ව්‍යාජ MBBS වෙදාගේ ෆෝන් එකේ කාන්තාවන්ගේ පෞද්ගලික ඡායාරූප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    jaffna-mbbs-fake-doctor


    යාපනයේ සුන්නාගත් ප්‍රදේශයේ තරුණයෙක් තමා වෛද්‍යවරයකු ලෙස හඳුන්වා දී ඒ සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර විදේශගතව සිටින පුද්ගලයන් ඉලක්ක කර රුපියල් ලක්ෂ ගණනක වංචාවක් සිදු කරමින් සිටියදී ඊයේ හසුවිය.මෙම තරුණයා නගරයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    යාපනයේදී ඊයේ (03) අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසියට ඔහුගේ දුරකථනයේ කාන්තාවන් රැසකගේ සමීප වීඩියෝ සහ ඡායාරූප තිබූ බවට තොරතුරු හෙලිකරගන්නට හැකිව ඇත. ඔහු ඒවා භාවිත කර ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.



    සැකකරු පාසල් සිසුවියන් රැසක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. ඔහු තමාට වඩා වයසින් වැඩි කාන්තාවන් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වා ඔවුන්ට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනක් ලබා ගත් බවද පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තරුණයා පවුම් 15ක ස්වර්ණාභරණ පැළඳ සිටි අතර වියදම් කිරීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් තිබී ඇත. එමෙන්ම නවීන පන්නයේ ජංගම දුරකථන 5ක් සහ බැංකු කාඩ්පත් රැසක්ද පොලිසිය සොයාගෙන තිබෙයි.



    අදාළ තරුණයා පොලිස් ස්ථානයේ රඳවාගෙන පරීක්ෂණ සිදුකරන අතරවාරයේ ඔහු යාපනයේ සිදුවූ ව්‍යාජ ඉඩම් වංචා ඇතුළු විවිධ සිද්ධීන්වලට සම්බන්ධ බවටද අනාවරණය වී තිබේ.

    ඒ සමගම එම තරුණයාගේ බැංකු ගිණුම් හා වත්කම් පිළිබඳවද විමර්ශනය කර අදාළ තරුණයා ගනුදෙනු හා මුදල් හුවමාරුවලට සම්බන්ධ වූයේ කා සමඟද යන්න සොයා බලා අදාළ පුද්ගලයන් විමර්ශනයට ගෙන ඒමට පොලිසිය පියවර ගෙන තිබේ.
    මෙම තරුණයා තනිව වංචනික ක්‍රියාවලට සම්බන්ධ නොවූ අයෙකු බවත්, ඔහු පිටුපසින් සිටි විශාල කල්ලියක් මෙම වංචාවට උදව් කරන බවත් පොලිසිය සැකකරයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.
    04229855.jpg
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,903
    113
    Nugegoda
    හොරකං කරන්නෙ නැතුව කෑලි සෙට් කරන් ආතල් එකක් ගන්න තිබුනෙ. කටවත් කරදරයක් නෑනේ. :cool:
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    හොරකං කරන්නෙ නැතුව කෑලි සෙට් කරන් ආතල් එකක් ගන්න තිබුනෙ. කටවත් කරදරයක් නෑනේ. :cool:

    samahara sonnayo game gahanna anne naha ban, harima gon
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,680
    6,779
    113
    me hutta Medical council eke ID card eka wath aththata dakala nathi ekek.. uta hithena widiye format ekak photoshop walin hadala print kara ganna athi..
    anika registration number eka anuwa mu 1950 withara ipadichcha ekek wenna ona..
    gong pakayek :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    අර බැංකුවක රත්තරන් බඩු ඉස්සුව එකා වගේ. වැඩක් කරනකොට හත් පොලේ ගාගෙන කරන්නෙ මුන්. :rolleyes:

    godak sinhalu wedak karoth ohoma thamai,හත් පොලේ ගාගෙන.
    habai mu nam jaffna demalek
     
    • Haha
    Reactions: Nidarshana_k