ගොඩක් වටින නිසා දැම්මෙ... උපුටා ගැනීමකි....
අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න.
(how to buy a vehicle)
වාහනයක පොතක් බලන්නේ කොහොමද?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.
ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.
චැසියේ අංකය – පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීකෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ.
චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?
වර්තමාන අයිතිකරු.
“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලකෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?
ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.
පොත ඩුප්ලිකේට්ද? #Duplicate
කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.
ෆිනෑන්ස් තියෙන වාහනයක්ද? #Finance
පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.
එන්ජින් අංකය බලමු. #Engine
එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.
ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද? #Insurance
21. පෙර අයිතිකරුවන් අතර රක්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රකෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර
පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.
මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි.