වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    අපි ඉක්මණින් ම කර ගන්ට ඕනැවන්නේ සසර බිය උපදවා ගැනීම යි.

    සංසාරය කෙරෙහි බිය උපදවා ගන්න කෙනාට, සංසාරයෙන් නිදහස් වන්ට කැමැත්ත උපදිනවා.

    අන්න එයාට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්න භාග්‍ය උදා වෙනවා.

    සසර බිය ඉපදුනු කෙනාට ලාභ සත්කාර කෙරෙහි බිය උපදිනවා.

    සසර බිය නැති කෙනාට ලාභ සත්කාර අහිමි වෙයි කියන බිය උපදිනවා.

    එයාට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්ට අමාරු යි.

    ~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ

    උතුම් දහම් අවවාදයකි~~~




    තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!
     
    • Like
    Reactions: one_genuine

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදු සාදු සාදු.

    මම කියවලා තියෙනවා බුදු රජාණන්වහන්සෙ ආනන්ද හිමියන්ට පැවසුවාලු මේ ශාසනයේ ධර්මාවබෝධය සඳහා කළණ මිතුරන් ඇසුරමයි උපකාර වෙන්නෙ කියලා. අපට මෙහෙම දහම් පණිවිඩ දෙන, ධර්මය ඉගෙණීමට ඉඩ සළසන හැම කෙනෙක්ම කළණ මිතුරෙක්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපි මේ ජීවත් වෙන්නෙ පුදුම වාසනාවන්ත කාලෙක, පුදුම තරම් වාසනාවන්ත විදිහට.
    අපිට මොනව නැතත් තියෙන දේ වල වටිනාකම වැඩියි. මොකද අපි මිනිස්සු විදිහට ඉපදිලා තියෙනව.
    අපිට ඤාණය ලබා ගන්න පුලුවන්. ධර්මය ඉගෙන ගන්න පුලුවන්. සසර ගමන කෙටි කර ගන්න පුලුවන්.
    මම කියනව, අපිට අපේ අනාගතය වෙනස් කිරීමට පුලුවන් බොහෝ දුරට. අපිට පුලුවන් සසර ගමන කෙටි කරගන්න. මේ ජීවිතය එක් කෙටි නවාතැනක් විතරයි. මැරුණට පස්සේ මොන ලෝකෙක යයිද? දිව්‍යලෝකෙ? අපායෙ? තව වෙනත් තැන් බොහොමයක් තියෙනව.

    මමනම් හිතන්නෙ මේ ලැබුණු අගනා ජීවිතය උපයෝගී කරගෙන සසර ගමන කෙටි කරගන්න ඕන කියලයි. මොකද මේ ලැබිච්ච අවස්ථාව ආපහු නොලැබෙන්න පුලුවන්. එහෙම නැත්තම් ලැබෙන අවස්ථා ගණන අඩු වෙන්න පුලුවන්.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ow, me dawaswala dharmaya igena ganna pahasukam thiyenawa. apata kiyawala therum ganna pahasu sarala basin pariwarthanaya karala thiyenawa. bhawanawata yomu wunu bhikshunwahansela godak wada innawa.

    lankawa wage bauddha rataka ipadenna labeemath loku pinakne.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සසර බිය උපදවා ගන්න අවිද්‍යාව නැතිකරගන්න ඕනි..මේ වගේ කල්‍යාණමිත්‍රයන් එකතු වෙලා මේ විදියට ධර්මය සාකච්ඡා කිරීම තුලින් අවබෝධ කරගැනීමෙන් ඒ අරමුණට යන්න පහසුයි...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එළකිරි එකේනම් කළ්‍යාණමිත්‍රයො ඉන්නෙ එක්කෙනයි. ;)

    ඒ වුණාට කළ්‍යාණමිත්‍රයො ජාති 4ක් ඉන්නවා.

    1. උපකාරක මිත්‍රයා
    2. සමාන සුඛදුක්ඛ මිත්‍රයා
    3. අත්ථක්ඛායි මිත්‍රයා
    4. අනුකම්පක මිත්‍රයා
    ඕකෙ අනික් පැත්ත තමා අපට නිතර දකින්න ඉන්නෙ-පාප මිත්‍රයො.

    1. අඤ්ඤදත්ථුහර
    2. වචීපරම
    3. අනුපියහාණි
    4. අපාය සහාය
    තමාට ඇසුරට සුදුසු කළණ මිතුරන් නොලැබේනම්, වනයේ තනිව හැසිරෙන ගිජිඳෙකු මෙන් හුදෙකලාව විසීම යහපත් කියල තියෙනවා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පියෝච ගරු භාවනීයෝ
    වත්තාච වචනක්ඛඛෝ
    ගම්භීරෝච කථං කත්තා
    නෝවට්ඨානේ නියෝජයේ”


    මෙහි දැක්වෙන අන්දමට යහපත් මිතුරකු සතු ලක්‍ෂණ හතක් වේ.


    1. මනා ගතිපැවතුම් වලින් යුතු පි‍්‍රයජනක පුද්ගලයකු වීම.
    2. ගරු බුහුමන් ලැබීමට සුදුස්සකු වීම.
    3. වැරැදි නිවැරැදි බව මනාව පෙන්වා දෙමින් අවස්ථාවෝචිත උපදෙස් දීම.
    4. මිතුරාට සාවධානව සවන් දෙන්නකුවීම.
    5. ඉවසීම
    6. ගැඹුරු ගැටලු පිළිබඳ මනා ලෙස කරුණු පහදා දීම.
    7. අයහපත් ක්‍රියාවන්ගෙන් මිතුරා වළක්වාලීම.


    මූලාශ්‍රය: http://www.lakehouse.lk/budusarana/2009/03/10/tmp.asp?ID=vision07

    ඔන්න තෝර ගන්න විදිහ සහ වෙන්න ඕනෙ විදිහ කියල දීල තියෙනවා.
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
    • භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගැනීම පිණිස ම ඉගෙන ගන්න.
    • යමෙක් ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගත්තොත් එපමණකින් ම එයා ට වීරිය උපදිනවා.
    • මේ ධර්මය තුළ දුක පිළිබඳ ව පරිපූර්ණ වශයෙන් ම කියල දීල තියෙනවා. දුකේ හට ගැනීම ගැන ත් පරිපූර්ණ වශයෙන් ම කියා දීල තියෙනවා.
    • දුකේ නැති වීම ගැනත් පරිපූර්ණ වශයෙන් ම කියා දීල තියෙනවා.
    • දුක නැති කරන වැඩපිළිවෙල ගැන ත් පරිපූර්ණ වශයෙන් ම කියල දීල තියෙනවා.
    • මේ කාරණා තේරුම් ගත් කෙනා දුක තුළ වාසය කරන්ට කැමති වෙන්නෙ නෑ.
    • දුකේ නැති වීමට එයා කැමති වෙනවා.
    • ආන් එයා දුක නැති කරන වැඩ පිළිවෙලට ත් කැමති වෙනවා.
    • එයා තුළ වීරිය උපදිනවා.
    • ඒ නිසා ධර්මය ස්වාක්ඛාත බව වටහාගැනීම පිණිස හොඳින් ඉගෙන ගන්න.
    ~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ
    උතුම් දහම් අවවාදයකි~~~
    තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ස්වාක්ඛාත කියන්නෙ මනාව දේශිත කියන තේරුම නේද? කළ යුතු වැඩ පිළිවෙල හොඳින් පැහැදිලි කර දී තිබෙන ධර්මය.
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
    තමන්ට සැප කැමති කෙනා අනුන් ගේ සැපට කැමති වෙන්ට ඕන.
    තමන් ගේ දුකට අකමැති කෙනා අනුන් ගේ දුකට අකමැති වෙන්ට ත් ඕන.
    අනුන් ගේ සැපට කැමති කෙනාට සැප සේ ඉන්ට පුලුවන්.
    අනුන් ගේ දුකට අකමැති කෙනාට දුක් අඩු කර ගන්ට පුලුවන්.
    අනුන් ගේ දුකට කැමති කෙනාට පීඩාවක් ම යි ලැබෙන්නේ.
    අනුන් ගේ සැපට අකමැති කෙනාට ත් පීඩාවක් ම යි ලැබෙන්නේ.
    ඒ නිසා කිසිවෙකුත් අනුන් ගේ දුකට කැමති වෙන්ට එපා!
    අනුන් ගේ සැපට ඊරිසියා කරන්ට ත් එපා!
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! කියන අදහස ම බලවත් ව පුරුදු කරන්න.
    සියලු සත්වයෝ ලද සැපතින් නො පිරිහෙත්වා! කියන අදහස ම බලවත් ව පුරුදු කරන්න.
    ~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ

    උතුම් දහම් අවවාදයකි~~~

    තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!
    !
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
    • තමන්ට සැප කැමති කෙනා, රාග හිතට කැමති වෙන්ට එපා.
    • ද්වේෂ හිතට කැමති වෙන්ට ත් එපා.
    • මෝහ හිතට කැමති වෙන්ට ත් එපා.
    • රාගය දුරු කරන්ට ත් ද්වේශය දුරු කරන්නට ත් මෝහය දුරු කරන්නට ත් බලවත් සේ කැමති වෙන්ට ඕන.
    • රාගයෙන් තොර ද්වේශයෙන් තොර මෝහයෙන් තොර සුන්දර වූ සිතට ම යි කැමති වෙන්ට ඕනැන්නෙ.
    • එබඳු සැපකට කැමති වෙන්ට නම්, රාගය ගින්නක් කියල හිතන්ට ද්වේශය ගින්නක් කියල හිතන්න.
    • මෝහය ගින්නක් කියල හිතන්න. රාග ගින්නෙන් පිච්චෙන්න කැමති වෙන්ට එපා.
    • ද්වේශ ගින්නේ පිච්චෙන්න කැමති වෙන්ට ත් එපා.
    • මෝහ ගින්නෙන් පිච්චෙන්න කැමති වෙන්ට ත් එපා.
    • තමන් ගේ හතුරෙක් වත් මේ ගිනි වලින් පිච්චෙනවාට කැමති වෙන්ට එපා.
    • එතකොට තමන් ගැන හිතන්ට ඕනැන්නේ කොයි පිළිවෙලට ද කියල දැන ගන්න.
    • ඒ වගේ ම තමා ගැන ත් අනුන් ගැන ත් පිළිපැදිය යුත්තේ කොයි පිළිවෙලට ද කියල දැන ගන්න.
    • ආන් එයාට මේ ගිනි නිවාගෙන සැප සේ වාසය කරන්ට පුලුවන් වෙයි. -ඛුද්දක නිකාය 1 පොත් වහන්සේ ගේ අග්ගි සූත්‍රය කියවන්න-
      ~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ
      උතුම් දහම් අවවාදයකි~~~
    තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළකිරි එකේනම් කළ්‍යාණමිත්‍රයො ඉන්නෙ එක්කෙනයි. ;)

    ඒ වුණාට කළ්‍යාණමිත්‍රයො ජාති 4ක් ඉන්නවා.

    1. උපකාරක මිත්‍රයා
    2. සමාන සුඛදුක්ඛ මිත්‍රයා
    3. අත්ථක්ඛායි මිත්‍රයා
    4. අනුකම්පක මිත්‍රයා
    ඕකෙ අනික් පැත්ත තමා අපට නිතර දකින්න ඉන්නෙ-පාප මිත්‍රයො.

    1. අඤ්ඤදත්ථුහර
    2. වචීපරම
    3. අනුපියහාණි
    4. අපාය සහාය
    තමාට ඇසුරට සුදුසු කළණ මිතුරන් නොලැබේනම්, වනයේ තනිව හැසිරෙන ගිජිඳෙකු මෙන් හුදෙකලාව විසීම යහපත් කියල තියෙනවා.

    You must spread some Reputation around before giving it to sudunone again.:rofl: