අපි ජීවත් වෙන්නේ පුදුම කරුම රටක. සමහර මිනිස්සු ජීවිත කාලය පුරාවටම උපය ගත්තු කීර්තිනාමය විනාසම කරල දාන්න අපේ සමහර මිනිස්සුන්ට යන්නේ බොහොම ටික වෙලාවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන මට්ටමේ පුහුණුකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා.
ග්‍රාන්ට් ෆ්ලවර් කියන පුහුණුකරුවාට මාසිකව ඇ.ඩො 10,000ක්, ඩේවිඩ් සේකර් කියන පන්දු යවන පුහුණුකරුවාට ඇ.ඩො 15,000ක්, මීකී ආතර්ට ඇ.ඩො 25,000ක් සහ දැන් ඔය එන්න ඉන්නවා කියන ඩිරෙක්ටර් ටොම් මූඩිට ඇ.ඩො 30,000ක් ගෙවන ආයතනයක් දේශීය පුහුණුකරුවෙක්ට ගෙවද්දී ගෝලීය ආර්ථික ප්‍රශ්න ඇදගන්න එක හරිම හිරිකිතයි. හම කළු හින්දාද දන්නේ නෑ.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු කියන රැකියාවට යම් වැටුප් තලයක් නියම වෙලා තියනවා නම් ඒක ඒ ධුරයට පත්වෙන ඕනම කෙනෙක්ට ඒ මුදල ලැබිය යුතුයි. නමුත් වාස් ඉල්ලලා තිබුණේ සේවය කරන දින ගණනට දෛනික වැටුපක්. හරියටම බැලුවොත් සේකර්ට ගෙවන ගානින් හරි අඩක් වගේ.
මම දන්න විදියට වාස්ට තනතුර ලැබෙන්නේ කොදෙව් සංචාරයට විතරයි. ඒකත් දුරකතන ඇමතුමකින්. ලිඛිතව මුකුත් නැහැ. රැකියා සුරක්ෂිත බවක් නැහැ. වැටුප් ගැන සඳහනක් නැහැ.
මිකී ආතර් කොදෙව් සංචාරයට වාස්ව ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලන්නේ සති දෙකකට කළින්. ඒත් ක්‍රිකට් ආයතනය වාස්ට කිසිම ලිඛිත දැනුම් දීමක් නැහැ. අන්තිම මොහොත වෙනකල් ඇදන් ගිහින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කරලා 'ජාතිආලය' කියන බෝලේ උඩ දාලා වාස්ගේ පැත්තට ඩෑෂ් එක ගහනවා.
අතින් කයිට් කරන් නිකන් වැඩ කරන්න ඕන සමාජ සුභසාධක සමිතියක් නෙවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට්.
විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා වාස්ට එන්න කියනවා ක්‍රිකට් සභාපති මුණගැහෙන්න. ඒත් සභාපති ෂම්මි සිල්වා වාස්ව මුණගැහෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු පහළොවක් කොඳු අත පය කඩාගෙන ක්‍රිකට් ගහපු මිනිහෙක්ට අපේ ක්‍රිකට් සලකන්නේ එහෙම.
මම ආයෙත් කියනවා මේ රට 'ගෞරවණීය මිනිස්සුන්'ට ජීවත් වෙන්න හොඳ තැනක් නෙවෙයි. නරා වලක්.
- කාංචන පිටිගල -
Sri Lankan Cricket Fans