ව්‍යවස්ථාව කැඩූ සිරිසේන ඉල්ලා අස්විය යුත

monson

Well-known member
  • May 7, 2007
    25,768
    28,902
    113
    ව්‍යවස්ථාව කැඩූ සිරිසේන ඉල්ලා අස්විය යුත

    ව්‍යවස්ථාව කැඩූ සිරිසේන ඉල්ලා අස්විය යුතුයි : වෙල්ගම අවධාරණය කරයි

    ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.

    ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    දි අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ ආඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංගනය කළ පුද්ගලයෙක් ලෙස රටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවයි. සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ජනාධීපතිවරයා සිය ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරය ද අපකීර්තියට ලක් වන බවයි. එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළිගැනීමටද බලපාන බව මන්ත්‍රීවරයා පවසයි.


    - https://newstube.lk/news/4803-2018-12-18-10-46-08

    Welgama wants President to resign immediately

    December 18, 2018, 12:19 pm

    By Sirimantha Ratnayake

    SLFP Vice President and Kalutara District MP Kumara Welgama says that President Maithripala Sirisena should resign from his post immediately.


    "The Supreme Court has found that President Sirisena violated the Constitution. One who has acted in contravention of the Constitution should not hold that position. He can be impeached any moment and more than that he should be aware that continuing to hold that post by a person who violated the constitution can give rise to numerous other problems," MP Welgama told The Island.


    The SLFP stalwart said that when a country was led by a person who had no legitimacy to hold the post of head of state, other law enforcing authorities would find it difficult to discharge their duties to uphold the rule of law.


    "It is time for Sirisena to step down from the post and let the constitutional process to take its own course. His stay in that post will only further worsen the situation. On the other hand, this issue will be detrimental to the country’s interests internationally. Being a seasoned politician the President should understand the possible repercussions of this situation. A president who does not respect a court ruling cannot be trusted to respect anything at all."

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=196269
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,768
    28,902
    113
    ව්‍යවස්ථාව කඩකළ බවට උපරිමාධිකරණය තීරණය කර ඇති ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතුයි -කුමාර් වෙල්ගම

    -උපරිමාධිකරණ තීන්දුවකට ගරු නොකරන ජනාධිපතිවරයෙකු වෙනත් කිසිවකට ගරු කරුනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කළ නොහැකියි-


    රටේ උපරිමාධිකරණය ජනාධිපති සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පුද්ගලයෙකු ලෙස තීන්දු කර තිබියදී ඔහුට තව දුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කළ නොහැකි යයිද එබැවින් ඔහු වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ද තවමත් නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයක් දරණ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ශ්‍රීලනිප සභාපතිවරයා වන්නේ ජනාධිපති සිරිසේන ය.

    තමාට අයත් පුවත් පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත් පතට අද දහවල් ප්‍රකාශයක් කර ඇති වෙල්ගම මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටින්නේ උපරිමාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ඔ්නෑම අවස්ථාවක දෝෂාභියෝගයකට ලක් විය හැකි බවයි. තමා ව්‍යවස්ථාව කඩ කර ඇති බව දැන දැනම තව දුරටත් ධූරයේ කටයුතු කිරීමෙන් එය වෙනත් ප්‍රශ්න රාශියකට මුල් විය හැකි යයිද වෙල්ගම පවසයි.

    ව්‍යවස්ථාව කළ කළ පුද්ගලයෙකුට රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බැවින් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තම රාජකාරි නිසියාකාරව කරගෙන යෑමට නොහැකිව අර්බුදයකට යනු ඇති බවද කුමාර් වෙල්ගම මන්ත්‍රී වරයා කියයි.

    ව්‍යවස්ථාව කැඩූ බවට තීන්දු වී සිටින සිරිසේන ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් පසුපසට අඩියක් තැබීමට වේලාව පැමිණ ඇතැයි පවසන වෙල්ගම මන්ත්‍රීවරයා තව දුරටත් ඔහු ධූරයේ රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් තත්ත්වය වඩ වඩා නරක් වනු ඇතැයි ද අනතුරු අඟවයි.

    “අනෙක් අතට මේ තත්ත්වය රටේ ජාත්‍යන්තර කටයුතු වලදී අවාසියට බලපානවා. පරිණත දේශපාලනඥයෙකු ලෙස මෙහි ප්‍රතිවිපාක ගැන ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. උපරිමාධිකරණ තීන්දුවකට ගරු නොකරන ජනාධිපතිවරයෙකු වෙනත් කිසිවකට ගරු කරුනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කළ නොහැකියි” කුමාර් වෙල්ගම වැඩි දුරටත් පවසයි.


    48383363_2183552838376536_6075563915473846272_n.jpg


    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2183552831709870/
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපති එලවමු.....මහබැංකුව කඩපු එකා ජනපති කරමු.....
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජනාධිපති එලවමු.....මහබැංකුව කඩපු එකා ජනපති කරමු.....
    සිරා කියන විදිහට 26 අගමැති විදිහට පත්කරලා තියෙන්නෙත් මහබැංකු හොරෙක්නේ. බැඳුම්කර වංචාව 2006 ඉඳලම වෙනවලුනේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නඩුවක් දාන්න කියපන් රනිල් ඩෙම්ම වගෙ බොරුවට කියවන්නෙ නැතුව
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,865
    113
    හස්තිශෛලපුර
    ජනාධිපති එලවමු.....මහබැංකුව කඩපු එකා ජනපති කරමු.....

    සිරා කියන විදිහට 26 අගමැති විදිහට පත්කරලා තියෙන්නෙත් මහබැංකු හොරෙක්නේ. බැඳුම්කර වංචාව 2006 ඉඳලම වෙනවලුනේ


    :lol::lol::lol: