වාරුව ලැබෙන තුරු

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වාරුව ලැබෙන තුරු

    කදුළු කැට කැට
    වැටුනේ දැසට
    කෙලස පවසමි
    නොවන් කිසිවකුට

    වාරු නැති හුරු අතින්
    වාරු ඇති නුහුරු අතින්
    අතින් අත ගෙන ගිලින
    බත කට දුටු විට
    මට දැනුනු දුක
    කෙලෙස ලියන්නට
    හැකි වේද මට
    කර්මය කුමක් වුවත්
    අසරණයා පෙලන හැටි වත්
    ඉවසමි කෙසේ වත්

    නැගුනු සිනහව
    ඇසු විට බත් කවුනුදැයි මම
    එපා මිතුරනි මෙයයි මගේ
    උරුමය සදා කල් මෙයින් මතු
    විය හුරු වැඩ පල කරනට හුරු
    රෝහල යනු ජිවිතේ
    අනියත දුක අනාත්ම බව
    පසක් වුවා බුදු මුවේ දෙසු
    බන පදේ
    අන්ත අසරණ ජිවිතේ
    නොවේවා මතුවට ඔබේ
    හුරු අතට වාරුව ලැබෙනා
    දිනක් ඒවි යැයි
    පතමි මම ඔබේ


    ජාතික රෝහලේ අගාත ඒකකයේ දී මහුණ පැ හිත කම්ම්පා වූ සිදුවීමක් ඇසුරෙන්
    (කම්කරු වැඩ කරන අසරණ කෝල්ලෙක්ව පුස් බයික් එක පැදගෙන ගෙදර යනකොට පාරේදී කාර් එකක් හප්පලා ගිහින් ,දැන් ඔහුට වුනු අනතුර නිසා මොලේට සිදිවු හානියෙන් හුරු අත පන නැහැ ,එතින් ඔහු බත් කන්නේ නුහුරු අතින් හුරු අත ඔසවමින් ,ඔහුට කවන්න කෙනෙක් වත් නැහැ ,ඒ සිදුවීම තමයි කවියට නැගුවේ
    සැහෙන කාලෙකින් මේ ලිව්වේ )