වාහනයක් වෙනුවට සල්ලි මැවූ වාහන බලපත් සෙල&#3530

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    වාහනයක් වෙනුවට සල්ලි මැවූ වාහන බලපත් සෙල&#3530

    වාහනයක් වෙනුවට සල්ලි මැවූ වාහන බලපත් සෙල්ලම

    මේ සහනදායී බලපත‍්‍රය රාජ්‍ය සේවය ආරම්භ කළදා පටන්ම තිබුණ එකක් නොවන අතර 90 දශකයේදී හඳුන්වා දුන් රජයේ ඉහළ නිලධාරීන්ට ලබා දුන් වරප‍්‍රසාදයක්ය. එය කිසිම විටෙක අඛණ්ඩව ලබාදී නැති අතර ලබාදී ඇත්තේ සමහර කාලවලට සීමාවන පරිදිය. එසේ ලබාදීමේදීත් දැඩි කොන්දේසි පනවා තිබී ඇති අතර ඒ අතරින් ප‍්‍රධාන වී ඇත්තේ විකිණීමට නොහැකිකම, වෙනත් අයකුට පැවරීමට නොහැකිකම හා වෙනත් අයකුට භාවිතයට ලබාදීමට නොහැකිකම ආදියය. එම නිසාම මුල් අවස්ථාවලදී ලබාදෙන එම වාහන බලපත‍්‍රය ලබාගැනීමට රාජ්‍ය සේවකයන් අතර එතරම් උනන්දුවක් තිබී නැත. මේ උනන්දුව වැඩිවී ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ බලපත‍්‍රය සඳහා තිබූ කොන්දේසි ඉවත් කරමින් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන අල්ලසක් වශයෙන් එම බලපත‍්‍රය ලබාදීම හේතුවෙන්ය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙසැම්බර් 03 වැනිදා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත්කර තිබුණු අතර ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද එදින සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබිණි. මේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග දෙකටම පොදු නිමිත්ත වී ඇත්තේ 2016 අයවැය යෝජනා මගින් මෙතෙක් රාජ්‍ය සේවයේ විධායක හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට ලබා දුන් තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමේ බලපත‍්‍ර අහෝසි කිරීමය.

    ඒ සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට පෙර පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් ආණ්ඩුවට අනතුරු ඇඟවීම් ඊට දින කිහිපයකට පෙර කරනු ලැබූ අතර එහි කැපී පෙනෙන ප‍්‍රධානත්වය දරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඊට අමතරව එම පුවත්පත් සාකච්ඡුාව සඳහා ශ‍්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවය, රාජ්‍ය ආයුර්වේද වෛද්‍යවරුන්, රාජ්‍ය ඉංජිනේරුවන්, ක‍්‍රම සම්පාදන සේවය, පශු වෙද්‍යවරුන්, අධ්‍යාපන පරිපාලන සේවය, මිනින්දෝරු, පශු වෛද්‍ය පර්යේෂණ, රාජ්‍ය ගණකාධිකාරීවරුන්, රජයේ විද්‍යාත්මක නිලධාරීන්, කෘෂිකර්ම සේවයේ වෘත්තිකයන්, වාස්තු විද්‍යාඥයන්, විගණන සේවා නිලධාරීන් ඇතුළු එම වාහන බලපත‍්‍ර පහසුකමට හිමිකම් කී ක්ෂේත‍්‍රවලට අදාළ නිලධාරීන් හෝ සංගම්වල සාමාජිකයන් සහභාගිවීම සිදුවිය.

    මෙම වැඩවර්ජන ක‍්‍රියාවලියේ කසකාරයා බවට පත්වී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් වූ කලි උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා සියල්ලන් අතරින් රජයේ රැුකියාව සඳහා සුදුසුකම් ලබා බඳවා ගන්නා පිරිස වන අතර ඔවුන් වෛද්‍ය විද්‍යාලවලින් උපාධිය අවසන් කොට කෙළින්ම එක්වන්නේ රජයේ රැුකියාව වෙතය. එම පහසුකම උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෙනත් කිසිදු ක්ෂේත‍්‍රයක උපාධිධාරියකුට හිමිවන්නේ නැත. අමතරව රජයේ සේවයේ හිඳිමින්ම පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමේ හැකියාව ලබාදී ඇති එකම රාජ්‍ය සේවකයෝ වන්නෝද වෛද්‍යවරුය.

    රජයේ වෛද්‍යවරයාගේ සිට උසස් අධ්‍යාපනය හදාරා රටේ විශ්වවිද්‍යාලවලින් පිටවන සියලූ උපාධිධාරීන්ගේ නිදහස් උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ පොදු මහජනයා බදු ගෙවා ඇති බව හෝ විදේශ ණය වෙනුවෙන් ඒක පුද්ගල ණයකාරයන් වී ඇති බවද (රාජ්‍ය ණය ජනගහනයෙන් බෙදූ විට) මෙවැනි අවස්ථාවක සිහියට නගා ගැනීමද වටී. මන්ද තවදුරටත් රටේ පොදු මහජනයා ණයකාරයන් බවට පත්කරමින් හෝ ඔවුන්ගේ බදු මුදලින් රටකට දැරිය නොහැකි තරම් රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් සිටිනා අවස්ථාවක එම රාජ්‍ය සේවය එම පොදු ජනයාට කෙතරම් කාර්යක්ෂමව සේවය කර ඇත්ද යන්න සිතනා කල්හිය. අමතරව තමන්ගේ ක්ෂේත‍්‍රවලට අදාළ රටේ පොදු මහජනයා කෙරෙහි බලපාන හිතුවක්කාරි දේශපාලන තීන්දු තීරණ කෙරෙහි මේ වෘත්තිකයන් යැයි සැලකෙන පිරිස් සිය වගකීමට අදාළ හඬ පසුගිය කාලයේදී අවදි කළේද යන්නය.

    උදාහරණයක් ලෙස ගතහොත් සිය වැටුප් වැඩිවීම්, දීමනා හා අනෙකුත් පහසුකම් පිළිබඳව මිස රජයේ රෝහල්වල බෙහෙත් හිඟය නැති කිරීම ගැන, රෝගී සත්කාර සේවාවල තත්ත්වය උසස් කිරීම ගැන හෝ රෝගීන්ට බලපාන අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජන තබා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වන අයුරක්වත් අප දැක නැත. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් නීති විරෝධී දේශපාලන නියෝග හමුවේ කරබාගෙන සිටිනවා විනා වෙන යමක් කරනවා අප දුටුවේ නැත. රටේ අධ්‍යාපනය දිනෙන් දින අවුල් වියවුල් වැඩිකර ගනිමින් තිබෙනා තත්ත්වය තුළ අධ්‍යාපන පරිපාලනයේ නිලධාරීන් ඒ ගැන මුව විවර කළේ නැත. රාජ්‍ය ගිණුම් තැබීමේ ක‍්‍රමවලට පටහැනිව ගනුදෙනු සිදුවෙද්දී රාජ්‍ය ගණකාධිකාරීවරුන් සිටියේ කොහිදැයි අප දුටුවේ නැත. පූර්ණ රාජ්‍ය සමාගම් නිර්මාණය කර ඒවා රාජ්‍ය විගණනයට භාජනය නොකර කටයුතු කරගන යෑමේදී රාජ්‍ය විගණන නිලධාරීන්ට එය ප‍්‍රශ්නයක් වූයේ නැත. රටේ ඉතිහාසයේ ඛේදවාචක සනිටුහන් කළ ස්මාරකද අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකම්ද කෙළෙසමින් සිදුකරන ලද බලහත්කාරී සංවර්ධන ක‍්‍රියාදාමයන් හමුවේ රජයේ වාස්තු විද්‍යාඥයන් සිටියාදැ’යි නිකමටවත් දැනගන්නට ලැබුණේ නැත.

    අද මේ සියලූ වෘත්තිකයන් මහජන සේවා අමතක කර වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීමට ශපථ කරති. ඒ පොදු මහජන අවශ්‍යතාවල අඩුපාඩු සකස් කර දෙන ලෙස හෝ පොදු මහජනතාව වෙනුවෙන් වෙනත් සහන ලබාදෙන ලෙස ඉල්ලමින් නොව වරප‍්‍රසාදයක් ලෙස හෝ අයිතියක් ලෙස ඔවුන්ට ලැබුණායැ’යි කියන තීරුබදු සහන වාහන ආනයන බලපත‍්‍රය අත්හිටුවීම පිළිබඳවය.

    මේ සහනදායී බලපත‍්‍රය රාජ්‍ය සේවය ආරම්භ කළදා පටන්ම තිබුණ එකක් නොවන අතර 90 දශකයේදී හඳුන්වා දුන් රජයේ ඉහළ නිලධාරීන්ට ලබා දුන් වරප‍්‍රසාදයක්ය. එය කිසිම විටෙක අඛණ්ඩව ලබාදී නැති අතර ලබාදී ඇත්තේ සමහර කාලවලට සීමාවන පරිදිය. එසේ ලබාදීමේදීත් දැඩි කොන්දේසි පනවා තිබී ඇති අතර ඒ අතරින් ප‍්‍රධාන වී ඇත්තේ විකිණීමට නොහැකිකම, වෙනත් අයකුට පැවරීමට නොහැකිකම හා වෙනත් අයකුට භාවිතයට ලබාදීමට නොහැකිකම ආදියය. එම නිසාම මුල් අවස්ථාවලදී ලබාදෙන එම වාහන බලපත‍්‍රය ලබාගැනීමට රාජ්‍ය සේවකයන් අතර එතරම් උනන්දුවක් තිබී නැත. මේ උනන්දුව වැඩිවී ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ බලපත‍්‍රය සඳහා තිබූ කොන්දේසි ඉවත් කරමින් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන අල්ලසක් වශයෙන් එම බලපත‍්‍රය ලබාදීම හේතුවෙන්ය.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ 01/2013 දරන 2013.08.02 දින නිකුත් කරන ලද වෙළෙඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති චක‍්‍රලේඛය අනුව මෙම සහනදායී වාහන ආනයන බලපත‍්‍රයට හිමිකම් කියන අය වන්නේ 6/2006 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයේ සඳහන් ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර 6ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ස්ථිර සේවකයන්, ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර 6ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සලසා ඇති විධිවිධාන ප‍්‍රකාරව පිහිටුවා ඇති කොමිෂන් සභාවක වසර තුනක සක‍්‍රිය සේවා කාලයක් සහිත කොමිෂන් සභාපතිවරුන් හා සාමාජිකයන්, අමාත්‍ය මණ්ඩල තීරණයකින් රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරකට පත්කර ඇති එම තනතුරේ වසර 6ක සක‍්‍රිය සේවා කාලයක් ඇති නිලධාරීන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර 8ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අදාළ තනතුරේ ස්ථිර කර ඇති නිලධාරීන්, වසර 6ක සක‍්‍රිය සේවා කාලයක් හිමි ති‍්‍රවිධ හමුදාවන්හි ලූතිනන් කර්නල්, වින්ග් කමාන්ඩර්, කමාන්ඩර් හෝ ඊට ඉහළ තනතුරක ස්ථිර කර ඇති නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාවන්හි සේවය සඳහා බඳවා ගැනීමෙන් පසු වසර 6ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ තනතුරේ ස්ථිර කර ඇති වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, වාස්තු විද්‍යාඥයන් හා නීතිඥවරුන් (හමුදා නිලය නොසලකා), මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක වසර 12ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ ෂෂෂ ශ්‍රේණිය හෝ ඊට ඉහළ ශ්‍රේණියක තනතුරක් දරන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක නිලධාරීන් සහ නියාමන ආයතනවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර 12ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර 12ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අදාළ තනතුරේ ස්ථිර කර ඇති නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයක එහි ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර 9ක සක‍්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අදාළ තනතුරේ ස්ථිර කර ඇති වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, වරලත් වාස්තු විද්‍යාඥයන්, රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පත්කර ඇති වසර 9ක සක‍්‍රිය සේවා කාලයක් හිමි ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්, වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරිවරුන්, වරලත් වාස්තු විද්‍යාඥයන් හා නීතිඥවරුන්ය.

    Mitsubishi-Montero-18-Oct-2012.jpg


    ඒ අනුව මෙම පිරිසට ඉහත සුදුසුකම් සපුරා ගැනීමෙන් පසු ඇමරිකානු ඩොලර් 25,000 සිට 35,000 දක්වා මිල, රක්ෂණය හා නැව් ගාස්තු ඇතුළත් වාහනයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට හෝ දේශීය වශයෙන් එකලස් කරන වාහනයක් මිලදී ගැනීමට හැකිය.
    එම චක‍්‍රලේඛයට පසුව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර 2014 දෙසැම්බර් 16 දින නැවත චක‍්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ වාහන බලපත‍්‍ර හිමිකම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ, කතානායක වරයාගේ, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය කතානායකවරයාගේ පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයාගේ යන අයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ද ඇතුළත් කරන බව, ඔවුන්ට ඇමරිකානු ඩොලර් 30000ක වාහනයක් ගෙන්වීමේ හැකියාව ලැබෙන බව හා ඔවුන්ගේ සේවා කාලය වරින් වර හෝ අඛණ්ඩව වසර 5ක් ගණනය කරන බවයි.
    ඒ අනුව මෙම වාහන බලපත‍්‍ර සඳහා ඉඩ ප‍්‍රස්ථා විවර වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, දේශපාලන හා අනෙකුත් නිලධාරීන්ගේ ප‍්‍රමාණය සිතාගැනීමට අපහසු නැත.
    මේ නිලධාරීන්ට තම සක‍්‍රිය සේවා කාලයේදී වාහන පිළිබඳව ප‍්‍රශ්නය එතරම්ම බලනොපාන බව අප කවුරුත් දන්නා සත්‍යය ය. සේවය කරන ස්ථානවලින් ඔවුන්ට නිල ප‍්‍රවාහන පහසුකම් ලබාදීම ඊට හේතුවය. මෙම ප‍්‍රවාහන පහසුකම්ද බොහෝවිට සිය රාජකාරි සීමාවෙන් ඔබ්බට සිය පෞද්ගලික ගෙදරදොරේ වැඩකටයුතු සඳහා යොදා ගන්නා බවද අප දන්නා අනෙක් සත්‍යය ය. මේ නිසාම වෙනත් අයකුට පැවරිය හැකි ලෙස පී.බී. ජයසුන්දර සමයේදී වෙනස් කළ මෙම බලපත‍්‍ර බොහෝ විට විකුණුයේ වාහන ආනයනකරුවන්ටය. රජයේ සේවකයන් කිහිපදෙනෙකු හැර බොහෝ අය කළේ අදාළ බලපත‍්‍රය විකිණීමය. ඒ මගින් ඔවුන්ට ලැබුණු මිල රුපියල් ලක්ෂ දහයක සීමාවේ පැවතියේය. සමහර අවස්ථාවල රුපියල් ලක්ෂ 5කටවත් විකුණා ගැනීමට බැරි තරමට වාහන බලපත‍්‍ර නිකුත් වී තිබුණේය.
    නමුදු එම බලපත‍්‍රවලින් වාහන ආනයනකරුවන් ගෙන්වූයේ බීඑම්ඩබ්ලිව්, බෙන්ස් වැනි සුපිරි වාහනය. අප මහමගදී දකින වාහන අංක තහඩුවේ වාහනය ධාවනය වන්නේ පෙට‍්‍රල්ද ඞීසල්ද යන්න හඳුනා ගැනීමට ඇති ඡු හා ෘ සලකුණු රතු වර්ණයෙන් ඇත්තේ නම් එය බලපත‍්‍රයක් යටතේ ගෙන්වූ වාහනයක්ය. එම වාහන දෙස බැලූ විට ඕනෑම අයකුට හිතාගැනීමට හැක්කේ එන්ජින් ධාරිතාව අශ්වබල 1000 හෝ ඊට ආසන්නයේ ඇති සිය ගමන් පහසුව සඳහා භාවිත කරන සුපිරි නොවන අහිංසක වාහන ඒ අතර විරල බවය.
    රටේ බදු ආදායම ගැනත්, වාහන ගෙන්වීම සඳහා භාවිත කරන විදේශ විනිමය ගැනත් ගෙන්වන ලද වාහන වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ආනයනය ගැනත් සැලකූ විට රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් හා දේශපාලන පත්වීම්ධාරීන්ට පොදු මහජන මුදලින් විශේෂ වරප‍්‍රසාද ලබාදීම සාධාරණය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පැන නගී. එම ප‍්‍රශ්න කිරීම වලංගු වීමට නම් එකී තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන්ද පොදු මහජන මුදලින් විශේෂ වරප‍්‍රසාද නොගන්නා පිරිසක් බවට ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්විය යුතුය. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සමගාමීව දැනට වාහන ආනයනය බලපත් අත්හිටුවා ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වාහන ආනයන බලපත්ද නිල ලෙස හෝ නොනිල ලෙස හෝ වෙනත් ආකාරයක වරප‍්‍රසාදයක් ලෙසද සක‍්‍රිය විය නොහැකිය. එසේ නොවුණහොත් රාජ්‍ය නිලධාරීන්ට එම වරප‍්‍රසාදය ලබාදීම අත්හිටුවීම අසාධාරණයක් වන්නේය.

    ලසන්ත රුහුණගේ
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොන හුයන්නක්ද බං. වාහනයක් කියන දේ දැං මහ ලොකු දෙයක් වෙලා තියෙන්නෙ රටවල් අතලොස්සකට විතරයි. අනික් සෑම රටකම ජලය විදුලිය වගේම වාහනයක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. මුලින්ම වෙනස් කරන්ඩ ඔ්නෙ අන්න ඒ දේ.
     

    Similar threads