වියත් භාශාවෙන් සටහන් කොට ඇති මෙම ලිපිය අපහසුවෙන් කියවීමේදී, මා හට නිරීක්ෂණය වූයේ,
ජාතික හැඳුනුම්පතේ සටහන් තොරතුරු වලට අනුකූල නොවන ලෙසින් පරස්පරතා සහිතව, ඔබ රතයේ ලියාපදිංචි සහතිකයේ තොරතුරු සටහන්ව තිබීමෙන්, ඔබ හට හම්බ ගණයේ පරිප්පුවක් අනුභව කිරීමට සිදු වන බවයි...
මෙය නිවැරදි කර ගැනීමට යාමේදී, අනුභව කිරීමට සිදුවන අවර ගණයේ කටුවේ ප්‍රමාණය අඩුකර ගැනීමටනම් ඔබ හට නිවැරදි තොරතුරු වලින් පෝශණය වීම අනිවාර්යය වේ.
ඒ සඳහා,
ජාතික තොරතුරු කේන්ද්‍රයේ උණුසුම් රේඛාව වන 1919 අංකයට ඇමතීමෙන්, ඔබ ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී...