වළිකුකුළන්ට-තර්ජනයක්
වළි කුකුළන්ට තර්ජනයක්
රජයේ රක්ෂිත වනාන්තර වල වළි කුකුළන් වඳවී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබේ.. වස්ගමුව , ඇළහැර , උඩවලවේ වැනි වනාන්තර වල බෙහෝ සෙයින් වලිකුකුළන් වඳවී යමින් පවතින බව පරිසරවේදීන් පවසයි. විදේශීය සහ දේශීය සංචාරකයින් සඳහා වළි කුකුල් මස් ලබා දීමට කුකුළන් දඩයම් කිරීම මෙයට හේතු වී තිබේ. මේ වන විට සංචාරක හෝටල් මඟින් වළි කුකුළු මස් රුපියල් 500 ක් වැනි ඉහළ මිලකට ලබා ගන්නා බව වාර්තා වේ. ජාතික පක්ෂියා වන වළි කුකුළා ආරක්ෂා කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර වේදීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.