පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.''රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත'’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් කර ඇති බවයි ඒම පුවත්පත් වාර්තාවන්හි සදහන් වන්නේ.
මෙම නව පනත් කෙටුම්පත මඟින් පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත අහෝසි වන අතර ඒමඟින් සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමිවන බවට වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
ඒ අනුව දැනට සකස් කර ඇති නව පනතට අනුව, පෞද්ගලික අංශයට හිමි වීමට නියමිත වන්නේ, පොහොය නිවාඩුව පමණි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව, ආදී නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතුවන අතර වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර, වැඩ කරන පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා දීර්ඝ කර ඇති බවයි මුද්‍රිත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඒසේම නව පනත් කෙටුම්පත අනුව සේවක සේවිකාවන් පහළොවකට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය වන අතර ඒ වෙනුවට සේවකයන් 50 ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලික අංශයේ සේවකයින් බිල්ලට තබමින් මෙම ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ඉදිරිපත් කරන්නක් බවත් කියවෙි.
- ලක්බිම පුවත්පත ඇසුරින් -
More info - http://www.lakbima.lk/index.php/inquiry/16817-private-job-new

.