වාසනාවන්ත පියවරු සහ දරුවන්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වාසනාවන්ත පියවරු සහ දරුවන්

    551661_489866147709953_76273666_n.jpg




    01. මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.

    02. විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

    03. එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන, විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.

    04. සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    05. කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන, මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

    06. අනේ මේ අපේ සෝමපාලගේ, දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන, මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.



    අපේ අම්මලා තාත්තලා බොහොමයකට අපිව එංගලන්ත්යේ යවන්න, යුරෝපයේ යවන්න සල්ලි නැත. ලක්ෂ 50 ක් 60ක් තම දරුවන් වෙනුවෙන් වෙන් කරන්න ඔවුන්ට ආර්ථික මට්ටමක් නැත.මේ සමාජයේ හැමදාම දයාවතිගේ, සෝමපාලගේ දරුවන් දුක් විදිය යුතුද? වසර ගණනාවකින් අපේ උපධි පාඨමාලා අලුත් වී නැත, විශ්වවිද්‍යාල සිසුන් බොහොමයකට නේවාසික පහසුකම් නැත,සමහර පාඨමාලා සදහා අවශ්‍ය භෞතික සම්පත් විශ්වවිද්‍යාල බොහොමයක නොමැත. ඉතින් මේ අඩුපාඩු හමුවේ අපි නිහඩව බලා සිටින්නේ කෙසේද? පන්ති වර්ජන, මහාපාරේ පිකටින් නොකර මේ ගැටලු වලට උත්තර ලැබෙනවානම් අපිත් බොහොම කැමතිය. නමුත් අවාසනාවකට එය එසේ සිදුවන්නේ නැත. අපි විශ්වවිද්‍යාල වලට ඇතුලත් වූයේ අත ඔසවා නොවේ. උසස් පෙළ ඉතා ඉහලින් සමත්වී අපි විශ්වවිද්‍යාල වලට ඇතුලත් වූයෙමු. කාටවත් අපිව කඩේ යැවිය නොහැක. කඩේ යාමට තරම් දුර්වල මානසිකත්වයක්ද අපට නැත. ඒ වගේම අසාධාරණය හමුවේ නිහඩව බලා සිටින්නටද අපි සූදානම් නැත. අසාධාරණ වලට අපි භය නැතුව කෑ ගහන්නේ විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් අපගේ කශේරුව කෙලින් ඇති නිසාය. දයවතීගේ, සෝමපලගේ දරුවන් මේ රටේ අනාගතය භාරගන්නා දවසද වැඩි ඈතක නොමැත. දුර්ධාන්ත පාලකයිනි ඔබට තව වැඩි දවසක් මේ නාටකය රග දැක්විය නොහැක. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් අපේ රටේ අනාගතයේ විශ්වවිද්‍යාල වලට එන්නට සිටින නංගිලා මල්ලිලාට උරුමකරදීම අපේ ඒකායන අරමුනයි. ඒ අරමුණ වෙනුවෙන් දහඩිය, ලේ, කදුලු සලන්නට අපි අදත් හෙටත් හැමදාමත් සූදානම්ය.