වාහනයෙන් ළඟටම යා හැකි ලෝකාන්තය පිටමාරුව

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    වාහනයෙන් ළඟටම යා හැකි ලෝකාන්තය පිටමාරුව

    -
    -
    -
    -
    හෝටන් තැන්නේ පිහිටා ඇති සුප්‍රකට ලෝකාන්තය අප සැවොම හොඳින්ම දන්නා තැනකි.
    එතැනට හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය හරහා පිවිසිය හැකිය. එහෙත් හෝටන් තැන්නේ ලෝකාන්තයට කුමන පිවිසුමකින් ඇතුළු වුවද පැයක් හමාරක් පයින් ගමන් කොට ලෝකාන්තය දැක බලාගැනීමට සිදු වේ. ඒ පයින් ගමනද එක්තරා අත්දැකීමකි. එසේ පයින් ගමනට මැලි වූ අයට බලාගැනීමට කදිම ලෝකාන්තයක් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටා තිබේ. ඒ, පිටමාරුව ලෝකාන්තයයි.

    22-680x510.jpg


    පිටමාරුව ලෝකාන්තයට පිවිසීම
    මෙම පිටමාරුව ලෝකාන්තය අයිති වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට වේ. බදුල්ලේ සිට පැයක දෙකක ගමනකින් මෙම ලෝකාන්තය කරා පිවිසිය හැකිය.මනරම් තේ වත්තක මායිමේ පිහිටා ඇති මෙම ලෝකාන්තය තුළින් බැලූ විට නැගෙනහිර පළාතේ අම්පාර දිසාව මෙන්ම බිබිල පළාතේ විශාල පදාසයක්දර්ශන පථයට හසු වේ. මෙයින් මීගහකිවුල පිටමාරුව හරහාද පිටමාරුව ලෝකාන්තයට පිවිසීමට හැකිය. එහෙත් ඒ මාර්ගය දුෂ්කර එකකි. ඊට වඩා පහසුවෙන් මඩොල්සිම සිට ලෝකාන්තයට පිවිසිය හැකිය. තරමක් උස කුඩා වාහනයක කටුක අත්දැකීම් වලට කැමති නම් මීගහකිවුල සිට පිටමාරුව ලෝකාන්තයට පිවිසීම සුන්දර අත්දැකීමකි. කඳුකර පළාතක දැකිය හැකි තේ වතු, ඇකේෂියා වතු, මල් පිරුණ ගස්, පයිනස් කැලේ ආදී විවිධාකාර පැතිකඩ රැසක් මෙම ගමනේදී ඇසට හසුකර ගත හැකිය.

    27-680x510.jpg


    ලෝකාන්තේ සහ එහි විඳගත හැකි දේ
    මෙය කුඩා ලෝකාන්තය යැයි හැඳින්වුවද එහි ලැබෙන අත්දැකීම නම් කුඩාතර එකක් නොවේ. කෙළවරටම ගොස් මීටර දෙසීයක පමණ ගමනකින් පිවිසිය හැකි මෙම කුඩා ලෝකාන්තය පිහිටි තැන නිවැරදිවම (Pitamaruwa Mini Worlds End) ලෙස ගූගල් මැප් එකෙන් සොයාගත හැකිය. සන්ධ්‍යා කාලයේ සහ වැසි ආසන්න වනවිට කඳු ශිඛරයේ සිට ඉහළට මීදුම ගලාගෙන හාත්පසපරිසරයම මීදුමින් වැසී යන්නේ ළඟ පාත සිටින අනෙකාද නොපෙනන පරිද්දෙනි. එම අවස්ථාවලදී දැඩි සීතලක්ද ගතට දැනෙන්නේ වලාකුළු මත අපි සිටිනවාදෝ යි සැක සංකා ඇති කරමිනි. පහළ පළාතේ බිබිල දිහාවේ අයට වලාකුළු උසින් මෙන් මෙම පිටමාරු ලෝකාන්තය පෙනෙනවා ඇත. මීදුම රහිත වාතය පැහැදිලි දිනයක් නම් ලංකා දිවයිනේ නැගෙනහිර දිසාවේ විශාල
    කොටසක් මෙතැන් සිට නැරඹීමට හැකි වේ.

    කෑම්පින් සහ රාත්‍රිය
    කුඩා ලෝකාන්තය අයිති වන්නේ පුද්ගලික තේ වත්තකට වේ. එතැන කණ්ඩායමකට දෙකකට යාන්තම් පිරිමසාගෙන කෑම්ප් එකක් ගැසිය හැකිය. පාන්දර හිරු උදාව දැකීමට නම් එතැන කෑම්ප් එකක් ගසා (කූඩාරම් ගසා) රැය පහන් කළ යුතුය. උදෑසන හිරු නගින විට අංශක 270කටත් වඩා පරාසයක කඳු යායක් පිටමාරුව ලෝකාන්තයේ සිට බලාගත හැකිය. කඳුකර පළාතක හිරු නැගෙන බහින දර්ශන, මීදුම ගලායන දර්ශන ආදී භූමි දර්ශන වලට කැමති සේයා රූ ශිල්පීන්ටද පිටමාරු ලෝකාන්තය කියාපු තැනකි. මෙතැන රක්ෂිත වනාන්තරය්ක හෝ ආරක්ෂිත භූමියක් නොව තේ වත්තක මුදුනතක් වන හෙයින් ආරක්ෂිතව කරන්නේ නම් ගිනි දැල්වීමෙන් වුවද අවට පරිසරයට විශාල හානියක් සිදු වන්නේ නැත.

    24-680x510.jpg


    පහසුකම්
    මෙය පුද්ගලික දේපලක පිහිටි ඇස නොගැටෙන තැනක් බැවින් වතුර පහසුව හෝ වැසිකිළි නැත.වතුර ටිකක් වැසි කලෙක නම් අසල දොලපහරකින් ලබාගත හැකි මුත් කන්ද මුදුනත වුවත් එම ජලය පිරිසිදු දැයි හරියටම කිව නොහැකිය. අප කණ්ඩායම නම් ඒ වතුර පිරිසිදු යැයි සිතා ඒ වතුරෙන් කෑම ඉවීම් කටයුතු කළෙමු. ඒ ආසන්නයේ වැසිකිළි පහසුකම් ද ලබාගත යුත්තේ පුරාණ ගෝත්‍රිකයින් ඒවා සපයා ගත් ආකාරටම වේ.

    රැය පහන් කරන්නේ නම් මේ දේවල් ගන්න
    රැයක් පහන් කිරිමේදී සීතල ඔබව වෙලා ගන්නට ඉඩ ඇති නිසා සීතලට හොදින් ලෑස්ති වී යෑම කළ යුතුය. පාන්දර වෙලාවට එන සීතලේ මදක් එළියට බැස්සහොත් අප අයිස් මත සිටිනවාදෝයි මද වෙලාවකට සිතේ. ඒ තරමට තද සීතලකි. දුරුතු කාලයේ පාන්දරට එතැන ඇත්තේ. තේ වත්ත කෙළවර වුවද මේ ආසන්නයේ කඩ සාප්පු ආදිය නැත. ඒ නිසා කෑම බීම මෙන්ම අවශ්‍ය කරන සියලුම දෑ කෑම්පින් වලදී රැගෙන යෑම කළ යුතුය. විශේෂයෙන් ජලය රැගෙන යෑම කළ යුතුම වේ. මන්ද ජල සැපයුමක් නැති වුවහොත් ඒ සොයා ගන්නට බොහෝ දුරක් පයින් ගමන් කළ යුතු වන හෙයිනි.

    28-680x510.jpg


    බලලා එන්න යනවා නම්
    මීගහකිවුල සිට පිවිසෙනවා නම් පැය දෙක තුනකින්ද පස්සර සිට මඩොල්සිම හරහා පිවිසෙනවා නම් පැයකින් පමණ පිටමාරුව ලෝකාන්තයට පිවිසිය හැකිය.මෙම ලෝකාන්තයේ ආසන්නයේ තවමත් යාන්තමින් නූතන ලෝකය හා මුසු වූ කොහොනවල වැනි ගම්මානද වේ. කඳුවලින් වට වූ ඒ ගම්මාන වලට යහමින් හිරුරැස් වැටෙන්නේ දිනයේ පැය තුන හතරක් පමණි. මුළුමණින්ම කාර්යබහුල වටපිටාවෙන් මිදී මනුෂ්‍ය වාසයෙන් ඈතට ගොස් සොබා සිරිය වාහනේ සිටම විඳිය හැකි පිටමාරුව ලෝකාන්තය එක් වරක් හෝ ගොස් බලා ආ යුතු කදිම සුන්දර දසුන් මවාපාන තැනකි. එතැනද කුණු කසල වලින්, ප්ලාස්ටික් බෝතල් වලින් පුරවා අපවිත්‍ර තැනක් නොකර සියලු කසල නැවත රැගෙන ඒම මතු පරපුරටත් එවැනි සුන්දර තැන් ඉතිරි කිරීමට අපට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වේ.

    එන මග කොටසක්



    ඡායාරූප – රචකයාගෙනි

    By Amila Chathuranga

    ඉස්සුවේ මෙතනින්
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    machan video eka wada na ne

    https://youtu.be/65Kw6VpHC3k



    Machan Yana athara naganna gagak ehema nadda?

    Eka nam danne ne machan :oo:

    Niyamai

    TFS
    +






    You have given out too much Reputation in the last 24 hours, try again later.:(


    Thanks :) Okkotama rep 4++ gaane dunna :D
     
    Last edited: