වස මුසු කළ ආහාර කෑමට ගත් අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ තත්ත්වය බරපතළ යැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ඉරාක බුද්ධි අංශ පෙරේදා (5) පැවැසීය.
ත්‍රස්ත නායකයාට වස දීම සිදුවූයේ පසුගිය සිවු වැනිදා ය. ඔහුගේ කෑමට වස දමනු ලැබ ඇත්තේ ද ඔහුගේ සමීපතමයකු විසින් යැයි පසුව අනාවරණය වූ බව ද ඉරාක බුද්ධි අංශ වැඩි දුරටත් වාර්තා කර තිබේ.
අබු බකර් අල් බැග්ඩෑඩි, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයා පමණක් නොව, එම ත්‍රස්ත සංවිධානය විසින් අත්පත් කරගත් ප්‍රදේශ එක් කර, ඔවුන් විසින් පිහිටුවා ගත් ඉස්ලාමීය රාජ්‍යයේ ආගමික නායකයා (කලීෆා) ද වෙයි.
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත නායකයාට වස දුන් පුද්ගලයා මෙතෙක් හඳුනා ගෙන නැති නමුත්, සැකකටයුතු අය සොයා අයි.එස්.අයි.එස්. සාමාජිකයන් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.