වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

    අද (19) පෙරවරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි.
    ජලයෙන් පිරී තිබූ එම වළට වැටුණු ඔවුන්ව බේරාගනු ලැබුවේ අවට සිටි පිරිස් විසිනි.
    අනතුර සිදුවූ එම ස්ථානය පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුකළ ස්ථානයකි.
    එම වළ සැදී තිබුණේ ඊට අයත් නලයක් අද අලුයම් කාලයේ පුපුරායාමෙනි.

    ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නලයකි.
    මීට මාසයකට පමණ ඉහතදී එම ව්‍යාපෘතිය සිදුකර තිබුණේ, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසිනි.
    පියා සහ දියණිය අද උදෑසන අනතුරට ලක්වීමට පෙර ලොරි රථයක්ද එම ස්ථානයේදී වළට වැටී ඇති අතර එය ගොඩට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

    කෙසේ වෙතත් අද උදෑසන වනතුරුම එම අනතුරුදායක ස්ථානය සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු පියවරක් ගෙන නොතිබුණි.

    එම වළට සිසුවිය සහ පියා වැටී තිබුණේ ද එම ස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබූ පසුබිමකය.
    සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළේය.
    එම මණ්ඩලය පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඊට තම ආයතනය සම්බන්ධ නොවන බවත්ය.

    ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරුගෙන් අප කළ විමසීමදී ඔහු සඳහන් කළේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය.
    වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

    තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසද්දී ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද? යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයයි.​

     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Agreement eka iwara nan ithin water board eka thama.kathawen bagayai me article eke tiyenne.samaharawita contractual awulak hnda responsibility eka ganna kawuruth nethuwa ethi.owa itin usawiyen wisadanna ona dewal.😂 necitizen kenekta puluwan itin justice system eka use karanna.Hebei itin wedak weida kiyanna be
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Agreement eka iwara nan ithin water board eka thama.kathawen bagayai me article eke tiyenne.samaharawita contractual awulak hnda responsibility eka ganna kawuruth nethuwa ethi.owa itin usawiyen wisadanna ona dewal.😂 necitizen kenekta puluwan itin justice system eka use karanna.Hebei itin wedak weida kiyanna be

    water board eken pitata dennwa kiyanne, ethulema ekekge atawa gaththu company ekak (ara mig deal ekata gothabaya atawa gahthe).

    ithin owaya qulaity check karanna balu ballek yanne neha, cement kotta 2k dala weli kotta 50k withara dala atawala eththe.
    usawi yanawa kiyanne, kawuda okata complain ekak danne????
     
    • Like
    Reactions: nitrox

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බැරි වෙලාවත් ඔතනින් නිධානයක් හරි මැණිකක් හරි මතුවුණා කිව්වා නම් වලේ වගකීම ගන්න පෝලිමේ ඉදිරිපත් වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බැරි වෙලාවත් ඔතනින් නිධානයක් හරි මැණිකක් හරි මතුවුණා කිව්වා නම් වලේ වගකීම ගන්න පෝලිමේ ඉදිරිපත් වෙයි

    ehema unoth 1km withara wateta STF eken dala, gewal wala minissu eliyata bahinna denneth nathuwa, wate thiyana kadawal tikath wahala high security area ekak karanawa.
     
    • Like
    Reactions: Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    ෆේක් ඩයමන්ඩ් ටිකක් ඕක වටේ ඉහලා , දැම්මා නම් වටේ එවුන් ඕක බීලම ඉවර කරයි. ගහක අත්තක් වත් එල්ලන්න මොළයක් නැති ගව සම්පත්ක් තමයි ඔය පැත්තේ ඉන්නෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    පලවෙනි පාර මෙහෙම වලක් තියෙනවා කියලා දැන දැනත් ඒකවටේට warnng tape එකක් ඇදලා තියන්න බැරි බලදාරින්ද මුන්. එක්කො ඒවට හරි සිස්ටම් එකක් නෑ. මෙහෙම දෙයක් උනාම ඇක්ශන් එකක් ගන්න සිස්ටම් එකක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසද්දී ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද? යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයයි.

    බෝම්බ ගහලා සිය ගණන් මරලා, මහබැංකුව මංකොල්ල කාලා කෝටි ගණන් අරගෙනත් හිනාවෙවී මෝඩ බයියන්ට පුකෙන් හිනාවෙන ලොක්කො ඉන්න රටක මේ වගේ ගොන් කතා නොකිව්වොත් තමයි පුදුම. 🤣🤣🤣🤣

    දන්නෙ නැති උන්ට දැනගන්න ඕන නිසා කියන්නං. ඔය සිද්ධියට පහළ ඔක්කොම වග කියන්න ඕන.

    පළවෙනියටම වෝටර් බෝඩ් එක(client)
    දෙවෙනියට අදාළ පාර බාර ආයතනය (RDA, PRDA හෝ වෙනත්) සහ construction supervisor company එක
    තුන්වෙනියට ඕක හදපු කොන්ත්‍රාත්කාරයො(වෝටර් බෝඩ් එක උන්ට ඕක හදපන් කිව්වම බල්ලො වගේ ගිහින් හදන්න ඕන, පාඩු ගෙවන්නත් ඕන පොනිල්ගෙ/දයාගෙ/වෙන වේසපාලුවෙක්ගෙ හෝ හෙන්චයියෙක්ගෙ කොම්පැණියක් නං වෝටර් බෝඩ් උන් බල්ලො වගේ ඉඳියි 😂)

    කොන්ත්‍රාත් කොම්පැණිය කොන්ත්‍රාත් එක සයින් කරන්නෙ අවුරුද්දක් ඇතුළත එකඟ වුණ කොලිටියට වැඩේ නැත්තං උන්ගෙ rentention සල්ලි වලින් කපාගෙන වෙන කෙනෙකුට හරි කියලා හදවන විදියට. ඒ වගේම ඔය වැඩේට තාම බිල ගෙවලත් නැතුව ඇති. හරි නං ඒකත් හෝල්ඩ් කරන්න ඕන. මල් පොන්න ජනතාවක් ඉන්න රටක නං ඕව වෙයිද දන්නෙ නෑ


    පාර හදන්න දීපු සල්ලිවලින් නෝවීජියන් සැමන් එක්ක ගෝට් චීස් කාලා අමෛ අමො මේවනෙ දියුණු වෙන උන්ට රටවල් කියලා වේස ජාවාරංකාරයන්ට නටන්න දුන්න නං ඕව ඉවසගෙන ඉඳපල්ලා. 😂😂😂😂

    මට දුක රේන්ජ් රෝවර් එකක්, ප්‍රාඩෝ එකක් ඕකට වරටුණෙ නැති එක. 😞😞
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,723
    11,550
    113
    හඳට කිට්ටුව
    uba ada parliament giye nadda? ada niwaduda? :rolleyes:
    me wage hukana rataka inna api para yana eka witharak nemei ban, gedara ganita hukana ekath dan hena parissamen karanda wela thiyenne..

    kochchara agilla dik karath wedak wenne na ban, awasane apima thama widawanna one..

    e hinda, puluwan tharam api api parissam wena eka thama karanna ona..
     
    • Love
    Reactions: Anemanda1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,919
    113
    පෘථිවිය
    මේක වෙන රටක වුනානම්
    පොලිසියෙන් ඇවිත් පාර වහනවා මුලින්ම
    ඊට පස්සේ අදාල කට්ටිය වැඩට ඇවිත් හදනවා.

    අපේ රටේ
    මේක අපේ පළාතට අයිති නැහැ
    මේක බලන්න ඕන පළාත් සභාවෙන්
    නැහැ මේක බලන්න ඕන ප්‍රාදේශීය සභාවෙන්

    මේකට ඔය මෝටර් සයිකල් මනුස්සයට පුළුවන් නඩු දාන්න
    තුවාල වුනාද නැද්ද අදාල නැහැ

    අර පහුගිය ටිකේ අරගලේ හිටිය නීති සෙට් එක හොයල වැඩේ භාරදෙන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පලවෙනි පාර මෙහෙම වලක් තියෙනවා කියලා දැන දැනත් ඒකවටේට warnng tape එකක් ඇදලා තියන්න බැරි බලදාරින්ද මුන්. එක්කො ඒවට හරි සිස්ටම් එකක් නෑ. මෙහෙම දෙයක් උනාම ඇක්ශන් එකක් ගන්න සිස්ටම් එකක් නෑ