වසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමු&#3520

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    වසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමු&#3520

    z_p-33-Excavations-01.jpg

    රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර ප්‍රදේශයේ ගල් ලෙනක්‌ ඇසුරෙන් කරන ලද කැණීම්වලදී මීට වසර 3000 - 4000 අතර කාලයේදී ආදිවාසී ජනතාව ජීවත් වූ බවට පැහැදිලි සාක්‍ෂි රාශියක්‌ හමුවී ඇති බවට පර්යේෂණයකින් හෙළිවී ඇත. වැලිගෙපොල මාර්ගයේ කෝන්ගස්‌තැන්න හංදියෙන් හැරී කිලෝ මීටර් අටක්‌ පමණ ගමන් කළ පසු හමුවන ලුනුගල්ලෙන පිහිටි ස්‌ථානයට ළඟා වූයේ දුෂ්කර මාර්ගයක්‌ පසුකර ලීදඬු වැල් ආදියෙන් තැනූ ඉණිමඟක්‌ ද ඔස්‌සේය. මෙම පර්යේෂණ කටයුතු සිදු කරන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ මෙසේය.

    ඉතිහාසය යනු මේ රටේ මිනිසුන්ගේ සත්‍ය කතාවයි. නමුත් ඉතිහාසය පිළිබඳ පාසල් විෂයයන්ට පවා අපි මීට වසර හත අටකට පෙර ලියූ දේ වෙනස්‌ කරන්න කාලය එළඹිලා. ආදි මානවයා කියන්නේ අපි හිතාගෙන හිටියේ සතුන් දඩයම් කරමින් සතුන් පසුපස යමින් ජීවත් වූ පිරිසක්‌ කියලයි....

    මෙම ලුනුගල් ගෙය තුළ මෙතෙක්‌ කරන ලද කැණීම්වලින් ආදි මානවයා ගොවිතැන් කරමින් අර්ධ දඩයක්‌කරුවන් ලෙස ජීවත් වූ බවට සාධක හමුවී තිබෙනවා. මේ වන විට කුඩා ගල් ආයුධ ලක්‍ෂයක්‌ පමණ සොයාගෙන තිබෙනවා. වී ඇට දික්‌කැකුණ ඇටවල කොටස්‌ හමුවීමෙන් විවිධ ධාන්‍ය වර්ග ආහාරයට ගෙන තිබෙන බව පෙනෙනවා. ඒ සියල්ලටම වඩා ගිනි උපදවා ගැනීමට විශේෂ ගල් විශේෂයක්‌ භාවිතා කර තිබෙනවා. එම ගල මතුපිට වෙලන් කෝටුවක්‌ තබා දැතින් කරකැවීමෙන් එම ගල මතුපිටින් ගිනි උපදවාගෙන තිබෙනවා. ඊට පුළුන් වැනි පහසුවෙන් ගිනි දල්වාගත හැකි යමක්‌ කිට්‌ටුකර තම අවශ්‍යතා ඉටුකරගෙන තිබෙනවා. එසේම බෝලගල් මෘදු මිටි ලෙස භාවිතා කරමින් රබහා වැනි ගල් විශේෂ විද කුඩා පබළු ආදිය පැළඳ ගැනීමටත් කටයුතු කර තිබෙනවා. ආදි වාසී නායකයන් හඳුනාගන්නට පච්ච කෙටීමට අවශ්‍ය පාෂාණ විශේෂයක්‌ ද මොවුන් භාවිත කළ බව සනාථ කරන්නට එම ගල් හමුවුණා.

    රාත්‍රියේ අඳුර පලවා හරින්න කැකුණ ඇට පලා එම මද කෝටුවක ගසා දල්වාගෙන තිබෙනවා. මේ ප්‍රදේශයේ මීගම්මන දොළ අසල අදත් කැකුණ ගහක්‌ දක්‌නට ලැබීමෙන් ඒවා හොඳින් තහවුරු වෙනවා. වෙනත් කිසිම තැනකින් අතීතයේ ජනයා භාවිතා කළ වී ඇට හමුවී නැහැ. මෙම අය මෙනේරි වැනි ධාන්‍ය වර්ගද පරිභෝජනය කරමින් මීමින්නන්, දඬුලේනුන්, කුරුල්ලන් වැනි කුඩා සතුන් පමණක්‌ ආහාරයට ගෙන ඇති බව දැනට ලැබී ඇති සතුන්ගේ අස්‌ථි කොටස්‌වලින් පැහැදිලි වෙනවා.

    මෙදින රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඉතිහාස විෂය උගන්වන ගුරු මහත්ම මහත්මීන් 140 ක්‌ පමණ මෙම ලුනුගල්ගෙය බැලීමට පැමිණ සිටි හෙයින් එම ගුරුවරුන් වෙනුවෙන් මහාචාර්ය රාඡ් සෝමදේව මහතා මෙවන් කරුණු රැසක්‌ ද ප්‍රකාශ කළේය.

    "පුරාවිද්‍යා ඉතිහාසය යන විෂයයන් උගන්වන ගුරුවරු පවා එතරම් වැදගත් කොට ඇතැම් අය සලකන්නේ නෑ. විද්‍යාව ගණිතය උගන්වන ගුරුවරයාට ඊට වඩා සලකනවා. ඉතිහාසය ගුරුවරුන් දාන් ලෑල්ලෙ ඉත්තෝ වගේ එහාට මෙහාට මාරු කරනවා.


    මෙහිදී අප සොයාගත් දේ අනුව ඉතිහාසය වෙනස්‌ වෙනවා. බටදොඹලෙන, පාහියංගල වගේ ලුනුගල් ගුහාවත් ඉතිහාස ගත වේවි. අපි වසර 8 ක්‌ පමණ තිස්‌සේ ඉතිහාසය ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා. දැන් පළමු වෙඩිමුරය තබලයි තිබෙන්නේ. සිසුන් අහන ප්‍රශ්නවලට ගුරුවන්ට උත්තර දෙන්න මෙම අධ්‍යයනය වැදගත් වේවි. කුවේනිය, සහ ඇගේ දරු ඥති පිරිස ගැන පමණක්‌ කතා කර කර ඉඳලා වැඩක්‌ නැති බව පෙනේවි.

    මේ ගල්ලෙන පිළිබඳව මුලින්ම මට දුරකථනයෙන් තොරතුරු ලබා දුන්නේ බළන්ගොඩ බුද්ධ ජයන්ති විදුහලේ ඉතිහාසය විෂය උගන්වන සමන්ත නමැති ගුරුවරයෙක්‌. මම ඊට අවධානය යොමුකර මීට මසකට පමණ පෙර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක්‌ ද සමඟ වැඩේ ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. හමුවූ ගල් ආයුධ පහක්‌ බැගින් පාසල්වලට ලබාදෙන්න මම සූදානම්. ඊට සුදුසු ස්‌ථානයක්‌ හදන්න දරුවන්ට දැනුම ලබාදීමට එය ආයෝජනයක්‌. සජීවී සාක්‍ෂි ඇතුව උගන්වන එක වඩාත් වැදගත්.

    මෙම ගල්ලෙන පිහිටි ස්‌ථානයට අලි, කොටි, මුවන්, කුළුහරකුන් වැනි විශාල සතුන්ට ඒමට නොහැකි ආරක්‍ෂිත ස්‌ථානයක්‌ බවත් ආදි වාසී ජනයා ජීවත් වූ ස්‌ථානයක්‌ බව පැහැදිලි සාක්‍ෂි ඇති බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

    මෙම ලිපිය සැකසීමට පුරාවිද්‍යා ලේඛක දයානන්ද බිනරගම, බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. ජී. ආරියපාල යන මහත්වරුන් දැක්‌වූ සහායට ස්‌තුතිය පිරිනමමු.



    බළන්ගොඩ - එන්. එච්. පියසේන
    http://www.divaina.com/2015/09/25/news22.html


    කට්ටියට බලන්න Bump කරන්න
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තව හොඳ හොඳ දේවල් ඉදිරියට හමු වෙයි. අඳුරේ අත පත ගාන කට්ටිය අරිසෙන් අහුබුදු ශූරීන්ගේ "ඉර හඳ නැගී රට" කියෙව්වොත් හොඳයි කියලයි හිතෙන්නේ.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇමරිකාව සුද්දෝ අල්ලන්න කලින් එහේ හිටපු උන්ට කියන්නේ ආදීවාසීන් කියල.
    ඔස්ට්‍රේලියාව සුද්දෝ අල්ලන්න කලින් එහේ හිටපු උන්ට කියන්නේ ආදීවාසීන් කියල.
    මෙතනදී "ආදිවාසීන්" පිටින් ආපු ආක්‍රමණිකයාගේ සංස්කෘතියට එක් නොවී සෑහෙන කාලයක් හිටියා. ආක්‍රමණිකයාගේ සංස්කෘතිය ඒ විදිහටම තිබ්බා. දෙක මිශ්‍ර වෙලා අනන්‍ය ජාතියක්, සංස්කෘතියක් හැදුනේ නෑ.

    ලංකාවේ එහෙම වචනයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නෑ. සිංහල ජාතිය හැදුනේ පිටින් ආපු ගෝත්‍ර, ජාතීන් සමඟ මෙහෙ හිටපු ගෝත්‍ර/ජාතීන් ගණනාවක් එකට මිශ්‍ර වෙලා අනන්‍ය ජාතියක්, අනන්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමෙන්.

    Rep added.:)
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඇමරිකාව සුද්දෝ අල්ලන්න කලින් එහේ හිටපු උන්ට කියන්නේ ආදීවාසීන් කියල.
    ඔස්ට්‍රේලියාව සුද්දෝ අල්ලන්න කලින් එහේ හිටපු උන්ට කියන්නේ ආදීවාසීන් කියල.
    මෙතනදී "ආදිවාසීන්" පිටින් ආපු ආක්‍රමණිකයාගේ සංස්කෘතියට එක් නොවී සෑහෙන කාලයක් හිටියා. ආක්‍රමණිකයාගේ සංස්කෘතිය ඒ විදිහටම තිබ්බා. දෙක මිශ්‍ර වෙලා අනන්‍ය ජාතියක්, සංස්කෘතියක් හැදුනේ නෑ.

    ලංකාවේ එහෙම වචනයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නෑ. සිංහල ජාතිය හැදුනේ පිටින් ආපු ගෝත්‍ර, ජාතීන් සමඟ මෙහෙ හිටපු ගෝත්‍ර/ජාතීන් ගණනාවක් එකට මිශ්‍ර වෙලා අනන්‍ය ජාතියක්, අනන්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමෙන්.

    Rep added.:)
    meka poddak pahadili karanna .ai mehema kiyanne kiyala