වාසූ රාජපක්ෂ පවුල පතුරු ගසයි..!

tintin4

Member
Dec 20, 2017
272
34
0
වාසූ රාජපක්ෂ පවුල පතුරු ගසයි..!

රාජපක්ෂ පවුලේ පටු ක්‍රියාමාර්ග හේතුවෙන් කඩාවැටෙමින් පවතින ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ කුඩා කුඩා කණ්ඩායම් කිහිපයක් නිර්මාණය වී ඇති අතර නමට පමණක් එය ඒකාබද්ධ වී තිබේ. විශේෂයෙන් මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් තිදෙනා තමන්ට හිතවත් කණ්ඩායම් තුනක් වෙන වෙනම නඩත්තු කරමින් සිටින අතර ඔවුන් අතර රහසිගතව පැවති බල අරගලය මේ වනවිට විවෘත වේදිකාව දක්වාම පැමිණ තිබේ.
මෙම කණ්ඩායම් තුන නියෝජනය කරන මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහින්ද පිල නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් ආණ්ඩුවට වාසිදායක තත්වයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
මේ අතර ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද පිලේ නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි. ඔහුගේ ප්‍රතිපත්ති මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රතිපත්ති ද ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වන බැවින් එවැනි පුද්ගලයෙකුට සහාය දැක්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
මහින්ද පිලට මෙතෙක් ස්ථිර වැඩපිළිවෙලක් නොමැති බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා එ් නිසා විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මහින්ද පිලේ ප්‍රතිපත්ති ලෙස ඇතැම් පුද්ගලයන් සලකන බව පවසයි.
 

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කාලකන්ණි ලැජ්ජාවක් නැ නෙ මුන්ට, unp ටිකක් කනවා ඉතුරු ටික මරාලේ කනවා මුන් හැත්ත ඔක්කොම එක පාර සුද්ද කරන්න විදිහක් නැ නෙ ශික්
    අපේ මිනිස්සු ලාදුරු හැදිලා වගේ හිරිවෙටිලා බලාගෙන ඉන්නවා
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත් ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඔහුගේ ප්‍රතිපත්ති මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රතිපත්ති ද ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වන බැවින් එවැනි පුද්ගලයෙකුට සහාය දැක්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: