වස්ගමුව ජාතික වනෝද්යානය

herosl

Member
Jul 27, 2011
61
26
0
වස්ගමුව ජාතික වනෝද්යානය

12 වැනි සියවසේ පරාක‍්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලද ‘කාලිංග’ ඇළද ඊට අමතරව මාලගමුව, විල්මිටිය, දාස්තොට, වස්ගමුව වැව්වල නෂ්ඨාවශේෂයන් මෙහි අතීත සෞභාග්‍ය විදහා දක්වයි. අඹන්ඟග මහවැලි ගඟට සම්බන්ධ වන ස්ථානයට නුදුරුව ‘දාස්තොට’ වැව පිහිටා තිබේ. ඊට පහළින් මහවැලි ඟග මැද දුපතක් පිහිටි ස්ථානයකින් ‘කාලිංග’ ඇළ ඇරඹේ. මෙම ස්ථානය එකල කාලිංග නගරය ලෙස හඳුන්වා තිබේ. ඇළේ නටබුන් අඛණ්ඩ ලෙසකින් දක්නට තිබෙන අතර ඇතැම් ස්ථාන කුඹුරු බවට පරිවර්තනය වී තිබේ.

අතීතයේ කාලිංග ඇළ මගින් ත‍්‍රිකුණාමලය අසල ඇති ‘අල්ලෙයි’ වැවට ජලය ගෙන ගිය බව විශ්වාස කෙරේ. ඓතිහාසික වශයෙන් තවත් වැදගත් ස්ථානයක් වස්ගමුව උද්‍යානය තුළ පිහිටා ඇත. ඒ මහජනයාට පහසුවෙන් යා හැකි යුදඟනා පිටියයි. ඒ දුටුගැමුණු සහ සද්ධාතිස්ස ද්වන්ද යුද සටනක යෙදුනු ස්ථානයයි. එදා සද්ධාතිස්ස රජුට පැරදී පලාගොස් බත්මුල ලිහා අනුභව කළ ‘කදුරු තොටද’ ඒ අසලය. දෙබෑයන්ගේ බිහිසුණු සටන නිසා ශාසන උද්දීපන කටයුතුවලට බාධාවක් වේ දෝයයි හටගත් බිය නිසා එදා රහතුන් මවා පෑයෙයි කියන ‘රහතන් කන්ද’ දකුණින් පිහිටා ඇති බව පැරණි ගම්වාසින්ගෙන් මම දැනගත් දෙයකි.

අඹන් ඟග - කළු ගඟට සම්බන්ධ වන සන්ධියට නුදුරුව එනම් උද්‍යානයේ ඊසාන දිග කොටසේ දක්නට ලැබෙන බුදුරුව යාව ආසන්නයේ අඹන්ඟගට පිටතින් සහ උද්‍යානය තුළ සැතපෙන බුදු පිළිම දෙකක් සහ පැරණි ගල්කණු දකින්නට ලැබේ. ඒවා අවුරුදු 1800 ට ඈත ඉතිහාසයක් කියා පාන්නේය.
------------------------------------------------------------------------------------

ලංකාවේ වන රක්ෂිත අතර ප්‍රධාන තැනක් ගන්නා වස්ගමුව ජාතික වන උද්‍යානය රක්ෂිත භූමියක් ලෙස නම් කර ඇත්තේ 1937 වසරේදීය. මුල් කාලයේ මේ වස්ගමුව ජාතික වන උද්‍යානය හැඳින්වූයේ ‘වලස්ගමුව‘ නමිනි. එය එසේ හැඳින්වීමට හේතු වූයේ වලසුන්ගෙන් බහුල රක්ෂිත භූමියක් වූ හෙයිනි. ඉන් ටික කාලයකට පසුව ‘වලස්ගමුව‘ ‘වාස්ගමුව’ ලෙස හැඳින්වූ අතර පසුකාලීනව ‘වස්ගමුව‘ යන නමින් හඳුන්වනු ලැබේ. වස්ගමුව ජාතික වන උද්‍යානය උතුªරින් අඹන් ගඟින්ද, නැඟෙනහිරින් මහවැලි ගඟින්ද, බස්නාහිරින් කළු ගඟින්ද, දකුණින් මුතු අංගනා ඔයෙන් ද සීමා වේ. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ගෙන් සියට තිස්නවයක් (39 %) වස්ගමුව ජාතික වන උද්‍යානයේ සිටින අතර පක්ෂි විශේෂ එකසිය හතර දෙනකු වස්ගමුව ජාතික වන උද්‍යානයේ සිටී.

ඉතාමත් දුර්ලභ ගණයේ නිශාචර පක්ෂියකු වන ‘බිම් බස්සා ද’ වස්ගමුව ජාතික වන උද්‍යානයේදී දැක බලා ගත හැකිය. වස්ගමුව ජාතික වන උද්‍යානයේ අලින් තුන්සිය පනහක් හාරසියයක් පමණ සිටිති. ඔවුහු ඇලහැර හරහා මින්නේරිය ජාතික වන උද්‍යානයේත්, කවුඩුල්ල ජාතික වන උද්‍යානවලත් සැරසරමින් ජීවත් වෙති. මේ වන විට වස්ගමුව ජාතික වන උද්‍යානයේ වලසුන් තිස් පහක් හතළිහක් අතර සිටින බවද වස්ගමුව ජාතික වන උද්‍යානයේ භාරකරු අශෝක රාජපක්ෂ මහතා පැවසීය.

මීට අමතරව ජාතික පක්ෂියා වන වලි කුකුළා ද ගෝනුන්, මුවන්, හාවන්, මීමින්නා, මොනරුන්, ද විශේෂ සමනල් වර්ගද වස්ගමුව ජාතික වන උද්‍යානයේදී දැක බලා ගත හැකිය.දිවියන් පහළොවක් විස්සක් අතර කණ්ඩායමක්ද වස්ගමුව වන උද්‍යානයේ සැරිසරන බව එහි උද්‍යාන භාරකරු පැවසීය.

සංචාරකයන්ගේ පහසුව තකා සංචාරක බංගලා තුනක්ද උද්‍යානයේ ස්ථාපිත කොට තිබේ. එනම් වවුල්ලැබේ, කදුරුපිටිය මහවැලි ස්ථානවලය. මීට අමතරව ‘කඳවුරු’ බිම් හතක්ද වන උද්‍යානයේ ස්ථාපිත කොට ඇත.වස්ගමුව ජාතික වන උද්‍යානයේ පවතින සුවිශේෂී ස්ථානයක් ලෙස යුදගනාපිටිය නම් කළ හැකි බව අපත් සමග සංචාරයේ නිරත වූ වස්ගමුව ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු සුරංග රත්නායක මහතා පැවසීය.යුදගනාපිටිය හා බැඳුණු පුරා වෘත්ත දෙකක් පවතින බවත් සුරංග රත්නායක මහතා අප සමග විස්තර කළේය.

ඒ මෙසේය. දුටුගැමුණු රජතුමා සහ එළාර රජතුමා සමග ද්වන්ද සටන පැවතුණේ මේ වස්ගමුව ජාතික වන උද්‍යානයේ පිහිටා ඇති යුදගනාපිටියේ බවයි. එසේම දුටුගැමුණු රජතුමා සහ සද්ධාතිස්ස රජතුමා අතර ඇතිවූ සටන සිදුවූ ස්ථානය ලෙස මේ යුදගනාපිටිය හැඳින්වේ. ඉතිහාසගත සිද්ධීන් දෙකට අමතරව යුදගනාපිටියේ සුවිශේෂ වූ පාෂාණ විශේෂයක් ද දක්නට ලැබේ. එම පාෂාණ විශේෂය හඳුන්වනු ලබන්නේ ‘සර්පර්න්ටිනයිට්’ ලෙසය. හෙක්ටයාර් හතළිස් දාහකින් සමන්විත වූ වස්ගමුව ජාතික වන උද්‍යානයේ සොබා දහමේ චමත්කාරය අත් විඳින්නට ඔබටත් ආරාධනා කරමු.


Source : http://aroundsl.blogspot.com/


1.jpg


2.jpg

 
  • Like
Reactions: Chrisrg