වාහනවලට ෆුල් ලීසිං බෑ

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    වාහනවලට ෆුල් ලීසිං බෑ

    වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙ‍ෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබේ.
    මෙම නව කොන්දේසිය ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඒ අනුව, සියලු බැංකු හා මූල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ, 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබෙන අතර, ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ වෙළෙඳපොළ වටිනාකමින් 70% ක උපරිමයකට පමණක් සීමා වීමට සිදුවනු ඇත.
    පසුගිය කාලයේදී කුඩා මෝටර් රථවල මිල අඩුවීම, වාහන ලීසිං පහසුකම් අඩු පොලී අනුපාත යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවීම, මෙන්ම ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවීම යන කරුණු හේතුවෙන් බොහෝ දෙනා වාහන මිලදී ගැනීමට පෙළඹී සිටියහ.
    මේ ආකාරයෙන් වාහන වැඩි වශයෙන් මිලදී ගැනීම රටේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාන අතර, එය මහාමාර්ගවල වාහන තදබදය වැඩිවීමට හේතුවක් බවටද විවිධ අදහස් පැවතිණි.
    ආසන්න මාස කිහිපයේදී ජනතාව විශාල වශයෙන් මෝටර් රථ මිලදී ගැනීම ආදී වූ පාරිභෝගික වියදම් වෙත පෙළඹීමෙන් ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ වැටීම වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ඩොලරය නිදහසේ පාවීමට ඉඩහැරීම තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද මෙරට වෙළෙඳ පොළේ වාහන මිල ඉහළ යෑමට හේතු වූ අතර, එයද වාහන මිලදී ගැනීම යම් ආකාරයකින් අධෛර්යමත් කරන්නක් විය.


    link

    LEASING.png
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මචන් මේකෙන් පොඩි වාහන වල (ලක්ෂ 20-25ට අඩු) second hand value එක සැහෙන්න වැඩි වෙන්න පුළුවන් නේද,?
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් මේකෙන් පොඩි වාහන වල (ලක්ෂ 20-25ට අඩු) second hand value එක සැහෙන්න වැඩි වෙන්න පුළුවන් නේද,?

    එහෙමම වෙන එකකුත් නැහැ බන්. මොකද මට හිතෙන්නේ මෙහම කොරල අයවැයෙන් වාහන ඉම්පෝර්ට් කරන ටැක්ස් අඩු කරාවිද දන්නෙත් නැහැනේ...
     

    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    රාවය පත්තරේ මම ලිපියක් දැක්කා අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන. වාහන වල මිල එහෙම වැඩි වෙන්න දෙන එකක් නෑ. බජට් එකෙන් තමයි හරියටම තීරණයක්‌ ගන්න වෙන්නේ.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රාවය පත්තරේ මම ලිපියක් දැක්කා අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන. වාහන වල මිල එහෙම වැඩි වෙන්න දෙන එකක් නෑ. බජට් එකෙන් තමයි හරියටම තීරණයක්‌ ගන්න වෙන්නේ.

    ඔව් ඔව් මමත් හිතන්නේ මේ වටෙන් ගොඩෙන් එන විදියට බජට් එකෙන් මොනවා හරි ලොකු දෙයක් කොරන්න වගේ හදන්නේ...