වසර දෙසීයක්‌ ගතවන ඇහැලේපොල පවුලේ කඳුළු ක&#3501

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වසර දෙසීයක්‌ ගතවන ඇහැලේපොල පවුලේ කඳුළු ක&#3501

    වසර දෙසීයක්‌ ගතවන ඇහැලේපොල පවුලේ කඳුළු කතාව:(:(




    ඒ 1814 මැයි මස 17 දින කන්ද උඩරට ඓතිහාසික වැල් බෝධිය අසල පිහිටියේ දේව සංහිඳයි. මෙ 2014 මැයි මස 17 දින මාතලේ පුරවරයේ ඇහැලේපොල නම් ගම්මානයේ විහාරස්‌ථානයයි.

    ඒ ශ්‍රී ලංකා ධරණීයතලය රත් ලෙයින් සහ උණු කඳුළින් තෙමාලූ ඉතිහාසයේ බිහිසුණුම ඝාතන සමූහයයි.

    මේ එම අමානුෂීය ශෝකාන්තයට වසර 200 ක්‌ සපිරීම නිමිත්තෙන් පැවැති චාම් එහෙත් සංවේදී සැමරුම් උත්සවයයි.

    හෙළ වංශ කතාවට අඳුරු පිටුවක්‌ ද ඒ දක්‌වා පැවැති ලාංකීය ශිෂ්ටාචාරයේ බලවත් හැරවුම් ලCෂ්‍යයක්‌ ද බවට පත් වූ එම සිද්ධිය වඩා ප්‍රකට මද්දුම බණ්‌ඩාර නම් ළමා විරුවා නිසාය. නමුත් ඒ හා සමගම ඔහුගේ සදාදරණීය මාතාව හෙවත් ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු පිරිසගේ අහස පොළොව පවා නොඉවසිලූ ඝාතන රැස පිළිබඳ කතාව අදත් අසන්නන් තුළ ඇතිකරනුයේ දැඩි සංවේගයකි.

    ඇහැලේපොල නම් කුඩා ගම්මානයේ 1772 උපන් ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චJද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්‌ඩිත මුදියන්සේ හෙවත් ඇහැලේපොල නිලමේගේ චරිතාපදානය අද පවා විවාදයට තුඩු දී ඇත්තකි. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ආධිපත්‍යයට පහසුවෙන් අත්පත් වූයේ ඇහැලේපොල නිලමේගේ පූර්ණ සහයෝගය නිසා බව ඉංග්‍රීසීහු බොහෝ වාර්තාවල දක්‌වා ඇත.

    යටගිය කරුණු දැක්‌වීමට මත්තෙන් සැමරුම් උළෙල සම්බන්ධ තොරතුරු ඔබ වෙත දැක්‌විය යුතුය. එය සංවිධානය කර තිබුණේ මාතලේ විරුවන් අනුස්‌මරණය කිරීමේ කමිටුව මගිනි. එහි අනුශාසකවරයා වන්නේ ඇහැලේපොල උපන් ඇහැලේපොල පුරාණ විහාරස්‌ථානාධිපති පූජ්‍ය පාරාවත්තේ සෝනුත්තර හිමිපාණන්ය. උන්වහන්සේ ප්‍රමුඛ නිලධාරීන්ගේත් ඇහැලේපොල ගම්වාසීන්ගේත් උනන්දුවෙන්, ඇහැලේපොලට මෙන්ම මද්දුමබණ්‌ඩාර ළමා විරුවාටත්, ශ්‍රේෂ්ඨ කුලවමියක උදාර මාතාවක මෙන්ම අභීත හෙළ විරුවරියක ලෙස දිවිදුන් ඇහැලේපොල කුමාරිහාමිටත් ඉතිහාසයේ හිමිවිය යුතු නියමිත ගෞරවනීය ස්‌ථානය ලබාදීමට දැන් කටයුතු සැලසී තිබේ.

    1818 ජන අරගලය ඇතුළු ජන අරගල තුනකට නායකත්වය දුන් හෙළ විරුවන් 283 දෙනකු ඉංග්‍රීසීන්ගේ ෙද්‍රdaහී ලැයිස්‌තුවෙන් මුදවා ජාතික විරුවන් ලෙස නම් කිරීම ඉකුත් වසරේ නොවැම්බර් 27 දිනට යෙදුණු ජාතික වීර දිනයේදී සිදු කෙරිණි.

    එසේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොල කුමාරිහාමි අමානුෂික ලෙස මරා දැමීම පිටුපස ඇය සිය වසඟයට ගැනීමට ගන්නා ලද අසාර්ථක උත්සාහය මුල් වූ බවට සාක්‍ෂි එමටය. රට, දැය, සමය උදෙසා සිය අභීත සැමියා මෙහෙයවමින්ද, තම සුරතල් දරු පැටවුන් හෙළයේ උදාර පංගුකරුවන් බවට පත් කිරීම ද ඇයගේ අභිමතාර්ථය වන්නට ඇත. ඇයගේ අණසක මෙන්ම සෙනෙහස ද කැටිවූ කන්ද උඩරට ඇහැලේපොල වලව්ව වසර සිය ගණනක්‌ පැවැතියේ ඉංග්‍රීසි පාලනයේ දුර්දාන්ත සිර කඳවුරක සංකේතයක්‌ වෙමිනි. නමුත් 2013 වසරේදී බන්ධනාගාර අමාත්‍ය චJද්‍රසිරි ගජධීර මහතා ඇහැලේපොල වලව්වේ අයිතිය සන්නසක්‌ මගින් ජනපතිතුමාට භාර දෙනු ලැබීය.

    මෙලෙස ඇහැලේපොල සම්බන්ධ ජීවන ප්‍රවෘත්තියේ වැදගත් කඩඉම් නිරාකරණය වෙමින් පවතින අතර ඇහැලේපොල ගම්මානය, ඇහැලේපොල චරිතාපදානය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ඇති වූ විරසකය මෙන්ම ඉංග්‍රීසි ආධිපත්‍යයට කන්ද උඩරට රාජ්‍යය අත්පත් වීම යන සංසිද්ධීන් පිළිබඳව කෙටියෙන් හෝ 'දිවයින' පාඨකයන් දැනුවත් කිරීමට අපට සිත්විය.

    මද්දුම බණ්‌ඩාර ළමා විරුවා සහ ඇහැලේපොල කුමාරිය ඝාතනය වී හරියටම වසර 200 ක්‌ ගත වූ දා අපි එම චාරිකාව ආරම්භ කළෙමු. මේ ලියෑවෙන්නේ එකී ගවේශනයෙන් අප ලත් තොරතුරු ය.

    මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඇහැලේපොල ගම්මානය අදත් ගැමි සුන්දරත්වය සහ ගැමිජන ජීවිතය උරුම කර ගත්තකි. එවකට උඩුගොඩ උඩසිය පත්තුව ලෙසින් මෙම පෙදෙස හඳුන්වා දෙනු ලැබ ඇත. නුවර - යාපනය මාර්ගයේ කොහොළන්වලින් හැරී කිලෝ මීටර් 5 ක්‌ ගිය තැනින් ඇහැලේපොල ගම්මානය ඇරඹෙයි.

    පල්ලේපොල නගරයේ සිට නම් කිලෝමීටර්Ê දෙකක දුරකි. ගම මැද සිව්මන්සලකි. එහි ළඟා වුණ සැණින් එහි කොණක පිහිටුවා ඇති මද්දුම බණ්‌ඩාර ළමා විරුවාගේ කුඩා පිළිරුවක්‌ දැක ගත හැකිය. එය 1986 දී පමණ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරන ලද්දකි. එය පසුකොට මීටර් 200 ක්‌ ගිය තැන පුරාණ විහාරස්‌ථානය හමුවෙයි. එය ඉදිරිපස කුඩා වැවකි. ඉන් ඔබ්බෙහි ඇත්තේ මෑතක කළ නිවසකි. නමුත් එතැන ඇහැලේපොලයන් උපන් වලව්ව තිබූ බව සැවොම පිළිගනිති. ඉංගී්‍රසි ජාතික බේලි වරක්‌ ලියා ඇත්තේ ඇහැලේපොල වලව්ව එවකට මෙහි තිබූ විශාලතම වලව්ව බව ය. එය එක්‌ වරකට 200 දෙනකුට පමණ නවාතැන් දිය හැකි තරමේ සුවිසල් බව ඔහු දක්‌වා තිබේ.

    නමුත් සෙංකඩගල නුවර සිදුවූ කෲර ඝාතනයන්ගෙන් පසුව ඇහැලේපොලගේ පරම්පරාවේ සියලු ඥාතීන් පමණක්‌ නොව කන්ද උඩරට පිහිටි ඇහැළ ගස්‌ පවා වනසා දමන්නට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කටයුතු කළ බව ප්‍රකට කරුණකි. එසේ තිබියදී ඔහුගේ ගෙවල් දොරවල් හි මුල් නටබුqන් සොයා යැම ඵල රහිතය. මේ ලේඛකයා ඉකුත් වසර කීපයක ඇහැලේපොල වතගොත සොයා එම ගමේ සංචාරය කළ ද තොරතුරු තබා ඒ පිළිබඳව සාකච්ඡාවට හෝ රුචි අයකු සොයා ගැනීම ද දුෂ්කර විය. නමුත් අද තත්ත්වය එය නොවේ. ඇහැලේපොල ගම්වාසීන්ට සිය අතීත අභීත, ගම්වැසියා සහ ඔහුගේ පවුලේ සැම උදාරත්වයෙන් සිහිපත් වී තිබේ. ඒ සඳහා මාතලේ විරුවන් අනුස්‌මරණය කිරීමේ කමිටුව විසල් කාර්ය භාරයක්‌ සිදුකොට ඇති බව පෙනී යයි.

    ඇහැලේපොල විරුවා පිළිබඳ තොරතුරු සොයා යැමේදී මූලාශ්‍ර රැසක්‌ හමුවේ. ජෝන් ඩොයිලි, ජෝන් ඩේවි, හෙන්රි මාෂල්, ඡේ. කැම්බල් ලෝරි වැනි ඉංග්‍රීසි නිලධාරීන් කළ සටහන් ඒ අතරින් ප්‍රමුඛය. ඇහැලේපොල හටන, සිංහලේ නාඩගම ඇතුළුÊපශ්චාත් කාලීන ග්‍රන්ථ 40 ක්‌ පමණ ඇහැලේපොල පුවත අපට කියාපායි. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර , ආචාර්ය අනුර මනතුංග වැන්නෝ වර්තමානයේදී ද එකී ගවේශනයේ නිරතව සිටිති.

    ඇහැලේපොල චරිතාපදානයේ අතිශය සංවේදී සිද්ධිය මද්දුම බණ්‌ඩාරගේ දිවි පිදීම සහ ඇහැලේපොල කුමාරිහාමිගේ ඝාතනයයි. මෙහිදී රජ දැක්‌වූ කෲර භාවය අනුව හෙතෙම ස්‌කොට්‌ලන්තයේ වධකයා යෑයි නම් ලද එහි ආදිපාදවරයාට සමාන යෑයි පොත පතෙහි සඳහන් ය. මරණ දඬුවමට පෙර අපරාධකරුවන්ට ඉතා දරුණු ලෙස වද දීම යන්න මානව ශිෂ්ටාචාරයේ අතිශය ම්ලේච්ඡ ම ක්‍රියාවලියක්‌ ලෙස සැලකෙයි.

    එවකට උඩරට පැවැති නීතිය අනුව රාජ ෙද්‍රdaහීත්වයට පත් වූවන්ගේ ඥාතීහු දඬුවමට බැඳී සිටියහ. රාජසිංහ රජු විසින් අවස්‌ථා ගණනාවකදී ම අපරාධකරුවන්ට දඬුවම් දීමෙන් නොනැවතී ඔවුන්ගේ වරිග සමූහය සමූලඝාතනය කිරීම දක්‌වා නොසංසිඳුණු කෝපයකින් යුක්‌තව වූවායි රොබට්‌ නොක්‌ස්‌ ද සඳහන් කර ඇත.


    සිංහල රාජ්‍යත්වය පිළිබඳව සිත් ඇතිව කටයුතු කළ ඇහැලේපොල ඒ වන විට මහ අධිකාරම් ධුරය දරමින් සිටියේය. ශ්‍රී වික්‍රම රාජසිංහ අණට පිටුපෑම රහසින් ඉංග්‍රීසීන් සමඟ සබඳතා පැවැත්වීම, සපරගමුවේ රාජකාරි සම්බන්ධයෙන් ඇති වූ මතභේද මෙන්ම රජුට ගතු කියූ මොල්ලිගොඩගේ මැදිහත්වීම යනාදී හේතු මත රජු විසින් ඇහැලේපොල සතුව තිබූ සියලු දේපොළ රාජසන්තක කළ අතර කුමාරිහාමි සහ දරුවන් සිවුදෙනා නිවාස අඩස්‌සියේ තබන්නට ද අණ දුන්නේය.

    1814 මැයි මාසයේ මුල් වකවානුවේ සබරගමුවේ ඇති කළ කැරැල්ලක්‌ නව අදිකාරම් ධුරය ලද මොල්ලිගොඩ විසින් ව්‍යර්ථ කළ අතර ඇහැලේපොල කළුතර පිහිටි බ්‍රිතාන්‍ය මුරපළක්‌ වෙත පලා ගියේය.

    ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු පවුලේ සැම වෙත අනපේක්‍ෂිත මරණය උදා වූයේ ඉන් අනතුරුවය.

    ගබඩාගෙයි ගෑනුන් විසින් ගෙන එන ලදුව වධකයන් විසින් රත්මල් මාලා දමා සැවොම මරණයට සූදානම් කළහ. සුදොaවන් පත්තිරිප්පුව මත ගිනි පුළිඟුවන් නෙත් ගෙඩි අමෝරා රාජසිංහ රජු පිරිස මරා දැමීමේ ආඥාව නිකුත් කළේය.

    එකා දෙන්නා බැගින් පැමිණි ජනයාගෙන් ද රාජ්‍ය නිලධාරීන්ගෙන් ද දේව සංහිඳය පිරී පැවතුණි. උඩරට රාජ්‍යයේ නොමඳ ගෞරවය දිනා සිටි රූපත්, කරුණාබර ඇහැලේපොල කුමාරිහාමිගේ සහ සිඟිති දරුවන්ගේ ශෝක ජනක මරණයන් දැක ගැනීම ඔවුනට දරාගත නොහැකි විය.

    ඇහැලේපොලට විරුද්ධ චෝදනා ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ මේ උදාර කාන්තාව සිය සැමියා පිළිබඳව භක්‌තිමත්, එඩිතර අදහස්‌ රැසක්‌ පවසා සිටියාය. අනතුරුව මරණයට කැපවන ලෙස සිය වැඩිමල් දරුවාගෙන් ඉල්ලා ඇතත් ඇය ඉකිබිඳිමින් පළමුව තමා මරා දමන්නැයි ඉල්ලා සිටියාය. ලොකු බණ්‌ඩාර කුමරු මරණයට බියපත්ව මවු රැකවරණ සොයද්දී නව හැවිරිදි මද්දුම බණ්‌aඩාර කුමරු අභීතව පෙරට පැමිණ "අයියණ්‌ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්විමියි කියා පළමුව ඉදිරිපත් වූයෙන් එක්‌ කඩු පහරකින් ම හිස කඳින් වෙන් කොට තිබේ. කඳින් වෙන් වූ හිස ගෙන වංගෙඩියෙහි ලා මෝල්ගසින් කෙටීමට ඇයට බලකොට තිබේ. නො එසේ වුවහොත් රොඩීනට නෑ පරපුරම පාවා දෙන බවට කළ තර්ජනයෙන් පසුව ඇය මෝල්ගස අතට ගෙන එසවුවත් සැණෙකින් ඕ තොමෝ සිහි විසඥ වූ බව ඉතිහාස ග්‍රන්ථ රැසක ලියෑවී තිබේ.
    ෙ€දජනක රුදුරු දූ දරු ඝාතනයෙන් අනතුරුව රජ අණින් ඇහැලේපොල කුමාරිහාමි සහ පුස්‌සැල්ලේ කුමාරිහාමිත්, ඇගේ දියණියත් දැත් ගැට ගසා බෝගම්බර වැවෙහි ගිල්වා මරණයට පත් කළේ ලාංකීය රාජ්‍ය ඉතිහාසය තුළ කිසිදා නොමැකෙන අඳුරු රුදුරු ශෝකජනක පුවතක්‌ ලියා තබමිනි.

    මහනුවර වැසියන් දින දෙක තුනක්‌ ශෝක වූයේ ගෙපැලක බතක්‌ හොද්දක්‌ හෝ නොපිසමිනි.

    මේ කෲර ක්‍රියාව ආයුධයක්‌ බවට පත් කර ගන්නා ඉංග්‍රීසීහු උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට සූදානම් වූහ.


    නිමල් කණහැරආරච්චි from Divaina
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇහැලේපොල අදිකාරම් රට පාවල දුන්න. ඊටපස්සෙ සුද්දො එක්ක එකතුවෙලා ඉතිහාසය වෙනස් කලා. මුන්ව වීරයො කරන්න අපෙ උන්ට පිස්සු.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොනා උනත් සුද්දන්ට කඩේ ගිය එක වැරදි...
    එයාගෙත් රජ වෙන්න පොඩි අදහසක් තිබුනා.. දැන් කාලේ ඇමතිලා වගේම වෙන්න ඇති ඒ කාලෙත්..
    ශ්‍රී වික්‍රම ඇන ගත්තේ ඇහැලේපොල පවුල මරපු එකෙන් තමා.. ඌ ගොනෙක්.. එකෙන් රටේ අනික් මිනිස්සුන්ට හොඳටම රජුව එපා උනා...
    ඌ මොලේ කල්පනා කරලා වෙන විදියකට වැඩ කලානම් අදටත් උඩරට සිංහල රාජධානියක් තියෙන්න තිබුනා...

    ප.ලි. : මෙය මාගේ පවුදගලික මතය වන අතර කිසිවෙකුට මඩ ගැසීමක් නොව.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සින්හල රාජ වන්ශේ කොයි එකත් කලේ අද වගේම තමා. බලේට එකෙක් තාත්තව බිත්තියට තියලා මැටි ගැහුව සීන් එකකුත් තියනවා නේද? එහෙව් පොරවල් දෙයියො වගේ උබලා සලකනවා, වැවක් දාගැබක් හැදුවා කියලා.. කවදාහරි උබලා මහින්දටත් දෙයියො කියලා වදියි එයාර් පොට් එකක් එක්ක වරායක් හැදුවා කියලා. ලොල් බන් සින්හලු..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    සින්හල රාජ වන්ශේ කොයි එකත් කලේ අද වගේම තමා. බලේට එකෙක් තාත්තව බිත්තියට තියලා මැටි ගැහුව සීන් එකකුත් තියනවා නේද? එහෙව් පොරවල් දෙයියො වගේ උබලා සලකනවා, වැවක් දාගැබක් හැදුවා කියලා.. කවදාහරි උබලා මහින්දටත් දෙයියො කියලා වදියි එයාර් පොට් එකක් එක්ක වරායක් හැදුවා කියලා. ලොල් බන් සින්හලු..

    :lol:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මොනා උනත් සුද්දන්ට කඩේ ගිය එක වැරදි...
    එයාගෙත් රජ වෙන්න පොඩි අදහසක් තිබුනා.. දැන් කාලේ ඇමතිලා වගේම වෙන්න ඇති ඒ කාලෙත්..
    ශ්‍රී වික්‍රම ඇන ගත්තේ ඇහැලේපොල පවුල මරපු එකෙන් තමා.. ඌ ගොනෙක්.. එකෙන් රටේ අනික් මිනිස්සුන්ට හොඳටම රජුව එපා උනා...
    ඌ මොලේ කල්පනා කරලා වෙන විදියකට වැඩ කලානම් අදටත් උඩරට සිංහල රාජධානියක් තියෙන්න තිබුනා...

    ප.ලි. : මෙය මාගේ පවුදගලික මතය වන අතර කිසිවෙකුට මඩ ගැසීමක් නොව.

    agreed
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    history stands still

    ඇහැලේපොල අදිකාරම් රට පාවල දුන්න. ඊටපස්සෙ සුද්දො එක්ක එකතුවෙලා ඉතිහාසය වෙනස් කලා. මුන්ව වීරයො කරන්න අපෙ උන්ට පිස්සු.
    උඹ නොදන්නව උනාට ඇහැලේපොල සුද්දන්ට පක්ෂග්‍රාහී උනේ වඩුග රජෙක් පාලනය කරනවටත් වඩා ඒ වෙනකොට ඉහලට නැගෙමින් තිබුන මරක්කලයින්ගෙ යටිකූට්ටු වැඩ වලටත් විරුද්ධවයි.:):)
    එහෙම නොවුනා නම් මේ වෙනකොට උඩරට රාජධානියක් කෙසේ වෙතත් සිංහල ජාතිය රටේ සුළු ජාතියක් වෙලා මහ ජාතිය මුස්ලිම් වෙන්න ඉඩතිබුන.
    තමන් ගෙ මරණයට ඒ විදිහට මුහුණ දෙන්න පුලුවන් වුණ මද්දුම බණ්ඩාර,කැප්පෙට්පොල වගෙ අය වීරයො බව කාට පිලිගන්න බැරි උනත් ඒ සිද්ධි ඇත්තටම සිදු වුන බව දන්නෝ දනිති
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැප්පෙටිපොල ජාතික වීරයෙක් විදිහට සලකන එකේ වැරැද්දක් දකින්නේ නැහැ. ඇහැලේපොලවයි කැප්පෙටිපොලවයි සසඳන්න අමාරුයි.

    ඇහැලේපොල කොයි අවස්ථාවෙදිද මරක්කලයින්ගෙ යටිකූට්ටු වැඩවලට විරුද්ධ උනා කියල කියවෙන්නෙ?


    උඹ නොදන්නව උනාට ඇහැලේපොල සුද්දන්ට පක්ෂග්‍රාහී උනේ වඩුග රජෙක් පාලනය කරනවටත් වඩා ඒ වෙනකොට ඉහලට නැගෙමින් තිබුන මරක්කලයින්ගෙ යටිකූට්ටු වැඩ වලටත් විරුද්ධවයි.:):)
    එහෙම නොවුනා නම් මේ වෙනකොට උඩරට රාජධානියක් කෙසේ වෙතත් සිංහල ජාතිය රටේ සුළු ජාතියක් වෙලා මහ ජාතිය මුස්ලිම් වෙන්න ඉඩතිබුන.
    තමන් ගෙ මරණයට ඒ විදිහට මුහුණ දෙන්න පුලුවන් වුණ මද්දුම බණ්ඩාර,කැප්පෙට්පොල වගෙ අය වීරයො බව කාට පිලිගන්න බැරි උනත් ඒ සිද්ධි ඇත්තටම සිදු වුන බව දන්නෝ දනිති
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සින්හල රාජ වන්ශේ කොයි එකත් කලේ අද වගේම තමා. බලේට එකෙක් තාත්තව බිත්තියට තියලා මැටි ගැහුව සීන් එකකුත් තියනවා නේද? එහෙව් පොරවල් දෙයියො වගේ උබලා සලකනවා, වැවක් දාගැබක් හැදුවා කියලා.. කවදාහරි උබලා මහින්දටත් දෙයියො කියලා වදියි එයාර් පොට් එකක් එක්ක වරායක් හැදුවා කියලා. ලොල් බන් සින්හලු..
    මේ කතාව රාජසිංහ කියලා නමක් දා ගත්තු වඩුගයෙක් ගෙ සාහසික අණක් නිසා මරණය වැලඳ ගන්න සිදු වුණ පවුලක් ගැන.
    කාශ්‍යප රජුට දෙය්යො කියන්නෙ උඹලා වගෙ ඉතිහාසයක් නොදන්න උන් තමා....:lol::lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කැප්පෙටිපොල ජාතික වීරයෙක් විදිහට සලකන එකේ වැරැද්දක් දකින්නේ නැහැ. ඇහැලේපොලවයි කැප්පෙටිපොලවයි සසඳන්න අමාරුයි.

    ඇහැලේපොල කොයි අවස්ථාවෙදිද මරක්කලයින්ගෙ යටිකූට්ටු වැඩවලට විරුද්ධ උනා කියල කියවෙන්නෙ?
    lokaya saha lanka itihasaya 1505-1948:rolleyes: