වසල සූත්‍රය

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙය බුදු දහමේ දේශනාවන් අතුරින් සමාජ ශෝධනය සඳහා දේශනා කරන ලඳ ඉතාමත්
    ප්‍රභල දේශනාවකි පෙර දඹදිව කුළ භේදය ඉතාම දරුණු ලෙස පැතිර ගිය අවධියක
    බාරධ්වාජ බ්‍රාහ්මණයාට වසලයා යනු කවුරුන්දැයි හදුනා ගැනීම පිණිස බුදුරදුන් විසින්
    දේශනා කරන ලදී. මිනිසෙකු වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු සිදුකරන්නාවූ ක්‍රියාවන්
    වලින් බව බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව තුළින් පැහැදිළි කරන ලද අතර එය පැරණි
    භාරත සමාජය තුළ මහා පෙරළියක් ඇති කිරීමට හේතු විය. මෙම දේශනාවේ මිනිසෙකු
    සමාජය ඉදිරියේ වසලයෙකු වන්නේ කෙසේදැයි පියවර 33 කින් දක්වා ඇත.

    1. නිතර කිපෙන බව.
    2. බද්ධ වෛරයෙන් යුක්තවීම.
    3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.
    4. මිසදිටු අදහස් ඇතිවීම.
    5. අනුන් රවටන ස්වභාවය.
    6. සත්ත්ව හිංසාව.
    7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.
    8. අනුන් සතු දෙය සොරකම් කිරීම.
    9. ණය ගෙන ණය හිමියා රැවටීම.
    10. මංකොල්ලකෑම.
    11. බොරු සාක්ෂ්‍ය දීම
    12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි
    හැසිරීම.
    13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර
    අකෘතඥවීම.
    14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා
    කිරීම හා පරොස් බස් බිණීම.
    15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන්
    නොමඟ යැවීම.
    16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.
    17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි
    විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.
    18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.
    19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන්
    කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.
    20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.
    21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.
    22. රළු පැවතුම් ඇති බව.
    23. තද මසුරු සිත් ඇති බව.
    24. පවිටු අදහස් ඇති බව.
    25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය.
    26. කෛරාටික බව.
    27. පව් කිරීමට ලජ්ජා නැතිකම.
    28. පව් කිරීමට බිය නැතිකම.
    29. බුදුරදුන් නිග්‍රහ කිරීම.
    30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.
    31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .
    32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රකාශ කිරීම.
    33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් වන බව වර්ග කිරීම

    ගිහියන් උදෙසා බුදුරදුන් දේශනා කළ මෙම අගනා පිරිත් දේශනාවේ ඉහත සිංහල තේරුම
    අධ්‍යයනය කර අප තුළ ඇති වසල ගති පන්නා දමා අප අතර සිටින වසලයන් හදුනාගෙන ඔවුන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක්ම ළගා කරගැනීමට අදිටන්
    කර ගනිමු…
     
    Last edited: