වාර්ෂිකව ඩොලර් බිලියන 5ක විදේශ විනිමය උපයන MAS ආයතනය ලංකාවෙන් යයි.

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,193
    3,285
    113
    43
    Wakanda
    ආන්ඩුවෙ විසදුම මොකක්ද මේක නවත්ත.
    විදේශ ආයෝජන ගේන්න මේ ආන්ඩුවට ඇති වැඩපිලිවෙල මොකක්ද??


    1000105207.jpg


    වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික විදේශ විනිමයක් උපයමින්, මෙරට සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රතිශතයකට දායක වන ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය මේ වන විට සංකීර්ණ ගෝලීය සහ කලාපීය වෙළෙඳ තරගකාරීත්වයකට මුහුණ දෙමින් සිටියි. දශක ගණනාවක් පුරා 'Garments without Guilt' හෙවත් සදාචාරාත්මක නිෂ්පාදන පිළිවෙතක් ඔස්සේ ගෝලීය වෙළෙඳපොළ ජයගත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය, පසුගිය ආර්ථික අභියෝග මධ්‍යයේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට නිරන්තර උත්සාහයක නිරත විය.

    කෙසේ වෙතත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ කලාපීය රටවල් ලබා දෙන ආකර්ශනීය බදු සහ මූල්‍ය සහන හමුවේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සිය නිෂ්පාදන ධාරිතාව විදේශ වෙළෙඳපොළවල් වෙත විවිධාංගීකරණය කිරීමට යොමු වීම ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

    ඉන්දියාවේ 'Plug-and-play' පහසුකම් සහ කලාපීය ආයෝජන

    වාර්තා වන පරිදි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන MAS Holdings සමාගම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙයියාර් (Cheyyar) SIPCOT කාර්මික කලාපය ඇතුළු ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ත් 100ත් අතර ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කෙරෙන බවට දේශීය හා ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.

    ඉන්දියාව වැනි රටවල් කර්මාන්ත සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි 'Plug-and-play' කාර්මික කලාප, 25%ක් දක්වා වන ප්‍රාග්ධන සහනාධාර, අඩු පිරිවැය බලශක්ති සහ ඉදිරියේදී යුරෝපා සංගමය සමඟ ඇති කර ගැනීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා ලබාදෙන වෙළෙඳපොළ ප්‍රවේශය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

    පිරිවැය ව්‍යුහයේ වෙනස්කම් සහ තරගකාරී පරතරය

    ආර්ථික දත්ත විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාවට කලාපීය තරගකරුවන් හමුවේ සැලකිය යුතු පිරිවැය අභියෝග කිහිපයක් පවතී:

    | ශ්‍රම පිරිවැය:
    බංග්ලාදේශය වැනි තරගකාරී රටවල මාසික අවම වැටුප ඩොලර් 113ක් පමණ වන විට, ශ්‍රී ලංකාවේ එම අගය ඩොලර් 140 - 165 සීමාවේ පවතී.

    | බලශක්ති පිරිවැය:
    ඉන්දියාවේ කාර්මික විදුලි ඒකකයක් ඇමරිකානු ශත 8 - 10 අතර වන පසුබිමක, ශ්‍රී ලංකාවේ කාර්මික විදුලි ඒකක ගාස්තුව ඇමරිකානු ශත 12 - 15 දක්වා සාපේක්ෂව ඉහළ අගයක පවතී.

    | තීරුබදු පීඩනය:
    ඇමරිකානු සහ යුරෝපා වෙළෙඳපොළ සඳහා භාණ්ඩ යැවීමේදී තීරුබදු පරාසයන්හි පවතින විෂමතා හේතුවෙන් දේශීය අපනයනකරුවන්ට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වේ.

    මීට අමතරව, නිමි ඇඳුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන රෙදිපිළි සහ නූල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ මට්ටමක පවතී.

    අර්බුදය ජයගන්නා 'සිරස් ඒකාබද්ධතාවය' සහ එරාවුර් රෙදිපිළි කලාපය

    කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ දේශීය වශයෙන් ධනාත්මක සහ ප්‍රායෝගික ඉදිරි පිම්මක් තැබීමට ආණ්ඩුව සහ කර්මාන්ත නායකයන් පියවර ගනිමින් සිටීම කැපී පෙනෙන කරුණකි. අමුද්‍රව්‍ය සඳහා විදේශයන් මත යැපීම අවම කිරීමේ අරමුණින්, නැගෙනහිර පළාතේ මඩකලපුව - එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කළ රෙදිපිළි සැකසුම් කලාපය (Eravur Fabric Processing Park) මේ වන විට සක්‍රීය අදියරට පිවිස ඇත.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් මූලෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කරන ලද මෙම කලාපය තුළ, ඉන්දීය සම්භවයක් සහිත ජාත්‍යන්තර ළමා ඇඳුම් නිෂ්පාදන සමාගමක් වන 'Jay Jay Mills Lanka' ඩොලර් මිලියන 35ක සෘජු ආයෝජනයක් සිදු කර තිබේ. පරිසර හිතකාමී අපජල පවිත්‍රාගාර සහිත මෙම පහසුකම මඟින් දිනකට රෙදිපිළි මෙට්‍රික් ටොන් 50ක් ගෙතීම සහ ඩයි කිරීමේ ධාරිතාවක් පවතී.

    ඊට සමගාමීව, ඇඟලුම් සඳහා අවශ්‍ය මූලික නූල් නිෂ්පාදනය කිරීම සඳහා හොරණ ප්‍රදේශයේ ඉදිකෙරෙන අතිනවීන කර්මාන්තශාලාව දේශීය නිෂ්පාදන දාමය ශක්තිමත් කරන තවත් ප්‍රධාන පියවරකි. Brandix සහ Hirdaramani වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් මෙම දේශීය නිෂ්පාදන දාමය සමඟ එක්ව 'සිරස් ඒකාබද්ධතාවයක්' (Vertical Integration) ගොඩනැගීමට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම, දේශීය කර්මාන්තයේ පදනම ස්ථාවරව පවත්වා ගැනීමට ලැබුණු මනා පිටුවහලකි.

    ආයෝජන රඳවා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය රැකියා ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසන ප්‍රධානතම මාධ්‍යයක් බැවින්, කර්මාන්තශාලා මෙරට රඳවා තබා ගැනීම උදෙසා ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් ආර්ථික විද්වතුන් විසින් පෙන්වා දෙනු ලබයි:

    | බලශක්ති ප්‍රතිසංස්කරණ:
    පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත කාර්මික අංශය යොමු කරමින් නිෂ්පාදන විදුලි පිරිවැය අඩු කිරීම.

    | තාක්ෂණික දිරිගැන්වීම්:
    ස්වයංක්‍රීයකරණය (Automation) සහ උසස් තාක්ෂණය වෙත යොමුවන කර්මාන්තශාලා සඳහා බදු සහන සහ ආයෝජන පහසුකම් පුළුල් කිරීම.

    | වෙළෙඳ රාජ්‍යතාන්ත්‍රිකභාවය:
    ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් සමඟ පවතින තීරුබදු සහන වැඩසටහන් තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා ශක්තිමත් කිරීම.

    ගෝලීය සමාගම් ලාභය සහ පිරිවැය මත තීරණ ගැනීම සාමාන්‍ය ව්‍යාපාරික න්‍යායයක් වුවද, ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම වාණිජමය වශයෙන් වාසිදායක වන ස්ථාවර ආර්ථික වටපිටාවක් නිර්මාණය කිරීම තුළින් දේශීය ඇඟලුම් කර්මාන්තයේ කිරුළ ඉදිරියටත් ආරක්ෂා කරගත හැකි වනු ඇත.
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    429
    210
    43
    අපි මාතර..!
    MAS India for India පටන් ගත්තෙ 2024. මේක company එකේ longterm vision එකක්. ඔහොම කියනව නම් MAS එක 2015 indunesia, Kenya jordan වල invest කරද්දි ඒවත් වැරදිද? කොහොම කලත් ලංකාවෙන් යන්නෙ නෑ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,543
    113
    Hapo Okanan Wadak Nethi Company Ekak.
    Ochchara Kalekata Lankawa, Thamange Company Eka Wenuwen Kisima Brand Ekak Develop Kare Ne. Suddonge Katu Lewa Kaka Inne.
    Management Eke Inne Royal School Witharai
     
    • Like
    Reactions: redux

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,947
    113
    yakuuu MAS lankawen ayin krnwa kiyala nane.. company eka tyenawa. future expansions India wala karanawa kiyanne.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,805
    978
    113
    Mama UK clothing branding ekakata wada karanne. Mama danna ekama de thawa aurudu 5k wage athulatha operational labour prashna nisa godak brand mehen yanawa. Anika buyersla dena price margin walin factory padi nadi other expences gewwama loku profit ekak na ban factory ownerslata. ape minissunge enna enna wiyadama up wenawa, ethakota minissu me wage presure jobs walata kohomath enna. Mama me kiwwe uparima simply. Vertical kathawa gaththoth thread eke idala ship karana thanata wenakal hama operation ekakma wenne ekama thanakin. Ehema kisima plant ekak thama mehe na. Mama wada karanna brand eke samahara styles thiyenawa mahanne ranna, print karanne trinco. Hithapan kochchara salli nasthiyakda kiyala, buyers gewanne final output ekata, eaka kohomada wenne kiyana eka kohomath adala na, api talk kalama karanne apen order eka galawalaq wena region ekakata danawa, godak durata banga
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    ෆක් , දන්න උන් බර ගානක් ඔකේ වැඩ කරනවා.
    පව් වැඩේ. උන් බර කාලයක් හිටියා ප්‍රෝමෝට් වෙන්න. ඔය වගේ ලීඩින් කැම්පැනි යනවා කියන්නේ ආයේ හොදම එකෙන් තමයි උද්දමනය එන්නේ ....
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,051
    113
    ඉතින් ඒකනේ ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය. චන්දෙ දුන්නේ දන්නේ නැතුවද ?