වාහනවල ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වාහනවල ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි


    වාහනවල ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි මෙන්න එකට හේතුව කවදාවත් ඔබ අහලාවත් තිබුනාද

    ඔබත් වාහනේ පදින්නේ මේ විදියටද
    මොන වාහනේ උනත් ටයර් වලින් හරියට වැඩ කරගන්න නම් එවා හරියට නඩත්තු කරන්නම වෙනවා.හැබයි ඉතින් හැමදේම වගේ ටයරුත් පාවිච්චි කරන්න කරන්න ගෙවෙන නිසා මේ ගැන ඇහැගහගෙනම ඉන්න වෙනවා මොකද කට්ට නැතිවෙනකන් ගෙවුන ටයර් එකක් තියෙන වාහනෙක යනවා කියන්නේ බ්‍රෙක් නැති වාහනේක යනවා වගේ වැඩක් නිසා.හැබයි මේ ටයර් ගෙවෙන වේගේ අඩු කරගන්න පුලුවන් නම් වැඩේ ගොඩ.එක ඉතින් එහෙම වෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නම වෙනවා.

    උදාහරනේකට ටයර් එලයින්මන්ට් වෙනස් උනාම ,නැත්තන් ගෙවුන ස්ටියරින් සහ සස්පෙන්ශන් කොටස් හින්දා ටයර්ස් ඉක්මනටම ගෙවෙන්න ගන්නවා.එවාට අමතරව ටයර් එකේ හුලං මට්ටම,වාහනේ යන පාරවල් වල තත්වේ,වාහනේ ඩ්‍රයිව් කරන විදිය,ටයරය හදන්න ගන්න දෙවල් වගේ ගොඩක් බලපානවා.හොදම දේ මේ දෙවල් දැනගෙන ඉන්න එක.



    ටයර් හැදුවේ මොකකින්ද?

    හැම ටයර් එකක්ම හදන්නේ රබර් එක්ක එකේක දෙවල් මික්ස් කරලා.ඔතන එකේක දෙවල් කියන්නේ සිලිකා හරි කාබන් වගේ දෙවල්.මෙවා මික්ස් කරන්නේ ටයර් එකේ ශක්තීය වැඩි කරන්න.කොහොම උනත් ටයර් හදන්න ගන්න රබර් වල මෘදු ගතිය වැඩි කරන්න වැඩි කරන්න ටයර් වල ඝර්ශනය වැඩි වෙලා ඩ්‍රයිව් කරන්න ලෙහෙසි හැබයි ඉක්මනට ගෙවෙන එක නම් නවත්වන්න බෑ.

    එක නිසා බාල ටයර් වර්ගෙට වැටෙන්නේ එ වගේ ටයර්.ඉතින් මේ ටයර්ස් වල කොලිටි එක බලාගන්න ඕනේ නම් ටයර් එකේ ට්‍රෙඩ් වෙයාර් රෙටින් කියන එක බලන්න වෙනවා.එක 200ට හරි ඊට අඩු නම් ටයර් එක පාවිච්චි කරන්න පුලුවන් කාලේ අඩුයි.300ක් හරි 600ක් අතර ගානක නම් ඒක ශේප් ටයර් එකක්.කොහොම හරි 300ට වැඩි ටයර් එකක් දැම්මත් ඉක්මනට ගෙවෙනවා කියන්නේ බ්රෝ වාහනේ මොකක් හරි අවුලක් තියෙනවා හදාගන්න ඕනේ.

    තැනයි,තත්වෙයි දන්නවද?

    වාහනේ යන්නේ අලි නාවන තඩි වලවල් තියෙන පාරකද? නැත්තන් සුපිරියට හදපු කාපට් පාරකද කියන එක ටයර් එකට කෙලින්ම බලපානවා බ්රෝ.එ වගේම පාරේ ටයර් පාර හිටින්නම බ්‍රෙක් ගහන එකයි,වංගු ගන්න කොට ස්ට්න්ට් කාර් එකක් බයික් එකක් ඩ්‍රයිව් කරනවා වගේ කරනවා නම් ඉතින් ටයර් වලට දෙයියන්ගෙම පිහිටයි බ්රෝ.එ වගෙම දැන් ඔය තියෙන අලුතින් තාර දාන පාරවල් වලයි කොන්ක්‍රීට් දැම්ම පාරවල වල යනවා කියන්නේ එකෙන්ම ඉක්මනින් ටයර් එක ගෙවෙනවා කියන එක.කාලගුනේ ගත්තත් ඉතින් ලංකාව වගේ වියලි කාලගුනයක් තියෙන රටක ටයර් ගෙවෙනවා වැඩීයී බ්රෝ.

    හුලං හරිද?

    හැමවෙලේම අනිවාර්යයෙන්ම ටයර් එකට ගහන්න ඕනේ හුලං ගාන හරියටම ගහලද කියලා බලන්න බ්රෝ. එක දන්නැත්තන් වාහනේ ඩ්‍රයිවින් සීට් එක පැත්තේ දොරේ ඇතුල් පැත්තේ තියෙන ස්ටිකර් එක බලන්න.හැබයි ඉතින් වැඩියෙන් ගැහුවොත් ටයර් එක පුපුරන්නත් පුලුවන් අඩුවෙන් ගැහුවොත් ටයර් එක ගෙවෙන්න්ත් පුලුවන්.එක නිසා හරි ගානට ගහන්න බ්රෝ!

    ලම්බකව තියෙනවද?

    වාහනේ එලයින්මන්ට් එකට කෙලවුනත් වෙන්නේ ටයර්ස් හරියට පොලවට ලම්බක නැතුව ටයර් එකිනෙකට සමාන්තරව නැතුව තියෙන නිසා ඉක්මනට ටයර් ගෙවෙන එක.එක නිකන් හරියට කකුල් හතර සමාන නැති මේසෙක ඉදන් කන්න හදනවා වගේ වැඩක්.මෙහෙම වෙන්න පුලුවන් ප්‍රදාන විදි දෙකක් තියෙනවා බ්රෝ.එකක් ටො ඉන් හරි ටෝ අවුට් හරි කියන දෝශය.අනෙක කැම්බර් කියන දෝශය.



    ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

    ටෝ ඉන් කියන්නේ වාහනේ ඉස්සරහ සහ පස්ස රෝද සමානතරව තියෙන්නේ නැතුව රෝද ඉදිරිපස ඇතුලට නැඹුරු වෙලා තියෙන එකට.හැබයි ටෝ අවුට් කියන්නේ රෝද දේකේ පසුපසවල් ඇතුලට නැබුරුවෙලා තියෙන එකට.



    ටයර් ඉක්මනට ගෙවෙන්නේ ඇයි

    මෙතන කැම්බර් කියන්නේ රෝදේ ඇතුලට හරි පිටතට හරි ඇලවෙලා තියෙන අනතියට.එක ඇතුලට ඇලවෙලා තියෙනව නම් නෙගෙටිව් කැන්බර් සහ එලියට ඇලවෙලා තියෙනවා නම් .කොහොම උනත් අනවශය විදියට රෝදේ ඇලවෙනවා කියන්නේ ටයර් එකේ පැති ගෙවෙනවා කියන එක.

    ඇයි වෙනස් වෙන්නේ?

    වාහනේ බ්‍රේක් පැඩ් මාරු කරාම,වලවල් තියෙන පාරවල් වල නිතර යනකොට ,ගෙවුන ස්ප්‍රින්ස් හරි ශොක්ස් හරි පාවිච්චි කරන්කොට, ගෙවුන බෝල් ජොයින්ට්ස් තියෙනකොට වීල් එලයින්මන්ට් මාරු වෙන්න පුලුවන් නිසා ටයර්ස් ගෙවෙන එක අහන්න දෙයක් නෙමෙයි.එහෙම උනාම එක්කෝ සිග්සැග් විදියට ගෙවෙනවා,නැත්තන් ටයර් එකේ අනෙක් පැත්තට වඩා එක පැත්තක් ගෙවෙනවා නැත්තන් ඉතින් තැනින් තැන ගෙවෙනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ බයික් එකේ රෝද දෙකේම ටයර් වල එක පැත්තක් ගෙවිලා... මේ ළගදි ෆෝක් ඔයිල් මාරු කරා..ඒත් තාම පැත්තට යන සීන් එකක් තියෙනවා. සමහර විට ටයර් එක දැනට කොහොමත් ගෙවිල නිසා වෙන්න ඇති..
    අලුතින් දාලාම බලන්න වෙනවා..

    You must spread some Reputation around before giving it to Target Hoona again.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    මගේ බයික් එකේ රෝද දෙකේම ටයර් වල එක පැත්තක් ගෙවිලා... මේ ළගදි ෆෝක් ඔයිල් මාරු කරා..ඒත් තාම පැත්තට යන සීන් එකක් තියෙනවා. සමහර විට ටයර් එක දැනට කොහොමත් ගෙවිල නිසා වෙන්න ඇති..
    අලුතින් දාලාම බලන්න වෙනවා..

    You must spread some Reputation around before giving it to Target Hoona again.


    පාර අයිනේම යන්න එපා. මැදත් පලයන්. දකුණු පැත්තේ අයිනෙත් පලයන්. එතකොට ගානට ගෙවෙයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පාර අයිනේම යන්න එපා. මැදත් පලයන්. දකුණු පැත්තේ අයිනෙත් පලයන්. එතකොට ගානට ගෙවෙයි
    දකුණු පැත්ත තමයි ගෙවිල තියෙන්නෙ වැඩියෙන් :baffled::baffled: