වාහනයට පෞද්ගලික අංකයක්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    වාහනයට පෞද්ගලික අංකයක්

    රථවාහන අංක කිරීම පිළිබඳ ක්‍රමවේද කලින් කලට වෙනස් වේ. අතීතයේ පැවැති ‘ශ්‍රී’ අක්‍ෂරය සහිත වාහන වෙනුවට අංක සහිත අංක තහඩුද, පසුව ඉංග්‍රීසි අංක්‍ෂර යෙදූ අංක කිරීමේ ක්‍රමද පැමිණියේය. ඉංග්‍රීසි අක්ෂර දෙකක් යොදා වාහන නම් කරනු වෙනුවට ඉංග්‍රීසි අක්ෂර තුනකින් වාහන නම් කිරීමේ ක්‍රමය මේ වනවිට භාවිත වෙයි. මෙම ක්‍රමයද වෙනස් වී ඉදිරියේදී පෞද්ගලික නාමයන් යොදා වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමයකට යාමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ. වාහන නම් කිරීමේ මෙම අලුත්ම ක්‍රමය පිළිබඳව කරුණු පහදන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එච්. හරිස්චන්ද්‍ර මහතායි.

    2(225).jpg



    පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ?

    ඉංග්‍රීසි අකුරු දෙකේ වාහන අංක කිරීමේ ක්‍රමය වෙනුවට ඉංග්‍රීසි අකුරු තුන ක්‍රියාත්මක කළ විට වාහනවල ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා. ඒ නිසා පසුගිය ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ලක්ෂ හාරදහක මුදලක් වෙනම ආදායමක් හැටියට ලැබුවා. ඉදිරියටත් අංක නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ තමයි පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා වුණේ.

    මේ වනවිට වාහනවල ඉදිරි අංක ලබාගැනීම සඳහා රුපියල් 50,000 – 70,000 අතර මුදල් නියම කර තිබුණත්, එවැනි මුදලක් අයකිරීම ත්‍රිරෝද රථ, යතුරුපැදි හිමිකරුවන්ට අසාධාරණයක් වන නිසා ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වෙනුවෙන් රුපියල් 6000, 8000, 10000 මුදල් කාණ්ඩ කරනු ලැබුවා. ඒ සමගම පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සකස්කළා. පෞද්ගලික අංකවලින් වාහන ධාවනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා එය අනුමත කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

    අන්තර්ජාලය හරහා අංක ලබාදීම

    පෞද්ගලික අංක ලබාදීමේ සංකල්පය ක්‍රියාත්මක වන්නෙ මාර්ගගත (online) ක්‍රියාවලියක් ලෙසයි. ඒ වගේම මීට සමගාමීව මාර්ගගත (online) විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඒ තුළින් ඕනෑම කෙනෙකුට තමන්ගෙ පෞද්ගලික අංක තහඩුව ඒ හරහා අලෙවි කිරීමට පුළුවන්. උදාහරණයක් ලෙස ‘නන්දික’ (Nandika) නමින් ලබාගත් පෞද්ගලික අංක තහඩුව වෙනත් අයෙකුට ලබාගත නොහැකියි. එය ලබාගත හැක්කේ එක් අයෙකුට පමණයි. නමුත් එය ලබාගත් පසු එම පුද්ගලයාට පුළුවන් එම නාම පුවරුව එම වෙබ් අඩවියේම පළකර වැඩි මුදලකට අලෙවි කිරීමට. එවිට මෙය ආර්ථික ක්‍රියාවලියක් වෙනවා. ඒ තුළින් ලාභයක් ඇතිවෙනවා. ඒ ලාභයෙන් කොටසක් රජයට ලබාගන්න පුළුවන් ලාභාංශ ලෙස.

    වාහන අලෙවියත් සමගම අංක තහඩු ලබාදීම

    වාහන වටිනාකමින් ඉහළ දේවල් නිසා වාහන අලෙවියත් සමගම මේ දේ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට තමන් ලබාගන්නා පෞද්ගලික අංකය තමන්ට අනවශ්‍ය බව යනුවෙන් හැඟෙනවා නම් ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා එය මාර්ගගත (online) ක්‍රමයට විකුණාගැනීමට.

    උපරිමය ඉලක්කම් හෝ අකුරු නවයයි

    අංක තහඩුව තුළ කුමන හෝ අංක නවයක්ම යෙදීමට අනුමත වී තිබෙනවා. 2011.05.04 ගැසට් පත්‍රිකාව මගින් එය සම්මත කර තිබෙනවා. ඒ අනුව තමයි අංක නිකුත්කිරීම සිදුකරන්නෙ. ඒ අනුව ‘NANDIKA’, ‘NANDI12’, ‘NA12345’, ‘NAN1234’ ආදී ලෙස ඕනෑම ආකාරයකට නම් ලබාගැනීමට පුළුවන්.



    1(227).jpg



    වාහන අංක තහඩුව හා පෞද්ගලික අංක තහඩුව

    පෞද්ගලික අංකය ලැබෙන්නේ හිමිකරුට පමණයි. වාහනයට අනිවාර්යය අංකයක් තිබෙනනවා. වාහන අංකය හා මෙම පෞද්ගලික අංක තහඩුව අතර සම්බන්ධයක් තිබිය යතුයි . එය කෙසේ වේදැයි කියා අපි සැලසුම් සකස්කර තියෙනවා.

    වාහනය තමා සතුව තිබෙනතාක් වාහනයේ අංකය ඉවත්කර තම පෞද්ගලික නාමපුවරුව ප්‍රදර්ශනය කරමින් පදවන්න පුළුවන්. නමුත් එම වාහනය නැවත විකිණීමේදී එහි අංකය සටහන් කර විකිණිය යුතු අතර, තමන් නැවත අලුතින් මිලදීගන්නා වාහනයටත් පෞද්ගලික නාමපුවරුව භාවිත කිරීමට පුළුවන්. නමුත් මෙලෙස සිදු වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි.



    සියල්ලන්ටම සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක්

    මෙම පෞද්ගලික අංක තහඩුව සියලුදෙනාම හඳුනාගත යුතුයි. ඒ සඳහා කුමක් හෝ ක්‍රමයක් තිබිය යුතුයි. මෙය අන්තර්ජාලය පදනම් කරගනිමින් පැවතෙන නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට සම්බන්ධ වී තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියව තිබිය යුතුයි. පොලීසියට, ආරක්ෂක අංශවලට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී සියල්ලන්ටම මෙම පද්ධතිය ලබාදිය යුතුයි. එහෙම නැතිනම් මේ හරහා ඕනෑම වරදක් කර පහසුවෙන් පළායාමට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධ තොරතුරු නිවැරදිවම කටයුතු සිදුකරගත යුතුයි.



    චාමර සම්පත්

    Ada
     
    • Like
    Reactions: Executer

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    18ට අඩු ඇමති පුත්තුන්ගේ නම් ටිකක් හොයාන නොම්බර තහඩු ටිකක් ගන්නවා
    උන් ලොකු උනාම ලොකු ලොකු වාහන බස්සනකොට ඒවා විකුනනවා
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රත්තරං;17379410 said:
    18ට අඩු ඇමති පුත්තුන්ගේ නම් ටිකක් හොයාන නොම්බර තහඩු ටිකක් ගන්නවා
    උන් ලොකු උනාම ලොකු ලොකු වාහන බස්සනකොට ඒවා විකුනනවා

    එක නම තියෙන කී දෙනෙක් ලංකාවේ ඉන්නවද බං:rofl:.මේකට සම්පූර්ණ නම වාසගමත් එක්ක දාන්න පුලුවන්ද :P
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එක නම තියෙන කී දෙනෙක් ලංකාවේ ඉන්නවද බං:rofl:.මේකට සම්පූර්ණ නම වාසගමත් එක්ක දාන්න පුලුවන්ද :P

    කිරිහාමිල දෙන්නෙක් ඉන්නවනං මුලින්ම ගන්න එක්කෙනාට විතරයි කිරිහාමි කියල ගන්න පුළුවන් :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    oka awata passe ahema tamanta ona name1 gannawanam hena ganak yana katawaku kiyanawa neda laksha 10k ho ita wada wadi ganak
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කිරිහාමිල දෙන්නෙක් ඉන්නවනං මුලින්ම ගන්න එක්කෙනාට විතරයි කිරිහාමි කියල ගන්න පුළුවන් :yes:

    එතකොට ඌට ගන්න වෙන්නේ කැ@හාමි කියලා තමා:P.වැරි කැඩේ ඕයි:rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Apoo eka mona chater case ekak da :P hadissiyakata hora gamanak wath ya ganna ba,anika ohoma ekakin thenakata gihin bessama nikan Nondi wage name ekath issaraha gahagena :P api yana ena then gamema presidda wena mara ugulak oka
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක නම තියෙන කී දෙනෙක් ලංකාවේ ඉන්නවද බං:rofl:.මේකට සම්පූර්ණ නම වාසගමත් එක්ක දාන්න පුලුවන්ද :P

    එක නිසා තමයි වටින්නේ.

    ඔය සමහර රටවල නම්බර් ප්ලේට් එක ඔක්ශන් එකේ යනවා කෝටි ගනන් වලට