“ඔවුන් හිතනවා අපේ කකුල් දෙක අස්සේ යම් අපිරිසිදු දෙයක් තියෙනවා කියලා..!”
-වාරිස් ඩයිරේ 1997 එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී෴
====================
Waris Dirie
වාරිස් ඩයිරේ
====================
දුක් විඳිමින් ජීවිතය ගෙවන ලක්ෂයක් මිනිසුන් අතුරින් යමෙකුට කුමණ කරුණක් අරභයා හෝ එකී සමාජයෙන් මිදී ස්වර්ගීය ලෝකයක ජීවත්වීමට අවස්ථාව ලැබේ. ඉන් අනතුරුව හේ සිය දුගී සමාජය අතෑර සැහැල්ලු වළාකුලු අතර හිඳ තම ඉතිරි කාලය ගෙවා දමයි. යථාර්ථය එයයි. එහෙත් කලාතුරකින් කෙනෙකු ඉන් බැහැරව සිය අතීත සඟයා ඉන් මුදවා ගැනීමට අප්‍රමාණ උත්සාහයක යෙදෙත්...
අපි කතාකරන්නේ තාරකාවක් බවට පත්වීත් සිය යුතුකම් බැහැර නොකළ එවැනි සෝමාලියානු ගැහැණියක් පිළිබදවය. දුගී බව නිසා ලිංගික සූරාකෑමට සහ අනේක ලිංගික වධ බන්ධන විඳිමින් ජීවත්වන තම සහෝදරියන් අමතක නොකළ ගැහැණියක් පිළිබදවය...
එක දවසක් ලන්ඩනයේ එක්තරා වීදියක මොනවහරි කන්න කියලා ආපන ශාලාවකට ගොඩ වැදුණු මනුස්සයෙක් දකිනවා තමන්ට පිටුපා ආපන ශාලාව අතුගාන කෙල්ල මිනිස්සු කාලා ඉතිරි වෙච්ච දේවල් හොරෙන්ම සාක්කුවට දා ගන්නවා. මිනිහට ඒකට යාන්තමට හිනාවක් යනවා. ඊළඟ මොහොතෙ කෙල්ල හැරෙනවා ඔහු දිහාවට. එවිට එක එල්ලේ ඔහු දකිනවා මේ කෙල්ලගෙ මුහුණ. මිනිහ මොහොතකට ගල් වෙනවා. ඒ තමයි එයා හොය හොය හිටපු මූණ. ඒත් ඒ මුහුණ මිනිහෙක් වික්ෂිප්ත කරන්න තරම් මහ ලස්සනක් තිබුණෙ නෑ. නමුත් ඡායාරූප ශිල්පියෙක් ලස්සන කියන දේ දකින්නෙ වෙනස් විදිහට; වෙනස් කෝණයකින්. මොකද ඔහු ඡායාරෑප ශිල්පියෙක්. ඔහු නැගිටලා යනවා කෙල්ල ඉස්සරහට...
"මොකක්ද ලස්සන කෙල්ලේ ඔයාගෙ නම..?"
"වාරිස්..."
"හොදයි..! හැම නමකටම තියෙනවා යම්කිසි තේරුමක්. ඔබේ නමටත් තියෙනවද එහෙම තේරුමක් වාරීස්?"
"ඔව්. සෝමාලියාවෙ ඒකට කියන්නේ කාන්තාරයේ කුසුම; එහෙම නැත්නම් පුෂ්පය කියලා..."
ඔන්න ඔහෙම තමයි සෝමාලියාවෙ එළුවො බලාගත්තු කෙල්ලක් ලන්ඩන් නුවර පුංචි ආපන ශාලවකදි එංගලන්තයේ කීර්තිමත්ම ඡායාරූප ශිල්පියෙකුට මුණ ගැහුනෙ. කොච්චර දක්ෂයෙක්ද කියනවානම් මිනිහා තමයි ඒ දවස්වල ඩයනා කුමාරිගෙ පුද්ගලික ඡායාරූප පවා ගත්තු කැමරකාරයා. නම ටෙරී ඩොනල්ඩ්සන්...
තවත් ටික කාලයක් යද්දී ටෙරී ගේනවා මේ සෝමාලියානු කෙල්ලව ලන්ඩනයේ ජනප්‍රියම මෝස්තර නිරූපිකාවන් අතරට; ලිංගික අල්ලස් කිසිත් නොගෙන, නියම මහත්මයෙක් විදිහට. දැන් ඕනිම මොහොතක ලන්ඩන් නුවර ප්‍රධාන වීදිවල, හතරමං හන්දිවල විශාල පුවරුවල දකින්න පුලුවන් ලස්සන හිනාවකින් සැරසුණු වාරිස් ඩයරේ මොහොමඩ් සුලෙයිමාන්ව. වාරිස්ගේ දවසින් දවස ඉහළ යන මේ ජනප්‍රියත්වය ධාරණය කරන් හිටපු ඇමෙරිකා එක්සත් ජනපදයෙ කීර්තිමත් ලේඛිකාවක් වෙච්ච කැතලින් සිලර්ට හිතෙනවා මේ කලු කෙල්ලගෙ ජීවිත කතාව ලස්සන පොතකට හොඳ ඇති කියලා. කැතලින් එතකොට හිටියෙ ලන්ඩන්වල. දවසක් කැතලින් වාරිස්ව ගෙන්වනවා තමන්ගෙ ලන්ඩන් නුවර කාර්යාලෙට...
"වාරිස් කාන්තාරයක එඬේර ජීවිතයක් ගත කල කෙල්ලක්, හිටි ගමන් ලංඩන් නුවර සුප්‍රසිද්ධ ගැහැණියක් වෙන්න බලපෑවෙ ඡායාරූප ශිල්පියෙක්ද..?"
"නෑ කැතලින් මිලර්..! ඒ කෙල්ලගෙ ජීවිතේ වෙනස් වුණේ එක්තරා සුවිශේෂි සිදුවීම් දෙකක් නිසා. එකක් තමයි ඒ කෙල්ල ගොඩක් පුංචි කාලේ මර බයෙන් කෑගහද්දි ඇගේ ස්ත්‍රී ලිංගයේ සංවේදී කොටස් ලේ හල හල අයින් කරලා ඇයට මුත්‍රා කරන්න පුංචි සිදුරක් විතරක් තියලා මහපු එක. ඒක ඉස්ලාම් ආගමේ සෝමාලියානු චාරිත්‍රයක්. දෙවැනි එක ඒ කෙල්ලට වයස 10 දි කෙල්ලගෙ තාත්තා ඇයට වයස 60 මිනිහෙක් බන්ඳලා දෙන්න තීරණය කල දවස. ඒ රාත්‍රියෙ මේ කෙල්ල ගෙදරින් පැනලා දවස් තුනක් තිස්සෙ දිව්වා කාන්තාරෙ වතුරවත් නැතිව. ඇගේ කකුල් වලින් ලේ පෙරෙනකන් ඇවිද්දා මහ පාරක් හම්බුවෙනකන්. ඒ දෙකේම තිබුණේ මගේ ජීවිතයේ අනුන් නිසා මම හලපු ලේ. ඒ ලේ තමයි කැතලින් මිලර් මට මෙතනට එන්න පාර කියා දුන්නේ..."
ඒ විදිහට ලේ වලින් ජීවිතය පටන් ගත්තු වාරිස් ඩයරේ සුලෙයිමන්ව 1997 දි එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අන්නන් පත්කරනවා අප්‍රිකානු මහද්වීපයේ සාමය හා අවිහිංසාව පිළිබඳව නිත්‍ය නියෝජිතවරිය විදිහට. මේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල කළ ප්‍රථම කතාව...
"මම මගේ අම්මට ආදරෙයි. මම මගේ පවුලට ආදරෙයි. ඒ වගේම මම මේ මුලු මහත් අප්‍රිකාවටම ආදරෙයි. මේ මහද්වීපය තුළ තියෙනවා වසර 3000 ක් පමණ පැරණි විශ්වාසයක් ලිංග ඡේදනය කර මසා නොදැමු ගැහැණු දරුවා අපවිත්‍රයි කියලා. ඔවුන් හිතනවා අපේ කකුල් දෙක අස්සෙ ඉවත් කල යුතු යම් අපිරිසිදු දෙයක් තියෙනවා කියලා. ඉතින් ඔවුන් අපේ ස්ත්‍රී ලිංගය කපලා කොටලා මහනවා. ඒ මැහුම ගලවන්නෙ ඇගේ මංගල රාත්‍රියේදී ඇගේ සැමියා විසින්. ස්ත්‍රී ලිංගය ඡේදනය නොකළ කිසිම ගැහැණියෙකුට ගමේ ඉන්න තහනම්. ඇයව ගමෙන් එළවා දමනවා. අනතුරුව ඇය මුලු මහත් මහද්වීපය පුරා ගණිකාවක් ලෙස ඇවිදිමින් අපවිත්‍ර හා දුක්ඛිත ජීවිතයක් ගතකරනවා. මේ අශිෂ්ඨ චාරිත්‍රය නිසා මුලු මහත් අප්‍රිකා මහද්වීපයේම ගැහැණු ස්ත්‍රී ලිංගය ඡේදනය කර හෝ නොකර සිය ජීවිත කාලයම ශාරීරිකවත් මානසිකවත් දුක් විඳිමින් මැරී යනවා..."
"මගේ එක සොහොයුරියක් මිය ගියේ ලිංග ඡේදනයේදී අධික ලෙස රුධිරය පිටවීම නිසා. අනෙක් සොයුරිය මිය ගියේ බාල වයසේදීම දරු ප්‍රසුතියකට මුහුණ දුන් නිසා. ඉතින් මට අවශ්‍යයි මේ ගැහැණිය නැමති අප්‍රිකාවේ කොඳු නාරටිය ශක්තිමත් කරන්න. මොකද කොඳු නාරටිය ඇගේ අඩපණ නම් එය සමස්ථ සමාජයටම බල පානවා. අපේ කාන්තාර වාසීන් අතර ප්‍රකට කියමනක් තියෙනවා 'පෙලේ අවසානයට ගමන් කරනා ඔටුවා යන්නේද පෙලේ මුලින් ගමන් කරනා ඔටුවාගේ වේගයෙන්මය' කියලා...
ස්තුතියි..!"
-----------------------
වාරිස් ඩයිරේ සුලෙයිමන් ගේ මේ දේශනයෙන් පසුව ලෝක මානව හිමිකම් සංවිධාන දඩිබිඩියෙ අප්‍රිකානු මහද්වීපයට කඩා වැදුණා. ඉතින් බෙහෝ අප්‍රිකානු නායකයන්ට මෙම අශිෂ්ඨ චාරිත්‍රය නවත්තන්න විවිධ අනපනත් ගේන්න සිද්ධවුණා. තවත් රටවල් මෙම චාරිත්‍රය සම්පුර්ණයෙන් තහනම් කළා. ඇගේ ජීවිත කතාව අලලා 'The Living Daylights' නැමති චිත්‍රපටිය නිෂ්පාදනය කල අතර, ලොව ප්‍රකට නවකතා 4 කට ඇගේ ජීවිත කතාව ඉවහල් වුණා...
Desert Flower (1998)෴
Desert Dawn (2004)෴
Desert Children (2005)෴
Letter to my mother (2007)෴