීම. එහෙම වෙන්නේ වැස්සෙන් එම වගාවන් හානි වීම නිසයි. නමුත් ඔබට හැකිනම් ආර්ක්ෂිත ගෘහ තුළ ඔබේ වගාවන් කරන්න, ඔබට පුළුවන් බාහිර පරිසරයේ වෙනස්කම් කුමක් වුනත් වසර පුරාම ඔබේ වගාව පවත්වා ගන්න. ඒ වගේම පලිබෝධනාශක භාවිතය අවම කරන්නත්, වඩාත් කාර්‍යක්ෂමව සියලු යෙදවුම් යොදවන්නටත් ඔබට හැකිවෙනවා. ඉහළ ගුණාත්මයෙන් යුත් නිෂ්පාදනයක් ඔබට අනිවාර්යයෙන්ම වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න මේ තුළින් පුලුවන් වෙනවා..ඒ වගේම GAP සහතිකය ලබාගැනීමටත් එය පහසුවක් වෙනවා. ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව කියන්නේ නුවරඑළියට සීමාවන වගා ක්‍රමයක් නෙමෙයි..ඇත්තටම ඕනෑම ප්‍රදේශයක කරන්න පුළුවන් වගා ක්‍රමයක්.
ඔබේ වගාවට අවශ්‍ය ජලය ඔබට බිංදු ජල සම්පාදන පද්ධතියක් මඟින් ලබාදෙන්න පුළුවන්. ඒ මගින් ඔබට ජල අවශ්‍යතාවය සෑහෙන අවම කරගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය ඔබේ වගාවන්ට ඉතා සාර්ථක අන්දමින් වගා කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාව තියෙනවා. අද වැදගත් වෙන්නේ ඔබ කරන වගාව කොයිතරම් විද්‍යාත්මකව හා තාක්ෂණිකව කරනවාද කියන එක පමණයි.
අද කෘෂිකර්මාන්තය කියන්නේ විශාල දියුණුවක් ලැබූ විෂයක්. ඩ්‍රෝන තාක්ෂණය පවා ඵලදායි විදිහට යොදා ගන්නවා. මේ වෙද්දී කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය ගැන වැඩි වැඩියෙන් පර්යේෂණ කෙරෙනවා. ස්වයංක්‍රීය පද්ධති මඟින් පාලනය වන අධි තාක්ෂණික ගොවිපල ක්‍රමයක් තුල අනාගතයේ විශාල පිබිදීමක් සිදුවේවි. ඒ ගැන ඕනෑතරම් තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා.
ඔබේ නිෂ්පාදන අලෙවිය ගැටළුවක් නම්, ඔබේ වෙළෙඳපොළට අවශ්‍ය කෘෂි නිෂ්පාදන සොයාගැනීම ගැටළුවක් නම් දැන් ඔබට Google playstore වෙත පිවිස ගොවිපොළ ඇප් එක භාගත කරගෙන ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.
ඔබට තනිව ආයෝජනයක් කරන්න අපහසු නම්, හොඳම දේ තමයි ඔබ වැනිම කෘෂි ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙන විශ්වසනීය පිරිසක් සමග සම්බන්ධ වෙලා සමූහ ගොවිපලක් පටන්ගන්න එක. එයත් සමෝධානික ක්‍රමයට කරනවා නම් වඩාත් ලාබදායි වේවි. ඒ තුලින් සමූපාකාර වෙළෙඳපොල ක්‍රමයකුත් අරඹන්න පුළුවන්.
කොහොම වුනත් ඔබ කරන දේ ගැන පුළුල් දැනුමක් ඇතුව කිරීම ඔබේ වගකීමක්. ඉස්සර තමයි දන වෙළෙඳාම, නොදැන ගොවිතැන කියලා කිව්වේ. නමුත් දැන් තියෙන්නේ එහි අනිත් පැත්ත. ඒ නිසා නිතර තොරතුරු පිපාසයකින් යුතුව, නවීන තාක්ෂණයට යොමුවීමට ඇති කැමැත්ත සමග ඔබේ කෘෂි ව්‍යාපාරය අරඹන්න.
ඔබට ජය !
Sanjana Ravindu

passe kiyavanna one