වසර දෙකහමාරකට පසු සතුටු කඳුලු මැද ෆොන්සේ&#3482

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වසර දෙකහමාරකට පසු සතුටු කඳුලු මැද ෆොන්සේ&#3482

    වසර දෙකහමාරකට පසු සතුටු කඳුලු මැද ෆොන්සේකා පවුල එක්වේ.
    දිනය: 2012-05-21 01:01:00

    582245_389854101066679_100001262764719_81352653_1201101435_n.jpg


    වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව පවුලේ සිවුදෙනා යළි එකට එක්වූ මොහොතේ සිය දියණියන් දෙදෙනා හැඟුම්බරව තුරුලු කරගත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කඳුලු සලා තිබේ. වසර දෙකහමාරකට ආසන්න කාලයක් සිය පියා නොදැක සිටි වැඩිමහල් දියණිය අනෝමා ෆොන්සේකා තිලකරත්න මහත්මිය සමඟ සෙනසුරාදා දහවල් කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තම පියා දැක බලා ගැනීම සඳහා පැමිණියහ

    බොහෝ කාලයකට පසුව සිය පවුලට මෙවැනි ආකාරයෙන් හෝ එක්වන්නට ලැබීම ඉතා සතුටු හා හැඟුම්බර අවස්ථාවක් වූ බවත් සිය පියා ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කඳුළු පිරි දෙනෙතින් බවත් හිටපු හමුදාපතිවරයාගේ බාල දියණිය අපර්ණා ෆොන්සේකා මෙනෙවිය පැවැසුවාය.

    පෙරේදා කොළඹ නවලෝක රෝහලේදී සිය පියා හමුවීමෙන් පසු රෝහලෙන් පිටත සිටි මාධ්‍යවේදීන් හමුවේ අපර්ණා ෆොන්සේකා මෙනෙවිය එසේ පැවැසුවාය.ෆොන්සේකා මහතාගේ වැඩිමල් දියණිය වන අප්සරා ෆොන්සේකා මහත්මිය පැවැසුවේ නිදහස ලබා නිවෙසට යන සිය පියා හා මුලින්ම පන්සලකට ගොස් ආගමික කටයුත්තක යෙදීමට තමන් ඉතා ආශාවෙන් බලා සිටින බවයි
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මමනම් කියන්නෙ දැන් එලියට ඇවිල්ල ටික දවසක් විවේක සුවයෙන් හිටියනම් හරි

    …ආයෙ චන්දයක් එන කාලෙට බලමු මොකද කරන්නෙ කියල
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමනම් කියන්නෙ දැන් එලියට ඇවිල්ල ටික දවසක් විවේක සුවයෙන් හිටියනම් හරි

    …ආයෙ චන්දයක් එන කාලෙට බලමු මොකද කරන්නෙ කියල

    දැන් කොහොමත් ජෙනරාල් වීක්. තව ටික කාලෙකින් හොඳටම සනීප වේවි.