වසර තුනට අලිවැටට බිලියන තුනක් වියදම් කරලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වනජීවී දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීම සදහා 2021-2023 වසර 03 ක කාලය තුල පමණක් රුපියල් 2,355,882,248/- ක මුදලක් වැයකර තිබුණත් පසුගිය වසර 05 ක කාලය තුල සිදු වූ අලි මරණ, මිනිස් මරණ හා දේපල හානි සැලකීමේදී විදුලි වැට ඉදිකරන ලද අලි මිනිස් ගැටළුව අවම වීමක් නිරීක්ෂණය නොවූ බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.


    2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

    2023 වර්ෂයේදී පමණක් විදුලි වැට ඉදි කිරීම සදහා රුපියල් 58,640,147/- ක මුදලක් හා එහි නඩතුවට රුපියල් 14,433,552/- ක මුදලක් වැයකර තිබූ බවත් 2023 වර්ෂය අවසාන වන විට විදුලි වැටේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 5389.97 ක් බවත් විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

    විශාල වශයෙන් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අලින්ගේ වාස භූමි අහිමි වීම, අලි ගැවසෙන ප්‍රදේශ වල සිදුකර ඉඩම් පරිහරණය, රක්ෂිත ප්‍රදේශ ආසන්නයේ සිදුකරන වගාවන් මෙන්ම නිවාස තුල වී ගබඩා කිරීම ආදිය අලි මිනිස් ගැටළුවට සෘජුවම හේතු වී තිබෙන බවද විගණන වාර්තාවේ සදහන් වේ.


    වනජීවී දෙපාර්තමේන්තුවේ 2023.12.31 දිනය වන විට අනුමත සේවක සංඛ්‍යාව 2891 ක් වුවත් ඒ වන විට සේවයේ යෙදී සිටියේ 1894 ක් බවද විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. ඒ අනුව තනතුරු 997 ක පුරප්පාඩු තිබූ බවද ඊට ජේෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 37 ක් ඇතුලත්ව තිබූ බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. විගණන වාර්තාවට අනුව 34% ක පුරප්පාඩු සහිතව වනජීවී දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන බවද මේ මගින් තහවුරු වේ.

    අලි මිනිස් ගැටළුව අවම කිරීම විදුලි වැට ඉදිකිරීමෙන් පමණක් සිදුකල නොහැකි බවත් ඒ වෙනුවෙන් ගැටළුවට මූලික වූ කරුණු අවම කිරීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයෝ ප්‍රකාශ කරති.

    ponna ranilge anduwe weda onna mehe waren @monson @hirashgeff @2osama @G Starlin
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් මේ audit ලා කියන විදිහට අනුරාධපුරේ අලිවැට ගැහුවාම පොළොන්නරුවේ අලි මැරෙන එක නවතින්න ඕන. මොකද අලිවැට ගහන්න ගිය වියදම ඔය ගාණ ඇතුළේ තියෙනවා වගේම අලි වැටක් නැති පැත්තක අලි මැරිච්ච එකත් ඔය ඉලක්කම් වල තියෙනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    oya biliyana 3n wiyali kalape inna unta colabiin gewal denna tibba!

    ඔය කැලෑ අස්සේ ගෙවල් ගහගෙන ඉන්න උන්ට ඊට අඩුවට කොන්ඩම් බෙදන්න තිබුනා 🤣