වසන්තයට ප්‍රශ්නයක්
වසන්තයට ප්‍රශ්නයක් ?
ගිම්හානයේදී කතරක අතරමං වී
සෙව්වෙමි හතර අත වතුර උගුරක්
ඒත් දිව කට වේලී වසන්තයට පැමිණෙද්දී
මල් පොකුරක් රැගෙන හැම මග දෙපස රැස් වී
“ඔයා මාරයි අනේ.“
“අපිට හිතාගන්න බෑ.“
“අපිට නම් ඔයාව විශ්වාසයි“
“ඔයා එයි කියලා අපි බලාගෙනමයි හිටියේ“
“අපි ආදරෙයි ඔයාට.හැබැයි මේ මල් පොකුර ඔයාටමයි ගෙනාවෙ මං “
ඇසෙයි මෙමට සුදු මුදු හඬවල්
පියරු බබීලා විලසින්
ආදරේ පාමින් වට කරන්
ෂැම්පේන් නහවනා ඉඟියෙන්
හිතේ තෙතමනයක් නැති
පිපාසෙට දිය බිඳක් දෙන් නැති
ග්‍රීස්මේ නුඹ සිටියාද
අතරමං වී සිටියදී
ආසයිලු හැමෝම වසන්තෙට
කතරකට එන්නෙ නම් නැතිමලු
ගිම්හානෙ උරුම වුණෙ අපටලු
ඒ නමුත් තෑගිත් උන්ටමලු
කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ
වසන්තයට ප්‍රශ්නයක් ?
ගිම්හානයේදී කතරක අතරමං වී
සෙව්වෙමි හතර අත වතුර උගුරක්
ඒත් දිව කට වේලී වසන්තයට පැමිණෙද්දී
මල් පොකුරක් රැගෙන හැම මග දෙපස රැස් වී
“ඔයා මාරයි අනේ.“
“අපිට හිතාගන්න බෑ.“
“අපිට නම් ඔයාව විශ්වාසයි“
“ඔයා එයි කියලා අපි බලාගෙනමයි හිටියේ“
“අපි ආදරෙයි ඔයාට.හැබැයි මේ මල් පොකුර ඔයාටමයි ගෙනාවෙ මං “
ඇසෙයි මෙමට සුදු මුදු හඬවල්
පියරු බබීලා විලසින්
ආදරේ පාමින් වට කරන්
ෂැම්පේන් නහවනා ඉඟියෙන්
හිතේ තෙතමනයක් නැති
පිපාසෙට දිය බිඳක් දෙන් නැති
ග්‍රීස්මේ නුඹ සිටියාද
අතරමං වී සිටියදී
ආසයිලු හැමෝම වසන්තෙට
කතරකට එන්නෙ නම් නැතිමලු
ගිම්හානෙ උරුම වුණෙ අපටලු
ඒ නමුත් තෑගිත් උන්ටමලු
කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ
Last edited: