වව්නතිව්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

    (ඉන්දිකා රාමනායක)

    වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ.

    image_aacc649721.jpg

    image_41832fce7a.jpg

    image_25fe74a6e4.jpg

    image_e4598b7881.jpg

    image_a656a5a1e9.jpg

    image_a50db6f2b9.jpg

    මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
    අද පෙරවරු 6.00 ට මොවුන්ගේ රාජකාරිය නිමවීමට නියමිතව තිබූ අතර රාජකාරි භාර ගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු එහි තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී තිබුණි.

    ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල

    46953502_356088391621373_8393880561982111744_n.jpg

    ෂුවර් මේක පිටිපස්සේ කරුණා ඉන්නවා. උන්ට ඕනේ ආයේ කොටි නැගිටිනවා කියලා පෙන්නන්ඩ. පර හැත්ත.
    :angry::angry::angry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ඊයේ මඩකලපුව ප්‍රදේශයේ දී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනයට විනයගමූර්ති මුලදිරන් හෙවත් කරුණා අම්මාන් සැක යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් සහ නලීන් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී චෝදනා කර සිටියා.

    එහිදී අදහස් දැක්වූ එම් ඒ සුමන්තිරන් -

    ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

    එහිදී අදහස් දැක්වූ එම් ඒ නලීන් බණ්ඩාර -

    ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

    ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න.

    මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ.

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක.

    (infoslnews)

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත්තේ ටී. 56 ගිණි අවියකින් වෙඩි තැබීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, තමා මඩකළපුවේ කරුණා අම්මාන් බව පවසමින් පසුගියදා ට්විටර් පණිවුඩයක් මගින් තර්ජනාන්විත නිවේදනයක් නිකුත් කර තිබූ බවද මෙහිදී පැවසුවා.

    (neth)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඊයේ මඩකලපුව ප්‍රදේශයේ දී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනයට විනයගමූර්ති මුලදිරන් හෙවත් කරුණා අම්මාන් සැක යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් සහ නලීන් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී චෝදනා කර සිටියා.

    එහිදී අදහස් දැක්වූ එම් ඒ සුමන්තිරන් -

    ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

    එහිදී අදහස් දැක්වූ එම් ඒ නලීන් බණ්ඩාර -

    ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

    ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න.

    මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ.

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක.

    (infoslnews)

    :lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    පළමු ප්‍රහාරය එල්ල කලේ වව්නතිවු වලට : අත්අඩංගුවට ගත් අන්තවාදි සැකකරුවෙක් සියල්ල හෙළි කරයි

    අන්තවාදි සංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමු ප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    ඉකුත් පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා බව කියන පුද්ගලයා මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවයි.

    එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමු ප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බවයි වාර්තා වන්නේ.

    මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතිනවා

    Source- Neth News
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා

    සංහිඳියාව :lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පළමු ප්‍රහාරය එල්ල කලේ වව්නතිවු වලට : අත්අඩංගුවට ගත් අන්තවාදි සැකකරුවෙක් සියල්ල හෙළි කරයි
    දිනුක් හේවාවිතාරණ2019-04-27 FacebookTwitter
    2771
    Views

    අන්තවාදි සංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමු ප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    ඉකුත් පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා බව කියන පුද්ගලයා මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවයි.

    එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමු ප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බවයි වාර්තා වන්නේ.

    මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතිනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ෂුවර් මේක පිටිපස්සේ කරුණා ඉන්නවා. උන්ට ඕනේ ආයේ කොටි නැගිටිනවා කියලා පෙන්නන්ඩ. පර හැත්ත.
    :angry::angry::angry:

    LOL.. උබල වෙන එවුන්ට මඩ ගහන්න හැදුව නේද.. අන්තිමට ISIS ගහල තියෙන්නෙ කියල ඔප්පු උනානෙ.. :lol: