වසර 2000ට පෙර ........

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    •වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
    •වසර 2000ට පසු - පබා, අමා, මුතු කිරිල්ලිලා ආවා. ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන ඒවයි බැලුවා. ඒවා හිතට ගත්තා, අපිත් ඒ විදියට හිතන්න වුනා.

    •වසර 2000ට පෙර - ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා, එල්ලේ ගැහුවා. අම්මා පොළේ යද්දී අම්මත් එක්ක පොළේ ගියා.
    •වසර 2000ට පසු - ක්‍රිකට් ගේම් හෙවුවා. කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා. බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා. හිඟා කාලා සත්තු ගත්තා. ගේම් එකක් වෙනුවෙන් සත්තුන්ගේ පස්ස ක්ලික් කරලා සල්ලි හෙවුවා.

    •වසර 2000ට පෙර - ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතයෙන් ගීතයකිවුවා. දාම් ඇද්දා. කඳු පල්ලම් වල හති වැටෙනකම් බයිසිකල් පැද්දා.
    •වසර 2000ට පසු - හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා. කම්ප්යුටරෙන් චෙස් අදින්න ගත්තා. ගේම් වලින් need for speed car ගේම් ගැහුවා. වේගවත් ජීවිතයකට මානසිකත්වයක් ආවා.

    •වසර 2000ට පෙර - අපි හොඳ සිංහලෙන් කතා කරා. අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා.
    •වසර 2000ට පසු - ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕන කියල කියනවා. සිංහලෙන් කතා කරොත් කොළඹ මිනිස්සු නෝන්ඩි කරනවා. දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන් කිසිම සිංහල වචනයක් දන්නේ නෑ, ඔන්ලි ඉන්ග්ලිෂ්.

    •වසර 2000ට පෙර - මනුස්සයොත් එක්ක සුහදව මූණ බලාගෙන කතා කරා. මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා. පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා.
    •වසර 2000ට පසු - ෆේස්බුක්, මේල්, ට්විටර් අනං මනං ආවා. චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා. ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා.

    •වසර 2000ට පෙර - ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා. පොත් කියෙවුවා. නවකතා පත්තර කියෙවුවා. ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා.
    •වසර 2000ට පසු - බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා. නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු වුනා. ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා.

    •වසර 2000ට පෙර - අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ගොඩාක් වෙලා හිටියා. එහෙම කාලය ගතවෙන කොට වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ. හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා.
    •වසර 2000ට පසු - අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා. සමහරු නයිට් ක්ලබ් වල, සමහරු බීච් පාටි වල.

    ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි. ගමේ හිටියත් කොළඹ හිටියත් ඒ දවස් සුන්දරයි අදට වඩා. තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ. පන්සලකට යන මිනිස්සු අඩු වේවි. ෆෝන් වලින් කම්ප්යුටර් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි, සතුටු වේවි. කම්ප්යුටර එක්ක වර්තමානේ මිනිස්සු, අනාගතේදී ජිවත් වේවි. අපි ඉන්නේ ලංකාවේ කියල අමතක වේවි. මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි, හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි. පරණ හණ මිටි කතාවක් නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා. මේ උත්සාහය ඒ හණමිටි, ගොඩේ කාලය කාට කාටත් නැවතත් මතක් කරදෙන්න විතරයි. කවුරුත් තරහ ගන්න එපා, මොකද මේ දේ කියවද්දී මටත් රිදුනා. ඒත් තිත්ත වුනත් මේකම ඇත්ත බං...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ අතින් උඹල අපි ගොඩක් දේවල් කරල තියෙනව...:cool:
    2000 ට කලින් වගේම:P 2000න් පස්සෙත්....:(
    අතීතය මතක් කළාට ස්තූතියි මචං...
    ++4
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මචං ඔය 2000 ට පෙර පසු කියලා සීමාවක් දාපු එක ගැන මට පොඩි අවුලක් තියෙනවා .මොකද මම බයිසිකල් පැද්දා ඇලේ දොලේ නෑවා සෙල්ලම් කලා .වෙල් වල දිව්වා .හැබැයි 2000 ට පස්සේ තමා ටිකක් විතර තීව්‍ර මට්ටමට ආවේ .මොකද අපේ වයස නිසා .හැබැයි ඔය කියලා තියෙන දේවල් නම් ඇත්ත බන් .මේ කෙහෙල් මල් ටෙක්නොලොජිකල් දේවල් අපිව ඕනවටත් වඩා අනාථ කරලා තියෙන්නේ .මට ආයෙත් ඒ පරණ කාලෙට යන්න ආසයි .මම සෑහෙන උත්සහ කරනවා මචං ඔය නැචුරල් ලයිෆ් එකට ආයෙත් සෙට් වෙන්න .උත්සහය සාර්ථක වෙයිද දන්නේ නැහැ .ඒත් බලමු .:no::no::no::no::yes::yes::yes::yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි ඉස්සර 5වසරේ වගේ ඉන්න කාලේ computer අල්ලන්නත් බයයි, හැමතැනම ඇත්තෙත් නෑ , ගෙවල් වලට ගෙනාවෙත් ඊට සැහෙන කාලෙකට පස්සේ , දැන් ඒකට අපේ මාමගේ පොඩි එකා උ 5හේ දැන් ඒක දැන් com එකට තනියම game උනත් install කරල ගහන හැටිත් අපිට කියනවා