වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

    වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

    Elakiri යාළුවණේ,

    ඉතින් බුකියේ කරක්ගහන කොට වාස්තු විද්යාව (wasthu vidyawa) සම්බන්ද සිංහලෙන් ලියල තිබ්බ article වගයක් වැදගත් වෙයි කියලා copy කරගත්ත. ඔන්න ඒ ටික ගොඩිපිටින් ම පහලින් දැම්මා. සමාවෙන්න ඕන article තිබ්බ blog වල address නම් copy කර ගන්න බැරි වුණා.



    නිවසේ සතුට-ධනය-බලය ‍රැකෙන සෞභාග්‍ය කැන්දන වාස්තු විද්‍ය රහස්...
    ඉන්දියානු වාස්තුවිද්‍යාවරයෙකුවන ජය ප්‍රකාශ් ශර්මාගේ පොතක තමයි මේ උපදෙස්ටික තිබුනේ. කියවලා බලන්න. ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා..
    1.නිවසක් සැදිමේදි ඉඩමක් ‍තෝරාගැනිමේදි සැම විටම හත‍රැස් ලෙස පිහිටවන්නා වු චතුරස්‍ර භුමිය වාසයට වඩා සුදුසු වේ. මෙම ඉඩම් ආර්ථිකය වර්ධනයට මෙන්ම ධන වසනාව වැඩි කිරිමටද උපකාරිවේ.
    2.උතුරු දිශාවට බැවුම් ඇති භුමිය ඉතා වසනාවන්ත එකකි.
    3.නිවසක දොර ජනේල දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් විම ශුභය.දොර උළුවහු ගනන ඔත්තේ ගනනක් විමද,ජනේල ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් විමද ශුභය.එහෙත් ඒ දෙකෙහි එකතුව 17ක් විම අශුභය.
    3.නැගෙනහිර,දකුණ,බටහිර යන දිශාවලට ප්‍රධාන දොර තබා සාදන නිවෙස් දිනෙන් දින දියුණුවට පත්වේ.
    4.උතුරට,දකුණට,නැගෙනහිරට,බටහිරට මෙම දිසා හතරටම පිවිසුම් දොර‍ටු නිර්මාණය කර ඇති "විජය" වර්ගයේ නිවාස තුල ධන සම්පත් නිරන්තරයෙන් ‍රැදෙන සෞභාග්‍යමත් නිවසක්වේ.
    5.නිවසක මුල්ගල තැබිමේදි මුල්ම මුල්ගල ඊශාන දිශාවෙන් තැබිම සුභය.
    6.නිවසේ උතුරේ හෝ ගිනිකොණ පෙදෙසේ වතුරමලක් පිහි‍ටුවාලිමෙන් ධන වාසනාව වැඩිවේ.
    7.නිවසක මැද කොටසේ ජලයට සම්බන්ද කිසිදු දෙයක් නොතැබිය යුතුය.(මාළු ටැංකි,වතුර මලක්,පොකුණක්)
    8.වයබ දිශාවේ දේවරුප තැබිමෙන් දෙවියන්ගේ ආශිර්වාදය වැඩිපුර ලැබේනු ඇත.
    9.නිදන කාමරය තුල කිසිවිටක දේවරුප ,බුදුපිළිම ආදිය තබා ගන්න එපා.
    10.නිවසේ කුණු රොඩු අතුගාන විට ඉදිරි දොරකඩ සිට ඇතුලට අතුගාගෙන යන්න.නිතරම අතුගාන්නේනම් එම නිවසේ මුදල් ඉතිරි කිරිම තරමක් අපහසු වනු ඇත.
    11.පිච්චිගිය බල්බ් කිසිවිටක ගේ ඇතුලේ තබා ගන්න එපා.
    12.ඔබගේ කුණු බාල්දිය සැම විටම(විශේසයෙන් රාත්‍රි කාලයේදි) නිවසින් පිටත තබන්න.නිතරම මුඩියක් සහිත කුණුබාල්දියක් බාවිතා කරන්න.
    13.නිවසේ ලිප යනු ධනයේ සංකේතයයි. එම නිසා නිතරම ලිප පිරිසිදුව තබන්න.
    14.නිවස තුල නිතරම රණ්ඩුසරුවල් ඇතිවේනම් ලෙමන් හෝ රොස්බෙරි සුවද විලවුන් ජලයට මිශ්‍රකර ස්ප්‍රේ කරන්න.
    15.නිවසේ කැඩුනු බිදුනු දේ ආදි කුණු කන්දල් විසිකර පුළුස්සා දමන්න. එවිට මුදල් ඉතුරුවද අඩදබරද නිතර රෝගාබාද ඇතිවිමද අඩුවි යනු ඇත.
    16.පවුලේ සමිපබව වැඩි කර ගැනිමට සාලයට කහ පාට ආලේප කරන්න.
    17.ඔබගේ විවාහය පමාවේ නම් සාලයේ නිරිතදිග කොටසේ ප්‍රේමාන්විතව වැළදගෙන සිටින යුවලකගේ කළාත්මක රුපයක් හෝ කුරුළු ජොඩුවකගේ රුපයක් එල්ලන්න.
    18.නිදන කාමරයේ ඇද පරාවර්ථනය වි පෙනෙන ආකාරයට කන්නාඩි මේසය නොතබන්න.
    19.ජලයට සම්බන්ද කිසි දෙයක් නිදන කාමරය තුල නොතබන්න.
    20.ඔබගේ දරුවා ඉතා දගකාරනම් එම දරුවාගේ කාමරයට ලා පාටක් ආලේප කරන්න.
    21.නිදන කාමරයේ රුපවාහිනි ආදිය තබා ඇත්නම් නින්දට යාමට පෙර එය රෙද්දකින් ආවරණය කරන්න.
    22.විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.
    23.මකුළුදැල් යනු මුදල් ශක්තිය එකතැන පල්විමේ ක්‍රියාවලිය වනගන්වන්නකි. ඉම නිසා මකුළු දැල් තිබිම ඉතා අශුභය.
    24.වැසිකිළියේ කොමඩය නිතරම වසා තබන්න.ෆ්ලෂ් කරන විටදි පියන වසා ෆ්ලෂ් කරන්න.
    25.කුඩා මුට්ටියකට සම්පුරනයෙන් කාසි පුරවා නිවසේ බටහිර පෙදෙස පිරිසිදු කර එහි තබන්න. මෙම මුට්ටිය රතුපාටින් ආලේප කරතැබිම වඩාත් සුදුසුය. ධනය වර්ධනය වේ.
    26.ජල කරාම තුලින් ජලය කාන්දුවේනම් එය ඉක්මනින් පිලියෙල කරන්න. ජලය කාන්දුවිමක් යනු ධනය කාන්දුවිමකි.
    27.නිවසේ ඉදිරි ප්‍රදාන දොරට ගෙට්‍ටුව කෙලින්ම පිහිටා තිබිම අශුභය.
    28.නිවසේ සියළු ඔරලෝසු ක්‍රියාකාරි ඒවා විය යුතුය. අක්‍රිය ඔරලෝසු ඇත්නම් ඒවා පිලිසකර කරන්න. එසෙ කිරිමට නොහැකිනම් එව ඉවත් කරන්න. ඔරලොසුව ඔබගේ මුල්‍ය වර්ධනය පෙන්නුම් කරයි.


    සතයක් වත් වැය නොකර කෝටි ගණනක් ඉතිරිකරන රහස්
    ඔබේ නිවසේ මේවා කරන්න එපා. කළොත් දියුණුව මඟ නවතී. නිවසේ මුළුතැන් ගෙය තුළ ලුණු පොල්කට්ට හිස් කරන්න එපා. හිස් උනොත් ධන විනාශයක් අත ළඟ පවතින බව දැනගන්න. නිවසේ අසමගිතාවයක්ද හිටි අඩියේ ඇති වේ. මුළු තැන් ගෙයි වැඩවල යෙදෙන අයෙකුට අගුණ ගෙන දෙයි. වතුර කළයද හිස් කරන්ට සුදුසු නැත. එසේ වුව හොත් මුදල් නාස්ති වීමක් අත ළඟ බව දැන ගන්න. සීනි බෝතලය සුරා කා තේ බොන්න එපා. සීනි බෝතලය හිස් කරන්න එපා එසේ වුව හොත් දුප්පත් වීම දිළිඳු බව සිදුවේ. ගැහැණු දරුවකුට අපල අගුණ ගෙනදේ.

    ඔබේ ගෙදර. දර ලිප තිබෙනවාද අනිවාර්යයෙන් දර ලිප අවශ්‍යයි. එය නැත්නම් හරි මුසලයි. ලිපේ දුම පැතිර යා යුතුය. එහි එකතුවන අළු දිනපතාම අස් කරන්න එපා. මුල්ලකට එකතු කර ගොඩ ගැසුණ පසු ගසක් මුලට දමන්න. මෙය දිනපතා අස් කළ හොත් මුළු තැන් ගෙයි අඩු පාඩු නිතර සිදුවේ.අරපිරිමැස්මක් නැත. කැත්ත ,උදැල්ල, මන්නෙ, පිහිය, පොරොව, යකඩය නිතර අත ගැවසෙන තැන තබන්න එපා. ඒවා වෙනම කාමරයක දමා යතුරෙන් වසන්න.

    නිවස තුළ පවතින පිටි කොටන වංගෙඩිය කට උඩට හරවා තැබීමත් එහි ඉඳ ගැනීමත් ඉතා අසුබයි. වර්ත මානයේ එම වංගෙඩිය අප අතරින් වෙන්කර ඇති. හෙයින් ඒගැන වැඩි විස්තර අවශ්‍ය නැත. නිවස අතු ගාන කොස්ස හා මිදුල අතුගාන ඉදල නිවසේ මුළුවල තැබීම අසුබයි. දෝෂා රෝපන, සතුරු බලපෑම් ඇතිවේ. එසේම ඉනිමඟද පේන්ට තබන්න එපා මෙය සොරාට ප්‍රයෝජනයට ගත හැකිවේ.
    නිවසේ සාලයට පෙනෙන ලෙස මුළු තැන් ගෙය හා පෝරනුව, ගිනි දැල්වීම ඉතාම අසුබයි. නිවසේ අඹු සැමි අරගල, දියුණුවට අවහිරතා ලෙඩ දුක් හදිසි අනතුරු බලපානු ඇත. නිවෙස්වලට කොඩි විණ කරන ඇදුරන්ට මෙය අත්‍යවශ්‍ය දෙයකි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින කාමරයේ අනවශ්‍ය පින්තූර බිත්තිවල අලවා ගන්ට එපා බුද්ධ රූප තබා ගැනීම හොඳයි. පාඩම් කරන මේසයට මේ ගාථා රත්නය ලියා තබන්න. පොත අතට ගන්ට කලින් එම ගාථාව සිහිපත් කරන්න.

    ජයෝ මුණින්දස්ස සුබෝධි මුලේ
    අහෝසි මාරස්ස පරාජයෝහී
    උග්ඝෝසයුං දේව ගණ පසන්නා
    ඒතේන සච්චෙන ජයස්සු මයිහං

    නිවසට ඇතුල්වන ප්‍රධාන දොරට ඉදිරිපිට නිතර දැකීමට වර්තමානයේ බුදු සරණයි .දෙවි පිහිටයි යනුවෙන් ස්ටිකර් අලවා නිවසේ පිටු පස ගව මස් , කුකුල්මස් ආදී කපමින් තම්බමින් කොපමණ සිටිනවාද? මෙයින් බුදු සරණ යාව්ද? නැත. එසේ නම් නිවස ඇතුලත මස් වර්ග කැපිම අසුබ බව සිතට ගන්න මීට අමතරව මස් වර්ග, බිත්තර ආදිය මුළු තැන් ගෙය ඇතුලත තෙල් දමා තෙම්පරාදු කිරිමද අසුබවේ. විශේෂයෙන් වයස අඩු ගැහැණු දරුවන් සිටින නිවාසවල මෙය අසුබ බව දැනගන්න.

    නිදන කාමරවල බිත්ති ආලේප කිරිමේදී රෝස පාට සුබ දායි වේ. තද පාට තීන්ත ආලේප කිරීමෙන් අඳුරක් ඇතිවන අතර භුත දෝෂද හට ගනී. තද රතු .කළු පාට ගෑමෙන් එම තත්ත්වය උදාවේ. ඉඩමට ඇතුලුවන් ගේට්ටුවට කළුපාට ඉතාම අසුබයි. ලා කොළ පාට ඉතා සුබයි. නිවසක වැඩි හිටි අය හෝ දරුවන් තනි කකුලෙන් සිටීම සුභ නොවේ. එසේ සිටීමෙන් වැඩි හිටි අයෙකුට රෝග තත්ත්වයක් හෝ ඈත් වීමත් විපතක් ගෙන දෙන ලක්ෂණයකි.

    කුඩා ලමයි බොහෝ අවස්ථාවල හිස බදාගෙන අත් දෙක පොරවාගෙන මේ ආදී ඉරියව් වලින් සිටිනවා මම දැක්කෙමි. මෙය ඉතා අසුභ ගෙන දෙන ලක්ෂණයකි, නිවසේ දියුණුවට බාධාගෙන දෙන ලක්ෂණයකි.සමහර වැඩි හිටි අය හෝ දරුවන් ඇද සිටින වස්ත්‍රය , සරොම ගලවා හිසේ සිට වසා ගෙන නිදා ගන්න අවස්ථා ඇත. මෙයද ඉතා අසුබ දායකවන අතර දියුණුවට බාධාගෙන දේ. විවාහයටද බාධාගෙන දේ. නිස්සාර ජීවිතයක් ගත කිරීමට සිදුවේ

    නිවස තුළ තම පාද පොලොවේ ඇතුල්ලමින් ඇවිදිහ ඉතා අසුබවේ. නිවසකට ඇතුල් වීමේදී ප්‍රධාන දොරෙන් ඇතුල්වී මුළු තැන් ගෙය දක්වා යන අය අද සමාජයේ සිටී. මෙයද ඉතා අසුබ දායකවේ. නිවසේ ඉදිරිපස කවුරු හෝ නැතිනම් මිදුලෙන් එහාට යන්න එපා. සොරෙක්, වංචා කාරයෙක් ,බවට නම පැතිර යනු ඇත. තම නිවසේ පොල් ගසක ගෙඩි කඩා අවසන්කර බිමට බසින තෙක් පොල් එකතු කරන්ට එපා. පොල් කඩන තැනැත්තා ඉතා අසුබයි. අනතුරු ඇතිවේ . ගසේ පොල්ද පුහු බවට පත්වේ. මෙය ගසට කරන අවනම්බුවකි. පොල්ගසක රෙදි වැලක් කිසි දින ගැට ගසන්න එපා. පොල් නො සෑදේ පුහු ගෙඩි හට ගනී.

    බල්ලෙක් බළලෙක් බලා සිටියදි කෑම කන්ට එපා. මෙය ඉතා පහත් අකුසලයක් . මරණය සිදු වන්නේ කවදා හෝ සාගින්නෙන්. පිපායෙන් නිවසේ සියලුම සාමාජිකයින් නිවස තුළ ඉතා ශබ්ද නඟා කථා කිරිම, සිනා සීම, හු කියා කැගැසීම ඉතාම අසුබයි. මෙය අවසන් වන්නේ කුමක් හෝ අසමගිතාවයක් කෝල හලයක් ඇතිවීමෙන් බව සිතට ගන්න. නිවස තුළ ඉතා හඬින් ඈනුම් හැරීම, කිව්සුම් ඇරීම මේ ආදී ශාරීරිකව සිදුවන දේ ශබ්දය පාලනය කරගනිමින් කළයතුය.

    නිවසක ඉදිරිපස හා සාලය දැකුමෙන් පෙනුමෙන් ඉතා සිත්කලු තතත්වයෙන් පිරිසිදුව තිබිය යුතුය දිරා ගිය රෙදි පාන්කඩ, කිලුටු රෙදි, පිලුණු පරණ කෑම වර්ග පුලුටු වර්ග , පොල්කුඩු, රෙදි වැල, මේ ආදී අපිරිසිදු ද්‍රව්‍ය නිවසේ ඉදිරිපස මිදුලේ තබන්ට එපා. එසේම සාලයද ඒ ආකාරයෙන්ම පිරිසිදුව තබන්න. පුටු මේස, කෑම මේස, රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර සිත් කලු වුද ශාන්ත වු පින්තූර ‍මේවා ක්‍රමවත්ව සාලයේ තබන්න. ඉහත කී අසුබ දේවල් සාලයට ගන්න එපා . පරණ ඇදුම් කිලුටු ඇදුම් සාලයේ පුටු උඩ දමන්ට එපා . නිවසේ මුළු තැන්ගෙය , නිදන කිමරවල තිබිය යුතු දේවල් සාලයට ගන්ට එපා. ඉතා තදින් භුත දෝෂ බහිරව දෝෂ ඇති නිවෙස්වල පිරිසිදුව තබා ගැනීමට ඉතාම අපහසු වන අතර අක්‍රමවත් සාලය මිදුල, සම්පුර්ණ නිවනම ඉතා අපිරිසිදුතත්ත්වයෙන් පවතී. යම් නිවසක එසේ සිදුවන්නේ නම් එයට පිළිවෙත් කර ගන්න. මා මෙතෙක් දැක්වු පාරම්පරික මත අද හමස් පෙට්ටියට දමා ඇතත් ඒවායේ සත්‍යතාවය නුවන ඇත්තන්ට වටහා ගැනීමට පෙන්වා දෙමි.

    වාසනාව ගෙදරටම ගේන වාස්තු විද්‍යා රහස් මෙන්න
    ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.

    ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.

    ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.

    අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.

    වතුර හෝ වතුර සම්බන්ධ පින්තුර මගින් ගෙදරට ශක්තිය ගලා එනවා. එවිට රැකියාව දියුණු වෙනවා. දිය ඇලි වල පින්තුර සාලයේ තැබීම වාසනාව ගෙන එන ලකුණක්. ඒ වාගේම ගෙවත්තේ වතුර නාස්ති වෙන ආකාරයේ කාන්දු වන කරාම ආදිය තැබීම ගෙදරට අවාසනාව ගෙන එනවා.

    නිවසේ මාලු ටැංකි තැබීම වාසනාව ඇති කරනවා. ක්‍රියාශීලි නිරෝගී වර්ණවත් මසුන් සහිත මාලු ටැංකියක් සාලයේ තැබීම සහ එය පිරිසිදුවට පවත්වා ගැනීම මගින් නිවැසියන්ට වාසනාව ගෙන එනවා. නිවසේ සාමාජිකයින්ගේ ගන්නට සමාන මසුන් ගණනක් එකතු කරන්නට සැලකිලිමත් වන්න. ඒ වාගේම මාලුවෙක් මියගියොත් තවත් අලුත් මාලුවෙක් එකතු කරන්න. මාලු ටැංකි වල බුබුළු දමමින් ඔක්සිජන් බට සම්බන්ධ කරන්න. එය ගෙදරට ධනය ගලා ඒම පෙන්නුම් කරනවා.

    හිස් මල් පෝච්චි ගෙවත්තේ තබන්නට එපා. ඒවායේ සරු පල හිටවන්නට හෝ ඒවා අනෙත් පැත්ත හරවා වත්තේ අයිනකට වන්නට තබන්නට ඕනා. හිස් භාජන වලින් මුදල් හානි වීම් පෙන්වනවා. අවාසනාව ගෙන එනවා.

    කටු සහිත පතොක් වැනි ගස් වර්ග ගෙවත්තේ වැවීම සුබ නැහැ. ඒ වෙනුවට හොඳින් වැඩුණු බට පඳුරු සරු පල දරන පළතුරු පැල නිවසට වාසනාව ගෙන එනවා.

    ඔබේ වත්තේ උතුරු පැත්තට වන්නට හොඳින් මල් පිපෙන පැල තැබීම මගින් වාසනාව ගෙන එනවා. මෙහි පිරිසිදු ජලය තැබීම මගිනුත් ජීවනෝපාය පිලිබඳ වාසනාව වැඩි වනවා.

    උතුරු පැත්තෙන් හා නැගෙනහිර පැත්තෙන් වඩා උස ගස් පිහිටීම ධන හානියට හේතු වනවා. ඒ වගේම පලතුරු ගස් පවා නිවසේ දොරකඩ ඉදිරියේ සිටුවීම සුබ නැහැ. නිවැසියන්ට රෝග ඇති කරන්නට එය හේතු වනවා.

    ඉදිරියේදීත් වාස්තු විද්‍යානුකුලව නිවසට වාසනාව ගෙන්වා ගන්නට පුළුවන් වෙන තවත් රහස් අපි ඔබට ගෙන එනවා.


    1. මෙකද්ද මේ වාස්තු විද්යාව (Wasthu Vidya) කියන්නේ ??
    2. ලංකාවේ - wasthu vidyawa, ඉංදියාවේ - vastu Shastra, තව feng shui කියලත් තියෙනවා. ලංකාවේ සිංහල අපිට මොකද්ද හරියන්නේ??
    3. මේවායේ ඇත්තක් ඇත්ද ??
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    නිවසක්‌ තැනීමේදී ප්‍රේත පාදය ඉවත් කළ යුත&#3540

    නිවසක්‌ තැනීමේදී ප්‍රේත පාදය ඉවත් කළ යුතුමද?

    නිවසක්‌ තැනීමේදී ඉඩමේ ප්‍රේත පාදය ඉවත්කර නිවස තැනීමට බොහෝ දෙනා විමසීම් කරති. එවැනි අවස්‌ථාවලදී නිවස තැනීමට අපේක්‍ෂා කරන ඉඩමේ පාද බෙදීමක්‌ සිදුකළ යුතුය.

    ඉඩම සෘජුකෝණාස්‍රාකාර යෑයි සිතමු. ඉඩමේ දිග අඩි 49 ක්‌ද පළල අඩි 35 ක්‌ ඇති කුඩා ඉඩමක්‌ උදාහරණ හැටියට ගනිමු. ඉඩමේ දිග පැත්ත කොටස්‌ 07 කටද පළල පැත්ත කොටස්‌ 07 කටද බෙදාගත් විට එක කොටසක්‌ දිග අඩි 07 ක්‌ පළල අඩි 05 ක්‌ද වේ. එවිට ඉඩම සමාන කොටස්‌ 49 කට වෙන් කෙරේ.

    ඉඩම වටේ මායිමට සම්බන්ධ කොටස්‌ 24 ප්‍රේත පාදය වශයෙන් හැඳින්වේ. ඊළඟ වටේ කොටස්‌ 16 මනුෂ්‍ය පාදය වශයෙන් හැඳින්වේ. ඊළඟ වටේ කොටස්‌ 08 දේව පාදය වශයෙන්ද මධ්‍යම කොටස බ්‍රහ්ම පාදය වශයෙන්ද හැඳින්වේ.

    මෙසේ පාද බෙදීමේදී ඉඩමේ කොටස්‌ 49 න් කොටස්‌ 24 ක්‌ ප්‍රේත පාදය හැටියට නිවස තැනීමට සුදුසු නැත. සම්පූර්ණ ඉඩමේ භාගයට අසන්න ප්‍රමාණයක්‌ ප්‍රේත පාදය හැටියට වෙන් කළ හැකිද? පර්චස්‌ දහයක ඉඩමකින් පර්චස්‌ හතරයි දශම නවයක්‌ ප්‍රේත පාදය වේ.

    අද නාගරික ප්‍රදේශවල හා අර්ධ නාගරික ප්‍රදේශවල බොහෝවිට නිවාස තනනු ලබන්නේ පර්චස්‌ 10 පර්චස්‌ 07 ප්‍රමාණයේ කුඩා ඉඩම්වලය. එවැනි කුඩා ඉඩම්වල ප්‍රේතපාදය සම්පූර්ණයෙන් ඉවත්කර නිවාස තැනීම ඉතා අසීරු කරුණකි.

    අතීතයේදී නිවාස සාදන ලද්දේ අක්‌කරය, අක්‌කර භාගය, අක්‌කර කාල වැනි ඉඩම්වලය. එවැනි ඉඩමක පාද බෙදීම සිදුකර, ප්‍රේත පාදය සම්පූර්ණයෙන් ඉවත් කර නිවසක්‌ තැනීම පහසුය. එයින් නිවසේ බාහිර අලංකාරයද වැඩිවේ. ලස්‌සන ගෙවත්තක්‌ද සාදා ගත හැකිය.

    විශාල ඉඩම්වල බොහෝ විට මායිමට සම්බන්ධ කොටස ඉතා අපිරිසිදුය. "බඩ වැටිය" නමින් පැරැන්නන් එම බිම් තීරුව හැඳින්වූහ. කටු සහිත වැල්වර්ග වැඩකට නැති වල් පැළෑටි, කුඩා ගස්‌ වර්ග එම ස්‌ථානවල බහුලව දක්‌නට ලැබිණි.

    ඉඩමේ කුණු රොඩු, බෝතල් කටු, දිරාගිය කටු කම්බි, කැඩුණු වීදුරු සියල්ල දැමුවේ මේ බඩවැටිය අසලය. ඉඩමක මායිම් තීරුව ඉතා අපිරිසිදු නිසාත්, නිවස තැනීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ප්‍රමාණයක්‌ තිබුණු නිසාත් පැරණි සමාජය මායිම් තීරුව "ප්‍රේත පාදය" හැටියට සලකා එම කොටස අතහැර නිවස තැනූහ.

    නිවසක්‌ තැනීමේදී ඉඩමේ ප්‍රේත පාදය අත්හැරිය යුත්තේ, එම කොටසේ ප්‍රේතයන් සහ භූතයන් ගැවසෙන නිසා යයි වැරදි මතයක්‌ මහජනයා තුළ ඇත.

    ඉඩමේ කුමන කොටසක්‌ වුවද අපිරිසිදු නම්, එහි ප්‍රේතයන් සහ භූතයන් ගැවසිය හැකිය. නිවසක අභ්‍යන්තරයේ කාමර ආලෝකය නොමැතිනම්, වාතාශ්‍රය නොලැබේ නම්, අපිරිසිදු නම් එම නිවස තුළ ද භූත දොaෂ ඇතිවීමට පුළුවන.

    අපගේ නිවස දේව පාදයට අසුවී ඇති නිසා නිවස තුළ බළලුන් හෝ සුනඛයන් හෝ ඇති දැඩි කළ නොහැකි යෑයි බොහෝ දෙනා පවසනු මා අසා ඇත. එයද මිථ්‍යා මතයකි.

    ජ්‍යෙdතිෂයේ දී මෙන්ම ජ්‍යෙdතිෂයට සම්බන්ධ වාස්‌තු විද්‍යාවේදී ද බොහෝ වචන යෙදී ඇත්තේ ගැඹුරු අර්ථ සහිතවය. සොහොන් පරාලය, ගිනි කතිරය, මරු සිටින දිශාව, බ්‍රහ්ම පාදය, ප්‍රේත පාදය යන වචනවල මතුපිටින් පෙනෙන අර්ථයට වඩා අන්තර්ගත වූ ගැඹුරු අර්ථ ඇත. ඒවා හොඳින් තේරුම් නොගතහොත් මිථ්‍යා මතවල එල්බ ගෙන කටයුතු කිරීමට සිදුවනු ඇත.

    අතීතයේ දී විශාල ඉඩම්වල ප්‍රේත පාදය වශයෙන් හැඳින්වූ ඉඩමේ මායිම අපිරිසිදු වුවද වර්තමානයේ ඇති පර්චස්‌ දහය, පර්චස්‌ හත වැනි කුඩා ඉඩම්වල මායිම පිරිසිදු වී ලස්‌සන තාප්ප ඉදිවී ඇත.

    එමනිසා කුඩා ඉඩම්වල එක පැත්තක මායිම අල්ලා බිත්ති බැඳ නිවාස තැනීම දොaෂ සහිත යෑයි නිගමනය කළ නොහැක. අවශ්‍ය වන්නේ තැනූ නිවස සහ ඒ අවට පිරිසිදුව තැබීමයි. මැද මිදුලක්‌ නිර්මාණය කිරීමෙන් නිවස තුළට ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ලබා ගත හැකිය. ජනගහනය අධික පිරිසිදු ස්‌ථානයක භූත දොaෂ හෝ ප්‍රේත දොaෂ පවතින්නේ නැත.

    කුඩා ඉඩම්වල සියයට සියයක්‌ වාස්‌තු දොaෂ රහිතව නිවසක්‌ ඉදිකිරීම ඉතා අපහසු කාර්යයකි. වාස්‌තු විද්‍යාවේ මූලික සිද්ධාන්තවලට එකඟව පවත්නා සමාජ වටපිටාව ගැන සිතා බලා කටයුතු කිරීම පළපුරුදු වාස්‌තු විද්‍යා උපදේශකවරයකුගේ වගකීම වන්නේය.

    ජ්‍යෙdතීර්වේදී හිඹුටානේ
    වි. මු. ධර්මදාස පෙරේරා

    http://www.divaina.com/2011/06/03/naka09.html
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට තව එකතු කරන්න දේවල් කිහිපයක් තියෙනව :yes:

    කිසිම වෙලාවක ඔබේ කුස්සියේ ලිප උතුරට මුහුණලා දාන්න එපා. උයන කෑම ඉක්මනින් නරක වෙන්න තියෙන ඉඩ වැඩියි.

    ආහාර ගනිද්දී දකුණට මුහුණලා අහාර ගැනීමෙන් උදරයේ ඇතිවන ලෙඩ රෝග අවම කරගන්න පුළුවන්. පොලවේ චුම්භක ක්ෂේත්‍රයට සමපාත වීම තමයි මේකේ රහස. යකඩ අඩංගු ආහාර වලින් යකඩ ශරීරයට උරාගැනීම වේගවත් වෙන්නත් මේක උපකාරී වෙනව.

    වැසිකිලිය ගිනිකොන පැත්තට මුහුණලා හැදුවොත් අදාළ කාර්යය පහසුවෙන් කරන්න පුළුවන්. පුරාණ කැනීම් වලින් හොයාගත්ත වැසිකිලි පද්ධතියක් එකම දිශාවට මුහුණලා තියෙනව දැකල තමයි මේ රහස එළිවෙලා තියෙන්නේ.

    ධනය හානි වීම වලක්වා ගන්න හැමදාම උදේට නැගෙනහිර දිශාව බලා බත් ඇට අහුරක් කුරුල්ලන්ට කන්න විසිකරන්න. උදෑසනින් කෑම හොයාගෙන යන කුරුල්ලෝ ගෙදරට වාසනාව ගෙන එනව.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට තව එකතු කරන්න දේවල් කිහිපයක් තියෙනව :yes:

    කිසිම වෙලාවක ඔබේ කුස්සියේ ලිප උතුරට මුහුණලා දාන්න එපා. උයන කෑම ඉක්මනින් නරක වෙන්න තියෙන ඉඩ වැඩියි.

    ආහාර ගනිද්දී දකුණට මුහුණලා අහාර ගැනීමෙන් උදරයේ ඇතිවන ලෙඩ රෝග අවම කරගන්න පුළුවන්. පොලවේ චුම්භක ක්ෂේත්‍රයට සමපාත වීම තමයි මේකේ රහස. යකඩ අඩංගු ආහාර වලින් යකඩ ශරීරයට උරාගැනීම වේගවත් වෙන්නත් මේක උපකාරී වෙනව.

    වැසිකිලිය ගිනිකොන පැත්තට මුහුණලා හැදුවොත් අදාළ කාර්යය පහසුවෙන් කරන්න පුළුවන්. පුරාණ කැනීම් වලින් හොයාගත්ත වැසිකිලි පද්ධතියක් එකම දිශාවට මුහුණලා තියෙනව දැකල තමයි මේ රහස එළිවෙලා තියෙන්නේ.

    ධනය හානි වීම වලක්වා ගන්න හැමදාම උදේට නැගෙනහිර දිශාව බලා බත් ඇට අහුරක් කුරුල්ලන්ට කන්න විසිකරන්න. උදෑසනින් කෑම හොයාගෙන යන කුරුල්ලෝ ගෙදරට වාසනාව ගෙන එනව.


    :yes::rofl:
     
    • Like
    Reactions: Tz4400

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama danna kenek kiyapu kathawak mathak wenwa.

    miniha Saudiye weda karey .. miniha kiyanwa machan ehe un aluthen geyak hadapu gaman karanne eluwo tikak genawa kapagena kapagena yanwa , ley tika ihinawa gey wateteta eeta passe mas tika bedanawa ... unta kisi henayak naha salli uthuranawa.
    ape un wasthu widyawa , peretha thattu thiyai wikara godak karala geyak hadanawa but walel wal naha eeta passe :rofl::rofl: