නෝටිස් තියෙනව නන් මාරු කරගන්න.
කාරයේ වායු බැලූනය දෙවැනි බිල්ලත් ගනී
----------------------------------------------
එය රිය අනතුරකි. අනතුර වී තිබුණේ ගාල්ල රිච්මන්ඩ් විදුහල අසලය. අනතුරින් මියයන්නේ රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවකු වූ හේමසිරි රණවීරය. ඉකුත් 03 වැනිදා පස්වරු 1.30ට පමණ වූ මෙම අනතුරට හේතුව රියැදුරාට ක්ෂණිකව ඇක්සලේටරය පෑගීම හේතුවෙන් ඔහු පැදවූ මෝටර් රිය තාප්පයක වැදීමය. අනතුර වූ ආකාරය ගැන බලන විට එහි සැකකරුවකු නැත. අනතුර වෙන්නේ රියැදුරු අතිනි. අහඹු ලෙස වූ මේ අනතුරින් රියැදුරා මිය ගියේය.
දිනකට රට පුරා වන රිය අනතුරුවලින් දුසිමක් පමණ මියයන රටේ මේ අනතුර තවත් එවැනිම අනතුරක් නොවේ. අනතුරේ සුලු හානිය දෙස බලන විට රියැදුරා මියයාමට හේතුවක් නැත. ඔහු මියගිය හේතුව ගැන රටේ කතාබහක් ඇති වූයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ කාරණාවක් නිසාය. ඒ මෙම අනතුරේදී හේමසිරි රණවීරගේ රියදුරුගේ සිරුර පසාරු කරගෙන යකඩ කැබැල්ලක් ගොස් ඇති බවය. එය වී ඇත්තේ වායු බැලූනය පිපිරී යාම හේතුවෙනි.
වායු බැලුනයක් පිපිරීමෙන් වූ මරණයක් කියූ විට එකවරම මතකයට ආවේ මෙරට පළමු වරට එවැනි මරණයක් වාර්තා වුණේ හොරණින් බවය. ඒ මීට අවුරුදු තුනකට පමණ පෙර හොරණදී වූ රිය අනතුරකින් වායු බැලුනයෙන් විසි වූ යම් කිසි කොටසක් නිසා සිරුර පසාරු කරගෙන යාම නිසාය.
එදා එම අනතුරින් මියගියේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ ආචාර්ය විමුක්ති ජයවීරය. ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචිව සිටි විමුක්ති මියයනවිට 37 හැවිරිදි වියේ පසුවිය. එක්දරු පියකු වූ ඔහු මාස 03ක් වු කුලුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන ඒම සඳහා පිළියන්දලට ගොස් යළි නිවස කරා පැමිණීමේ දී මෙම වී අනතුර තිබුණේය. ඒ මාර්ගයේ කරමින් තිබූ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධක කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙනි. මෙම අනතුරෙන් මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී වායු බැලුනයෙන් විසිවූ යකඩ කැබැල්ලකින් ඔහුගේ ගෙල තදින් කැපී තිබිණි. සුෂුම්නාවට සිදුවූ හානි නිසා මියගොස් තිබුණේය. විමුක්ති ජයවීර සේම හේමසිරි රණවීරගේ මරණය වූ ආකාරය බොහෝ සමානය. ඒ බව හෙළි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.
අධිකරණ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පශ්චාත් වෛද්‍ය උපාධි ලේඛකාධිකාරී අධිකරණ වෛද්‍ය සසිනි නිරුදිකා ගමගේ හේමසිරි රණවීරගේ මරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු විශ්ලේෂණය කරමින් විමර්ශන කටයුතු කළාය.
මෙම මරණය සාමාන්‍ය රිය අනතුරකින් සිදුවිය හැකි මරණයක් නොවන බවට ඇය සැක පහළ කළාය. ඈ මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ පසුදාය. එනම් පෙබරවාරි 1 දාය. රෝහල් සේවක සුගත් මුණවීර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට සහාය දැක්වූවේය.
‘‘මේ අනතුර වෙන්නේ ජනවාරි මාසේ 31 වෙනිදා හවස 1.30ට විතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අසල මිය ගිය තැනැත්තා අවුරුදු 63ක පමණ අයෙක්. ඔහු මළ ගෙදරක ගිහින් ඒ ආසන්නයේ තැනක වාහනය නතර කරලා තිබෙනවා. මළ ගෙදරින් දිවා ආහාරය අරගෙන වාහනේ නැගලා පණගන්වලා එම නිවසේ සිට ගේට්ටුව දක්වා මීටර 16ක් පමණ ඉදිරියට අරගෙන එනවා. නමුත් ක්‍ෂණිකව වාහනයේ ඇක්සලේටරය පෑගිලා ගිහින් තාප්පේ වදිනවා. මේ පොඩි දුර අධික වේගයෙන් ධාවනය කරන්නත් බැහැ. එවලේම වායු බැලුන් විවෘත වෙලා තිබෙනවා. කොහොම නමුත් එම මොහොතෙම පුද්ගලයා මිය ගිහින් තිබෙනවා. සීට් බෙල්ට් දාලා තිබුණා. සිරුර ගන්නකොට ඇක්සලේටරේ තදින්ම කකුලෙන් පෑගිලා තිබුණා. වම් ඇසට පහළින් මුහුණ පසාරුකරගෙන තිබුණ තුවාලයක් පමණයි තියෙන්නේ. මරණයකට හේතුවන වෙන කිසිම ශරීර හානියක් තුවාලයක් දකින්න තිබුණෙ නැහැ.
ඇසට පහළින් තිබුණ තුවාලය මුහුණේ අස්ථි පසාරු කරගෙන බෙල්ලේ පිටුපසට කිඳා බැහැලා තිබුණා. දත් කැඩිලා හකු කැඩිලා බෙල්ලේ පිටුපසට තුවාලය තිබුණා. එයා බෑග් එක පුපුරලා තිබෙනවා මම ජායාරුපවලින් දැක්කා. නමුත් කොහොම වුණ තුවාලයක් ද කියලා මට හිතාගන්න බැරිවුණා. මම පොඩි සැකයක් තියාගෙන තමයි මරණ පරීක්‍ෂණය කරන්න පටන් ගත්තේ. නමුත් ගෙදර අය කිව්වේ සමහරවිට මේක හදිසි හෘදයාබාධයක් වෙන්න ඇති කියලා. ඒ තුවාලය ඇතුළත පරීක්‍ෂා කරගෙන යනකොට තමයි මට හමුවෙන්නේ සුෂුම්නාවට වම් පැත්තට වෙන්න පටක ඇතුළත තිබුණා එයාර් බෑග් එකේ පොඩි කැබැල්ලක්. මුහුණ පසාරු කරගෙන හකු හරහා බෙල්ල පිටුපසට ගිහින් තිබුණා. ප්‍රධාන රුධිර නාලිකා තිබෙන නිසා ලොකු රුධිර වහනයක් වෙලා තිබෙනවා. කමිසයත් සම්පූර්ණයෙන්ම තෙත්වෙලා තිබුණා. මෙම මරණය සම්බන්ධයෙන් මම දුන්නේ විවෘත තීන්දුවක්. ඒ මොකද මරණයට හේතුවන වෙනත් සාධක තිබේදැයි පරීක්‍ෂාකර බලන්න ඕනෙ නිසා. රස පරීක්‍ෂක වාර්තාව පටක පරීක්‍ෂණ වාර්තාව ආදිය. කොහොම නමුත් මේ තියෙන සාක්කි සාධකත් එක්ක මේ මරණයට ප්‍රධානතම හේතුව වායු බැලුන් වෙන්න පුඑවනි.’’
කෙසේ නමුදු ගෝනපල හා රිච්මන්ඩ් කන්ද අසල වූ මෙම අනතුරු දෙකේදීම වී තිබුණේ රියැදුරාගේ සහ මගියාගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් සකසා ඇති වායු බැලුනය ක්‍රියාත්මක වී තිබුණමුත් රියැදුරා එතැනදීම මිය යාමය. මේ අවස්ථා දෙකේදීම පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණේ වායු බැලුනයේ කොටසක් මුහුණ පසාරු කරගෙන ගොස් අධික ලෙස රුධිරය වහනය වී ඇති බවය.
එදා හොරණ දී වූ විමුක්තිගේ මරණය තවත් එක් අවාසනාවන්ත මරණයක් වෙන්නට ඉඩ තිබුණේය. නමුත් එවකට හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්නගේ දක්‍ෂතාව සහ තීක්‍ෂණ ඇස නොතිබුණේ නම් විමුක්තිගේ ගෙල අභ්‍යන්තරයේ ගිලී තිබූ යකඩ කැබැල්ල සොයා ගැනීමටවත් එය වායු බැලුන ආරක්‍ෂණ පද්ධතියේ කොටසක් බවත් අවබෝධ කර ගැනීමටත් නොහැකිවනු ඇත.
එදා මුල්වරට රටම කතාවුණ මේ සිදුවීමට මුහුණ දුන් ආකාරය අධිකරණ විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න නැවත මතක් කළේය.
‘‘රිය අනතුරුවලදී ලොකු තුවාලවලින් තමයි මරණ වෙන්නේ. නමුත් විමුක්තිගේ ගෙලෙහි පොඩි සිදුරක් විතරයි තිබුණේ. කොහොම නමුත් මම මේ මරණ පරීක්‍ෂණය ආරම්භ කළා. ගෙලේ තිබෙන තුවාල බලන්න විශේෂිත විච්ජේදන ක්‍රමයක් තිබෙනවා. මම ඒ ක්‍රමය භාවිත කළා. නමුත් ටික දුරක් ගැඹුරට යනකොට බිත්තිය දෙපැත්තේ ස්ටිකර් කෑලි වගේ හමුවුණා. අර ළිඳකට බහිනකොට බිත්ති කණ්ඩියේ එක එක දේවල් තියෙන්නේ ඒ වගේ. මම ඇඟිල්ලක් දාලා බලනවා මේක කොහේටද යන්නේ කියලා. එකවරටම මගේ ඇඟිල්ල කැපෙනවා. හයිය වගේ දෙයක් දැනුණා. මම අඬු දෙකකින් අල්ලගෙන ඇදලා ගත්තා. එකපාරටම පොඩි යකඩ කැබැල්ලක් ආවා. එවැනි දෙයක් මගේ අධිකරණ වෛද්‍ය ඉතිහාසයේ ජීවිතේට දැකලා නැහැ. මට තවත් සැකයක් ආවා. එක්කෝ වෙඩි උණ්ඩයක් වෙන්න ඕනෙ. නැත්නම් විද්‍යාඥයෙක් නිසා මොකක් හරි රසායනික ක්‍රියාවලියකදි පිපිරුමක් වුණාද කියලා. මම පොලිසියත් එක්ක ස්ථානීය පරීක්‍ෂාවට ගියා. එතන කිසිදු සාක්කියක් නැහැ. නැවත පොලිසියට ගිහින් වාහනේ තැන් තැන්වලට මගේ අතේ තිබුණ කොටස තිය තිය බැලුවා. එයාර් බෑග් එකේ තැනකට හරියටම සමපාත වුණා. එහෙම තමයි මරණයට හේතු වූ යකඩ කෑල්ල ආ මග සොයා ගත්තේ.”
එදා විශේෂඥ වෛද්‍ය පනීත මෙවැනි මාරක අනතුරක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ මුල් පියවර තැබූවේ 2023 වසර අවසානයේ අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්ය.
ඒ ‘අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව’ (Forensic Science, Medicine and Pathology) නමැති අන්තර්ජාතික සඟරාවක් සඳහාය. එම වෛද්‍ය මණ්ඩලයට අධිකරණ විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න, මහාචාර්ය අමල් නිශාන්ත වැදිසිංහ, කසුන් බණ්ඩාර ඒකනායක, සී.යූ. වික්‍රමසිංහ සහ ගයාන් කුමාරසිංහ සහ බණ්ඩාරගේ සංජය යන අය ඇතුළත් විය.
‘‘එම පර්යේෂණ පත්‍රිකාවේ මාතෘකාව වුණේ දෝෂ සහිත වායු බෑග් පද්ධතියක් නිසා මරණයක්’’ යන්නයි. එහි මූලික අරමුණ වුණේ වෙනත් රටවල් සමග අපගේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමයි. මේ වන විට එම පර්යේෂණ පත්‍රිකාව ඉතා විශාල ප්‍රමාණයක් ලොව පුරා පරිශීලනය කොට තමන්ගේ සඟරාවලට ද උපුටා ගැනීම් වශයෙනුත් භාවිත කර ඇති බව සඳහන් කළ යුතුයි. විශාල ඝට්ටනයකදී ඇතිවන පීඩනයකදී සිදුවන රසායනික ක්‍රියාවලියක් මගින් නිර්මිත වායුවකින් පිම්බීමකට ලක්වන වායු බැලූනය මගින් ජීවිතය ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වුවද මෙහිදී වන්නේ අනර්ථයක්. මෙම පර්යේෂණ පත්‍රිකාවේ මෙම තත්ත්වයට හේතුකාරණා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
දැන් ගාල්ල සිදුවීම වෙලාවෙත් කරාපිටිය අධිකරණ විශේෂඥ වෛද්‍ය දයා සමරවීර මහත්තයා මට කතා කළා. මොකද ඔහුට එදා හොරණ සිදුවීම පිළිබඳව යම් මතකයක් තිබිලා තිබෙනවා. එනිසා ඔහු මා සමග තොරතුරු හුවමාරු කරගෙන මේ සිදුවීම විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන ගියා” අධිකරණ විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න කියන්නේය.
මේ සිදුවීමත් සමගම 2023 වසර අගභාගයේ අදාළ වාහන සමාගම් ද පුවත්පත් පිටු පුරා දැන්වීම් පළකර තිබුණේ වායු බැලුනවල නිෂ්පාදන දෝෂයක් තිබෙන බැවින් එම දෝෂය නිවැරදි කිරීම සඳහා එම වාහන කාණ්ඩ නැවත අදාළ ආයතන වෙත භාර දෙන ලෙසය. එලෙස භාරදුන් වාහනවල වායු බැලුන් පරීක්‍ෂාකර බලා නැවත නොමිලේම අලුතින් යොදවා සුරක්‍ෂිත බවට සහතිකයක් පවා නිකුත් කළේය. එනමුත් රිච්මන්ඩ් කන්ද අසලදී වූ මේ අනතුරෙන් හෙළි වන්නේ තවමත් මගහැරුණු මෝටර් රථ තිබෙන බවය. එවැනි මගහැරුණු වාහන පැදවීමද එම වාහනවල යාමද මරුවා සමග යාමක් බව වාහන වලට නැගීමට පෙර සිහිතබා ගැනීමට හොඳය.
ඉන්දික සංජිව විතාන - 2026.02.22 සතිඅග අරුණ