වහල්ලු වෙමු

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    YJy9ALn.jpg


    පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.''රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත'’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් කර ඇති බවයි ඒම පුවත්පත් වාර්තාවන්හි සදහන් වන්නේ.

    මෙම නව පනත් කෙටුම්පත මඟින් පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත අහෝසි වන අතර ඒමඟින් සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමිවන බවට වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

    ඒ අනුව දැනට සකස් කර ඇති නව පනතට අනුව, පෞද්ගලික අංශයට හිමි වීමට නියමිත වන්නේ, ‍පොහොය නිවාඩුව පමණි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව, ආදී නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතුවන අතර වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර, වැඩ කරන පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා දීර්ඝ කර ඇති බවයි මුද්‍රිත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

    ඒසේම නව පනත් කෙටුම්පත අනුව සේවක සේවිකාවන් පහළොවකට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය වන අතර ඒ වෙනුවට සේවකයන් 50 ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලික අංශයේ සේවකයින් බිල්ලට තබමින් මෙම ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ඉදිරිපත් කරන්නක් බවත් කියවෙි.

    - ලක්බිම පුවත්පත ඇසුරින් -

    More info - http://www.lakbima.lk/index.php/inquiry/16817-private-job-new
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    horu allala hire daala Asalli walin rata sanwardanaya kraala punchi car walin yanna hadapu un neda meehh:lol:

    uui uui puka ridenawaaa :lol::lol:
     

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    තිලනගගෙ අස්සය කියනදේ පිලිගන්න අපි රට හරක්ද බන් පොඩ්ඩක් ඉවසලා ඉන්න අනික් පත්තරවලට එනකම්
     
    • Like
    Reactions: Thinkerz

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තිලනගගෙ අස්සය කියනදේ පිලිගන්න අපි රට හරක්ද බන් පොඩ්ඩක් ඉවසලා ඉන්න අනික් පත්තරවලට එනකම්

    මචං පුංචි කාර් ඵකක් ගත්තද?ගත්තෙ නැත්තම් දැන්ම ගිහින් ගන්න.සුප්ප වාහනේ..මරාගේ බලු අාණ්ඩුව වගේ නෙමෙයි මේ අාණ්ඩුව මොනා උනත් කිව්වොත් කිව්වා.නැත්නම් ලක්ෂ 10ට දෙයිද මේ වගේ සුපිරි වංඩියක්..:love:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1892181



    අඩු මිලකට රෝද හතරේ සිහිනය සැබෑ කරමින් පරිසර හිතකාමී රථය දැන් වෙළඳපොලේ

    ජනතාවට දරාගත හැකි මිලට වඩා පිරිමැසුම්දායක සහ පහසු ප්‍රවාහන මාධ්‍ය ලබා දීමට හැම විටම කැපවූ මෙරට විශාලතම මෝටර් සමාගම ලෙස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සෑම කෙනෙකුටම රෝද හතරේ වාහනයක් හිමි කර ගැනීමේ සිහිනය සැබෑ කර දෙමින් මෙරට වෙළෙඳ පොළට වැඩි දියුණු කළ අංග රැසක් සමඟින් බජාජ් කියුට් රථය හඳුන්වා දෙනු ලැබූවා.

    රට පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රාදේශීය කාර්යාල සහ ප්‍රදර්ශනාගාරවලින් රු.1,067,450 ක හඳුන්වාදීමේ මිලකට මෙරට පාරිභෝගිකයින්ට දැන් බජාජ් කියුට් රථය මිලට ගැණීමේ හැකියාව තිබෙනවා.

    පවුලට ගැළපෙන කදිම වාහනයක් වන බජාජ් කියුට් ලෝකයටම සුවිශේෂී වූ DTSi තාක්ෂණයෙන් යුතු එන්ජිමකින් සමන්විත වන කොඩ්‍රිසයිකල් කාණ්ඩයට අයත් වාහනයකි.මෙම වාහනෙයේ එන්ජින් ධාරිතාව 216.6 CM3 වන අතර එමඟින් 5500 ක ආර් පී එම් අගයකදී 9.7 KW බලයක් ලබා දෙන අතර එහි තාර බර කිලෝ ග්‍රෑම් 500 ට අඩු වෙනවා

    වඩාත් ඉඩකඩ ඇතිව නිෂ්පාදනය කර ඇති කියුට් රථය රියදුරාට සහ වාහනයේ ගමන් කරන අනෙකුත් අයට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කරමින් ආවරණය වූ බඳකින් යුතු වන අතර ගමන් මලු රැගෙන යාම සඳහාද සැලකිය යුතු පහසුකම් බජාජ් කියුට් රථයේ ඇති අතර සීමාකරන ලද උපරිම වේගය සහ මොනොකොක් බඳ හේතුවෙන් එහි ගමන් කරන සියල්ලන්ට වඩාත් ආරක්ෂාවක් සලසා දෙනු ලබනවා.කෙසේ වෙතත් මෙහි වඩාත් වැදගත් අංගයන් වන්නේ සියයට 40 ක අවම කාබන් විමෝචනය ,BSIV විමෝචන තත්වයන්ට අනුකූල වීම සහ කුඩා මෝටර් රථ සමඟ සසඳන විට උපරිම ඉන්ධන පිරිමැස්මකින් යුක්ත වීමයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්)ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ මහතා කියා සිටියේ ඉන්දියාවේ බජාජ් නිෂ්පාදන පෙළේ තවත් හොඳම නිෂ්පාදනයක් මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට ඔවුන් සමත් වූ අතර පුද්ගලික සහ පවුලේ ප්‍රවාහන කටයුතු සඳහා බජාජ් කියුට් ඉතාම සුදුසු වාහනයක් බවයි.එසේම එහි අවම කාබන් විමෝචනය,උපරිම ඉන්ධන පිරිමැස්ම සහ කදිම නිමවුම මෙන්ම මීටර් 3.5 ක හැරවීමේ කෝණය හේතුකොටගෙන රථ වාහන තදබදයෙන් යුතු නාගරික ප්‍රදේශවලට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලටද එකසේ ඔබින වාහනයක්ද වනවා.මෙම වාහනය ලංකාවේ සියලු මාර්ග තත්වයන් යටතේ අත්හදා බලා ඇති අතර රථ වාහන තදබදයෙන් යුතු නාගරික මාර්ගවලදී මෙන්ම ග්‍රාමීය රළු මාර්ග වලද එකසේ ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

    තවද බජාජ් කියුට් රථයට මෙරට ජනතාවගේ විශ්වාසය සැමදා දිනාගත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැණි (ප්‍රයිවට්)ලිමිටඩ් හි අලෙවියෙන් පසු සේවය සහ දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාවද ඇති බව මඩුගල්ලේ මහතා පැවසුවා.

    තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බජාජ් කියුට් කොඩ්‍රිසයිකල් රථය යුරෝපයේ කොඩ්‍රිසයිකල් සම්බන්ධ සියලු අවශ්‍යතා සපුරා ඇති අතර , යුරෝපීය WVTA සහතිකය නෙදර්ලන්තයේ ප්‍රවාහන අධිකාරිය මඟින් ලබා ඇති බවයි.

    යුරෝපීය සංගමයේ රටවල් වන තුර්කිය,පෝලන්තය සහ පෘතුගාලය ,රුසියාව , උතුරු ඇමරිකා මාහද්වීපයේ මෙක්සිකෝව සහ කොළොම්බියාව ,දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකානු මහාද්වීපික රටවල් ,බංගලාදේශය සහ ඉන්දුනීසියාව ආදී රටවල් 32 ක මේ වන විට බජාජ් කියුට් රථය අලෙවි කරනු ලබනවා.



    කියුට් වංඩිය ලංකාවට ඵළි දැක්වූ ඒ සොදුරු මොහොත.කොහොමද භාණ්ඩේ..:love:.

    zkBnEGt.jpg


    FDliMVw.jpg


    mhcFeb7.jpg


    QLMLV8B.jpg

     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේ ඔක්කොටම මුල මෝඩ, කොන්දක් නැති ලංකාවෙ මිනිස්සු. මුන් දන්නවා උන් මොනවා කළත්, සතියක් දෙකක්, මාසයක් කෑගහලා, කරබාගෙන ඉන්නවා කියලා. උන්ට ඕනි ඕනි විධියට න⁣ටන්න දෙන්නෙ නැතුව මේවට විරුද්ධ වෙන්න ඕනි එකතු වෙලා
    මේකට විතරක් නෙමෙයි, අසාධාරණකම් හැමදේටම. පාරට බහින්න කතා කරලා බලහන් එකෙක් නෑ පාරට බහින්න. පෙෳද්ගලික අංශයට union එකක් හදාගෙන මුලු ලංකාවෙම කට්ටිය සෙට් වෙලා, ඉල්ලීම් ඉදිරිපත් කරලා, සාධාරණයක් වෙනකන් stike කරන්න ඕනි.

    Strike කරන්න ගියොත් කට්ටියක් ජොබ් නැති වෙයි කියලා බයේ වැඩට යයි. එන එකාට කෙළවෙලා යයි. එකෙක්ට එකෙක් නෑනෙ අපේ. ඉතින් මේවා සම්මත වුණොත් (වෙන්න බැරි නැහැ), කට්ටියම හාමුලට තවත් මහන්සි වෙලා සොච්චමකට කඹුරලා, එයාලව තව පෝසත් කරලා,
    අර දියවන්නාවෙ ඉන්න 225 ට අඩුපාඩුවක් නැතුව සැප
    අරගෙන ඉන්න, මහන්සි වෙලා වැඩ කරලා දෙමු හොඳේ...
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මචං පුංචි කාර් ඵකක් ගත්තද?ගත්තෙ නැත්තම් දැන්ම ගිහින් ගන්න.සුප්ප වාහනේ..මරාගේ බලු අාණ්ඩුව වගේ නෙමෙයි මේ අාණ්ඩුව මොනා උනත් කිව්වොත් කිව්වා.නැත්නම් ලක්ෂ 10ට දෙයිද මේ ..............

    කාර් එක නම් පංකාදු පහයි සැමන් ටින් එකට ටොනික් මූඩි හයි කරල වගේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචං පුංචි කාර් ඵකක් ගත්තද?ගත්තෙ නැත්තම් දැන්ම ගිහින් ගන්න.සුප්ප වාහනේ..මරාගේ බලු අාණ්ඩුව වගේ නෙමෙයි මේ අාණ්ඩුව මොනා උනත් කිව්වොත් කිව්වා.නැත්නම් ලක්ෂ 10ට දෙයිද මේ ..............

    කාර් එක නම් පංකාදු පහයි සැමන් ටින් එකට ටොනික් මූඩි හයි කරල වගේ.


    Kuliyapitiya Volkswagen :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,721
    113
    Panadura
    තිලනගගෙ අස්සය කියනදේ පිලිගන්න අපි රට හරක්ද බන් පොඩ්ඩක් ඉවසලා ඉන්න අනික් පත්තරවලට එනකම්

    උබලා කොහොමත් රට හරක් හින්දා තමා මේ ඔක්කොම කරදර අව්රුදු හතරහාමාරක ඉදන්ම
     
    • Like
    Reactions: sidathsaumya