13 සංශෝධනය කිරීම වරදක් – මන්මෝහන්
June 18, 2013 at 10:47 am | lanka C news
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දීය ඩි.එම්.කේ. පක්ෂයේ නායක එම්.කරුණානිධි වෙත ලිපියක් යොමුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා මෙම අදහස් පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කිරීම වරදක් ලෙසත්, ඒ පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම්දි ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අදාළ ලිපිය මගින් දැනුම් දී තිබේ.
පසුගිය ජුනි මස නව වන දින කරුණානිධි විසින් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ඉදිරිපත් කර තිබු ලිපියකට පිළිතුරු ලිපියක් යොමුකරමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව සඳහන්ය.
අදාළ ලිපිය මගින් කරුණානිධි දැනුම් දී සිටියේ රජිව් ගාන්ධි සහ ජේ.ආර්.ජයවර්ධන මහතා අතර එකඟතාව මත ඇති කරනු ලැබු 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන්ට ඉන්දීය රජය සෘජුවම මැදිහත් විය යුතු බවයි.
මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරත වන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස අද (18) ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා හමුවීමට නියමිතව තිබේ.
- Adaderana
පොඩ්ඩක් හිතල බලපියවූ , ඉන්දියාව මේ 13 වෙනස් කරන්ඩ එපා කියන්නෙ අපිට තියෙන ආදරේ හින්දද ???????????? 13 තියන්ඩ ඕනේ කියන බත් කන හරක්ට මොලේ පැදේව.