වසර 58 කට පෙර යාල්දේවියේ මංගල ගමන

Gothakaruma

Member
Aug 19, 2014
23
2
0
යාල්දේවියේ මංගල ගමන

http://offair.nethfm.com/article/6141

තුන් වැනි වේදිකාවේ තිබෙන යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 6.00 ට යාපනය බලා පිටත් වේ. එම දුම්රියේ මංගල ගමනට සුබ පැතීම සඳහා පැමිණි සියලුම ආරාධිත අමුත්තන් අපි ගෞරවයෙන් යුතුව පිළි ගනිමු‘ කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයෙන් මීට වසර 58 කට පමණ පෙර ඒ හඬ ඇසුණේ යාපනය බලා ධාවනයට නව දුම්රියක් එක් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකදීය.

වර්ෂ 1956 අප්‍රේල් මස 23 වැනිදා හරියටම පෙරවරු 6.00 කණිසමට යාල්දේවිය යාපනය බලා මංගල ගමන් ඇරැඹුවාය. ඇයට ගමන් ඇරැඹීමට සංඥාව ලබා දුන්නේ එවකට දුමරිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ බී. ඩී. රම්පාල මහතාය.

ඔල්වරසන් හඩ මැද මහත් උජාරුවෙන් යාල්දේවිය එදින යාපනය බලා ගමන් ඇරැඹුවාය. එදා ඇය මංගල ගමනට මුල පිරුවේ කැනඩාවේ සිට ආනයනය කරන ලද එම් -2 වර්ගයේ එන්ජිමක් මඟිනි.

අදත් ඉතා හොඳ ධාවන තත්ත්වයනේ ජව සම්පන්නව සිටින. කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ නිෂ්පාදිත මේ දුම්රිය එන්ජින් එදා උතුර දකුණ යා කිරීමෙහි ලා විශාල මෙහෙයක් කිරීමට සමත් විය.

පසු කලෙක කන්කසන්තුරය දක්වා උතුරේ කෙළවරටම යාමට ඇයට දායකත්වය සපයන ලද්දේ මේ කැනේඩියන් එන්ජින් බව දුම්රියේ එදා සිට අද දක්වාම ගමන් ගන්නා බොහෝ දෙනා දන්නා කරුණකි.

යාල්දේවියේ ඉතිහාසය එදා මෙදා තුර බොහෝ දෙනාගේ කතා බහට ලක් වූවකි. රාත්‍රී තැපැල් දුම්රිය පමණක් ප්‍රමාණවත් නොවූ හෙයින් ආරම්භ කරන ලද යාල්දේවිය සමඟම උඩරට මැණිකේ මෙන්ම ඊට පෙර ගමන් අරඹා එදින නව ජවයක් ලැබූ රුහුණු කුමාරියද විය. එදා මෙදා තුර මේ ‘ත්‍රී සිස්ටර්ස්‘ තව සේවාව අකුරටම ඉටු කළාය.

යාල්දේවියේ ගමන් ආරම්භ කිරීමට පෙර එකළ ලේක්හවුස් පුවත්පත් හරහා ඒ සඳහා දැන්වීම් රැසක් පළ කරන ලදී.

1956 වසරේ අප්‍රේල් මස 22 වැනිදා සිළුමිණ පුවත්පතේ පළ වු දැන්විමක සඳහන් වූයේ ‘ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ‘ - ප්‍රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි‘ යනුවෙනි.

C G R යන ඉංග්‍රීසි අකුරු තුන යටතේ උඩරට මැණිකේ, යාල්දේවි, හා රුහුණු කුමාරි පෙන්නුම් කර තිබුණේ තරුණ ළදුන් ගේ ස්වරූපයෙනි, උඩරට මැණිකේ උඩරට ළදකගේ ස්වරූපයෙන් ද යාල්දේවි ද්‍රවිඩ තරුණ ළදකගේ ස්වරූපයෙන්ද රුහුණු කුමාරිය දකුණේ රෙද්දය හැට්ටය අදින ලද ළදකගේ ස්වරූපයෙන්ද ඉදිරිපත් කර තිබුණි.

අපූරු නිමැවුමක් ලෙසින් පළ කරන ලද මේ දැන්වීම එකල ඉතා ආකර්ශනීය වූ බව යාල්දේවි දුම්රියේ පනස් වසර සමරන ලද 2006 වසරේ ඊට සහභාගි වූ බොහෝ පිරිස් පැවසූහ. එම බොහෝ පිරිස් ආරම්භක යාල්දේවියටද සහභාගි වූ අය වෙති.

1956 අප්‍රේල් 23 වැනි සඳුදා සිට උඩරට මැණිකේ යාල් දේවි සහ රුහුණු කුමාරිය ගමන් ආරම්භ කරනා බව දක්වා තිබූ එම දැන්විමේ දුම්රිය ගමන් ආරම්භ කරන වේලාවන් හා ගමනාන්ත කරා ගමන් කරනා වේලාවන්ද දක්වා තිබුණි.

‘ආරක්ෂිතව හා ලාබදායි ලෙසින් දුම්රියෙන් ගමන් කළ හැකි බව එම දැන්වීමෙන් දක්වා තිබුණි.

දුම්රිය ගමනාරම්භ කිරීමට පෙර එනම් 1956 අප්‍රේල් මස 20 වැනිදා දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත් මඟින් ද තවත් අගනා සිත් ඇද ගන්නා දැන්වීම් පළ කර තිබුණි. තරුණියන් තිදෙනා අත් අල්ලා ගෙන ගමන් කරන ස්වරූපයෙන් ඉදිරිපත් කර තිබූ එම දැන්වීමෙන් ද දක්වා තිබු‍ණේ ප්‍රියංකර තරුණියන් තිදෙනකු ගමන් යාමට පැමිණෙන බවකි.

ඩේලිනිවුස් පුවත් පතේද THREE LOVELY SISTERS. යනුවෙන් දක්වා තිබුණි. මේ තරුණියන් තිදෙනා අත් අල්ලාගෙන ගමන් කරනා මේ දැන්වීම් අද පවා එම දැන්වීම් සිත් ඇද ගන්නා නිර්මාණශීලී ස්වරූපයෙන් නිමවා තිබුණු බවකි.

අප යාල්දේවිය ගැන මෙතරම් උනන්දුවෙන් උද්යෝගයෙන් කතා කරන්නෙ ඇයි? උතුරත් දකුණත් එක් කළ යාල්දේවිය කෙළේ සුළු පටු සේවාවක් නොවේ. සිංහල වැසියන්ට තල් අරඹටත් දෙමළ වැසියන්ට දෙවුන්දර තුඩුව දක්වාත් ගමනට මූලික අඩිතාලම වැටණේ යාල්දේවිය හරහාය. අද මෙන් සුපිරි බස් නොතිබූ එකල දුම්රිය ඒ තරමට අප හා හිතවත්ව සිටියාය.

ඇය විසින් කරන ලද සේවයට උපහාර පුදන්නට වසර 25 දී මෙන්ම 50 දී ඇයට මල් මාලා පළදවනු ලැබුණි. එහෙත් වසර 50 දී ඇයට ගමන් කළ හැකිව තිබුණේ උතුරේ ආරම්භයට පමණි. ඇය අපට සලසන ලද සේවා කාලය වසර 58 ක් වුවත් වසර 25 ක් ම ඇයට අතර මඟදී නැවතී ආපසු එන්නට සිදු විය.

දැන් ඒ සියල්ල නිමා වී ඇත. යාල්දේවියට තම සුපරුදු ගමන ඇරැඹීමට මාවත දැන් සැකසී ඇත. ඇය අද (13) යාපාපටුනට ගමන අරඹන්නීය. අප සැවොම බලා සිටියේ එම දිනය උදා වෙන තෙක්ය. අලිමංකඩ, මෙන්ම චාවාකච්චේරි වැනි ප්‍රදේශ හරහා යළිත් යාපා පටුනට ඇය තම සේවය සපයනු ඇත. අහිමිරි මතකයන් සියල්ලම අතිතයේ ගිල්වමින් ඇය පරණ තරහ සියල්ල අමතක කර මේ ගමන අප හා යනු ඇත.

අතීතය ගෙවී ගොසිනි. වර්තමානය අප ඉදිරියේය. අනාගතයට යා හැක්කේ අතීතයෙන් ලත් පාඩම් මඟින් නිවැරැදි මාවතේ බව යාල් දේවිය හොඳින් ම දනී. අපට සතුටු විය හැක්කේ එබැවිනි.


yal.jpg
content/uploads/2014/10/yal.jpg
yal - See more at: http://offair.nethfm.com/article/6141#sthash.dkAjO5CQ.dpuf
 
Last edited:
  • Like
Reactions: DemonAkalanka

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හොඳ ලිපියක් මචන්. ස්තුතියි බෙදාගත්තට. උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් එකිනෙකාට ලන්වීමට හොඳ අවස්තාවක් තමයි යාල් දේවිය දුම්රිය නැවතත් ගමන් ඇරඹීම.
    11.gif


    Yaal Devi - Connecting People