වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත

    වළ පල්ලට ගිය උගන්ඩාවේ ඇතුල් පැත්ත

    image_9869492abc.jpg

    image_1201bdc1c5.jpg


    ජීවිතයට අවශ්‍ය සියළු දේ ජනතාව අතරේ බෙදා දීම රටක අවංක පාලකයින්ගේ යුතුකමකි. මහජන දේපොළ බදා ගෙන බුක්ති විඳින දේශපාලකයින් සිටීම රටකට පිළිලයකි. බොහෝ රටවල් ඇද වැටී ඇත්තේ මෙවැනි දේශපාලකයින් නිසාය. ඔව්හු රටේ සාරය බෙදා හදා ගෙන සුරාකති. රටක වින්නැහියකට මුල මෙයයි. මොවුන් ඇත්ත වහගෙන බොරුව ගෙනයයි. ඔවුන් වෙහෙසෙන්නේ ජීවිත ජීවත් කරවන්න නොවේ. ඔවුන් පෙළෙන්නේ මෝඩ මානසිකත්වයකිනි. අහස උසට නැග ගියාට අහසේ රැඳෙන්නේ නැති බව ඔවුන්ට අවබෝධ වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වය පිළිබඳ අලුත් පාඩමක් මොවුන් ඉගෙන ගන්නේ කවදාද? රටවල් වළ පල්ලට ඇද වැටෙන්නේ එවැනි පාඩමක් මොවුන් තවමත් ඉගෙන ගෙන නැති නිසාය.

    යක්ෂයින් තිදෙනෙකුට ගොදුරැ වූ උගන්ඩාව

    හොරෙකු සහ තක්කඩියෙකු නොවේ නම් දේශපාලකයෙකුට ලොකු පොහොසතෙකු විය නොහැකි බව කිව්වේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති වරයෙකු වූ හැරී එස්. ටෲමන්ය. (Harry S. Truman) ඒ කියමන අදටත් වලංගුය. තැලිලා පොඩිවෙන ජීවිත දවසක මුවහත් ආයුධ වෙන බව රටවල් කන දේශපාලකයෝ නොදනී. මා මේ ලියන්නේ සියළුම දේශපාලකයින් ගැන​ නොවේ. ඉතියෝපියාව කන දේශපාලකයෝ යන්න ඉකුත් සතියේ මා ලියූ ලිපියේ සිරිස්තලයයි. මා මේ ලිපි පෙළ ලියන්නේ ඇතැම් දේශපාලකයින් ලංකාව කන හැටි ගැන විශ්ලේණය කිරීමටද නොවේ. අද ඉදිරිපත් කරන්නේ උගන්ඩාවට අත්වූ ඉරණම ගැනය. උගන්ඩාව මා හඳුන්වන්නේ යක්ෂයින් තුන් දෙනෙකුට ගොදුරු වූ රටක් වශයෙනි. මේ යකුන් තිදෙනා උගන්ඩාව පාලනය කළ ඔබටේ, ඉඩිඅමින් සහ මුසවේනිය.

    රටක දේශපාලකයින් කැලෑව ගිනි තියන ගින්නක් නොවිය යුතුය. කැලෑවේ ගින්න නිවන වැස්සක් විය යුතුය. රටකට යහපතක් සිදුවෙන්නේ එවිටය. මානය ඉහළ ගිය ඥානය පහළ ගිය දේශපාලකයින් සිටින තවත් රටකි උගන්ඩාව. එය මහජන දේපොළ නැති භංගස්ථාන වී ආර්ථිකය නට්ටංවූ තවත් රටකි. එහි ජීවත්වෙන ජනතාවගේ අතේ පිච්චිය නැත. ප්‍රතික්ෂේප වූ දරුවන්ගෙන් පිරුණු උගන්ඩාවද මිහිපිට අපායකි. ලොවම ජයගත් ඇපල් සමාගමේ ලොක්කාද ප්‍රතික්ෂේප වූ දරුවෙකි. මෙය වූ කලී ලෝකයක දෙපැත්ත සංසන්දනය කිරීමකි. ප්‍රතික්ෂේප වූ දරුවන් කියන්නේ දෙමවුපියන් අහිමිවූ අසරණ දරුවන්ය.

    ඔබටේගේ කෙරුවාව

    කෙන්යාව, සුඩානය, කොංගෝව, රුවන්ඩාව, ටැන්සානියාව යන රටවලට මැදිව නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි උගන්ඩාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1962 ඔක්. 9 දාය. උගන්ඩාව නම් මේ රටේ මුල්නම බ්‍රගන්ඩාවය. වර්ග කි.මී. 241038 ක් විශාල මේ රටේ අද ජනගහණය හාර කෝටි පනස් ලක්ෂයකට අධිකය. මේ රට නිදහස ලබා ගත්තේ දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකින් පසුවය. 1962 දී උගන්ඩාවේ ප්‍රථම පාලකයා වූයේ මිල්ටන් ඔබටේය (Milton Obote). වසර 8 ක් ඔහු ප්‍රමුඛ මුළු පවුල රට පාලනය කළේය. මේ කාල සීමාවේ ඝාතනය කළ රට වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ක් පමණය. ඔහු ගෙන ගියේ ඒකාධිපති පාලනයකි. සුද්දන් ඉතිරි කර ගිය දේවල් පවුලේ ඥාතීන් අතරේ බෙදා හදා ගනිමින් ඔහු රට සූරා කෑ​වේය.

    මේ ඒකාධිපතියා පළවා හැර 1971 ජනවාරි 25 දා රටේ සුක්කානම අතට ගත්තේ බොක්සිං කාරයෙකි. හමුදා ජනරාල් වරයෙකි. තවත් ආඥාදායකයෙකි. ඒ මුළු ලොවම දන්නා ඉඩිඅමින්ය (Idi Amin). උගන්ඩාව කණපිට ගැහුවේ මේ ඒකාධිපතියාය. රට කබලෙන් ලිපට වැටුණේය. සාමාන්‍ය හමුදා භටයාගේ සිට හමුදාවේ ෆීල්ඩ් මාෂල් වී දේශපාලනය තුළින් ත්‍රිවිධ හමුදා ප්‍රධානී හා රටේ ජනාධිපති දක්වා උසස්වී ඉඩිඅමින් ඉහළට ගිය අයුරු ලොවම දනී.

    ඉඩි අමින් ගෙඩි පිටින් උගන්ඩාව කෑ හැටි

    උගන්ඩාව ගැන කියද්දී ඉඩිඅමින් ගැනද වචන කීපයක්වත් සඳහන් කළ යුතුමය. ඇත් දළ හා රත්රන් පිටරට පටවා ඔහු කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් රැස් කළේය. තමන්ට එරෙහි වූවන් අමු අමුමේ මරා දැමුවේය. ඝාතනය කළ අයගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි. ඔහුද අවුරුදු 8 ක් යකඩ හස්තයකින් රට පාලනය කළේය. කාන්තාවන් 6 දෙනෙකු සමග විවාහ වී සිටි ඔහුට සිටි දරුවන් සංඛ්‍යාව 43 කි. ඔහු තම ඥාති සමූහයාට මහජන දේපොළ බෙදා දුන්නේය. රට පාලනය කළේ මේ ඥාති සමූහයේ උවමනාව පරිදිය. රටට දෙවැනි වරටත් හෙන ගැහුවේ ඉඩිඅමින් ගෙඩි පිටින් රටේ සාරය උරා බිව් නිසාය.

    කෝටි ප්‍රකෝටි ගණනින් සොරකම් කළ මුදල් හා රත්රන් යටිමඩි ගසාගෙන 1979 දී සවුදි අරාබියේ රජ පවුලේ අනුග්‍රහයෙන් සවුදියට පළාගොස් එහි ජෙදා නුවර දැවැන්ත මන්දිරයක් මිලට ගෙන තවත් වසර 22 ක් කිසිදු උපද්‍රවයකින් තොරව අරාබියේ සුර සැප විඳි ඉඩිඅමින් නමැති මේ ඒකාධිපතියා 2003 දී අරාබි කතරේදී සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහු කළ දේවලට වන්දි ගෙවීමට සිදුවූයේ උගන්ඩාවේ අසරණ ජනතාවටය. රට වළ පල්ලට ගියේ ඒ රටවල් කා දැමූ දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම නිසාය. ඉඩිඅමින්ගෙන් පසුවද උගන්ඩාව ගොඩ ආවේ නැත.

    තවත් ඒකාධිපතියෙක් උගන්ඩාව කයි

    ඉඩිඅමින් පළවා හැර උගන්ඩාවේ පාලනය සියතට ගත් වත්මන් ජනාධිපති යුවේනි මුසවේනි ඊට පෙර සිටි පාලකයින් දෙදෙනාටම වැඩියෙන් රට කන්නට පටන් ගත්තේය. මුසවේනි (Yoweni Museveni) ගෙන යන්නේද පවුල් පාලනයකි. පවුල් පාලනය තිබූ හැම රටක්ම පාහේ විනාශ මුඛයට පත්විය. පාලන බලය දීර්ඝ කර ගැනීමට උප්පරවැට්ටි යෙදූ හැම පාලකයෙක්ම ජනතාවගේ වෛරයට භාජනය විය. ෆෝර්බ්ස් (Forbes) සඟරාව පළ කළ ලොව ඒකාධිපති පාලකයින්ගේ නම් ලැයිස්තුවට මුසවේනිගේ නමද ඇතුළත්ය.

    රටේ ප්‍රධාන අමාත්‍ය පදවි කීපයක් අධ්‍යාපන ඇතුළු දරන්නේ ඔහුගේ බිරිඳ ජෙනට්ය. පුතෙකු වූ මුහුසි (Muhoozi) ජෙනරාල් වරයෙකි. ආරක්ෂක සේනාවන්හි ප්‍රධානියාය. ඉහළ තනතුරු දරන්නේ මුසවේනිගේ පවුලේ උදවියයි. උගන්ඩාවට කණ කොකා හැඬුවේ මේ නිසාය.

    2016 පෙබරවාරි මස මුසවේනි 5 වැනි වරටත් ජනපති තනතුරට පත්වුණේය. ඔහු මේ දක්වා වසර 30 ක් උගන්ඩාව පාලනය කර ඇත. උගන්ඩාවේ පැවැත්වූ සියළු මැතිවරණ දූෂණයෙන් පිරී තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. මුසවේනිගේ එන්.ආර්.එම්. (NRM) පක්ෂය මෙතෙක් කර ඇත්තේ අනිකුත් දේශපාලන පක්ෂ මර්දනය කිරීමයි. ඒ ඒ පක්ෂ වල මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමයි. මෙසේ වෙනත් පක්ෂවල මන්ත්‍රීන් බිලිබා ගැනීමට ඔහු වැය කරන අඩුම මුදල උගන්ඩා සිලිං මිලියන 29 කි.

    මැතිවරණ දූෂණවලට මුල්තැන දීම මුසවේනිගේ ක්‍රමවේදයයි. දැන් 72 හැවිරිදි මුසවේනිගේ වයස 2021 දී අවු. 76 කි. ඔහු මුලින්ම ජනපති තනතුරට ඉදිරිපත් වීමේ වාර සංඛ්‍යාව සංශෝධනය කර ගත්තේය. ඊළඟට ජනපති තරගයට ඉදිරිපත් විය හැකි වයස් සීමාවද ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගත්තේය. මේ අනුව 76 වැනි වියේදී එනම් 2021 දී ඔහුට යළිත් ජනපති පදවියට තරග කිරීමට අවස්ථාව උදාවන්නේය. මෙන්න උගන්ඩාවේ මහිමය. මැතිවරණ දූෂණ, ඡන්ද ගුණ්ඩු, ජනතාවට ඡන්ද අල්ලස් සැපයීම, මහජන දේපොළ විකිණීම හිරිකිතයකින් තොරව සිදුකරන මුසවේනි අද උගන්ඩාවට පිළිලයකි. තුන්වැනි යක්ෂයාටත් උගන්ඩාව ගොදුරු වීමේ කතාන්දරයේ සාරාංශයයි මේ.

    හොරකමට මුල්තැන දෙන දේශපාලකයෝ

    උගන්ඩාව මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රධාන රටකි. මෙහි කාලයක් තිස්සේ පැවැති යුද්ධ වලින් අනාථ වූ පවුල් ලක්ෂ 14 කට වැඩිය. ඔවුන් තවමත් දිවි ගෙවන්නේ අනාථ කඳවුරු වලය. මේ අනාථයින්ට ජාත්‍යන්තර සංවිධාන සහ විදේශ රටවල් ලබාදෙන අාහාර ඖෂධ ආධාර මුදල් ගසා කන්නේ දේශපාලකයින්ය. පාලකයින්ය. ඔවුන්ගේ පවුල් වල අයයි. රජයේ නිලධාරීන්ය. බාල වයස්කාර ළමයින් වහල් සේවයෙහි යොදවන ප්‍රධාන රටකි. ගැහැණු ළමයින් වැඩි වශයෙන්ම ලිංගික අතවර වලට ගොදුරුවෙන්නේ උගන්ඩාවේය. පැහැර ගැනීම් ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් හොර ජාවාරම් නිරන්තරයෙන් සිදුවේ.

    image_e206e2a122.jpg


    නීතියේ
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    මෙහෙමයි දැන් උගන්ඩාවේ ඊලග පාර චන්දෙට ඒකාධිපති පාලනයෙන් , පවුල් පලනෙයන් තොර කෙනෙක් අවොත් මිනිහ උඩින්ම පරදිනවා මොකද දැන් ඒ රටේ මිනිස්සු පරම්පරා ගානක් වෙලා තියෙන්නේ නිසා .
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    That is why we need to have Policy centered governments and not a people centered rule. Rule of law need to be supreme.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ එකෙකුත් පරම්පරා ගතව ඔහොම රට කන්න බලන් හිටියා. අන්තිමට වැඩේ කෙල උනා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපේ එකෙකුත් පරම්පරා ගතව ඔහොම රට කන්න බලන් හිටියා. අන්තිමට වැඩේ කෙල උනා.

    :yes::yes::yes:
    මේ ඉන්නේ අපේ රට පවුල් පාලනෙන් ගොඩ ගත්ත සෙට් එක තමයි. රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වුනු මහ බැංකුව ඇස් දෙක වගේ ආරක්ෂා කරා. උබල ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. මේ පොටෝ එක ගෙදර බිත්තියේ ගහල හැමදාම මල් තියල වැදපන්.


    Ravi-Ranil-Mahendran2018.jpg
     

    Similar threads