වසර_15ක්_ගුහාවක රඳවා ගෙන ලිංගික අපයෝජනය කල ත&#

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    වසර_15ක්_ගුහාවක රඳවා ගෙන ලිංගික අපයෝජනය කල ත&a

    වසර 15ක් ගුහාවක රඳවා ගෙන ලිංගික අපයෝජනය කල තරුණියක් සොයා ගැනේ


    83 හැවිරිදි පුද්ගලයෙකු විසින් පුරා වසර 15 ක කාලයක් ගුහාවක රඳවා තබා ගනිමින් ලිංගිකව අපයෝජනය කළ 28 හැවිරිදි තරුණියක් සොයා ගැනීමට ඉන්දුනීසියානු පොලිසිය සමත්ව ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

    2003 වසරේදී 13 හැවිරිදි ලාබාල දැරියක් වූ මෙම තරුණිය සැකකරු විසින් පැහැරගෙන විත් සිය නිවසේ රඳවා ගෙන තබා ගෙන ඇති අතර වසර 10 කට අධික කාලයක් මොහු විසින් අදාළ තරුණියව ලිංගිකව අපයෝජනය කර ඇති බව එරට පොලිසිය සදහන් කරනවා.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මන්ත්‍ර ගුරුකම් වෘත්තීය වශයෙන් සිදුකරනු ලබන අයෙක් බවත් මෙම කාන්තාවට ළමා කාලයේදී ඇතිව තිබෙන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සදහා ඇයගේ දෙමවුපියන් මෙම සැකකරු වෙත දැරියව භාරදී ඇති බව සදහන්.

    පසුව දැරිය රැගෙන යාමට පැමිණි දෙමව්පියන්ට සැකකරු පවසා ඇත්තේ එම දැරිය රැකියාවක් සොයා ජකර්තා අගනුවර බලා පිටත්ව ගිය බවයි. කෙසේ නමුත් දැරියගේ දෙමවුපියන් සහ ඥාතින් දැරිය සොයමින් වසර ගණනාවක් කාලය ගත කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.

    මෙම සැකකරු විසින් දැරිය බිය වද්දා සිය ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ඇයව රඳවා තබා ගෙන ඇති අතර දහවල් කාලයේදී කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඇයව ගුහාවක රඳවා තබා ගෙන ඇති අතර රාත්‍රි කාලයේදී පමණක් තම නිවසට කැදවාගෙන විත් තිබෙනවා.

    පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර චෝදනා වලට වැරදිකරු වුවහොත් සැකකරුට වසර 15 ක සිර දඬුවම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.



    ZP0aipn.jpg


    JnSV2F2.jpg



    BBC News
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    අපේ වගේ අයියල එහෙත් ඉන්නවා නේද...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අපේ වගේ අයියල එහෙත් ඉන්නවා

    Ehe inne amu kariyo.ape un hodai.godak un thamange kellata uge yaluwo ekka balen polimak danawa.ewa video karala sex site walata danawa.naaki un me wage podi kellonta salli deela petti kadanawa.ayiya nangi wa rape karanawa.owa lankawe nitharama wenne nahane.eth ehe nitharama wenawa.maha sakkili ratak..rape scene nam sahenna wadi.godak ewa eliyata enne naha.
     

    Similar threads