වාස්ගේ ඔබ නොදන්නා කේස් එක

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    අපි ජීවත් වෙන්නේ පුදුම කරුම රටක. සමහර මිනිස්සු ජීවිත කාලය පුරාවටම උපය ගත්තු කීර්තිනාමය විනාසම කරල දාන්න අපේ සමහර මිනිස්සුන්ට යන්නේ බොහොම ටික වෙලාවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන මට්ටමේ පුහුණුකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා.
    ග්‍රාන්ට් ෆ්ලවර් කියන පුහුණුකරුවාට මාසිකව ඇ.ඩො 10,000ක්, ඩේවිඩ් සේකර් කියන පන්දු යවන පුහුණුකරුවාට ඇ.ඩො 15,000ක්, මීකී ආතර්ට ඇ.ඩො 25,000ක් සහ දැන් ඔය එන්න ඉන්නවා කියන ඩිරෙක්ටර් ටොම් මූඩිට ඇ.ඩො 30,000ක් ගෙවන ආයතනයක් දේශීය පුහුණුකරුවෙක්ට ගෙවද්දී ගෝලීය ආර්ථික ප්‍රශ්න ඇදගන්න එක හරිම හිරිකිතයි. හම කළු හින්දාද දන්නේ නෑ.

    ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු කියන රැකියාවට යම් වැටුප් තලයක් නියම වෙලා තියනවා නම් ඒක ඒ ධුරයට පත්වෙන ඕනම කෙනෙක්ට ඒ මුදල ලැබිය යුතුයි. නමුත් වාස් ඉල්ලලා තිබුණේ සේවය කරන දින ගණනට දෛනික වැටුපක්. හරියටම බැලුවොත් සේකර්ට ගෙවන ගානින් හරි අඩක් වගේ.

    මම දන්න විදියට වාස්ට තනතුර ලැබෙන්නේ කොදෙව් සංචාරයට විතරයි. ඒකත් දුරකතන ඇමතුමකින්. ලිඛිතව මුකුත් නැහැ. රැකියා සුරක්ෂිත බවක් නැහැ. වැටුප් ගැන සඳහනක් නැහැ.

    මිකී ආතර් කොදෙව් සංචාරයට වාස්ව ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලන්නේ සති දෙකකට කළින්. ඒත් ක්‍රිකට් ආයතනය වාස්ට කිසිම ලිඛිත දැනුම් දීමක් නැහැ. අන්තිම මොහොත වෙනකල් ඇදන් ගිහින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කරලා 'ජාතිආලය' කියන බෝලේ උඩ දාලා වාස්ගේ පැත්තට ඩෑෂ් එක ගහනවා.

    අතින් කයිට් කරන් නිකන් වැඩ කරන්න ඕන සමාජ සුභසාධක සමිතියක් නෙවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට්.

    විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා වාස්ට එන්න කියනවා ක්‍රිකට් සභාපති මුණගැහෙන්න. ඒත් සභාපති ෂම්මි සිල්වා වාස්ව මුණගැහෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු පහළොවක් කොඳු අත පය කඩාගෙන ක්‍රිකට් ගහපු මිනිහෙක්ට අපේ ක්‍රිකට් සලකන්නේ එහෙම.

    මම ආයෙත් කියනවා මේ රට 'ගෞරවණීය මිනිස්සුන්'ට ජීවත් වෙන්න හොඳ තැනක් නෙවෙයි. නරා වලක්.

    - කාංචන පිටිගල -
    Sri Lankan Cricket Fans

    152877053_2998638180366792_311919322077654098_o.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "මම ආයෙත් කියනවා මේ රට 'ගෞරවණීය මිනිස්සුන්'ට ජීවත් වෙන්න හොඳ තැනක් නෙවෙයි. නරා වලක්."


    වැදගත්ම ටික. වාස්ව කෙන්යා එවන්න. අපි බලාගන්නං
     

    rusiyanuwa

    Active member
  • අසාර්ථක ටීම් එකක පුහුණුකරු විදියට සති කීපයක් වැඩ කරලා තමනුත් අසාර්ථක පුහුණුකරුවෙක් කියලා ලේබල් ගහගන්නවාට වඩා , සල්ලි තණ්හාවට තනතුරෙන් ඉවත්වුනා කියලා වදින ලේබල් එක නම්බුකාරයි.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අසාර්ථක ටීම් එකක පුහුණුකරු විදියට සති කීපයක් වැඩ කරලා තමනුත් අසාර්ථක පුහුණුකරුවෙක් කියලා ලේබල් ගහගන්නවාට වඩා , සල්ලි තණ්හාවට තනතුරෙන් ඉවත්වුනා කියලා වදින ලේබල් එක නම්බුකාරයි.
    දවසේ කතාව :)
     
    • Like
    Reactions: ElaBaba

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    769
    113
    88
    වාස්ට මේකෙන් හම්බඋන දේකුත්නැ.. අතේ තිබ්බ ගානටත් කෙලඋනා මේ පත්තර කාරයොන්ට දීල..
    මේ article එක ලියපු එකත් හොද ගානක් ගන්න ඇති..
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    ඕනම මනුස්සයෙකුට තමන්ගේ හැකියාව මාකට් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ බන්. නැතිව තමන්ගේ හැකියාව කුණු කොල්ලෙට දීලා දාන්න ඕනේ නෑ. තමන්ගේ හැකියාව මාකට් කරගන්න බෑ කියන්නේ ඌගෙන් ඇති වැඩක් නෑ. මම නම් කියන්නේ වාස් කරපු වැඩේ හරි. තමන්ගේ වටිනාකම ගෙවන්න බැරි තැනක ඉන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: War Fighter